IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සජින්ගෙ අලියාට බලපත්‍රයක් ඇත

පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජින් වාස් ගුණවර්ධන මහතාගේ නිවසේ සිටි අලියාට 2009 වර්ෂයේ නිකුත් කළ බලපත‍්‍රයක් ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මන්තී‍්‍රවරයාගේ නිවසේ අනවසර අලියකු රඳවාගෙන ඇතැයි ලද තොරතුරකට අනුව එහි ගිය වනජීවී නිලධාරීන්ට මන්තී‍්‍රවරයා කොළඹ සිට දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ අදාල බලපත‍්‍රය තමන් සතු බවත් එය වනජීවී කාර්යාලයට ඉදිරිපත් කළ හැකි බවත්ය.

හික්කඩුව වනෝද්‍යාන භාරකරු අසංක ගුණවර්ධන මහතා පවසන්නේ මන්තී‍්‍රවරයා කොළඹ සිට අදාල බලපත‍්‍රයේ පිටපතක් ෆැක්ස් මගින් තමන්ට ලැබීමට සැළැස්වීමෙන් පසු අලියා එම ස්ථානයේ රඳවා තමන් නිලධාරින් සමග එතැනින් ඉවත්ව ගිය බවයි. 

පසුදින මන්තී‍්‍රවරයා විසින් අලියාට අයත්යැයි පවසන බලපත‍්‍රයක් කොළඹ වනජීවී කාර්යාලයට ඉදිරිපත් කැර තිබිණි. එය 2009 දී වනජීවී දෙපාර්තමේන්තුව මගින් නිකුත්කරණ ලද 207 අංකය සහිත බලපත‍්‍රයකි. එම බලපත‍්‍රයේ දැක්වෙන්නේ අලියා නාමලී නමැති හීලා ඇතින්නක විසින් බිහිකරණ ලද පැටවකු බවයි. දරු උපතේ දී පැටවා මියගිය බව ද අදාල ලේඛනයන්හි දැක්වේ.

අලියාගේ වත්මන් හිමිකරු කොළඹ හත පදිංචි අයෙකි. ඔහු අලියා මිලදී ගෙන ඇත්තේ පන්නිපිටිය ප‍්‍රදේශයේ විහාරස්ථානයකිනි. අලියකු රුපියල් ලක්ෂ 10ට විකිණීමට ඇති බව හිමිනමක් විසින් තමන්ට දැනුම් දුන් බවත් ඒ අනුව අලියා ගැන සොයා බලා එම හිමියන්ගේ විහාරස්ථානයේ දී අලියා මිලදී ගත් බවත් හිමියන් එම ගනුදෙනුවේ සාක්ෂිකරුවකු ලෙස අත්සන් කළ බවත් අලියාගේ හිමිකරු පවසයි.

වනජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ අදාල හිමිකරු විසින් අලියා සජින් වාස් ගුණවර්ධන මහතාගේ නිවසේ රඳවා ඇත්තේ ග‍්‍රාම නිලධාරී මහතාගේ හා ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය ද ඇතිව බවයි.

අලියා වෙනුවෙන් නිකුත් කැර ඇති බලපත‍්‍රය නීත්‍යානුකූල බලපත‍්‍රයක් වුව ද බලපත‍්‍රය ලබා ගැනීමේ දී ඉදිරිපත් කැර ඇති තොරතුරු සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ද වනජීවීන නිලධාරීහු කියති. අලියාගේ බලපත‍්‍රය නිකුත් කිරිමේ දී ඉදිරිපත් කැර ඇති ලේඛණවල සත්‍ය අසත්‍යතාව සොයා බලා නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ගැනීමට සිදුවන බව ද වනජීවී නිලධාරීහු කියති.

කෙසේ වෙතත් මේ අලියා සමග තවත් අලි පැටවකු මන්තී‍්‍රවරයාගේ නිවසේ රඳවාගෙන සිටි බවට තොරතුරු ඇතත් එය සනාථ කැර ගැනීමට මෙතෙක් හැකියාවක් නොලැබුණු බව ද හික්කඩුව උද්‍යාන භාරකරු අංසක ගුණවර්ධන මහතා පවසයි.

අලියා සජින් වාස් ගුණවර්ධන මන්තී‍්‍රවරයාගේ නිවසේ සිට වෙනත් ස්ථානයකට ගෙනගොස් ඇතැයි ප‍්‍රදේශවාසීහු කියති. උද්‍යාන භාරකරු කීවේ අලියාට බලපත‍්‍රයක් ඇති බවත් බලපත‍්‍රය නිකුත් කළ ආකාරයේ වරදක් තිබේ නම් ඒ ගැන අවශ්‍ය නීතිමය පියවර ගත යුතුයි බවත්ය. නමුත් බලපත‍්‍රයක් තිබෙන අලියකු එක් තැනක සිට තවත් තැනකට රැගෙන යාම වැළැක්විය නොහැකියි බවද ඔහු කීවේය.



අදහස් (0)

සජින්ගෙ අලියාට බලපත්‍රයක් ඇත

කුමාර Friday, 16 January 2015 09:05 AM

සම්පුර්ණ වරද ඡන්ද දායකයෝ අතේ. මේ තරං අහිංසක කට්ටියකට විරුද්දව තමයි මේ ඡන්දෙ පාවිච්චි කරලා තියෙන්නේ තව ටික දවසකින් කියන්නේ වෙන්නේ එ් පැත්තේ කිසිම වරදක් නැති නිසා මේ පැත්තේ අපිටත් කරන්න දෙයක් නැහැනේ කියලා. ඔක්කොම පිළිවෙලට කරලා කියාවී (නදී)

:       0       0

පෙරේරා Friday, 16 January 2015 09:18 AM

තමන්ගේ ළඟ තියෙන වැරදිත් හොයන්න වෙයි අනුන්ගේ වැරැදි හොයන්න කළින් හැමෝටම(දිල්)

:       0       0

හර්ෂණ Friday, 16 January 2015 09:28 AM

ඇයි එහෙනම් බලපත්‍රය ඉදිරිපත් නොකර හිටියේ දැන් වෙනකන්.(හේ)

:       0       0

කින් බෙනට් Friday, 16 January 2015 10:09 AM

දැන් එතකොට සජින් වාස් ට තියෙන්නේ අලියෙක් තියාගත්ත චෝදනාවද ? අපි නම් හිතුවේ සල්ලි වංචා ගැන හොයයි කියලයි .. මේවා හොයන්නද ආණ්ඩුව පෙරලුවේ ? මම නම් චන්දෙ දුන්නේ දින 100 යේ ප්‍රතිපත්තියටයි .. ඒක අමතක කලොත් සමා වෙනවා හොඳේ .. (ස)

:       0       0

රසිකා Friday, 16 January 2015 10:16 AM

අලියාගෙන් අහන්න සචින් ලගද, වනයේද ඉන්න කැමැති කියල... මිනිස්සු මදිවට අසරණ සතුනුත් පටලවාගෙන මුන්ගේ මොලේ අමාරු වලට. (ස)

:       0       0

සරත් පියසේන Friday, 16 January 2015 10:18 AM

අලි ප්‍රශ්නය අවසන්. දැන් ඊළඟට මොකක්ද? (නි)

:       0       0

තුසිත Friday, 16 January 2015 10:50 AM

ගොඩක් මන්ත්‍රීවරු ඇමතිවරුන් පසුගිය කාලයේ හාමුලා වෙන්න හැදුවා, ගෙවල්වල අලි තියාගෙන (නි)

:       0       0

මොහොමඩ් ඛාන් Friday, 16 January 2015 10:50 AM

මට හරි ආශාවක් තිබෙනවා බන්දුල පෙරේරාව මුහුණට මුහුණ මුණගැහෙන්න. (නි)

:       0       0

ජිලාන් Friday, 16 January 2015 11:24 AM

බලාගෙන යනකොට ඔක්කොම දැන් හොඳනේ! එතකොට නරක අපිද? (නි)

:       0       0

ජෙහාන් Friday, 16 January 2015 11:37 AM

පන්නිපිටියේ අලි විකුණන පන්සලක්? ඒ කුමක්ද? දන්නෝ දනිති. ලැජ්ජාවේ බැහැ අපිට නම් (නි)

:       0       0

ජෙහාන් Friday, 16 January 2015 06:02 AM

අපිට මේ ගෙදර ඉන්න බලු කුක්කටවත් කන්න යමක් දෙන්නේ බැරි කාලේක. මේ අය අලි නඩත්තු කරනවා. (හේ)

:       0       0

විමල් Friday, 16 January 2015 06:18 AM

දරු උපතේ දී පැටවා මියගිය බව ද අදාල ලේඛනයන්හි දැක්වේ. මැරිච්ච පැටවා දැන් පණපිටින් ඉන්න එක ප්‍රශ්ණයක් නෙමෙයිද? (නදී)

:       0       0

රාමන් Friday, 16 January 2015 01:19 PM

සජින්ගේ අලියටත් බලපත්‍රයක් තිබෙනවා, අර අබලන් ගුවන් යානයටත් බලපත්‍රයක් තිබෙනවා. අන්තිමට මොනවද සොයාගත්තේ? ඉස්සරහට තව තව මඩ වැඩ ගොඩවෙයි වගේ. කොහොමත් එකම රටේ මිනිස්සුනේ! (නි)

:       0       0

සල්ගාදු ප්‍රංශය Friday, 16 January 2015 07:15 AM

බලයේ සිටි කාලයේ බල පත් ගැනීම සුළු දෙයක් නීති විරෝදී දෙයකට උනත් ඒක එහෙමයි. කොහොමත් මේ අයත් මෙම රජය යටතේ කිසි කරදරයක් නොමැතිව වැජ‍ඹෙනවා සිකුරුයි (නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 16 January 2015 01:31 PM

මේ දේවල් දැන්වත් නවතා දින 100 සහන ජනතාවට දෙන්න (නි)

:       0       0

ලියනගේ Friday, 16 January 2015 07:23 AM

යහ පාලනේ පැත්තට මාරු වෙන්න, සහයෝගය දක්වන්න, එතකොට ප්‍රශ්න ඉවරයි, (ස)

:       0       0

සත්‍යපාල Friday, 16 January 2015 07:32 AM

ෆැක්ස් මගින් බලපත්‍රය පිටපත් එවීම සැක සහිත කරුණක් වන අතර එහි මුල් පිටපත පරික්ෂා කල බැලිය යුතු බවයි මගේ අදහස . (ස)

:       0       0

ඩිල්ෂාන් Friday, 16 January 2015 02:50 PM

පන්නිපිටියේ පන්සල් වල අලි බිස්නස් කරනවා වගෙයි. පන්සලක් නෙමෙයි බලනකොට මේවා සත්තු වත්තක් වගේනේ! (නි)

:       0       0

සඳුන් Friday, 16 January 2015 08:19 AM

සල්ගාදුට ඕන එහෙම වෙන්න. රටට මොනවා උනත් කමක් නෑ. එතකොටනේ සතුටු වෙන්න පුළුවන් තමන්ගේ පැත්ත හරි කියලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 490 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 53 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 394 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 491 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 697 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 988 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site