(නිමල කොඩිතුවක්කු)
බඩුමිල අඩුකර ජනතාවට සහන දීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් සමගි ජන බලවේගයේ වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පැවැත්විණි.
මෙම විරෝධතාවය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයින්, වෘත්තීය සමිති නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස පැයකට අධික කාලයක් විරෝධතාවයේ නිරත වූහ.
“ගුරු අයිතිය රැක දෙනු, ඉන්ධන මිළ පහත හෙලනු, කොතලාවල පනත හකුලාගනු, රනුක් කමිටුවේ වැටුප් වැඩිවීම වහා ලබාදියව්, තෙල් මිල අඩුත් නෑ බැසිල්ටත් බෑ, බැසිල් පෙරට රට උකසට”ආදී විරෝධතා පුවරු එහිදී ප්‍රදර්ශනය කර තිබිණ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ
මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙනුවෙන් සහ එම කාර්යාලයීය කටයුතු සඳහා ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර එම වෛද්‍ය උපකරණ සෞඛ්‍ය කාර්
අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලියා පදිංචි අංක තහඩු නොමැති සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් වෙන්නප්පුව මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවෙසක සගවා තිබියදි සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සජබ වෘත්තීය සමිති එකමුතුව බඩුමිලට එරෙහිව විරෝධතාවක
කිරිපුතා Tuesday, 27 July 2021 05:20 PM
මේ මිනිසුන් හදන්නේ තවත් කොවිඩ් පොකුරක් නිර්මාණය කරන්න. ඇත්තටම මේවා සේරම අපේ රටේ එදා ඉඳන්ම කරන දේශපාලන නාටක...
fairoos Tuesday, 27 July 2021 05:41 PM
වහල්ලු නම් කියයි විපක්ෂයක් නැහැ කියලා...
BamunuarachchiWednesday, 28 July 2021 10:17 AM
මේ ගොල්ලෝ අතේ ක්‍රෝටන් අතු නැත්තේ මොකද? ඔය ඉන්නේ විපක්ෂය. උදේ ඉඳන් කෑගහලා දවල්ට ගෙදර යාවි... නැතිනම් ගිනිතියා ගනීවි. අපිට මොකද?.
Janith Wednesday, 28 July 2021 12:20 AM
ෆයිරෝස්, විපක්ෂයක් තියෙනවා. හැබැයි ඉන්න ගාණ පින්තූරෙන් පේනවා.. අනික දෙපැත්තේම ඉන්නේ වහල්ලු... ඒ හින්දා ඔයත් එක්කෙනෙක්...