IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සජිත් නොරොච්චෝලේ ගැන කොමිසමක් ඉල්ලයි

‘රට පාලනය කර ගැනීමට නොහැකිව අවුරුදු දෙකකට කලින් ඡන්දයට ගොස් මහජනතාව විසින් එළවා දැමුණු මහින්ද රාජපක්ෂ කොළඹ හයිඩ් පිටියට පැමිණ යළිත් රට පාලනයට ඉල්ලා සිටිනවා. ඔහුට ඒ සඳහා ඇති සුදුසුකම් මොනවාද? ‘යැයි නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට පැවැති රැස්වීමකදී පැවසීය.

‘නොරොච්චෝලේ නොතිබුණානම් විදුලි අර්බුදය තවත් දරුණු බව ඔහු කිව්වා. නොරොච්චෝලේ බලාගාරය ඉදිකළේ ඔහුගේ ආණ්ඩුව කාලේ. එය පනස් වතාවකට වඩා කැඩී ගියා. අධික පොලියට ණය ගෙන බර කොමිස් ගසා ඉදිකළ නොරොච්චෝලේ බාලම බලාගාරයයි. එවැනි ඉතිහාසයක් ඇති මහින්දයි රටේ පාලනය ඉල්ලන්නේ. එයාට දුන්නොත් හොඳට හිටීවි. නොරොච්චෝලේ අද අඳුරේ බලාගාරයයි. ඊට වියදම් කළ මුදල් කන්දරාව කොපමණද ? කොමිස් ගැහුවේ කවුද ? ඒ බලාගාරය ඉදිකිරීමට කලින් ඒ වෙනුවෙන් රට සවාරි ගැසූ එදා සිටි මැති ඇමැතිවරුන් කවුද ? මේ සියල්ලම ගැන පරීක්ෂා කිරීමට නොරොච්චෝලේට පමණක් ජනාධිපති කොමිසමක් පත් කරන්න ඕනෑ බව මේ රජයට යෝජනා කරනවා.‘ යැයිද නිවාස ඇමැතිවරයා කීය.



අදහස් (0)

සජිත් නොරොච්චෝලේ ගැන කොමිසමක් ඉල්ලයි

සෞදි සරත් Sunday, 20 March 2016 09:33 AM

රොහාන් ඔය තරමට කුහක වෙන්න එපා. (ර)

:       0       0

හේමන්ත Sunday, 20 March 2016 10:04 AM

ඔය කවුරු කයිවාරු ගැහුව්වත් එතුමා හදපු නොරච්චෝලේ හින්දා නේද මේගොල්ලන් අද බේරුනේ? (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Sunday, 20 March 2016 10:08 AM

රොහාන් හරි. හමුදාව මෙහෙයවන්නේ හමුදාපති මිස රටේ නායකයා නෙමෙයි. (නි)

:       0       0

ශාලිත ප්‍රසාද් Sunday, 20 March 2016 10:13 AM

මෙහෙම මිනිස්සු ඉන්න කල් කොහොමද රටක් විදිහට හැදෙන්නෙ? කුහක කුම්මැහියො. තමන්ගෙ හිතේ තියෙන මතේ අනිත් අයත් පිළිගත යුතුයි කියල හිතන් ඉන්නෙ. තමුන් කැමති දේශපාලකයො මොනව කළත් සාධාරණීකරණය කරනව. රටකට ඕනි ස්වාධීන මිනිස්සු. (බ)

:       0       0

මංජුල Sunday, 20 March 2016 10:15 AM

කොන්ද කෙලින් තිබ්බ එකම නායකයා මහින්ද මහත්තය.කුහක කම් අතහැර රට පාලනය පෙන්වන්න (බ)

:       0       0

ලසන්ත Monday, 21 March 2016 01:07 AM

බන්දුල පෙරේරා මහත්තයෝ, මේ යුද්ධය අවසන්කර දුන් ඒ මහා රණවිරුවාට සරත් මහත්තයාට අපහාස කරන්න එපා. කොහෙවත් හිටපු අය යුද්ධය ඉවර කළා කියලා කියන්න ලැජ්ජා නැද්ද? (නි)

:       0       0

එල්.විජිත් ප්‍රසන්න Monday, 21 March 2016 01:19 AM

මහින්ද නෙමෙයි යුද්ධය කළේ. අපේ එඩිතර හමුදාව. සරත් ෆොන්සේකා බෝම්බ වලට තුවාලවෙලත් හමුදාව දාලා ගියේ නැහැ. මහේෂ්, ඔයා හරියටම හරි. හොඳ අවංක නායකයෝ මිනිසුන් රවටන්න ඒ ආකාරයට බොරු කරන්නේ නැහැ. දරුවන්ට එපමණම ආදරේ නම් (මහින්ද) යුද්ධය ඉවර වුණාට පසුව කිරිපිටි මිලවත් අඩුකළාද?? (නි)

:       0       0

ආර්. වික්‍රම Monday, 21 March 2016 01:43 AM

එල්.විජිත් ප්‍රසන්න, ඉතින් හමුදාව මහින්ද එන්න කලිනුත් හිටියනේ? ෆොන්සේකාට වඩා දක්ෂ කොබ්බෑකඩුව වගේ අයත් හිටියනේ? ඉතින් මොකද යුද්ධය ඉවර නොවුණේ? මහින්ද මොනවා කළත්, කරපු දේ හරි කියලා පිළිගන්න. ඔහොම කුහක වෙන්න එපා! (නි)

:       0       0

මහින්ද සෞදි Sunday, 20 March 2016 10:53 AM

ඒ අතීත යුගය අපිට හොඳට මතකයි (නි)

:       0       0

ෂයන් සෞදි Sunday, 20 March 2016 11:19 AM

බන්දුල පෙරේරා, නොරොච්චෝලේ හැදුව එකවත් යුද්ධය ඉවර කරපු එකවත් නෙමෙයි ප්‍රශ්නය. නොරොච්චෝලේ ප්‍රමිතියකට හැදුවා නම් අද විදුලිය නවතින්නේ නැහැ. (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 20 March 2016 11:44 AM

හැමදාම මහින්ද මහතාට ඇඟිල්ල දික් කරමින් ඉන්නවා මිසක් මොනම වැඩක්වත් කරලා නැති ආණ්ඩුවක් අපිට මොකටද? මන්ත්‍රී දීමනා නම් වැඩිකර ගත්තා. අපිට බදු වැඩි කළා. එයාලට රජ සැප, අපිට අපා දුක්. (නි)

:       0       0

ධර්මසිරි Sunday, 20 March 2016 11:52 AM

මරදානේ මතකද හොදට කරපු නිසා (බ)

:       0       0

බෙන්තර මහේෂ් Sunday, 20 March 2016 11:56 AM

මංජුල සහෝදරයා, ඒ දවස්වල රජයේ සහ අනෙකුත් මාධ්‍ය වලින් මහින්ද රාජපක්ෂ ළඟ නැති ගුණ ගොඩාක් මවලා පෙන්නුවා. කොහොමද කොන්ද කෙලින් තිබුන නායකයෙක් බව කියන්නේ ටීවී එකේ සැරට කතා කරනවා දැක්ක නිසාද? සමාජ විද්‍යාව හදාරනකොට දැනගන්න පුළුවන් දරුවෝ වඩා ගැනීම හා වයසක අම්මලාගේ ඔලුව අතගාන එකේ ඉඳන්ම තියෙන නායකත්වයේ කපටිකම. හැබැයි ඒ නැතත් නියම දේශපාලන සවිඥානායක් තියෙන කෙනෙකුව ඔයාලව වගේ රවටන්න බෑ (බ)

:       0       0

සමන් Sunday, 20 March 2016 12:17 PM

අනේ මන්ද රොහාන් ඔයාල කන්නේ පුන්නකුද ? (බ)

:       0       0

ගාමිණි Sunday, 20 March 2016 06:44 AM

කතාව රගපෑම අතින් හැකියාව තිබ්බට වැඩ බැරි බව පිළිගත්තා නේද ?(හේ)

:       0       0

සුදේශ් Monday, 21 March 2016 03:39 AM

තාත්තාගේ කාලේ වුණ දේවල් වලටත් කොමිසන් ඉල්ලන්නකෝ (නි)

:       0       0

නුවන් Monday, 21 March 2016 03:39 AM

රජයත් කියනවා විදුලිය නැතිවුණේ කැළණියේ ට්‍රාන්ස්ෆෝමරය පිපිරුන නිසා කියලා. දැන් එ්කත් මහින්දට දාලා ජනතාව මුලා කරන්න හදනවා. (නි)

:       0       0

විජිත Sunday, 20 March 2016 06:46 AM

ඔයාලත් කීපාරක් රට පාලනය කළාද ඒකාලේ බලාගාර හදන්නත් තිබුනනේ ඒ මනුසය හදපු නිසා අද එළියේ. අනික හදන කල් ඔබතුමා විපක්ෂයේ නිදාගෙන හිටියද (බ)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 20 March 2016 07:04 AM

අපරාදේ මහින්ද මහත්තය යුද්ධේ ඉවර කලේ.. අපරාදේ මහින්ද මහත්තය නොරොච්චෝලේ හැදුවේ.. මේ අයට ඇවිත් ඔය ටික කරන්න ඉතුරු කරලා ගෙදර ගියානම් ඉවරයි. (ර)

:       0       0

සුසන්ත Monday, 21 March 2016 04:46 AM

රොෂාන් රුවන්වැලි සැය හැදුවේ කවුද ඔයා ගොඩක් බුද්ධිමත් (බ)

:       0       0

රජිත් Monday, 21 March 2016 04:50 AM

තාමත් යුද්දේ ඉවර කළේ සරත් ෆොන්සේකා කියන මිනිස්සු ඉන්න රටක් කවදා සංවර්ධනය වෙයිද කියල හිතා ගන්න බැහැ. එ්කවත් හිතන්න බුද්ධිය නොමැති වීම ගැන ඇත්තටම දුකයි (බ)

:       0       0

සරණපාල Sunday, 20 March 2016 02:30 PM

මහේෂ්, ඔයා හිතාගෙන ඉන්නේ අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලද? (නි)

:       0       0

අන්වර් Sunday, 20 March 2016 03:15 PM

මහින්ද මහතා හැමදෙයක්ම අඩුනැතුව කළා. නමුත් කිසිමදෙයක් හරියට කළේ නැහැ (නි)

:       0       0

රොහාන් Sunday, 20 March 2016 08:25 AM

බන්දුල පෙරේරා නොරොච්චෝලේ හැදුව එකවත් යුද්ධේ ඉවර කරපු එකවත් නෙවේ ප්‍රස්නේ නොරොච්චෝලේ ප්‍රමිතියකට් හැදුවනම් අද විදුලිය නවතින්නේ නැහැ යුද්ධේ කලේ මහින්ද නෙවේ ඒක කලේ හමුදාව ඒක නිසා වැඩි ගෞරවය හමුදාවට. (ර)

:       0       0

ජෝර්ජියෝ Sunday, 20 March 2016 03:56 PM

හැරෙන හැරෙන පැත්තට කතාකරන අය නම් ඕනෑතතරම්. සත පහක්වත් හොරාකෑවේ නැත්නම් කොහොමද මේ රට මේ තරම් ණයවුණේ. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Sunday, 20 March 2016 03:56 PM

කතාව දෝලාවෙන්, ගමන පයින්.... නොරොච්චෝලෙත් නොතිබුනා නම් රටම අද වරුවක් අඳුරේ, මහින්දගේ සුදුසුකම් විමසන්න මෙතුමාට තිබෙන සුදුසුකම මොකද්ද කියන එකයි මට නම් ප්‍රශ්නේ. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 20 March 2016 09:15 AM

රොහාන්, වැඩි ගෞරවය හමුධාවට දුන්නට හමුදාව මෙහෙයවූවේ සේනාධි නායකයා බව කුහක නොවී හිත හදා ගන්න. හමුදාව සුදුසු විදියට මෙහෙයවපු නිසා ජයගන්න පුළුවන් උනා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1756 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1102 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1649 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1155 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 616 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1139 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site