IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සජින් වාස් නෝනිස් ප්‍රහාරය මග හරී

ප්‍රංශයේ හිටපු තානාපතිනියක වන තමරා ගුණනායගම් මහත්මිය එක්තරා රූපවාහිනී වැඩසටහනකදී තමා සම්බන්ධයෙන් සිදුකළැයි කියන ප්‍රකාශයක් පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වීය. ක්‍රිස් නෝනිස් මහතාට පහරදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නද ඔහු එහිදී මග හැරියේය.

 

 



අදහස් (0)

සජින් වාස් නෝනිස් ප්‍රහාරය මග හරී

පද්මිණී Sunday, 19 October 2014 12:03 PM

මොහු ‘‘අවධානය " කියල කියන්න ඕන තැනදී කියන්නේ අවදානම කියලා. එම වචන දෙක කොතරම් පරස්පර තේරුම් දෙකක්ද. (නදී)

:       0       0

නිමල් Sunday, 19 October 2014 12:05 PM

කට්ටිය මෙහෙ ගුස්ති අල්ලනකොට කොටි අන්න අරෙහෙ යුරෝපයේ ආයෙත් වැඩ පටන් අරන්. ඊළඟට බෙරිහන් දෙන්න විපක්ෂයේ කට්ටිය නිසා තමයි ඒකත් වුනේ කියලා. (නදී)

:       0       0

පුලස්ති Sunday, 19 October 2014 12:13 PM

දැන් ඊළඟට ගුටි කන්නේ ලංකා තිලක් උන්නැහේ. රස්සාවක් කරගන්න කියල පිටරට ගිය මිනිස්සු ටික අවුස්සගෙන වැඩ වැරැද්ද ගත්ත නේ. නිවාඩුවට ගොඩ බහින හැම මනුස්සයාම වස්ත්‍ර අතේ අරන් ප්ලේන් එකෙන් බහිනකොට දුවන්න තැන් හොයා ගන්න තිලක්. (නදී)

:       0       0

ශාන්ත කුමාර Sunday, 19 October 2014 12:32 PM

ක්‍රිස් නෝනිස් වගේ උගත් කෙනුකුට පාරක් ගහන්න අත උස්සන්න පුළුවන් කාටද? මේ වගේ අයට තවත් ඉන්න ඉඩදීලා බලා ඉන්න ආණ්ඩුවේ ගැත්තන්ට හොඳ පාඩමක් උගන්නන්න ඕනේ. (නදී)

:       0       0

රනිල් ප්‍රියංකර Sunday, 19 October 2014 12:36 PM

කොහෙද යන්නේ මල්ලේ පොල් කිව්වලු. බලන්නකෝ එතුමගේ පිවිතුරු කතාව (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 20 October 2014 03:55 AM

මූනෙන්ම පේනවා අනින්න බලන් ඉන්න කුළු හරකෙක් කියල?මේ වගේ අය එක්ක තමයි ආසියාවේ අස්චර්යයට යන්න පුළුවන් ?සුබ අනාගතයක්!! (ස)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 19 October 2014 12:45 PM

දෙමල සංවිදානය කියන්නනේ එල්.ටී.ටී එක නෙමේ. දෙමළ සංවිදානය කියන්නේ මේ රටේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් කියල දන්නෙවත් නැති බව තමයි අපිට නම් තේරෙන්නේ (නදී)

:       0       0

ගයාන් Monday, 20 October 2014 03:55 AM

කිසි වැදගම්මක් නැති ප්‍රශ්නයකට විශාල ප්‍රසිද්දියක්.ඕව රාජ්‍ය මට්ටමින් විසඳ ගන්න ඕන .අපට වැඩක් නෑ.වෙන ප්‍රශ්න තිබෙනවා. (ස)

:       0       0

අසංක Sunday, 19 October 2014 02:22 PM

විදේශ සේවය සඳහා දැන උගත් පුද්ගලයින් පත් කළ යුතුය. මෙවැන්නන් විදේශ සේවය ගැන මොනවද දන්නේ? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 20 October 2014 04:38 AM

මේ පුවතට මම කිසි අදහසක් දැම්මේ නැහැ..දාන්න තරම් මේක පුවතකුත් නෙමෙයි..කට්ටිය පාටියකදී බිල ගහගෙන.. එච්චරයි මම මේ සිදුවීම ගැන දන්නේ.. බි ගත්තම සමහර වෙලාවට යාලු කම් අමතක වෙලා කුඩු කෙඩු කම් පරණ තරහවල් එලියට එනවා සම හරක්ගේ .. මේක ඕන තරම් අපි සමජයේ අත් විදලා තියෙන දෙයක් මිසක් ගණන් ගත යුතු දෙයක් නෙමෙයි..(අ)

:       0       0

ධනුක Sunday, 19 October 2014 07:44 AM

දැන් මේවාට මිනිස්සු මෙතන ලියන්නේ මොනවද කියල බලන්න හොට දාගෙන ඉන්න කට්ටියත් ඇති. (නදී)

:       0       0

දීපාල් Monday, 20 October 2014 05:05 AM

විමල් සහ රාජ්,මේ විහිළු සපයන්නා අම්බලන්ගොඩ කෙනෙක් මිසක් බලපිටියේ කෙනෙක් නොවෙයි .ශාන් විජේලාල් හිටින නිසා බලපිටියට ආවාට බෙන්තර එල්පිටියට ආපු මනාප අරගෙන චන්ඩි කමෙන් මන්ත්‍රී වූණු කෙනෙක්.අම්බලන්ගොඩයි බලපිටියයි කියන්නේ වෙනස් ආසන දෙකක්.(අ)

:       0       0

රාජන් Sunday, 19 October 2014 07:48 AM

මට මතක නෑ නේ කීවා වගේ තමා. (නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Sunday, 19 October 2014 03:30 PM

බන්දුල පෙරේරා, මේකද ඔයාගේ උත්තරය? එතකොට ක්‍රිස් නෝනිස් තානාපතිතුමාට පහරදීම ගැන මොකුත්ම නොකියා ඉන්න එපා. ඒ ගැන කතාකරන්න. ලැජ්ජා වෙන්න එපා. (නි)

:       0       0

ජිලෝ Sunday, 19 October 2014 07:51 AM

මේවාට ප්‍රතිචාර ලියන්න යන අපියි අන්තිමට මෝඩයෝ වෙන්නේ. (නදී)

:       0       0

විමල් Monday, 20 October 2014 05:31 AM

ඔය කියන ගමේ කෙනෙක් අපේ කැම්පස් එකෙත් හිටියා. සජින්ගෙ චණ්ඩි එක්ක ඇවිත් කැම්පස් ළමයිටත් ගැහුවා. එයා එහෙ ප්‍රාදේශීය සභාපතිගෙ පුතා. ඔන්න අප්පල පුත්තු කරන වැඩ. මහලොකු නගරෙ. (ස)

:       0       0

සමීර Monday, 20 October 2014 05:32 AM

බන්දුල පෙරේරා කියවී මේක විපක්ෂයේ කුමන්ත්‍රණයක් කියල ..... තරම් මොලේ පොඩ්ඩක් අවුල් එයාගේ. (ස)

:       0       0

රත්න Sunday, 19 October 2014 08:18 AM

අර පැරණි දෙමළ චිත්‍රපටියක දුෂ්ඨයා වගේ (නදී)

:       0       0

ජගත් Sunday, 19 October 2014 08:21 AM

මඟ අරින්නෙ නැතිව කොහොමද? පැනලා දීලා තව නාගන්නේ නැතිව ඉන්න කියන්න ඇති, ඡන්දයක් ලඟ එනවානේ. (නදී)

:       0       0

බමුණු Sunday, 19 October 2014 08:22 AM

"මේවාට ප්‍රතිචාර ලියන්න යන අපියි අන්තිමට මෝඩයෝ වෙන්නේ." මෙතැනදී තමයි සුළු වශයෙන් හරි බනින්න අවසථාවක් අපට ලැබෙන්නේ. (නදී)

:       0       0

ශ්‍රී ලාල් Sunday, 19 October 2014 08:26 AM

තුට්ටු දෙකේ දේශපලුවෝ නිසා රටට අවශ්‍ය උගත් බුද්දීමත් මිනිසුන් නිහඩ කරනවා (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 19 October 2014 08:32 AM

මේවා අපේ වැරදි, අපි කාටත් දොස් කියලා වැඩක් නැහැ. මේ රට බේරාගත් සේනාධි නායකයා වෙනුවෙන් එම පක්ෂ නියෝජනය කල ඕනෙම කෙනෙකුට ජන්දය දෙන්න තරම් අපි කාරුණික වුනා. ඒ කෘතගුණ සැලකීමක් හැටියට. නමුත් අපි එක දෙයක් මතකයේ තබා ගත යුතුයි. මේ රට විනාශයට පත්වෙන හැම මොහොතකම ඒ පවුවලින් 50% අපේ ගිණුමට බැර වෙනවා. වැරදි කරන්න කවුරුත් බිය වන්නේ නැහැ. අවාසනාව කියන්නේ නැවතත් මැතිවරණයක් පැවැත්වුවහොත් නැවතත් ඔවුන් බලයට පත්වීමය. අපි හැදෙන්න ඕනේ මේ රට හදන්න කලින්. (නදී)

:       0       0

කලීල් Sunday, 19 October 2014 08:36 AM

මේ වගේ දේවල් වලින් රටට සෙතක් වෙන්නතේ නැහැ. වැඩක් කරන මිනිහෙක්ට ආණ්ඩුවේ ඉන්නත් බැහැ. (නදී)

:       0       0

ජීවන්ත Sunday, 19 October 2014 08:40 AM

ශ්‍රී ලාල් , එකගයි ! මෙයාලා වචනයේ පරි සමාප්තියෙන්ම "දේශ- පාලුවෝ" (නදී)

:       0       0

සිරී Sunday, 19 October 2014 08:46 AM

එංගලන්තයේ අය නම් දෙකට බෙදිලලු. මහා කොමසාරින් තුමාගේ කොක්ටේල් පාටි වලට ආරාධනා ලැබුන අය එතුමාගේ ගුණ කියනවලු. ආරාධනා බලාපොරෝතුවෙන් සිට නොලැබුන නිසා හිත රිදී ඇති අය දොස් කියනවලු. පත්තර වලටත් ලියල තියෙනවා එහෙම කියල. මේක තමයි මේ කතාවේ යතාර්ථය. (නදී)

:       0       0

ශෂින් Sunday, 19 October 2014 08:47 AM

දැන් ඉතින් ලංකා තිලක් මහදැන මුත්තා කියාවි මේකත් පිටරට ඉන්න ලාංකිකයන් නිසා සිද්ධ වෙච්ච අලකලංචියක් කියලා. ලංකාවේ කාට හරි අසවල් එකක් පිටවුනත් ඒකට පලි දැන් පිටරට ඉන්න මිනිස්සු තමයි. (නදී)

:       0       0

ලසන්ත Sunday, 19 October 2014 05:57 PM

ලොකු කකුලුවෝ කෙළින් ගියොත් තමයි පොඩි කකුලුවෝ කෙළින් යන්නේ (නි)

:       0       0

රෝහිත Sunday, 19 October 2014 06:07 PM

එහෙම ලේසියෙන් මඟහරින්න දෙන්න පුලුවන්ද? (නි)

:       0       0

කුමාර් Sunday, 19 October 2014 08:54 AM

රජයේ කන්තෝරු වලට දේශපාලන පත්වීම් දුන්න වගේ නෙවෙයි රාජ්‍ය තාන්ත්‍රික සේවාවට දේශපාලන පත්වීම් දුන්නම. අතීසාරෙට ගහපු අමුඩේ වගේ තමයි දැන් මේ වෙන දේවල්. (නදී)

:       0       0

දමුතු Sunday, 19 October 2014 08:54 AM

සියල්ලෝම නිහඩ කරවූ. අපේ නායකයින්ට ඕන හැටියට රට දුවාවි. මේ රටේ තව අවුරුදු 50ක්ම මේ ආණ්ඩුව තමයි. (නදී)

:       0       0

සනත් Sunday, 19 October 2014 07:08 PM

මේ රටේ මිනිස්සු නම් පුදුමාකාරයි! (නි)

:       0       0

ගුණපාල Sunday, 19 October 2014 09:01 AM

අර කොසොල් රජතුමා දැකපු හීනය සැබෑ වේගෙන වගෙයි එන්නේ. (නදී)

:       0       0

බවර් පැරිස් Sunday, 19 October 2014 09:09 AM

ඔන්න අයිමත් එක්සත් ජාතික පක්ෂයට එල්.ටි.ටි. (කොටි) ලේබලය අලවන්නයි හදන්නේ. ඕවා පරණ රෙකෝඩ්. දැන් ඡන්ද දායකයා බුද්ධිමත්. ඕවට රැවටුණු කාලය ඉවරයි. තම කුනු අනුන්ගේ පිටින් යවන්නද හදන්නේ ? චිනු පාරවල් වල තාර දැම්මට සිංහලයා තාම කොන්ඩේ බැන්දේ නැහැ. (නදී)

:       0       0

බවර් පැරිස් Sunday, 19 October 2014 09:17 AM

මජන මුදලින් නඩත්තු වන මන්ත්‍රීවරු මාධ්‍යට සත්‍ය තොරතුරු හෙළි දරව් කළ යුතුයි. රට වැසියාට තොරතුරු දැනගැනීමේ අයිතියක් ඇත. එම නිසා වගකිවයුතු පුරවැසියෙක් හැටියට සත්‍ය කරුණාකර හෙළි කරන්න. බොරුව කවදත් පරදී. සත්‍ය ජය ගනී. (නදී)

:       0       0

ගුණරත්න Sunday, 19 October 2014 08:29 PM

මොනවද මේ කියන්නේ? මේකේ වගකීම දැන් කාටද පවරන්නේ? (නි)

:       0       0

දිලාන් Sunday, 19 October 2014 09:33 AM

ලක්ෂ්මන් කදිරගාමර් වැනි අග්‍රගන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයන් ජීවත්ව සිටියා නම් අද මේවා දැකල ඔලුවේ අත ගසා ගනීවි. (නදී)

:       0       0

සත්‍යපාල Sunday, 19 October 2014 09:36 AM

ඌ මට ගැහුවා, මට ඌ ගැහුවා කියලා කිව්වා නම් හරිනේ. (නදී)

:       0       0

උෂාන් Sunday, 19 October 2014 09:03 PM

මෙවන් පුද්ගලයින් ගැන තීරණයක් ගතහැක්කේ මහජනතාවටමයි (නි)

:       0       0

ටානියා Sunday, 19 October 2014 09:07 PM

මෙවැනි දේශපාලකයින් අප අතර කොපමණ සිටීද? (නි)

:       0       0

රොෂාන් Sunday, 19 October 2014 09:26 PM

මම නම් කියන්නේ සජින් ද වාස් ගුණවර්ධන මහතා හරියටම හරි. (නි)

:       0       0

ගොඩකදෙනිය Sunday, 19 October 2014 09:47 AM

බොරු බයිලා කියෙව්වට වැඩක් නෑ. අපි දන්නවා මේ හැමෝම ගැන. අන්න ගොසිප් වල තිබ්බා (නදී)

:       0       0

රංජිත් - පැරිස් Sunday, 19 October 2014 09:56 AM

මොලේ තරම පේනවා දැක්කම (නදී)

:       0       0

වින්සන්ට් Sunday, 19 October 2014 09:56 PM

යුරෝපා සංගමය කොටි සංවිධානයේ තහනම ඉවත් කිරීමටත් ,කොටි සංවිධානය නැවත හිස එසවීමටත් වගකිවයුත්තේ, ජනතාවද? විරුද්ධ පක්ෂයද? බලයේ පවතින රජයද? ක්‍රිස් නෝනිස් මහතාගේ සිද්ධිය ජනතාවට දැකගන්න නොලැබුනත්, ගරු ඇමතිවරු දෙදෙනෙකුගේ බලපුළුවන්කාරකම රූපවාහිනී නාලිකාවක් ඔස්සේ මුලු රටටම දැකගන්න ලැබුනා. ඒ අනුව බොහෝ දේවල් ජනතාවට හොඳහැටි තේරුම්ගත හැකිය. (නි)

:       0       0

ජීවන්ත Sunday, 19 October 2014 09:59 AM

ඊළඟ ඡන්දෙදි මෙයාලව කුණු කූඩෙට නේද? (නදී)

:       0       0

සිල්වා Sunday, 19 October 2014 10:14 AM

මේ වගේ මන්ත්‍රීලා ලංකාවත් අපකීර්තියට පත් කරනවා. දොස්තර නෝනිස් වැනි පුද්ගයන්ට අත උස්සන්න තරම් මෝඩද? (නදී)

:       0       0

චාන්දනී Sunday, 19 October 2014 10:35 PM

මෙතෙක් ඔය කියන ලිපිගොනු අවධානයට ලැබුනේ නැත්නම්, ඔය යටගසා ඇති ලිපිගොනු අරගෙන වැඩ කරන්න දැන්වත් පටගත්තොත් ඔය ලිපිගොනු ලැබෙයි කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

යසංග Sunday, 19 October 2014 10:39 PM

නියම කතාව මහත්තයෝ (නි)

:       0       0

රාජ් Sunday, 19 October 2014 10:36 AM

මෙය අපේ ඥාතියෙක් කිව්වේ. ගාල්ල පැත්තේ එක්තරා ගමක් තියනවා. ඒ ගමෙන් කසාදයකටවත් අවට ගම් වලින් සලකන්නේ නැතිලු චණ්ඩින්ට ප්‍රසිද්ධ නිසා. (නදී)

:       0       0

ටෙක්ලා Monday, 20 October 2014 12:40 AM

මට නම් ඔහු ගැන පැහැදීමක් ඇත්තෙම නැහැ (නි)

:       0       0

අප්පුහාමි Sunday, 19 October 2014 10:46 AM

බොරුව එපා. රට නැවුම් මාවතකට හරවන්න සුදුසුම කාලය ඇවිත්. අපේ රටේ මිනිස්සුනේ තව තව මේවා බල බලා සුසුම් හලමුද ? නැත්නම් අපි හැරෙමුද ? මේක දැක්කම මට මතක් වෙන්නේ අර පරණ කියමන. " ඇස් ගෙඩි වලට හෙන ගැහිලද සිංහලුනේ " කියලා (නදී)

:       0       0

ජෙහාන් Monday, 20 October 2014 01:38 AM

බන්දුල මොකද නිකන් වටින් පිටින් රබන් ගහල මග අරින්නේ. දැන් මේ කෙනෙකුට පත බෑවා කියන චෝදනාව ගැන ඔබ මොකද කියන්නේ ? (නදී)

:       0       0

ජනිත් Monday, 20 October 2014 01:39 AM

මේවා සුදුස්සාට සුදුසු තැන නොලැබීම නිසා ඇති වෙන කලබගෑනි තමයි. (නදී)

:       0       0

ගුණේ Monday, 20 October 2014 01:42 AM

මොකද බන්දුල පෙරේරා ලිස්සල යන්නේ ? කෝ අර වෙනින් පුවත් වලට ලියන පිටුව පිරෙන පල් හෑලි ? (නදී)

:       0       0

රකිත් Monday, 20 October 2014 01:46 AM

මිහින් ලංකාවට කෝටි, ප්‍රකෝටි ගණනින් පාඩු සිදු වීමට මග පෑදුවේ කවුද? (නදී)

:       0       0

රකිත් Monday, 20 October 2014 01:49 AM

බලන් ගියාම කොටිත් එක්ක ගනුදෙනු කරලා නැත්තේ අපි විතරනේ? (නදී)

:       0       0

හසිත් Monday, 20 October 2014 01:51 AM

මේවා වාගේ පුවත් මාධ්‍යයෙන් හෙළි කරන කොට බන්දුල ඉන්නේ කිරි මැටි ගිලපු කිඹුලා වගේ. නිශ්ශබ්ධව ඉන්න ඕන කොතනද කියල එයාට ගානට උපදෙස් ලැබිල ඇති. (නදී)

:       0       0

චානක. Monday, 20 October 2014 01:56 AM

ඕනෙම අයෙකු කතිරයේ පිහිටෙන් බලය ගත් පසු එවැන්නන්ට කල නොහැක්කක් නොමැත (නදී)

:       0       0

නිලංග Monday, 20 October 2014 02:08 AM

ලංකා තිලක් උන්නැහේ දැන් පුළුවන් නම් මේකටත් අල්ලන්න, පිටරට ඉඳන් බඩ රස්සාවක් කරගෙන ඉන්න මිනිස්සුන්ව. මේක ඒගොල්ලන්ගේ කුමන්ත්‍රනයක් කියල කියාවි මාධ්‍යයෙන් මේවා එලි නොකරන්න. (නදී)

:       0       0

ගයනි Monday, 20 October 2014 02:12 AM

අර ගම ගැන නම් කියපුවා සහතික ඇත්ත. ඔය ගම මැදින් යන බස් එකෙත් මිනිස්සු යන්නේ බයෙන් කියලා අපේ නෑදෑයෝ කියනවා. එහේ ඉන්නෙම හයිරන්කාර චන්ඩි ලු. (නදී)

:       0       0

සරත් Sunday, 19 October 2014 11:12 AM

ශක්තියෙන් සටන් කරන්නේ සත්තු. (නදී)

:       0       0

රයන් Sunday, 19 October 2014 11:13 AM

මට නම් මෙවැනි පුද්ගලයන් අපේ රටේ දේශපාලනයට සම්බන්ද වී සිටීම ගැන හරිම කනගාටුයි (නදී)

:       0       0

විමල් Sunday, 19 October 2014 11:16 AM

රාජ් ඔබතුමා හරියටම හරි. ඒ ගමේ නම බල්ලන්ගේ පොර පිටියක් වගේ තමා. ඒක නම් ඇත්තම කථාවක්. ඒ ගමේ මේ දවස්වල පෝසටර් වගයකුත් අලවලලු (නදී)

:       0       0

නිශ්ශංක Sunday, 19 October 2014 11:26 AM

මහජන නියෝජිතයින් හැටියට සෑම ප්‍රශ්නයකදී අත උස්සන්නට පෙර ඉවසන්න වග බලා ගන්න ඕනි. මෙවැනි ක්‍රියා වලින් කළු පැල්ලලම එන්නේ ජනාධිපති තුමාටයි ආණ්ඩුවටයි තමයි. (නදී)

:       0       0

උමේෂ් Sunday, 19 October 2014 11:33 AM

රට නියෝජනය කරන තනතුරු වලට උගත්කම සහ පවුල් පසුබිම බලන්න ඕන කියල ඇතැමුන් කියන්නේ කට කහනවට නෙමෙයි කියල දැන් තමයි තේරෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1518 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 262 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4415 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 474 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 626 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2171 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site