IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‍ සංජීව පුෂ්පකුමාරගේ 'දැවෙන විහඟුන්' බුසාන් සිනමා උලෙළට

2016-09-13-ent-08

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ "දැවෙන විහඟුන්" (Burning Birds) චිත්‍රපටය ලොව ප්‍රමුඛතම සිනමා උලෙළක් වන 21 වැනි බුසාන් අන්තර්ජාතික සිනමා උලෙළේ තරගකාරී අංශය සඳහා තේරී පත්ව තිබේ.

2016-09-13-ent-09දැවෙන විහඟුන් චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටය වන අතර, එය ශ්‍රී ලංකා, ප්‍රංශ, දෝහා කටාර් සහ නෙදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි. දැවෙන විහඟුන් තිර රචනය කාන් සිනමා උලෙළේ 2012-2013 වසරේ සිනේ ෆොන්ඩේෂන් නේවාසික අංශයට තේරුණු අතර, පසුව චිත්‍රපටයේ තිර රචනය වැඩිදුරටත් සංවර්ධනය කිරීම සඳහා 2014 දී ඊශ්‍රායලයේ, ජෙරුසලම් තිර රචනා ඇකඩමියට තෝරාගන්නා ඇත. එහිදී සංජීව විසින් ප්‍රංශ ජාතික තිර රචනා උපදේශක ජාක් අක්කොතිගේ උපදෙස් මත දැවෙන විහඟුන් තිර රචනය වැඩිදුරටත් රචනා කරන ලදී. ප්‍රංශයේ නියෝන් ප්‍රඩක්ෂන් වෙනුවෙන් අන්තොනා දෙදේ සහ ඩොමිනික් විලෙන්ස්කිත්, ශ්‍රී ලංකාවේ සපුෂ්ප එක්ස්ප්‍රෂන්ස් වෙනුවෙන් සංජීව පුෂ්පකුමාරත් දැවෙන විහඟුන් චිත්‍රපයේ නිෂ්පාදකයන් ලෙස කටයුතු කරති.

මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනවිරත්න, ලියෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක ඇතුළු පිරිස රංගනයෙන් දායක වන දැවෙන විහඟුන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්‍රියගෙනි. ඇඳුම් නිර්මාණයෙන් අජන්ත අලහකෝන්, කලා අධ්‍යක්ෂණයෙන් පියතිස්ස අකුරම්බොඩ සහ වේශ නිරූපණයෙන් ප්‍රියන්ත දිසානායක ඒ සඳහා දායක වෙති.

සංස්කරණය අජිත් රාමනායක සහ කැතරිනා වර්තේනා, වර්ණ සංයෝජනය එළි අකෝකා, ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින්ද, පළමු සහය අධ්‍යක්ෂණයෙන් අරුණ තිලකරත්න විසින්ද සිදුකර ඇති එම චිත්‍රපටයේ, දෙවැනි සහාය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්නගෙන් වන අතර, සහ නිෂ්පාදන කළමනාකරණය හැරල්ඩ් කරුණාතිලකගෙනි.

අරුණ ජයවර්ධනගේ 'නිකිණි වැස්ස' සහ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'අනන්ත රාත්‍රිය' චිත්‍රපටවලින් පසු ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් බූසාන් සිනමා උලෙළෙහි තරගකාරී අංශයට තෝරා ගැනුණු පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.

21 වැනි බුසාන් සිනමා උලෙළ දකුණු කොරියාවේ බුසාන් නගරයේදී එළඹෙන ඔක්තෝබර් 06 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

 

සමිත් බෝධිපක්ෂ

 

2016-09-13-ent-10
2016-09-13-ent-11



අදහස් (0)

‍ සංජීව පුෂ්පකුමාරගේ 'දැවෙන විහඟුන්' බුසාන් සිනමා උලෙළට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරියගේ දඬුවම සැර වැඩිවේ;සැමියා මරුට
2024 ඔක්තෝබර් මස 08 502 0

නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය


හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 611 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 632 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 586 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 367 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 172 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39446 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 351 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1164 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site