IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සජින් වාස්ගේ අලි පැටියා අල්ලයි

හිටපු ඇමැති සජින් වාස් ගුණවර්ධනගේ අම්බලන්ගොඩ නිවසේ රඳවාගෙන සිටි අලි පැටවකු අද (18) වනජීවී භාරයට ගත් බව වනජීවී නිලධරයෝ කියති. වනජීවී සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එහි ගොස් අලි පැටවා සිය භාරයට ගත්හ.

ව්‍යාජ බලපත් සහිතව ළඟ තබාගෙන සිටින අලි අත්අඩංගුවට ගැනීමට උසාවිය ලබාදී තිබූ නියෝගය අනුව මෙම අලි පැටවා වනජීවී භාරයට ගෙන ඇතැයි ද උඩවලව ඇත් අතුරු සෙවණේ අලියා රඳවා තබන බවද වනජීවී නිලධාරීහු පවසති.

වයස අවුරුදු 15ක් පමණ වන මෙම අලි පැටවා වසර 10ක පමණ කාලයක් සජින් වාස් හිටපු මන්ත්‍රීවරයා ළඟ සිට ඇති බව කියති.

webelephnt20160218_142230 webelephny20160218_143617

ඡායාරූප - දේමුණි සම්පත්



අදහස් (0)

සජින් වාස්ගේ අලි පැටියා අල්ලයි

කමල් Thursday, 18 February 2016 03:51 PM

අෂාන් අනේ ඔව් හිරිහැරයක් නොවෙන්නනෙ ඔය දම්වැල් එහෙම දාල තියෙන්නෙ. (බ)

:       0       0

රවී Thursday, 18 February 2016 04:02 PM

කමල් කියන විදිහට නම් හිරේ දාන එකත් අගය කරන්න ඕනේ. කන්න බොන්න දීල බලා ගන්නවනේ. (බ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 19 February 2016 12:52 AM

මහින්ද මහත්තයා පැරදුනේ මේවා නිසා නෙමෙයි. මහින්ද මහත්තයා කළ දේවල් ගෝලයොත් කළ නිසා තමයි පැරදුනේ. කපුවා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුවා කරනවා කියලා කියමනක් තියෙන්නේ මෙන්න මේවට වෙන්න ඇති නේද? (නි)

:       0       0

වරුණ Friday, 19 February 2016 02:19 AM

මම හිතන්නේ දෙවුන්දර පෙරහරේ ගිය අලියෙක් පාර වැරදිලා ගිහින් සජින්ගේ ගෙදර නවතින්න ඇති (නි)

:       0       0

බෙනට් Friday, 19 February 2016 02:33 AM

අප්පුහාමි, ඔබගේ අදහස හරියට හරි. (නි)

:       0       0

සමන් Thursday, 18 February 2016 12:03 PM

අනේ පවු. මේ අලි පැටියත් මෙයාගෙ ගේට්ටුව ලඟ අතහැරල ගිහින් තිබුනෙ.(අ)

:       0       0

ඉන්දික Friday, 19 February 2016 02:49 AM

මෙහෙම බලනකොට කැලේ අලි ඉතුරුවෙන එකක් නැහැනේ (නි)

:       0       0

ගවින්ද Thursday, 18 February 2016 04:26 PM

කවුද එතකොට මූව ගේ ළඟ දාලා ගියේ? (නි)

:       0       0

පී. මිලානෝ Thursday, 18 February 2016 12:14 PM

අලි පැටියා නෙමෙයි, මේ අලි හොරු පුනරුත්තාපනය කරන්නේ කවදාද? (නි)

:       0       0

ශ්‍රීමාලි Thursday, 18 February 2016 12:15 PM

මං හිතන්නේ කවුරුහරි සජින් වාස්ගේ අම්බලන්ගොඩ නිවස ළඟ අලි පැටියාව අමතකවෙලා දාලා යන්න ඇති (නි)

:       0       0

උපුල් ගලප්පත්ති Friday, 19 February 2016 03:40 AM

අම්බලන්තොඩ රූකඩ බලන්න අලියෙක්ගෙ පිටේ ආපු කට්ටියක් සජින්ගෙ ගේ ළඟ දමල ගියපු අලියෙක් ද දන්නෙ නෑ. (බ)

:       0       0

බෙනට් Friday, 19 February 2016 04:00 AM

බලාගෙන යද්දී මුන් ඔක්කොම අලි හොරු නේ . (බ)

:       0       0

නලින් යහම්පත් Thursday, 18 February 2016 12:43 PM

මට පෙන්නේ පසුගිය රජයේ බහුතරයක් අලි පැටව් , එම රජයට කඩේ ගිය පන්සල් වලත් අලි පැටව් (බ)

:       0       0

ගුණවර්ධන Thursday, 18 February 2016 04:37 PM

මේ වගේ මිනිස්සු නිසා තමි මහින්ද මහත්තය පරාද වුණේ .කරන තරමක් කරලා තියෙන්නේ තක්කඩි වැඩ (අ)

:       0       0

ලක්සිරි Thursday, 18 February 2016 04:44 PM

කැලේ නිදහසේ ඉන්න ඕනේ සත්තු ගෙවල් වලට ගෙනල්ලා දම්වැල් දාල බැඳලා ඇති කරනවා අනේ මෙහෙමත් පිස්සු මිනිස්සු.(අ)

:       0       0

උපාලි Thursday, 18 February 2016 04:55 PM

මහන්තත්ත කම පෙන්නන්න අලි තබා ගැනීම අපේ ලොක්කන්ගේ, පන්සල් ආදියේ සිරිතක්. කිරි අත් නොහැරිය පැටියෙක් නම් වඩාත් හොඳයි. මෙත් ඉතින් ඒ කාලේ ලොක්කෙක්නේ. (අ)

:       0       0

අප්පුහාමි Thursday, 18 February 2016 05:05 PM

ලංකාව කියන්නේ දේශපාලකයන්ටම පෙම් කෙලින්න තියෙන රටක්.ඡන්දෙ දීපු ජනතාව කටවල් ඇරගෙන මේගොල්ලන්ගේ රන්ඩු සරුවල් බලා ඉන්නවා.මේවා බලා ඉඳලා මට නම් අප්පිරියයි.

:       0       0

ශ්‍රීලාල් Thursday, 18 February 2016 06:16 PM

කවුරු අලි තියාගත්තත් බොහෝ වෙලාවට කන්න බොන්න දෙන්නේ මහජන මුදල් වලින්. මහජනයාට ඇති අලියෙකුත් නැහැ, ඒත් ගෙවලා ඉවරෙකුත් නැහැ. (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 18 February 2016 06:34 PM

දැන් ඉතින් ඔය අලි සම්බන්ධය නිසා සජින් වාස් මහත්තයා අධිකරණයට යන්නේ අලියා පිටින්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

ආනන්ද Thursday, 18 February 2016 02:39 PM

මේ අලි පැටියානම් සුනාමි වෙලාවේ ගහගෙන ආපු එකෙක් වෙන්න ඇති. අනුකම්පා කරලා කන්න බොන්න දීල තියා ගන්න ඇති. (බ)

:       0       0

රාධා Thursday, 18 February 2016 02:55 PM

කවුද ? මේ අලියා මේ ගෙදරට දමලා ගියේ . (බ)

:       0       0

චතුරි Thursday, 18 February 2016 08:28 PM

පවු අහිංසක සත්තු! (නි)

:       0       0

ප්‍රියංකර Thursday, 18 February 2016 03:03 PM

මේ අලි පැටියත් කව්රුහරි ගෙනෙත් දාල ගිය එකෙක්ද දන්නේ නැහැ. (බ)

:       0       0

ජයාත් Thursday, 18 February 2016 09:20 PM

උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

වසන්ජය Thursday, 18 February 2016 10:35 PM

මේ අලියා ගැන ටික කලකට පෙර මාධ්‍ය අනාවරණය කළා. අත්අඩංගුවට ගන්න ප්‍රමාද වුණේ ඇයි? (නි)

:       0       0

රොකී Thursday, 18 February 2016 03:32 PM

සයිස් එකෙන් නම් සහෝදරයෙක් වගෙයි! (බ)

:       0       0

ලනිත් Thursday, 18 February 2016 11:07 PM

අප්පුහාමි හරි. ඔවුන් පිස්සු නටනවා. අපි බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

අෂාන් Thursday, 18 February 2016 03:41 PM

කව්රු හෝ වේවා සතුන්ට කන්න දීල හොදින් රැක බල ගන්නවානම් සතුන්ට හිරිහැරයක් නොවේ නම් අපි අගය කළ යුතුයි නේද (බ)

:       0       0

ඇන්ජලෝ Thursday, 18 February 2016 11:39 PM

බලනකොට අලි නොසිටි කෙනෙක් නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 116 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 139 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2518 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 923 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 524 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1561 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site