රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන (21) දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
අසනීපයෙන් පසුවන බැවින් ඔහු අද අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාරය මහේස්ත්‍රාත්ට දැන්වීය.
පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සජින් වාස් යළි රිමාන්ඩ්
ඉසුරන්දි Tuesday, 07 July 2015 06:15 AM
සෑම පුරවැසියෙකුටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි බන්දනාගාර ගත කල. දුගී පැලැන්තියට එකක් ධනවත් පැලැන්තියට එක නීතියකුත් නොවිය යුතුයි. (ර)
රුපවතී Tuesday, 07 July 2015 06:18 AM
හොරාකාපු සෑම දේශපාලකයකුගේම වත්කම් බැරකම් වලින්, තුනෙන් දෙකක් රාජසන්තක කල යුතුයි. (ර)
සුරනිමල Tuesday, 07 July 2015 06:27 AM
ලොකු හොරු එළියේ මේ මනුෂ්‍යව විතරක් රිමාඩ් කරන එකේ තේරුමක් තියෙනවාද ? (ර)
ස්මිත් Tuesday, 07 July 2015 07:11 AM
ඉසුරන්දි, රුපවති, හරියටම හරි ඔය දෙන්නගේ කතාව. (ර)
වින්සන්ට් Tuesday, 07 July 2015 07:12 AM
ඉසුරන්දි කියන දේ ඉටුවීමට මාරුවෙන් මාරුවට බලය ලබන මේ දෙගොල්ලන්ගෙන් නම් කවදාවත් බලාපොරොත්තු විය නොහැකිය. මෙවැනි තත්ත්වයක් රටේ පවතින බව යමෙකු තේරුම් ගැනීමද සතුටුවිය යුතුය. (ර)
රිචි බාලසුරිය Tuesday, 07 July 2015 07:36 AM
ඔබ දේශපාලකයකු නම් හෝ ලොකු සල්ලි කාරයකු නම් රිමාන්ඩ් එකත් ගෙදරත් දෙකම එක වාගේ , සියලු සැප සම්පත් ඇතුලේ ලැබෙනවා , යහළුවන් නිතර දෙවේලේ ඇවිත් බලලා යනවා , ඔබ අහිංසක දුප්පතකු නම් රිමාන්ඩ් එකත් අපායක් ඇතුලේ ඉන්න පරණ උන්ගෙන් ගුටි කාල උන්ගේ වැසිකිලි පවා සෝදන්න වෙනවා. ඕක තමා වෙනස, නීතියත් එසේමය. (ර)
රෝහණ Tuesday, 07 July 2015 08:25 AM
බන්ධනාගාර රෝහලේද? (ම)