IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සජිත් රවිට උත්තර දෙයි

පක්ෂ නායකත්වයට පැමිණිම සදහා තමාට ඇති එකම සුදුසුකම ජනාධිපතිවරයෙකුගේ පුතෙක් වීම පමණක් බව රවි කරුණානායක මන්ත්‍රිවරයා එසැණට කළ ප්‍රකාශය තමාට දැකගන්නට ලැබුණු බව සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ සිට එසැණට පැවසීය. එක එක්කෙනාගේ මති මතාන්තර මට වැඩක් නැහැ.

රටේ ජනතාවගේ තිරණය මොකක්ද එකට මම හිස නමනවා. ඔවුන් දන්නවා මට ඈති එකම සුදුසුකම ප්‍රේමදාසගේ පුතෙක් වීම පමණක්ද කියලා. දුප්පතුන්ගේ හද ගැස්ම තේරුම් ගන්න ඔවුන්ගේ දාඩිය සුවද හදුනගන්න මගේ පියාට වගේම මටත් පුළුවන්.



අදහස් (0)

සජිත් රවිට උත්තර දෙයි

චාන් Thursday, 24 October 2013 02:53 PM

රවී සතොස ගිල්ලේ මොන සුදුසුකම ඇතිවද? අහන්න,(නදී)

:       0       0

ලලිත් Thursday, 24 October 2013 02:56 PM

ඔබ කවුද කියල රටම දන්නවා. රවී කවුද කියලත් රටම දන්නවා. ඔබ මේවයින් නොසැලී ඉන්න. පුලුවනිනම් මිලඟ සැරේ කොළඹට සහ හම්බන්තොට දෙකටම තරඟ කොට ආර් ජි ගේ වාර්තාව සම කරන්න. (ස)

:       0       0

නිලූ Thursday, 24 October 2013 02:58 PM

අපි ඉන්නේ ඔබ තුමා එනකන්. රවී කියන්නේ ජනතාවගේ හිත ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඔබ එනකම් මඟ බලන් ඉන්නේ. ඉවසන්න මැති තුමනි. (ස)

:       0       0

චාමීන් පෙරේරා Thursday, 24 October 2013 11:04 AM

ඔව් තත්වය ඇත්ත තමයි.(නදී)

:       0       0

ගාමිණි Thursday, 24 October 2013 03:01 PM

සජිත් පොදු ජන දුක හඳුනන ජන හද හඳුනන ඔවුන් අතර ඉන්න අංක එකේ දේශපාලකයා බව රටම දන්නවා . ජනතාව එක්ක නැති කොළඹට විතරක් දේශපාලනේ කරන අය පුලුවනිනම් ගමකට ඉල්ලලා දිනලා පෙන්නන්න. නිකම් පුර සාරම් නොදොඩා. (ස)

:       0       0

උපාලි Thursday, 24 October 2013 11:09 AM

සජිත් මහත්තයට තවත් සුදුසුකම් තිබෙන බව නම් අපිත් දන්නවා. ඒවා ගැන ජනතාව කොහොම හිතයිද කියන කාරණේ උඩ තමයි එතුමා ජන නායකයෙක්ද නැද්ද යන්න තීරණය වෙන්නේ. (නදී)

:       0       0

දම් Thursday, 24 October 2013 03:06 PM

මේ කතා දුරකතනයෙන් දෙන්නා විසඳ ගත්තා නම් නේද හොඳ. (ස)

:       0       0

පෙටී Thursday, 24 October 2013 11:14 AM

"දුප්පතුන්ගේ හද ගැස්ම තෙරුම් ගන්න ඔවුන්ගේ දාඩිය සුවද හදුනගන්න මගේ පියාට වගේම මටත් පුළුවන්." ලස්සන පැහැදිලි උත්තරය. - මට මතක් උනා මීට ගොඩ කාලෙකට ඉස්සර අපේ තාත්ත ඡන්දෙකට ඉදිරිපත් උන කාලය. අපේ අම්ම ලියල දීපු අපේ තාත්තගේ සටන පාඨය උනේ "දුප්පතාගේ දුක දන්නා (තාත්තගේ නම)ගේ අලියට ඔබේ වටිනා ඡන්දය දෙන්න කියන එකයි."(නදී)

:       0       0

චමී Thursday, 24 October 2013 11:15 AM

ඔබ හරි මැති තුමනි. අපිත් ඔබ එනතුරු බලා හිදිමි.(නදී)

:       0       0

තරිඳු රුක්ෂාන් Thursday, 24 October 2013 03:17 PM

මොනවා උනත් අවංකවම සජිත් හොඳයි. බලන්නකෝ මෙතනම ඡන්ද කීයක් තියෙනවද කියලා. (ස)

:       0       0

එදිරිසිංහ ඉන්දික Thursday, 24 October 2013 11:33 PM

එහෙමනම් පෙට් සහෝදරයා, වැරදි ඡන්දදායකයෝ නොව ඔබේ දෙමාපියන් නොවේද? (නි)

:       0       0

සෙනරත් Thursday, 24 October 2013 11:26 AM

නිදන් වස්තු,නිදන් වස්තු (නදී)

:       0       0

අසංක Thursday, 24 October 2013 11:28 AM

චමි, අපි නම් 'මු' වලින් ඉවර වෙන්න ඕනේ...(නදී)

:       0       0

මොහාන් Thursday, 24 October 2013 11:31 AM

තමන් හට නොසමයන් වන කලට සම, මුවින් නොබැන ඉවසනු සුදන යුතුකම . සජිත් මහතාණනි ඕවට වචන නාස්ති කරන්න එපා. ඔය යන ගමන් හිමින් හිමින් ඔහොම යමු. (ස)

:       0       0

කල්ප Thursday, 24 October 2013 11:32 AM

එයාගේ දුක හැඳිනීම කෙසේ වෙතත් එයා නිසා දුක් උණු අය ගැන නම් 89-89 කාලේ දැක්කා ...... (ස)

:       0       0

මොහාන් Thursday, 24 October 2013 11:32 AM

උපාලි කියන්නේ සර්ව අසුබ වාදියෙක්ද? (ස)

:       0       0

චමත්-සෝල් Thursday, 24 October 2013 04:05 PM

සජිත්ට එහෙම හරි තියනවා රවිට මොනවද තියෙන්න අපේ පැතුම ඔබයි සජිත් ....ජය !!!(නදී)

:       0       0

නිරෝෂන් නිරෝෂත් Thursday, 24 October 2013 11:45 AM

ඔබට ජය සජිත් මැතිතුමනි. අප සැමදා ඔබ සමඟයි.ජනතාව බලා සිටිනවා ඔබ එනකන්. (ස)

:       0       0

ධම්මික Thursday, 24 October 2013 11:46 AM

හැමතැනම රවී වැරදි උනත් මෙතැනදී හරි. (ස)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 24 October 2013 04:19 PM

සජිත් , ඔබගේ පියාටද මෙවන් කෙනහිලිකම් කොතකුත් සිදු උනා. හැබැයි ඔබේ තාත්තා ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලි හිටියා. ඔබටත් ඒ ඉවසීම ශක්තිය නොපසු බස්නා උත්සාහය තියෙනවා. ඒ නිසා කලබල නොවන්න කවුරු මොනවා කීවත් සුදුසු දේ වෙලාවට ඔබ ළඟටම එනවා සත්තයි. (ස)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 24 October 2013 04:20 PM

මේ අය කව්ද කියලා මුළු රටම දන්නවා.(නදී)

:       0       0

ප්‍රියන්ත Thursday, 24 October 2013 11:51 AM

ඔබ තුමා කියන දේ සම්පුර්ණයෙන් ඇත්ත , ඔබතුමා ඉක්මනින් එජාපයේ නායකයා වෙනකන් අපි හැමෝම බලාගෙන ඉන්නේ. ජය වේවා !!! (ස)

:       0       0

එදිරිසිංහ Thursday, 24 October 2013 04:21 PM

සජිත් ඒ.ජා.පක්ෂයට නිකම්ම අලියෙකු නොව දල ඇතෙක් දැන්ම නොව ඉදිරියට ඔබගේ හැකියාවන් ජනතාව තේරුම් ගනීවි ඔබට ජයෙන් ජය (නදී)

:       0       0

ලලිත් ප්‍රේමලාල් Thursday, 24 October 2013 04:21 PM

සජිත් ඔබ නායකත්වයට පත් උන දවසට එජාප ආණ්ඩුවක් සහතිකයි.... (ස)

:       0       0

සුනිල් විමලසුරිය Thursday, 24 October 2013 04:45 PM

මෙන්න නියම නායකයෙක්. (නදී)

:       0       0

අමිල - කටුනායක Thursday, 24 October 2013 12:12 PM

මට නම් පේන තෙක් මානයක හරි හමන් නායකයෙක් නෑ. (ස)

:       0       0

නන්දන Thursday, 24 October 2013 12:14 PM

සජ්ත් ඉක්මන් ගමනක් යන්නෙපා ඉවසීමෙන් වැඩ කරන්න හරියට හිටපු ජනාදිපති ජයවර්දන මැති තුමා වගේ ඔබට ජය (නදී)

:       0       0

අන්තෝනි Thursday, 24 October 2013 12:17 PM

ඔබ එනතුරු අපි බලාගන්න ඉන්නවා.අපි කොළඹ. ඔබට ජය !! (ස)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 24 October 2013 05:19 PM

පිටබැද්දර ජයාගේත් මොලේ සමහර වෙලාවට කොලොප්පන් වෙලා යනවා වගේ. මේ මනුස්සයා ගිය සතියෙත් හොදට හිටිය කියල මට මතකයි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 24 October 2013 05:21 PM

ප්‍රේමදාසගේ නමට සලකන මෝඩයෝ දැන් ලංකාවේ නැහැ.(නදී)

:       0       0

ජයකොඩි .කැනඩාව Thursday, 24 October 2013 05:22 PM

ඔබ පක්ෂයේ නායකයා වෙලා රටේ නායකයා වෙනතුරු අපි බල සිටිනවා ඔබට ජය. කකුලෙන් අදින මහදැනමුත්තලගේ කතා වලට කාලය නාස්ති කර ගන්න එපා ජයවේවා ජයවේවා! (නදී)

:       0       0

එදිරිසිංහ Thursday, 24 October 2013 05:26 PM

ස්තුතියි ඔබ එසැන බලන සියලුම පාඨකයන්ගේ අදහස් නිවැරදිව තේරුම් ගන්න නිසා (නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 24 October 2013 12:23 PM

ඔබ යන පාර හරි, අපි ඔබ සමඟයි... (ස)

:       0       0

ලංකා Thursday, 24 October 2013 12:24 PM

රවී හරි. පක්ෂයේ තව ජේෂ්ඨයෝ ඉන්නවා. ඉවසන්න වාරය එනකන්. (ස)

:       0       0

චින්තක Thursday, 24 October 2013 12:26 PM

ඔන්න අද නියම කතාවක් කියල තියෙනවා. (ස)

:       0       0

අලී Thursday, 24 October 2013 12:38 PM

අපි ඉන්නෙත් සජිත් නායකයා වන තුරු ,එතැන් සිට ජවයෙන් වැඩ කරමු. මම ඉන්නේ පාමංකඩ, අපේ ලොක්කෝ ගිහිල්ල තියෙන්නේ අලිමංකඩ කියල පාමංකඩ ,අනේ මෙහෙමත් විහිලු කාරයෝ.(නදී)

:       0       0

සමන්ති Friday, 25 October 2013 05:54 AM

රනිල්ට ලංකා විශ්ව විද්‍යාල උපාධියක් තිබෙනවා. අනිත් අයගේ පිටරට උපාධි ගැන දැනගන්න ආසයි. (නි)

:       0       0

රංජිත් Thursday, 24 October 2013 05:42 PM

අනේ ඔව් රවී ට හොදටම සුදුසුකම් තියනවා ජනාධිපතිකම දෙන්න සතොස ටකරන් රස හොදට දන්නවා . ගණන් ගන්න එපා සජිත් මහතයෝ බල්ලෝ බිරුවට කඳු කඩා වැටෙනවද? (නදී)

:       0       0

කමල් Thursday, 24 October 2013 12:45 PM

පරිස්සමින් ඔන්න පිටිපස්සේ ඉඳන් පිහියෙන් අනින්න බලාගෙන ඉන්න කට්ටිය. (ස)

:       0       0

එදිරිසිංහ ඉන්දික Thursday, 24 October 2013 05:55 PM

තිලක් ඔබ හරි (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 24 October 2013 06:14 PM

හොද වෙලාවට ජෙනරල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වෙලා ලක්ෂ 42ක්ක ඡන්ද ප්‍රමාණයක් අරගත්තේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 24 October 2013 06:17 PM

ප්‍රේමදාස මහත්තයා මියගිය වෙලාවේ මුළු රටේම පත්තු වුණ රතිඤ්ඤා වලින්ම තේරුණා එතුමා රටේ මිනිසුන්ගේ හද ගැස්ම හොදින් දැන හිටිය නායකයෙක් කියලා (නි)

:       0       0

ජයලත් Thursday, 24 October 2013 06:22 PM

සජිත් ප්‍රේමදාස මැති තුමා ගේ ජය රටේ ජනතාවගේත් ජයම තමයි (දිල්)

:       0       0

තුසිත Thursday, 24 October 2013 06:57 PM

සජිත් ප්‍රේමදාසට රට හදන්න වැඩපිළිවෙලක් තිබෙනවද? (නි)

:       0       0

ලෝලිම්බවන්ස Thursday, 24 October 2013 01:32 PM

අපිට නම් රනිල් වික්‍රමසිංහ මහතා හොඳයි අපේ රටේ නායකකමට (නි)

:       0       0

මිෆඩ් Thursday, 24 October 2013 01:35 PM

ඔබ හරි මැතිතුමනි. දුප්පතාගේ හිතවතා ඔබයි (නි)

:       0       0

ලංකා Thursday, 24 October 2013 07:23 PM

තිලක් ඇත්ත කතා කරනවා. (නි)

:       0       0

මොහමඩ් Thursday, 24 October 2013 01:43 PM

සජිත් මහත්යෝ, අලුත්කඩේ අපි සැමදා ප්‍රේමදාස මහතා සමගයි.අපි කළගුණ දන්නෙමු. ඔබට සුපිරි ජයක් නුදුරු අනාගතයේදී ලැබේවා! ජයවේවා !! (නි)

:       0       0

සදුනි Thursday, 24 October 2013 07:41 PM

අපිට නැවතත් අතීතයට යන්න ආසයි (නි)

:       0       0

සුනෙත් Thursday, 24 October 2013 01:50 PM

දැන් කිවුවා නේද අර්බුදය අවසන් කියලා? (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Thursday, 24 October 2013 01:56 PM

ඔබ යන ගමන හරි. සජිත්, ඔය පක්ෂය ආගාධයට තල්ලු කරන කට්ටිය තමයි ඔබ වැනි අයෙකුට අවමන් කරන්නේ. අපි හදවතින්ම ඔබ ගැන පැහැදී සිටින මහජනතාවයි. ඔබ විරුද්ධ පක්ෂයේ හිඳගෙන දුප්පත් ජනතාව වෙනුවෙන් කරන මෙහෙය අනර්ඝයි (නි)

:       0       0

රුවන් Thursday, 24 October 2013 01:58 PM

පුලුවන් නම් කොච්චර හොදද? (නි)

:       0       0

සිරි Thursday, 24 October 2013 08:10 PM

තිලක් හරියට හරි. තව කීදෙනාද අතීතය මතක? අනික අර නිදන් වස්තු වලට ජීවිතය බිලිදීපු අහිංසක කෙලිපැංචියන් ගැන කාටවත් මතක නැද්ද? (දිල්)

:       0       0

නිශාර්ඩ් පෙරේරා Thursday, 24 October 2013 02:02 PM

දකුණු කොළඹට තරංග කරලා උඩින් දිනන්න පුළුවන්කම තිබියදීත්, ඔබ හම්බන්තොට වෙනි දූෂ්කර පලාතක ඡන්දය ඉල්ලල්ල දිනපු එකම ඔබ මහජනයාට බොහොම සමීප බවට හොදම උදාහරණයි.(දිල්)

:       0       0

රත්න Thursday, 24 October 2013 02:07 PM

සජිත් මහත්මයාට අමතකද දන්නෙ නැහැ 88 සහ 89 කාලය? (නි)

:       0       0

එදිරිසිංහ Thursday, 24 October 2013 02:19 PM

රටට ආදරයක් ඇත්නම් හැමදාම ඔය නායකවරු බේද බින්නවෙලා ඉන්න එකම හොදා නැතිනම් කෙනෙකු මේ තත්වයෙන් රජ වුවොත් ඒ .ජ. පයේ එක් එක්කෙනාගේ ආධාර කරුවන්ට දෙවියන්ගේම පිහිටයි (දිල්)

:       0       0

පෙට් Thursday, 24 October 2013 08:40 PM

"දුප්පතාගේ දුක දන්නා (තාත්තගේ නම)ගේ අලියට ඔබේ වටිනා ඡන්දය දෙන්න කියන එකයි." කියල පත්‍රිකාවක් දැකල අනික් අපේක්ෂකයා "දුකත් - පවත් හඳුනන ( අපේක්ෂකයාගේ නම) අතට ඔබේ වටිනා ඡන්දය දෙන්න." කියල පත්‍රිකාවක් බෙදුවා...අන්තිමට අලියා පරාදයි..අත දිනුම්..අපේ තාත්ත පැරදුනා...(නදි)

:       0       0

ශේකර් Thursday, 24 October 2013 02:24 PM

මමනම් තවම දකින්නේ නැහැ හොද නායකයෙක් ඒ.ජ.ප සජිත් හොදට වැඩ කරනවා ඇති නමුත් නායකකම නම් ප්‍රශ්නයක් (දිල්)

:       0       0

මිනිපෙ Thursday, 24 October 2013 08:51 PM

එදිරිසිංහ, ඔය සියල්ල කරන්න,පළමුව ජන්දෙන් බලය ලබාගන්න ඕනෑනේ.පක්ෂයේ මුලික ප්‍රශ්නය එයයි. (නි)

:       0       0

රුවන් Thursday, 24 October 2013 02:32 PM

"ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ" (නි)

:       0       0

එදිරිසිංහ Thursday, 24 October 2013 02:40 PM

රවීට ජනාධිපතිකම දීලා, සජිත්ව අගමැති කරලා, කරු මහතාව කතානායක කොට, රනිල්ව බස්නාහිර මහා ඇමති කරමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5274 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 225 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 362 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 428 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 3140 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3018 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 261 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site