IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සජබ ‌පෙළපාලිය නිසා කොළඹ පාරවල් රැසක් වැසේ

අධික ජීවන වියදම ඇතුළු ජනතාව මුහුණ දෙන ගැටලු රැසකට විරෝධය දැක්වීම සඳහා සමගි ජනබලවේගය ‘සාපලත් ආණ්ඩුවට එරෙහිව ජනතා බලවේගය’ යන තේවා යටතේ අද (16) පස්වරුවේ පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධයට සහභාගි වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බස් රථ ඇතුළු රථ වාහනවලින් ජනතාව කොළඹට පැමිණීම නිසා කොළඹ සහ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තද බදයක් නිර්මාණ වී තිබේ.

පෑළියගොඩ, බොරැල්ල, බේස්ලයින් අවට ප්‍රදේශවල දැඩි වාහන තයබදයක් දැකිය හැකිය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)


(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (6)

සජබ ‌පෙළපාලිය නිසා කොළඹ පාරවල් රැසක් වැසේ

Ranjit Tuesday, 16 November 2021 03:39 PM

ඕනෑ කෙනෙකුට ඕනෑ ගමනක් යන්න ඉඩ දුන්නානම් මෙතරම් ප්‍රචාරයක් ලැබෙන එකක් නැහැ නේද ? මේවා කවදා තේරෙයිද දන්නේ නැහැ.

:       3       26

hesaTuesday, 16 November 2021 04:19 PM

ඒ කියන්නේ...

:       4       4

aseTuesday, 16 November 2021 04:51 PM

මර්දනයෙන් ජනතා මතයක් නැවතිය නොහැකි බවයි...

:       0       13

බද්රානි Tuesday, 16 November 2021 05:24 PM

සතුට වැඩිකමට මේ ලෙස ජනතාව රථ පෙළපාලි වලින් ගමන් කිරීම හරිම සුන්දරයි. ඇත්තෙන්ම කිසිම අඩුපාඩුවක් නැතිව අපේම දේශීය දේවල් ප්‍රයෝජනයට අරගෙන ඉතාම සතුටින් ජීවත් වෙන වකවානුවක් මේක. කාබනික පොහොර යොදා වගා කළ කෑම කාලා දැන් ලෙඩත් නැහැ. ඒ මදිවාට මිනිස්සු ලස්සනත් වෙලා. ලෝක වෙළඳපලේ පවතින තත්වය හමුවේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිලෙහි සුළු වෙනස් වීමක් ඇති වුණත් එය අපේ ආදායමට සාපේක්ෂව සාමාන්‍යයි. සෞභාගයේ දැක්මට පින්සිදු වන්නට, අපි දැන් වෙනදාට වඩා ආහාර පිළියෙළ කිරීම කරන නිසා ගෙදර ගෑස් හිඟවෙනවා. මොනවා නැතත් අපේ රටේ වියතුන් මෙන්ම බුද්ධිමත් කලාකාරයින් අත්වැල් බැඳගෙන සිදුකළ ඒ දේශපාලනික වෙනස නිසා අපි අද ඉතාමත්ම ප්‍රීතියෙන් ජීවත් වෙනවා. ඊටත් වඩා රට ගැන ඒ අයගේ දරුවන් මේ රටේ විදේශ විනිමය තරකරන්න දායක වීමට විදේශ ගත වෙනවා කියලත් ආරංචියි... දුරදිග බලලා වැඩකරන මව්පියන්ගේ දරුවනුත් ඔවුන් වගේම වෙන්න ඕනනේ ඉතින්...

:       3       9

duminda Tuesday, 16 November 2021 05:38 PM

පෙළපාලිය ගැන නම් පැහැදීමක් නෑ.

:       2       6

කේ.බි.ඇම් ගිහාන් චතුරංග Tuesday, 16 November 2021 10:46 PM

ඇත්තටම දුකයි මටනම් මගේ රටගැන. මේ තරම් මෝඩම මෝඩ මිනිස්සු ඉන්නවානේද කියලා. තෙල් නැතිනම් පොහෝර නැතිනම් ඈ පෙලපාලි ගියා කියලා ඒවිද. අපේ ගමෙත් යන්න ලෑස්ති පිට හිටියා ඔය පෙලපාලි වලට .ඒ මිනිස්සුන්ටම තේරිලා වැඩවල් වලට ගියා. කෑම දෙනවලු බොන්න දෙනවලු ඒහේම කියලා තමයි කට්ටියව ලෑස්ති කරලා තියෙන්නේත්. ඒ වුනාට අපේ ගමේ එකෙක් ගියේ නැහැ ඔය බොරු වැඩවලට .

:       5       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3743 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2742 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3535 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3247 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 719 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1407 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36119 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24134 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site