(මනෝප්‍රිය ගුණසේකර)
සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් මීගමුව පොලිසියේ කොස්තාපල්වරයා ලබන 07 වනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය වෙඩික්කරු අධිකරණය අසළට ගෙනැවිත් ඇරලවු බව කියන රියදුරා තවදුරටත රද්‍වාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අද (21) අවසර දුන්නාය.
විවෘත අධිකරණය තුළ මහෙස්ත්‍රාත්වරිය ඉදිරිපිටිදීම අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කළැයි කියන සිදධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
අධිකරණය තුළ මහෙස්ත්‍රාත්වරිය ඉදිරිපිටිදීම ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ 03 වැනි සැකකරු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ලහිරු ප්‍රසන්න ඇතුගල නමැත්තා රිමාන්ඩ් බාරයට පත් කළ අතර සිද්ධියේ සිව්වැනි සැකකරු ලෙස නම් කළ වෙඩික්කරු කොළඹ අලුත්කඩේ අධිකරණ සංකී්ර්ණයට ප්‍රවාහනය කළ දොන් උදය කුමාර නමැත්තා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මෙලෙස අවසර දුන්නේය.
කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ’’ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2024’’ සම්මාන ප්‍රදානයේදී වසරේ විශිෂ්ටතම මහා පරිමාණ කර්මාන්තය ලෙස EARTHFOAM PVT LTD ආ
ඇමෙරිකාවේ නීති විරෝධීව රැඳී සිටි ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය ඇතුළු රටවල් කීපයකට අයත් සංක්‍රමණිකයන් 299 දෙනකු පැනමාවට පිටුවහල් කිරීමට ට
කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ඊයේ (21) වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් බවට මූලික පරික්ෂණවලින් අණාවරණය වූ බව පොලිසිය කියයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු යැයි කියන අමිල චන්ද්‍රානන්ද හෙවත් නාරාහෙන්පිට අමිල නමැති සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ කොස්ත
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
සංජීවගේ ඝාතනයට අනුබල දුන් බව කියන පී.සී රිමාන්ඩ්
sugath Friday, 21 February 2025 07:40 PM
මුලදී පොලිස් සේවයට පමණක් නොව, රටේ අනිකුත් ආරක්ෂක සේවාවන්ට අපේක්ෂකයින් බඳවා ගත්තේ අධ්‍යාපන සුදුසුකම් මත පමණක් නොව, ඔවුන්ගේ පවුල් පසුබිම ගැනද සොයා බැලීමෙන් පසුවයි. දෙවනුව සඳහන් කළ කරුණට වර්තමානයේ එතරම් බරක් නොදීම නිසා අද බොහෝවිට මෙවැනි අපරාධ කල්ලි වලට සම්බන්ධ උදවිය රටේ ආරක්ෂක අංශ වලට රිංගා ඇති බවක් පෙනේ...