IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සුජානි බෝගොල්ලාගමට හොර ලෙඩදැයි සොයයි

නාමල් රාජපක්ෂ ගේ එන්.ආර්.කන්සල්ටන්ට් හා ගවර්ස් කෝපරේෂන් හි ප්‍රධාන විධායිකාව වූ සුජානි බෝගොල්ලාගම පොලිසියෙන් අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළුවී සිටින්නේ යැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අද (19) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ කියා සිටියේය.

ඇය පෞද්ගලික රෝහලක සිට එහි පැමිණ ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.

ඇය පරීක්ෂා කර බලා ලබන 22 වැනිදාට වාර්තාවක් ගොනු කරන ලෙස මහේස්ත්‍රාත් කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

මේ අතර එම සමාගම් දෙකේ තවත් අධ්‍යක්ෂවරියක වන ඔරනෙල්ලා ඉරේෂා සිල්වා පිටරටක සිටින බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

ඇය දුටුතැන ඇල්ලීම සඳහා අන්තර්ජාතික ඉන්ටර්පෝල් වරෙන්තුවක් අධිකරණයෙන් නිකුත් කැරිණි.



අදහස් (0)

සුජානි බෝගොල්ලාගමට හොර ලෙඩදැයි සොයයි

ලසන්ත Friday, 19 August 2016 11:44 AM

දෙමාපියනි, වැඩිහිටියනි, ඔබ කුමන සමාජ මට්ටමක සිටියත් මේ අසරණ දරුවන් දෙස බලා, ඔබගේ දරුවන්ට යහපත්, නීතිගරුක සහ ශිෂ්ටසම්පන්න පුරවැසියන් ලෙස ජීවත්වීමේ අගය, අවශ්‍යතාව හා වැදගත්කම පහදා දෙන්න (නි)

:       0       0

ඇලෙක්ස් Friday, 19 August 2016 12:31 PM

මේවා මේ ප්‍රභූ පැළැන්තියේ අයටම සීමාවුණ අසනීප වෙන්න ඇති (නි)

:       0       0

යෙහාන් Friday, 19 August 2016 12:31 PM

මේවා පුදුම අසනීපනේ ඇත්තට (නි)

:       0       0

කුමාර් Friday, 19 August 2016 12:49 PM

ඔය සේරම වැරදි කළාම අසනීප වෙනවා. බන්ධනාගාර දොස්තරත් එයාලා අසනීපයි කියලා සහතික කරනවා. අනේද කියන්නේ. (නි)

:       0       0

බණ්ඩාර කුවෛට් Friday, 19 August 2016 01:15 PM

පරිසරයත් විනාශකලේ නංගී ඔයාගේ තාත්ත, දෙපැත්තට පැන රට කෑවේත් ඔය තාත්තම තමා ගහේ කටු උල්කරන්න දෙයක් නැතිබව අපි දන්නවා. ඔයාල පිළිගන්න මහා උළුගෙදර තොරන් ගසා තිබෙනවා ඉක්මන් කරන්න ඉඩ සීමිතය ,නාමල් අයියාත් ඉන්න නිසා පාලු නැතිවේවි (අ)

:       0       0

චතුරි Friday, 19 August 2016 01:32 PM

බැසිල්ගේ ලෙඩේ හැදිලා. ඇති එකම විදියේ. කැමනේ කාල තියෙන්නේ ඒ කෑම කෑවට දිර වන්නේ. නැහැ. නැවත රෝහල්ලට නොයන්න නියමිත දින ගනන ඇයට නැවත දෙන්න. හිරේ තපින්න (අ)

:       0       0

දිල්ෂාන් Friday, 19 August 2016 01:41 PM

ජනතා මුදලින් උපන්දින සාද එංගලන්තයේ පැවැත්වුවේ මෙයාටද? රෝහිත බෝගොල්ලාගමගේ පවුලේ කෙනෙක්ද මේ? (අ)

:       0       0

බෙනට් Friday, 19 August 2016 02:57 PM

මෙවැනි අවස්ථාවල ලෙඩක් නැතත් ලෙඩක් ඇතිබවට සහතික දෙන දොස්තරලාට විරුද්දවත් නීතිමය පියවරක් ගත යුතුයි . අධිකරණය නොමග යැවීමට උදවු කිරීම සහ මුදලක් ඉපයීමේ අරමුණෙන් දැන දැනම වංචාවක් කිරීම යටතේ . (අ)

:       0       0

අබේරත්න Friday, 19 August 2016 08:37 AM

අනේ මේ සුකුමාල, ලද බොළඳ, රූමත්, තරුණ යුවතියන් නිරපරාදේ අත් අඩංගුවට ගන්නේ අැයි? (බ)

:       0       0

ජයන්ත Friday, 19 August 2016 08:46 AM

පුහුල් හොරා කරෙන් දැනේ ! කිව්වලු නේද? (බ)

:       0       0

අනුරාධ Friday, 19 August 2016 08:54 AM

මේ ප්‍රශ්න දාගන්න හැමෝම ප්‍රශ්න පත්තුවේගෙන එනකොට ලෙඩ වෙනවා. ඉස්පිරිතාල වල නවතිනවා. මේක පුදුම ප්‍රශ්නයක් (නි)

:       0       0

සුසන්ත Friday, 19 August 2016 08:52 AM

ඇප දුන්නා නම් කිසිම ලෙඩක් නැහැ ලොකු ලොකු අයට (නි)

:       0       0

ලංකා Friday, 19 August 2016 08:52 AM

“මෙන්න හොරු අල්ලනවෝ. පළිගන්නවෝ“ (නි)

:       0       0

දිලිප් Friday, 19 August 2016 09:02 AM

මේ සමාගම් සියල්ලේ ඉහළ නිලතල වලට පත් කර ඇති අය දෙස විමසිල්ලෙන් බැලු විට ඒ සියල්ල කුමන අරමුණු මත දිවෙන්නක්ද යන්න පැහැදිලියි. සිය දේශපාලන අරමුණු ඉටු කරමින් පටු වාසි තකා රටක මහා ධනය හා රටේ අනාගතය බන්දේසි මත තබා භාර කිරීම පුදුමසහගතය.(හේ)

:       0       0

චන්දිම Friday, 19 August 2016 09:06 AM

ලෙඩක්නම් ඇත්තේ නෑ.(හේ)

:       0       0

ලංකාසිරි Friday, 19 August 2016 07:08 PM

ඇයි මේ තරුණියන් නොමඟ යන්නේ පෞද්ගලික වාසි තකා. විදින්ට සිදුවන දඬුවම් තරුණියකට දැරිය නොහැකි තරමේ ලැජ්ජාවන් නේද. (නි)

:       0       0

සෑම් Friday, 19 August 2016 10:17 AM

තාත්තාට පැත්ත මාරු කරන්න කාලේ හරි වගේ .(හේ)

:       0       0

අබය Friday, 19 August 2016 11:54 PM

ශරීරයක් ඇති සෑම අයෙකුම නිතරම ලෙඩරෝග වලින් පෙළෙනවා. ඒක නිසා දොස්තරලාටත් නිදහසට කියන්න දේවල් තියෙනවා. (නි)

:       0       0

සමන් Saturday, 20 August 2016 12:06 AM

ඔය ජාතික රෝහලේ ගෙවන වාට්ටු වලට ඇතුළත් වන විදිහට මේ රටේ ජනතාවටත් විවෘත කරන්න. මොකද කොපමණ මුදල් තිබුනත් සාමාන්‍ය ජනතාවට එහි කාමරයක් ලබාගන්න බැහැ. මේක ඉහල පැළැන්තියේ පිරිස අත්අඩංගුවට පත්වුණාම සැපට ඉන්න හදපු තැනක්වද්ද? (නි)

:       0       0

හේමන්ත Friday, 19 August 2016 10:45 AM

මේ අයට ලෙඩක් හැදෙන්නෙම මේ වගේ දෙයක් වුණ ගමන්මයි.(හේ)

:       0       0

ලක්විදු Friday, 19 August 2016 10:49 AM

ප්‍රසිද්ධියේ කියන්න බැරි ලෙඩක් හැදිලද කියලා කවුද දන්නේ? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1394 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 272 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2256 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1244 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 667 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 448 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39234 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site