IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සුජීව සේනසිංහටත් නොතීසි?

අතුරුගිරියේ හබරකඩදී එජාප ඡන්ද රැළියකදී සැරයන්වරයෙකුගේ රාජකාරියට බාදා කරමින් ශබ්ද නගමින් බැන වැදුනු සිද්ධියක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය මහේස්ත්‍රාත්ට කරුණු වාර්ථා කිරීමට තීරණය කර ඇත.

අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස පොලීසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කිරීමට යයි.

මේ අතර පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා බස්නාහිර පළාත් බාර නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ  පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට නියෝග කර ඇත්තේ මේ පිළිබඳව පරීක්ෂණයක් පවත් වන ලෙසයි.

 



අදහස් (0)

සුජීව සේනසිංහටත් නොතීසි?

සත්‍යයා Friday, 31 July 2015 11:36 PM

අයියෝ! මොකද මේ කරගත්තේ. දින 180 ට ඔයාලා මෙහෙම චණ්ඩි වුණා නම් දින 365 කදී ඔයා මොනවා නම් නොකර ඉඳීවිද? (නි)

:       0       0

විකුම් Friday, 31 July 2015 11:41 PM

අධිකරණ නියෝජ්‍ය ඇමතිතුමා වුවද නීතියට ගරුකළ යුතුය. මෙසේ හැසිරුණා නම් ඒ ගැන ලැජ්ජයි (නි)

:       0       0

දිමුත් Saturday, 01 August 2015 10:17 AM

මෙයාලගේ අවසාන රංගනයට තව දින කීපයයි (නදී)

:       0       0

අකිල Saturday, 01 August 2015 02:14 AM

ඉස්සරනම් ඔහොම නැහැ, පොලිසියට දෙකට නැමිලා කටවහගෙන යන්න වුණා. නමුත් දැන් අධිකරණ නියෝජ්‍ය අමාත්‍යට වුණත් නඩු දානවා. ටිකක් සතුටුයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 01 August 2015 02:20 AM

මේ මෑතක සිට සුජීව මහත්තයට හරියට තරහ යනවා. දේශපාලකයෙක් හැටියට එම රෝගය එච්චර හොඳ මදි. ඉක්මනින් සුවකර නොගත්තොත් ජනතාව අවශ්‍ය ප්‍රතිකර්මය කරන්න ඉඩ තියෙනවා. (නි)

:       0       0

ටිරෝන් Saturday, 01 August 2015 02:26 AM

මෙයාටත් වෙලා තියෙන්නේ කලින් හිටපු අයගේ උණ හැදිලා වගෙයි. මමත් දැක්කා වාහන පිරිවරාගෙන පාරවල් බදු අරගෙන යනවා. ටික දවසක් යද්දී උන්හිටි තැන් අමතකවෙනවා. මිනිස්සු මොළේ කල්පනා කරලා ඡන්දය දුන්නා නම් හරි. නීතිය වැඩියෙන්ම දන්නා අය තමා වැඩියෙන්ම නීති කඩන්නේ (නි)

:       0       0

ධනුෂ්ක Saturday, 01 August 2015 12:14 PM

රටක රජ්ජුරුවෝ වුනත් පලක් නෑ විනයක් නැතිනම් හැසිරෙන්න දන්නේ නැති නම් (නදී)

:       0       0

බින්දු Saturday, 01 August 2015 03:47 AM

මර්වින් සිල්වාගේ ඊලග පරම්පරාව වගේ වේවිද ? (නදී)

:       0       0

දුමින්ද Saturday, 01 August 2015 03:59 AM

කෝප් නඩුවෙන් පසු තවත් නඩුවක් (නදී)

:       0       0

සඳුන් Saturday, 01 August 2015 04:00 AM

මට නම් මේ සිද්ධියේදී පොලිසියට මෙහෙම ක්‍රියා කරන්න කොන්දක් තිබීම ගැන ඉතා සතුටුයි. ඉස්සර කලේ නම් අධිකරණ නියෝජ්‍ය ඇමති තියා ප්‍රාදේශීය සභා කාරයෙකුටවත් මෙහෙම නඩු දාන්න පුලුවන්ද? දැන් අනාගතය තියෙන්නේ ජනතාවගේ අතේ. මෙහෙම ඉදිරියට යනවද? නැත්නම් දණ ගහපු පොලිසියක්ද ඕනා? (නදී)

:       0       0

මල්ලිකා Saturday, 01 August 2015 04:01 AM

දින 100 මෙහෙම නම් නැවත අාවොත් කොහොම ඉදීද ජනතාව කල්පනා කර ඡන්දය පාවිච්චි කරන්න (නදී)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 01 August 2015 04:29 AM

මම ඕකනේ කියන්නේ සුදු වෑන් නැතුව රට පාලනය කරන්න බැහැ කියල. නැත්තන් පොලිස් කාරයත් ඇමතිගේ කරේ.(නදී)

:       0       0

දුමින්ද Saturday, 01 August 2015 04:56 AM

නඩු, අවනඩු වලට කැමති පුතෙක් (නදී)

:       0       0

සුරනිමල Saturday, 01 August 2015 04:58 AM

තවම යහපාලනය ගැන අත් දැකීමක් නැති බවයි පෙනී යන්නේ (නදී)

:       0       0

සමීර Saturday, 01 August 2015 05:19 AM

අදිකරණ ඇමති කෙනෙක්ව පොලිසියේ කෙනෙක් උසාවි අරගෙන යන ප්‍රවෘත්ති අපි ඉස්සර නම් ඇහුවේ පිටරටින්. ගොඩාක් සතුටුයි. (නදී)

:       0       0

සමන් වසන්ත Friday, 31 July 2015 03:52 PM

යහපාලන ඇමතිතුමාගේ ක්‍රියා කලාපය වැරදි උනත් යහපාලනය මැනවින් ක්‍රියාත්මක වන බවට හොඳ උදාහරණයක් මේක. කලින් ආණ්ඩුවේ අැමති කෙනෙකුට එහෙම මෙහෙම උනානම් පැමිණිලි කරපු පොලිස් නිලධාරියට වෙනදේ හිතාගන්නත් අමාරුයි. දැක්කනේ ඒ කාලේ එක නිලධාරියෙක් දඩ කොලයක් දීල වෙච්ච දේ.(නදී)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Friday, 31 July 2015 04:08 PM

සමහරු සිතා සිටින්නේ තමන් නීති වේදියෙක් නිසාත්, ඉංග්‍රීසි බස හැසිරිමට ඇති හැකියාවත් නිසා ඔහුට වැඩිය ලොකු කෙරුමෙක් තවත් නැහැ කියා.(නදී)

:       0       0

දහම් Friday, 31 July 2015 04:52 PM

කෙහෙල් ගහට කෙටුව වගේ.(නදී)

:       0       0

රමේෂ් Friday, 31 July 2015 05:47 PM

මනාප පොරයට මොන සිංහයාත් එකයි (නි)

:       0       0

සමන්ත සුගතවංස Saturday, 01 August 2015 06:40 AM

ලංකාවේ නිහතමානිම ඇමතිවරයෙක් වන විජේදාස රාජපක්ෂ මැතිතුමනි ඔබගේ ගෝලයා පොඩ්ඩක් බලලා හදාගත්තොත් කාට කාටත් හොදයි. (නදී)

:       0       0

පිටිගල Friday, 31 July 2015 06:09 PM

ඒක හොඳයි. ඉස්සර පොලිසිය ඇමතිවරු ළඟ දණගැහුවා. දැන් ඒ තත්වය නැතිවෙලා. (නි)

:       0       0

නන්දගුප්ත Friday, 31 July 2015 06:18 PM

සමහර දේශපාලකයෝ හිතාගෙන ඉන්නේ පොලිස් රාළහාමිලා ගෙදර වැඩකාරයෝ කියලා. පොලිස් නිළධාරින්ට සළකන්නේ පහත් විදිහට. පොලිසිය අපිට ආරක්ෂාව සපයන, නීතිය ආරක්ෂා කරන මහජනයාගේ යහපතට තිබෙන ආයතනයක්. (නි)

:       0       0

මාපනාවතුර -මහනුවර Saturday, 01 August 2015 06:39 PM

මෙතුමා තාම දේශපාලනයට මෝරලා මදි වගෙයි. මොකද ළඟදීත් ඔහොම දෙයක් කළ බව මතකයි. රනිල් මහතා වගේ ඉවසා දරාගන්න පුළුවන් වෙන්නත් ,පාඩමක් ඉගෙනගන්නත් එක්ක පරදවලා දාමුද මහත්වරුනි (නි)

:       0       0

සුරනි Friday, 31 July 2015 06:47 PM

දේශපාලකයන්ට පළමුව විනය කියලා දෙන්න වෙනවා (නි)

:       0       0

සිරි Friday, 31 July 2015 07:26 PM

ඔබ හොඳ උගත් නීතිවේදියෙක් තමයි. ඒ වුණාට කතාව ගැන නම් අපි සතුටු නැහැ. (නි)

:       0       0

රුවන් Friday, 31 July 2015 08:20 PM

නීතිය කාටත් පොදුවිය යුතුයි (නි)

:       0       0

මාලිික Friday, 31 July 2015 09:11 PM

සමහරු හිතාගෙන ඉන්නේ එයාලා තමයි පණ්ඩිතයෝ කියලා. දැන් හරි චණ්ඩියෙක් වෙලානේ! (නි)

:       0       0

පද්මිණී Saturday, 01 August 2015 07:42 AM

දැන් ටිකක් ආතතිය වගේ පෙනෙනවා. ටිකක් විවේක ගන්න. (නදී)

:       0       0

ගාමිණී කඩුවෙල Saturday, 01 August 2015 09:04 AM

මෙතුමා හොඳ දක්ෂ වැදගත් මහත්මයෙක්, එහෙත් ආතතිය හදා ගත යුතු නෑ. ඔබ තුමා ගෙන් ගෙට ගොස් කුඩා රැස්වීම් මගින් ජනතාව ඇමතුවා හොත් විසාල ජයක් කඩුවෙලින් ලබා ගත හැකයි. වීනිතව ඉවසීමෙන් කටුතු කලොත් කොළොඹ නොම්මර එක. (නදී)

:       0       0

යසිරු Friday, 31 July 2015 10:06 PM

මොකක්ද මේ අයට මේ වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 12 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 12 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3312 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2468 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3064 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5889 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18714 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site