IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


සජබ ප්‍රතිපත්තියේ පළමුවැන්න අධ්‍යාපනය

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ පළමුව අධ්‍යාපනය බැවින් ඒ සඳහා දිය හැකි ඉහළම ආයෝජන ලබා දී පෞද්ගලික අධ්‍යාපනයත් නිදහස් අධ්‍යාපනයත් අතර ඇති ⁣වෙනස නැති කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැනුම කේන්ද්‍රීය ගමනක් හා ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවත් ඒ සඳහා පන්ති කාමරයට පමණක් වෙන් වූ අධ්‍යාපනයට වඩා ලෝකයට විවෘත වූ අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතු බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සුහුරු රටක් ගොඩනැගීමට නම් සුහුරු ප්‍රතිපත්තියක් තිබිය යුතු වුවත් ආණ්ඩුවට ඇත්තේ යල්පැනගිය ක්‍රමවේදයන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 305 වැනි අදියර යටතේ කැස්බෑව මඩපාත බටුවන්දර කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

 



අදහස් (13)

සජබ ප්‍රතිපත්තියේ පළමුවැන්න අධ්‍යාපනය

Nihal Thursday, 11 July 2024 11:54 PM

පාසල් පද්ධතියටම දිවා ආහාරය, කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අහන්න නැති නිසයි රටටම කෙළවුනේ..!

:       0       3

Lankaputhra Friday, 12 July 2024 06:29 AM

ඒක එහෙම වුනාට මාලිමාව නම් අධ්‍යාපනයට දක්වන්නෙ සජබෙට සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිපත්තියක් කියලා විශ්ව විවිද්‍යාල වල හා පාසල්වල වර්තමාන තත්වය අනුව පේනවා එහෙම තියෙද්දි සමහරක් එවුන් මාලිමාව පස්සෙ යන්නෙ ඇයි කියලා තේරුම් ගන්න බැහැ විරුද්ධවාදීන් මරලා රටේ සම්පත් විනාශ කරලා ආරම්භ කළ එම පක්ෂයේ එවුන් දැන් දරුවන්ගේ අධ්‍යාපනය නැති කරන්න වර්ජන මෙහෙයවීම කරන්නේ අනාගතයේ පාර්ලිමේන්තුවේ අසුන් ගන්න වෙන්න පුළුවන් ඒ නිසා තමන්ගෙ දරුවන්ට ආදරයක් තියෙන දෙමාපියන් ඔය වර්ජනය මෙහෙයවන මහින්ද ජෝශප් වගේ එවුන් සම්බන්ධ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කර අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කරන පක්ෂයක් දිනවීමට සහාය දෙනවා නම් හොදයි

:       11       6

Chandima Friday, 12 July 2024 06:56 AM

අධ්‍යාපනය දුන්නාම දැන් වගේ ජනතාව රවට්ටන්න බැරි වෙනවා නේද?

:       0       11

Chandima Friday, 12 July 2024 06:57 AM

ඒ කියන්නේ රටේ ණය ගෙවලා ආර්ථිකය ගොඩගන්න එක තියෙන්නේ අන්තිම හරියේද?

:       0       9

prema Friday, 12 July 2024 06:59 AM

රාජකීය විද්‍යාලයට ගොස් 8 පංතිය පමණක් සමත් එකෙක් රටේ අධ්‍යාපනය හදන හැටි කියනකොට කොහෙන් හිනවෙන්නද මන්ද .

:       4       15

ත්‍රස්ත මාර්ෂල් Friday, 12 July 2024 07:45 AM

දැන් නම් ලංකාවේම ඡන්ද ටික වැටෙනවා . රෑ ඉස්කෝල ආරම්භ කලොත් වඩා හොදයි . මේ රටේ හොද බුද්ධිමතුන් බිහිවුනේ රෑ ඉස්කෝලවලින් බැලින්නම් .

:       2       4

රාලහාමි Friday, 12 July 2024 08:08 AM

මෙන්න කයියදාස පුත්තරයාගේ සුහුරු අධ්‍යාපනයේ සිලබස් එක; හොර මුදල් මුද්‍රණය කිරීමේ ක්‍රමවේදයන්, මුද්‍රණය කිරීම සහ ඒවා කොමිස් පිට " අලෙවි කිරීම ". රට පුරා ඇති නිදන් සෙවීමේ සුහුරු ක්‍රමය, නිදන් ගොඩගැනීමේදී බිල්ලට දීමට කුඩා දරුවන් සොයාගන්නා ආකාරය. නිදන් ගොඩගැනීම ,තක්සේරු කිරීම සහ රහසිගතව අලෙවි කිරීම හෝ රටින් පිටකරන ක්‍රම. සහ තවත් මෙවැනි " අන්ඩර් වර්ඩ් " වැඩ කිඩ . දෙමව්පියනි,ඔබගේ දරුවාගේ අනාගතය මට බාරදෙන්න. මා විසින් රහසිගතව ප්‍රගුණ කරනලද සියලුම ඇට්ටර, නරුම, නස්කුනි පාතාල වැඩ කිසිම ගුරු මුෂ්ටියක් නැතිව කියාදී , ඔබේ දරුවත් කන්ජිපානි, හරක් කටා..වැනි ලෝපතල වැඩකාරයෙක් කරමි.

:       3       11

yaka Friday, 12 July 2024 09:06 AM

ෆොන්සේකා කිඋවානේ සජිත් සක්වල සුහුරු පන්ති කාමර ලබා දෙන විදිය. සජිය ජනාධිපති වුණොත් පොලිත් එක්ක ඕවාට ගෙවන්න වෙන්නේ

:       1       13

sumansiri Friday, 12 July 2024 09:56 AM

අපිට හිතා ගන්න පුළුවන් පියානෝ කරපු කෙලි වලින් පුතානොගේ තරම,රටේ කරුමෙට මෙයා ජනාධිපති වුණොත් රට පාලනය කරන්නේ එයාගේ භාර්යාවයි අම්මයි

:       1       10

ගමේ එකාලා Friday, 12 July 2024 11:23 AM

අපිත් ආසයි ජපන් භාෂාව කතා කරන්ඩ ඉගෙන ගන්ඩ.

:       1       2

සෙනෙවිරත්න Friday, 12 July 2024 12:03 PM

ලංකාපුත්‍රයො, පරන ඒව කියව කිියවකියව වැලලෙනවට වඩා නරකද වර්තමානය සමග ඉන්න එක, මේ වගේ අගකොන ඉඳල පුලුවන්ද අධ්‍යාපනය දියුණු කරන්න? මෙයාත් එක්ක ඉන්න එක උගතෙක් දූෂිත නොවු අයෙක් කියන්න. එකතු වෙන අයත් එහෙමයි.ජවිපෙ නැත්නම් මෙලහටත් නිදහස් අධ්‍යාපනය වලලලා ඉවරයි මේ කයිවාරු කාරයො? දන්නවද මහපොල අප්රේල් මස සිට ලැබිල නැහැ. දරුවන් අමාරුවෙන් ඉගෙන ගන්නෙ ඉගෙන ගත්තත් යන්න තැනක් හදන සැලසුමක් තියෙනවද ඔය බෙදන සහ හිඟන රටක් හදන සජිත්ලට. පාසල් වල දේශපාලනය කතා කරන මේ උන්නැහේ ගරන කවර කතාද?

:       1       4

අරවින්ද මොනරවිල Friday, 12 July 2024 12:23 PM

කැසිනෝ කාරයන්ගෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් සල්ලි අරගෙන පාසැල් වලට ස්මාර්ට් බෝඩ් බෙදලා හා බස් බෙදලා ලංකාවේ පාසැල් අධ්‍යාපන නගා සිටුවන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක මෙයාගේ අවබෝධයේ ප්‍රශ්නයක් විතරයි. අඩුම තරමේ ලංකාවේ පෞද්ගලික පාසල්වල දිග පළල වත් දන්නේ නැති මෙයා ඒවා හා රජයේ පාසැල් අතර වෙනස ලෙස සමහර විට හිතාගෙන ඉන්නවා ඇත්තේ රජයේ පාසැල් වල ළමයින්ගේ සුදු පාට නිළ ඇඳුමේ හා පෞද්ගලික පාසල්වල ළමුන්ගේ විවිධ වර්ණයෙන් යුත් නිළ ඇදුමේ වෙනස විය හැකිය.

:       1       3

පොඩි එකා Friday, 12 July 2024 04:16 PM

එතකොට පුලුවන් ද මාමේ අපිටත් ජපන් බාසාව ඉගෙන ගන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2536 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1688 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2431 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3337 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site