IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සජින්ට දුමින්දට හා මර්වින්ට නාමයෝජනා නෑ

හිටපු මන්ත්‍රීවරුන් වන සජින් වාස් ගුණවර්ධන, දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වා මහත්වරුන්ට නාම යෝජනා නොදීමට මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ පාර්ශ්වයෙන් පැනවූ කොන්දේසිවලට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් එකඟ වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.

එකම ලැයිස්තුවකින් දෙපාර්ශ්වය තරඟ වැදීම සඳහා ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලට සන්ධාන නාමයෝජනා ලැයිස්තු සකසා ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.

විජයරාම මාවතේ පිහිටි හිටපු මන්ත්‍රීවරයකුගේ නිවසේ අද සුසිල් ප්‍රේමජයන්ත, බැසිල් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.

සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ ඩිලාන් පෙරේරාගේ නම් ජාතික ලැයිස්තුවට ඇතුළු කිරීමට ද තීරණයක් ගෙන ඇත.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි, කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර, බස්නාහිර පළාත් මන්ත්‍රිනී සමන්මලී කලසූරියගේ නම් ද නාමයෝජනා ලැයිස්තුවට ඇතුළු වී නැතැයි දැනගන්නට තිබේ.

දැනට සකසා ඇති පොදු ලැයිස්තුවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ නම් ඇතුළත් කර නැත. නාමයෝජනා සකසන අවස්ථාව වන විටත් ඔවුන් දෙදෙනාගේ ඇමෙරිකා පුරවැසි භාවය අත් නොහැරීම ඊට හේතුවයි.

ශ්‍රීලනිපයේ නාමයෝජනා අවසන් වශයෙන්  ජනපති ප්‍රමුඛ කමිටුවකට ඉදිරිපත් කරන අතර එහි දී තවත් නම් කිහිපයක් ප්‍රතික්ෂේප වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි කියයි.



අදහස් (0)

සජින්ට දුමින්දට හා මර්වින්ට නාමයෝජනා නෑ

විපුල් Tuesday, 07 July 2015 01:55 AM

එතකොට මහින්දටත් දෙන්නෙ නැහැ කිවුවේ? (නි)

:       0       0

මහානාම - කඳාන Monday, 06 July 2015 12:49 PM

ඉතාමත් නිවැරදි තීරණයක්.මෙය ඉදිරියේදී මොන දේශපාලන පක්ෂ නායකයාටත් පුර්වාදර්ශයක් වේවි හා වියයුතුයි (නි)

:       0       0

සරත් Tuesday, 07 July 2015 01:55 AM

පොලිස් නිලධාරීන් බඳවා ගැනීමේදී අනුගමන කරන ක්‍රමය වැනි ක්‍රමයක් නාමයෝජනා දිමේදී අනුගමනය කළයුතුයි. කොන්දේසි පනවා අත්සන් ගතයුතුයි (නි)

:       0       0

චමිලා Monday, 06 July 2015 12:49 PM

කරුණාකරලා අර ගුරුවරිය දණගස්සපු කෙනාට දෙන්නත් එපා. එහෙම දුන්නොත් ඒක නරක ආදර්ශයක් වෙනවා. පාසල් ළමයින්ට සහ කාන්තාවන්ට කරන නිග්‍රහයකුත් වෙනවා (නි)

:       0       0

සරත් Tuesday, 07 July 2015 02:01 AM

එහෙම හොඳයි. කවදාවත් ඉතින් ඡන්දෙන් එන්න වෙන්නෙත් නැහැනේ (නි)

:       0       0

ගැමුණු Tuesday, 07 July 2015 02:05 AM

මටත් කාලයකට පස්සේ සතුටක් දැනුනා (නි)

:       0       0

ජයන්ත Monday, 06 July 2015 12:55 PM

මේ දෙන්නා කොහොමහරි එකතුවුණොත් තමයි හොඳ. (නි)

:       0       0

වරුණ Tuesday, 07 July 2015 02:15 AM

තව දෙපාරක් හිතාබලන්න වටින අය ඉන්නවා (නි)

:       0       0

සුදේශි Monday, 06 July 2015 01:02 PM

කාන්තාවන් නම් දැන් නිග්‍රහවෙන වැඩ තමයි චමිලා වැඩිපුර කරන්නේ (නි)

:       0       0

ප්‍රශීන් Tuesday, 07 July 2015 02:16 AM

මාගලි, ඒ කාලේ ඉතින් නීතිය තිබුන හැටි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. (නි)

:       0       0

බන්දුල Tuesday, 07 July 2015 02:16 AM

ඔය හැමෝටම නාමයෝජනා දුන්නාවේ. අපි ඔවුන්ව ගණන් ගන්නේ නැහැ. (නි)

:       0       0

දුමින්ද Tuesday, 07 July 2015 02:20 AM

නීතිය හමුවේ තවම චූදිතයන් පමණයි නේද? (නි)

:       0       0

ගයාන් Monday, 06 July 2015 01:14 PM

ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් ගෝඨා වැනි කෙනෙක් නැත්නම් ඇත්තෙන්ම එය වැරදියි.කෙනෙක් බනීවි මට. ඒත් යම්කිසි විදියට ලෝකය ගැන ඇස ගසාගෙන හිටියා නම් එය ඔබ දන්නවා ඇති (නි)

:       0       0

නිශාන්ත Tuesday, 07 July 2015 02:27 AM

ජයවේවා! නියමයි (නි)

:       0       0

ජයන්ත Monday, 06 July 2015 01:23 PM

මගේ පොඩි මොළේට ආවා අදහසක්. කරුණාකරලා හොඳට හිතලා බලන්න මේක. කොහොමද අපිට පුලුවන් නම් ඔක්කොම මැති ඇමතිවරුන්ගේ දරුවන්ට අපේක්ෂත්වය දීලා අපේ පාර්ලිමේන්තුව උගත් බුද්ධිමත් අයගෙන් පිරි සම්භාව්‍ය තැනක් කරන්න. අපේ රට බලා සිටියදී සංවර්ධනය වේවි. හොඳයි නැද්ද කියන්න. ඔය ඔක්කොම ළමයි උගත් අයනේ. නිකන් අදහසක් හැටියට මම කියන්නේ. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 07 July 2015 02:29 AM

අනෙකුත් දූෂිතයින් සම්බන්ධයෙනුත් මේ විදිහටම කරන්න (නි)

:       0       0

පියලාල් Monday, 06 July 2015 01:24 PM

ඇමෙරිකාවේ පුරවැසිකම තිබෙන එක නාමයෝජනා නොදෙන්න හේතුවක්ද? අපට රටවල් දෙකක පුරවැසිකම් තියාගන්න නීතියෙන් අවසර තිබෙනවා නේද? (නි)

:       0       0

චන්ද්‍රලාල් Tuesday, 07 July 2015 02:28 AM

බොහොම හොඳ තීරණයක් (නි)

:       0       0

රොහාන් Monday, 06 July 2015 01:36 PM

දුමින්ද උසාවියටවත් පොලිසියටවත් ගිහින් නෑ මොකද මේ ...???(හේ)

:       0       0

නිශාන්ත Tuesday, 07 July 2015 02:31 AM

මහින්දටත් නාමයෝජනා දෙන්නේ නැහැ කිවුවනේ! (නි)

:       0       0

ඉන්දික Monday, 06 July 2015 01:37 PM

මම විශ්වාස කරනවා ගම්පහට ගෝඨාභය මහතා ඇතුලත් විය යුතුයි කියලා...(හේ)

:       0       0

ඉමේෂ් Tuesday, 07 July 2015 02:32 AM

අයියෝ! මර්වින් මහත්තයට ඇයි නොදෙන්නේ? අපේ ගමට වැඩක් කළේ එතුමා විතරයි. දැන් ගංවතුර නැහැ කැළණියේ. අපිට ඕනෑ ඒ වගේ කෙළින් වැඩක් කරන කෙනෙක්. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්. Monday, 06 July 2015 01:39 PM

ජනපතිදුනි, ඉතාහොද ක්‍රියාවක්. ඔබ දෙපලගෙන්ම හොද ආරම්භයක්. හොද ආදර්ශයක්, මෙයයි සිදුවිය යුත්තේ ශ්‍රී ලාංකේය දේශපාලයේ. අපගේ පැතුමද ඔබ දෙදෙනා පෙරටු කරගත් යහපත් ශ්‍රී ලංකාවක් දැකීමයි. (ර)

:       0       0

වීරසූරිය Tuesday, 07 July 2015 02:35 AM

මට නම් කිසිකෙනෙක් විශ්වාස නැහැ දැන් (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 06 July 2015 01:46 PM

හිටපු එකෙකුටවත් දෙන්න හොද නැහැ. (ර)

:       0       0

ප්‍රීති Monday, 06 July 2015 01:59 PM

ගන්න පන්ෂයටවත් ඡන්ද දෙන්න වටින්නෙ නැහැ. (ර)

:       0       0

දේශප්‍රිය Tuesday, 07 July 2015 02:42 AM

තවත් ගොඩක් අය ඉන්නවා (නි)

:       0       0

යාවජීව Monday, 06 July 2015 02:10 PM

යුද්දෙ දිනුවා කියන එකට පස්සේ මම ලංකාවේ දැක්ක හොදම පුවත. මේක ආරම්භයක් වෙනවනම් ගොඩක් හොදයි... මම මෛත්‍රීපාල මහත්මයාට පින් දෙනවා. තව නූගතුන් මිනිමරුවන් අපරාධ කාරයන් ඉන්නවා උන්වත් මහඋලු ගෙදරටම දක්කලාම ‍වැඩ පටන් ගන්න. මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයා, වගේම ජෙනරාල් සරත් ෆොන්සේක මහත්තයලා වගේ අයගේ සේවය හොදට ගන්න එයලාත් පලපුරුදු ශක්තිමත් අය. අර අභයභූමි විනාස කරපු කෙනාටත් දඩුවම් එකසේ ලැබෙන එක මගේ ප්‍රාර්තනාවයි. පිටරට ඉන්න ඔබේ පුතාත් මේවා කියවලා උගත් එතුමාත් ‍මේවා ගැන ඔබතුමා‍ට දන්වනවා කියලත් අපි දන්නවා... (ර)

:       0       0

ලකී Monday, 06 July 2015 02:13 PM

සජින් ,මර්වින් ,දුමින්ද,ට නාමයෝජනා දෙන්නේ නැතිනම් මහින්දටත් දෙන්න බැහැ.මොකද ඔය තුන්දෙනා කරපු දේවල් මහින්ද අනුමත කළා.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 07 July 2015 02:53 AM

මම නම් මේ තීරණයට අකමැතියි (නි)

:       0       0

ඩග්ලස් Monday, 06 July 2015 02:19 PM

මෙවර ගෙන ඇති තීරණයට අපගේ උත්තමාචාරය.(හේ)

:       0       0

මීලාන් Tuesday, 07 July 2015 03:00 AM

මට නම් මොවුන් පෙනෙන්න බැහැ (නි)

:       0       0

ඩයස් Monday, 06 July 2015 02:22 PM

හිටපු කාටවත් දෙන්න හොද නැහැ. (ර)

:       0       0

රකිත් Tuesday, 07 July 2015 03:07 AM

ඇමෙරිකානු පුරවැසිභාවය අත් නොහැරීමද බැසිල් මහතාට නාම යෝජනා නොලැබෙන්න හේතුව? නැතුව අධිකරණයේ නඩුවක් තිබීම නෙමෙයිද? එතකොට ගියපාර එතුමාට නාම යෝජනා ලැබුනේ කොහොමද? එතකොටත් ඇමෙරිකානු පුරවැසිභාවය තිබුණානේ. (නි)

:       0       0

සෙන්සා Tuesday, 07 July 2015 03:06 AM

මෙච්චරමද ඉන්නේ? මහින්දට නාම යෝජනා නොදෙන්න ගත් තීරණය වගේ තියෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 07 July 2015 03:10 AM

මේ රටේ අසරණ දුගී දුප්පතාගේ සිට මහජන මුදල්,දේපළ,ස්ත්‍රී දුෂණ ,පගා,මිනිමැරුම් ,අතුරුදහන් කිරීම් වලට වගකිවයුත්තේ කවුද? (නි)

:       0       0

ශශී Tuesday, 07 July 2015 03:09 AM

ලිස්ට් එක පරිස්සමට හදන්න. (නි)

:       0       0

ගවුස් Tuesday, 07 July 2015 03:12 AM

ඒත් ඉතින් අහවලා ඇතුළට ගියොත් තවත් හොරුන් එකතු කරගන්නවා (නි)

:       0       0

සුසන්ත Monday, 06 July 2015 02:49 PM

මම නම් නාමයෝජනා බාර දෙනකම් මේ දවස්වල වෙබ් අඩවිවල, පුවත්පත්වල පලවෙන දේවල් එකක්වත් විශ්වාස කරන්නේ නැහැ.(ර)

:       0       0

චන්න බුවනක Monday, 06 July 2015 02:50 PM

බදුල්ලේ එක්කෙනාට ජාතික ලැයිස්තුව දුන්න එක හොඳයි. (ර)

:       0       0

නිශාන්ත Tuesday, 07 July 2015 03:15 AM

අනේ! අහවලාගේ නමත් කැපුනොත් අපේ අනාගත පරම්පරාව ගොඩ. නැත්නම්......??? (නි)

:       0       0

චමින්ද Monday, 06 July 2015 02:52 PM

එතකොට බැසිල්ට දෙන එක හරිද ? (ර)

:       0       0

තුෂාර Monday, 06 July 2015 02:53 PM

වැඩේ හොඳයි. (ර)

:       0       0

නිලාන් - කටාර් සිට Tuesday, 07 July 2015 03:22 AM

ඔය මොන කතා කිවුවත් දුමින්ද සිල්වට නම් නාමයෝජනා ලැබෙනවාමයි කියලයි මම නම් කියන්නේ. දේශපාලකයෝ මොනවා කිවුවත් දුප්පත් මිනිස්සු දුමින්ද එක්ක ඉන්නවා (නි)

:       0       0

චන්න බුවනක Monday, 06 July 2015 02:55 PM

මනුස්සයෙක් ගස් බැඳලා ඒ මිනුස්සයට කල අවමානය... (ර)

:       0       0

කමල් Tuesday, 07 July 2015 03:27 AM

මොන අතින් බැලුවත් මර්වින් අහිංසකයි. (නි)

:       0       0

නවරත්න Tuesday, 07 July 2015 03:34 AM

තව ඉන්නවා.... (නි)

:       0       0

ආකාෂ් Monday, 06 July 2015 03:15 PM

හොද වැඩේ කියලා තමයි කියන්න වෙන්නේ.(හේ)

:       0       0

බටන්ගල Tuesday, 07 July 2015 03:37 AM

මේ හැම පක්ෂයක්ම බලන්නේ වැඩිම ඡන්ද ගන්න පුළුවන් පුද්ගලයා මිසක් එයාගේ උගත්කම, දූෂිත බව නෙමෙයි. නාමයෝජනා ලිස්ට් එක දකින්න කලින් ඒ ගැන අදහස් ප්‍රකාශ කරන මේ අය ලංකාවේ උපන් අයද කියලා හිතෙනවා. ලංකාවේ දේශපාලනය තමිල්නාඩුවට වඩා වෙනස් වෙන්නේ අල්ප ප්‍රමාණයකින්. ඒක තමයි තිත්ත ඇත්ත (නි)

:       0       0

ඉමල්ක Monday, 06 July 2015 03:16 PM

මෙවර මැතිවරණය මුළු ජාතියටම වැදගත් මැතිවරණයකි.(හේ)

:       0       0

සුමිත් Tuesday, 07 July 2015 03:41 AM

සෝලංගආරච්චිට නම් දෙන්නම ඕනෑ. එයා නම් සුදුසු කෙනෙක්. (නි)

:       0       0

ප්‍රසන්න ජයසිංහ Monday, 06 July 2015 03:26 PM

මම විශ්වාස කරනවා ගම්පහට ගෝඨාභය මහතා ඇතුලත් විය යුතුයි කියලා. (නදී)

:       0       0

සරත් Monday, 06 July 2015 03:30 PM

මර්වින්ට දෙන්න අහිංසකයා නිදැල්ලේ ඉන්නවා (නදී)

:       0       0

දිලිප් Tuesday, 07 July 2015 03:46 AM

රට වනසන, තරුණ පරපුර අගාධයට යොමුකරන මත් ජාවාරම් වලට සම්බන්ධ අයට අපේක්ෂකත්වය නොලැබිය යුතු සේම ඔවුන්ගේ මුදල් මැතිවරණ ව්‍යාපාර වලට යොදාගන්නා පක්ෂද වර්ජනය කළයුතුයි. (නි)

:       0       0

සුසිලා ජයන්තිමාල Tuesday, 07 July 2015 03:49 AM

මූලිකවම " අහවලා" ට ලැබුනොත් ඔය නොලැබුණ අයට උඩ පැන පැන බෙදයි. එහෙම වුණොත් ඒ පක්ෂය අමතක කරලා වෙනත් පක්ෂවලට ඡන්දය බෙදලා තමයි දාන්නේ. අපිත් එහෙම තමයි. අතිගරු ශ්‍රීමත් ජනාධිපති උතුමාණෙනි,"අහවලාට"නම් දෙන්නම එපා (නි)

:       0       0

සජිත් Monday, 06 July 2015 03:49 PM

මෛත්‍රී ජනපතිට ප්‍රණාමය. මේ මොලේ මහින්දට තිබුනානම් අපිත් ඡන්දෙ දෙනවනේ. (ර)

:       0       0

ෂිලා Monday, 06 July 2015 04:09 PM

මම විශ්වාස කරනවා ගෝඨාභය මහතා ඇතුලත් විය යුතුයි කියලා.(හේ)

:       0       0

දුමින්ද Tuesday, 07 July 2015 03:53 AM

හොඳ -හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට (නි)

:       0       0

චින්තක Tuesday, 07 July 2015 03:59 AM

පුලුවන් නම් තවත් අයටත් නොදෙනවා නම් තමා හොඳ (නි)

:       0       0

සුරේෂ් පෙරේරා Tuesday, 07 July 2015 04:08 AM

දැන්වත් වුණ දේ ඇති නේ රටටට මගේ නම් අදහස අපේක්ෂකයකු වීමට උසස් පෙළවත් සමත් විය යුතුය (ම)

:       0       0

කුමුදු කුමාර Tuesday, 07 July 2015 04:39 AM

ඒක හොඳයි. මේ වගේ අය දේශපාලනයෙන් අතුගාලම දාන්න ඕනෑ. එතකොට තමයි සමාජයට යහපතක් වෙන්නේ (නි)

:       0       0

කමල් Monday, 06 July 2015 04:42 PM

මෙම පිරිස පමණක් නොව පසුගිය රජයේ බහුතරයකට අල්ලස් චෝදනා තිබෙන බව අපි දන්නවා. ඔවුන් ගැන බුද්ධිමත් ජනතාව තීරණය කරනු ඇත (නි)

:       0       0

වරුණ Tuesday, 07 July 2015 05:17 AM

කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ හොරුන්ට නාමයෝජනා දෙන්න . මොකද ඔය හොරු පන්නන්න තමයි ජනවාරි අටවෙනිදා මේ රටේ ජනතාව තීරණයක් දුන්නේ. තමාගේ ජීවිත අවදානම ගැන හිතන්නේ නැතුව මේකට නායකත්වය දුන් ජනතා නියෝජිතයන්ට මොකද්ද දෙන උත්තරය? (නි)

:       0       0

ලසිත Monday, 06 July 2015 05:03 PM

මටත් දැනුනේ පුදුමාකාර සතුටක් (නි)

:       0       0

සුරංග Tuesday, 07 July 2015 05:32 AM

මහින්ද සහ මෛත්‍රීට ජයවේවා.(ම)

:       0       0

සාගර Monday, 06 July 2015 05:25 PM

එතනෝල්කාරයන්ට ආයෙත් දෙනවද කියලා කියනවද අපිට? (නි)

:       0       0

සාගර Monday, 06 July 2015 05:26 PM

හොරාකෑ කිසිදු කෙනෙකුට නාමයෝජනා දියයුතු නොවේ. (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Monday, 06 July 2015 05:28 PM

එතකොට මෙච්චර කාලයක් ඇමරිකාවේ පුරවැසිබාවය තියාගෙන තමයි ඇමතිකම් ආරක්ෂක ලේකම්ධූර කරලා තියෙන්නේ? නීතිය කාටත් පොදුද? (නි)

:       0       0

වින්සන්ට් Monday, 06 July 2015 05:34 PM

ලකී මහතාගේ ප්‍රකාශය පිළිගත යුතුය. වරදකට අනුබලදීමත් වරදකට සමාන වියයුතුය. නොදැනුවත්ව කිසිවක් සිදුවී නොමැත. (නි)

:       0       0

රෝහිත් Monday, 06 July 2015 05:40 PM

නියමයිනේ! (නි)

:       0       0

ගමගේ Monday, 06 July 2015 05:39 PM

මේ දෙදෙනාගේ සුසංයෝගයෙන් අමුතුම ශ්‍රී ලංකාවක් බිහිවේවි. (නි)

:       0       0

නදුන් Monday, 06 July 2015 06:00 PM

ඇයි, මර්වින් සජින්, දුමින්ද විතරක්?? (නි)

:       0       0

මොහාන් Tuesday, 07 July 2015 06:14 AM

අනිත් ඔක්කොම සුද්දවන්තයෝ. (ර)

:       0       0

අබේරත්න-ටෝක්යෝ Tuesday, 07 July 2015 03:58 PM

මර්වින්, දෙවියන්ගේ අත අල්ලගෙන කියල කොහොම හරි වැඩේ කරගන්න බලන්න (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 07 July 2015 06:22 AM

හපොයි වෙච්ච දෙයක්. (ර)

:       0       0

සමන් Monday, 06 July 2015 06:54 PM

මම විශ්වාස කරනවා තවත් අය ඇතුළත් වියයුතුයි කියලා (නි)

:       0       0

හිමානි Monday, 06 July 2015 06:56 PM

මට නම් විශ්වාස කරන්න අමාරුයි (නි)

:       0       0

සෙලිනා Monday, 06 July 2015 06:59 PM

එය එසේ වියයුතුයි (නි)

:       0       0

චන්න Monday, 06 July 2015 07:09 PM

ලොකුම හිනාවක් ගියා මට. තව කොච්චර ඉන්නවද? (නි)

:       0       0

ඉසුරින්දි Tuesday, 07 July 2015 07:25 AM

හපොයි වෙච්ච දෙයක්,(අ)

:       0       0

කුමාර Monday, 06 July 2015 09:32 PM

මම ඉන්නේ ලංකාවේ නෙමෙයි. මර්වින්ට දෙන්නේ නැත්තම් නාමයෝජනා, අතින් ගෙවලා ටිකට් අරගෙන ලංකාවට ඇවිල්ලා මහින්දට ඡන්දය දානවා (නි)

:       0       0

චානිල් Monday, 06 July 2015 10:26 PM

වැරදිකරුවන්ට දඬුවම් දියයුතුයි (නි)

:       0       0

ලයනල් Monday, 06 July 2015 11:31 PM

හැබැයි අපි අකමැති තවත් අය ඉන්නවා. එයාලට නාමයෝජනා ලැබෙනවා (නි)

:       0       0

කමනි Monday, 06 July 2015 11:59 PM

අපිව රවට්ටන්න නම් එපා ඔන්න (නි)

:       0       0

සමන් Tuesday, 07 July 2015 01:12 AM

කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සු මට නම් පිළිකුල් (නි)

:       0       0

චමිලා Tuesday, 07 July 2015 06:54 PM

මට දැනෙන සන්තෝෂය (නදී)

:       0       0

සිරි Tuesday, 07 July 2015 01:46 AM

රට වෙනුවෙන් මෛත්‍රී සහ මහින්ද අනිවාර්යයෙන්ම එකතු වියයුතුයි කියා දැනෙනවා.මෛත්‍රී සහ මහින්ද සමඟ රට පෙරට යන තේමාව තිබිය යුතුයි (නි)

:       0       0

ශාන්ත Monday, 06 July 2015 12:44 PM

මර්වින්ට දුන්නේ නැති එකට මට තනි ඇහැට ඇඬෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1324 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 74 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1221 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 197 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2055 4

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32328 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23830 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 448 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 206 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site