ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ තනතුරු කිහිපයක් වෙනස් කරමින් ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දෙන ලද නියෝග හා ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (20) අතුරු නියෝගයක් නිකුත් කළේය.
ලබන අගෝස්තු 03 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අභියාචනාධිකරණය මෙම නියෝගය පැනැවීය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් ගේ ක්‍රියාකලාපය අභියෝගයකට ලක්කරමින් ආයෝජන මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සභාපති එච් එල් පියතිස්ස මහතා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
එසේම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අගෝස්තු මස 03 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටි ලෙසට › ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට, ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට, ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ඇතුළු වගඋත්තරකරුවන් නව දෙනෙකුට නියෝග කරමින් නොතීසි නිකුත් කිරීමටද අභියාචනාධිකරණය තීන්දු කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඒ එච් එම් ඩී නවාස් මහතා හමුවේ කැඳවණු ලැබීය.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සූජීව සේනසිංහටත් නොතීසි
ටෝනි Wednesday, 20 July 2016 01:05 PM
මේ හාදයා නම් පිළිවෙලකට ඉල්ලගෙන කනවා කෙඳිරිගගා හිටපු විදිහට හිටියා නම් තවමත් ගරු නම්ම්බු ඇතිව ඉන්නවා (අ)
දුෂාරා Wednesday, 20 July 2016 02:05 PM
බලය නැති කොට හිටියා වගේ. දැන් ඉල්ලන් කනවා. පැවැත්මක් නෑ (බ)
නිම්මි Wednesday, 20 July 2016 02:26 PM
මෙයා විපක්ෂයේ ඉන්නකොටත් ගමට වැඩ කළා. මම නම් එ්ක අගය කරනවා. නමුත් මිනිසුන් ඉදිරියේ හැසිරෙන විදිහ අප්‍රසන්නයි. රස්තියාදු භාෂාවෙන් අනිත් මිනිසුන්ට ගරහනවා. එ්ක හදා ගන්නවානම් හොද මිනිහෙක්. (බ)
චමින්ද Wednesday, 20 July 2016 04:11 PM
ඔයා හරි නිම්මි. කොච්චර ලොකු තැනකට ගියත් වැඩක් නැහැ කතාකරගන්න දන්නෙ නැත්නම් (නි)
ප්‍රියන්ත Wednesday, 20 July 2016 05:53 PM
වැරදි විවේචනය කරනකොට සමහරුන්ට හරි වේදනයි. කෙළින් වැරදි නොකියා පොඩ්ඩක් වටෙන් යනවා. (නි)
ජිම් කුරු Thursday, 21 July 2016 12:00 AM
මෙයාලා කරන කියන වැඩ මම නම් අනුමත කරන්නේ නැහැ (නි)
පීරිස් Thursday, 21 July 2016 02:45 AM
ඒ කාලේ වගේ නෙමෙයි, දැන් ගොඩක් දෙනා වැඩකරන්නේ බලයෙන් ඉදිමිලා (නි)
පිටිගල Thursday, 21 July 2016 05:03 AM
දෙගොල්ලම එකයි! (හේ)