IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘සුජීව හත් පොළේ ගා ගනී‘

භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය ගැන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාව (කෝප්) ප්‍රසිද්ධ කිරීම වළක්වන ලෙස අධිකරණයට පෙත්සමක් ගොනු කළ අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා නැවත ඉල්ලා අස්කරගැනීමෙන් මනාප ක්‍රමයෙන් වාසි ගැනීමට ගිය ඔහු අදාළ සිද්ධිය හත්පොළේ ගාගෙන ඇති බව පැහැදිලි වන බව කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා කොළඹදී අද (23) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද තීරණය කළ හැකිවන්නේ මහාධිකරණයට නොව ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවත් ඔහු පැවසීය.

භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය පිළිබඳ කෝප් වාර්තාව පසුගියදා එළිදැක්වූවා නම් එය දැනට මහජනතාව අතට පත්වී තිබෙන බවත් එජාප ප්‍රාඥයා වන අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කටයුතු කරන්නට ගිය සුජීව සේනසිංහ මහතා පඹගාලක පැටලී ඇතැයිද කීවේය.

web



අදහස් (0)

‘සුජීව හත් පොළේ ගා ගනී‘

ජයන්ත Thursday, 23 July 2015 02:11 PM

අනේ සුජීව මහත්තයට බනින්න එපා. ඔහු හරිම උගත්. ඕගොල්ල දන්නේ නැද්ද? මෙයා තමයි රටේ ඉන්න පුදුම විදියට ඇන ගත්ත බුද්දිමතා. (අ)

:       0       0

එස්.එල් Thursday, 23 July 2015 02:13 PM

මේ අපේ නියෝජ්‍ය අධිකරණ අමතිතුමනේද? බොරු නඩු දාල බොරු ප්‍රකාශ කරලා යසයි යහපාලනයේ රඟ! (අ)

:       0       0

සරත් Thursday, 23 July 2015 10:08 AM

ඔතනින් තුන්දෙනෙක් 17 න් පස්සේ අනිවාර්යයෙන් ගෙදර. (ර)

:       0       0

දීපාල් Thursday, 23 July 2015 10:08 AM

ඉන්දු, රසික, ඔයගොල්ලෝ ලංකාවේ හිටපු අය නෙමෙයිද අර බෝම්බ පුපුරන කොට. (ර)

:       0       0

සත්‍යයා Friday, 24 July 2015 12:24 AM

කම්බ හොරු අලුත් තරුණ පරපුරේ හොරුත් එක්ක තරහයි. නැඟී එයි කියල බයයි. හැබැයි ජනතාවට මේ කොයි හොරාත් එකයි. (නි)

:       0       0

නුව්න් Thursday, 23 July 2015 10:14 AM

ඔය මහත්වරුන්ගේ පැටිකිරිය ජනතාව දන්නවා, (ම)

:       0       0

කැලුම් Thursday, 23 July 2015 10:28 AM

දේශපාලනිකයින් නොවන ආර්ථික විශේෂඥයින් ගෙන්වා ප්‍රසිද්ධ මාධ්‍යය සංවාදයක් හරහා ඉක්මනින් ම ජනතාවට සත්‍ය පහදා දෙන්න. (ර)

:       0       1

විජයබාහු Thursday, 23 July 2015 10:35 AM

සරත් හරි අසාවෙන් වගේ ඉන්නේ. (ර)

:       0       0

නිමාෂා Friday, 24 July 2015 01:11 AM

කැලුම්ගේ අදහසට මමත් එකඟයි. (නි)

:       0       0

ගයාන් Thursday, 23 July 2015 10:36 AM

හරිම විද්වතෙක් තමයි මේ වැදගත් වාර්තාවක් ගැන කතා කරන්න වම පැත්තේ වාඩි වෙලා ඉන්නේ . (ර)

:       0       0

ජනක Thursday, 23 July 2015 10:41 AM

රටට ආදරේ මිනිස්සු ජය වේවා.! (ර)

:       0       0

මහේන්ද්‍ර Thursday, 23 July 2015 10:53 AM

දේශපාලන මහා වීරයෝ, සැබෑ ලෝකෙ පල් හොරු. රටේ අවාසනාවට පහලවූ අය. (ස)

:       0       0

සුරන් Thursday, 23 July 2015 10:59 AM

මොනවා නමුත් ඔය හත් පොළේ ගා ගත්ත පුද්ගලයා හිතන් ඉන්නේ එයා ප්‍රාඥයා අන් අය මෝඩයන් ලෙස . දකින්න අකමැති චරිතයක් , එකටත් එක්ක රුවන් විජේවර්දන වගේ නිහතමානි උගත් පුද්ගලයෝ කතා කරනවා අහන්නත් ප්‍රියයි. (ස)

:       0       0

කුමාර Thursday, 23 July 2015 11:08 AM

පවතින දේශපාලන පද්ධතිය තුළ බිහි වුනු විකෘති දේශපාලන වෘත්තාන්ත... සියලු පද්ධති සර්ව සම්පූර්ණ නොවන්නාක් සේම, මෙවැනි විකෘතිතා ද සැමදා පවතී. විකෘතිතා අඩු පරමාදර්ශී යයි කිවිය හැකි උත්කෘෂ්ට නායකත්වයක් මෙවර තෝරා පත් කර ගැනීමට, බහුතර නොවූ, සුලුතර වූ, විචාර බුද්ධියෙන් යුතු ලක් පැටවුන් ට පුලුවන් වේවි ද? උපේක්ෂා සිතින් බලා සිටිමි. (ර)

:       0       0

නිහාල් Thursday, 23 July 2015 11:13 AM

මෙතන ඉන්න මහත්වරුන්ගෙන් කවුද දවසකට හරි හොරකම් කිරීමේ චෝදනාවට වරදිකාරයවී සිරගත උනේ කියල කියන්න පුලුවන්ද. (බ)

:       0       0

චින්තක Thursday, 23 July 2015 11:13 AM

සුජීවටත් දේශපාලන රස දැනෙන්න පටන් අරන් වාගේ බලමු 17 පසුව (බ)

:       0       0

හරේන් Thursday, 23 July 2015 11:14 AM

මේ මිනිස්සුන්ගේ දේශපාලනේ තියෙන්නේ මඩ විතරයි. සුජීව සේනසිංහ කියන්නේ මේ රටේ තරුණ දේශපාලකයන්ගෙන් උගත් ම චරිතයක්. ඒ මනුස්සයඑක්ක විවාදෙකදී හැරෙන්න වත් ඔතන ඉන්න කට්ටියට බෑ. එ්ක නිසා පාලු ගෙයි වලං බිඳිනවා. (බ)

:       0       0

කනිශ්ක Thursday, 23 July 2015 11:40 AM

උගත් කම තිබුණාට එක පාවිච්චි කරන්නේ නැත්නම් එකත් වැඩක් නෑ...(ම)

:       0       0

අරුණ ශාන්ත Thursday, 23 July 2015 11:46 AM

ආ මේ විමලුත් ඉන්නේ. මේ වගේ මිනිස්සු ඉන්න දේශපාලන ප්‍රවෘත්ති සාකච්චාවකින් මේ විදිහේ මඩ ප්‍රචාරයක් අරුණු කොට, වැදගත් දෙයක් කියයි කියල බලාපොරොත්තු වෙන්න අමාරුයි... (ස)

:       0       0

කරු Thursday, 23 July 2015 11:46 AM

මෙයා කතාකරන්නෙ හැම දේම දන්න විදියට. කතා කරනව අහන්න අප්‍රියයි. (ස)

:       0       0

ඉස්මිල් හුසෙන් Thursday, 23 July 2015 11:54 AM

රනිල් මහත්තයට කඩේ යන්න ගිහින් ගොඩක් කට්ටිය අනාගෙන වගේ...(බ)

:       0       0

ඉන්දු Thursday, 23 July 2015 12:00 PM

දීපාල්, බෝම්බ පුපුරන්න කලිනුත්, පුපුරනවිටත් හා ඉන් පසුවත් මම ලංකාවෙ තමයි. කරපු හොඳ වැඩත්, කප්පරක් වූ හොරකම් ගැනත් මායිම් ගමක උපන් කෙනෙක් විදිහට හොඳ අවබෝධයක් තියනව​. මේ ෆොටෝ එකේ ඉන්න හතරදෙනාගෙන්, තිදෙනෙක් ගැන කිසිම පැහැදීමක් නෑ. (බ)

:       0       0

ගුණසේකර Thursday, 23 July 2015 12:09 PM

කව්රුත් එකයි. (ර)

:       0       0

ප්‍රියන්ත Thursday, 23 July 2015 12:50 PM

සුජීව් ස්මාර්ට්,කඩුවෙල ගල් කරයෝන්ගෙන් සල්ලි ගන්න එකෙක්. (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්.. Thursday, 23 July 2015 01:05 PM

හුගක් නළු බට්ටෝ. හත් පොළේමම නෙවි දාහතර පලක විතර ගාගන්නවා.(අ)

:       0       0

එඩ්වඩ් වීරසිංහ Thursday, 23 July 2015 01:19 PM

අනෙ මන්දා වගකිම භාරගන්න කිසිවෙකු නැද්ද හැමදේම ඔහොම තමා.නමුත් මෙි අය තමා රට පාලනය කරන්නේ.මොනවා හරි දෙයක් වුණාම ඊට වගකිව යුත්තෙක් ඉන්න ඔන.මාධ්‍යට අැවිල්ලා මොනවාහරි පටලල කියනවා.මෙ අය හිතන්නේ රටවැසියො මොඩයො කියල.අාණ්ඩුවෙ වෙනසක් වුණ නිසා මෙවා අපි දන්නේ.(අ)

:       0       0

සුනිල් මාපලගම Thursday, 23 July 2015 01:26 PM

මෙම අයට වඩා සුජීව බුද්ධිමත් මහත්මයෙක් (අ)

:       0       0

විජිත Thursday, 23 July 2015 01:42 PM

රසික ඔයාගේ රනිල් බාප්පා ගිය ආණ්ඩුවේ වංචා තාම ඇල්ලුවේ නැනේ එයාගේ කොමිසම මුකුත් ඇල්ලුවේ නැහැනේ (බ)

:       0       0

දුමින්ද Thursday, 23 July 2015 09:31 AM

ගුරාගේ ලනුවක් ගිලලා (ම)

:       0       0

අජිත් Thursday, 23 July 2015 09:32 AM

මේගොල්ලෝ කතාකරන්නේ තොරතුරු දැනගැනීමේ පනත ගැන. කරන්නේ වෙන දේවල්.(ම)

:       0       0

ඉන්දු Thursday, 23 July 2015 09:39 AM

සුජීව නම් ගාගෙන තියෙන්නෙ හත්පොලේ විතරයි. මේ ෆොටෝඑකේ ඉන්න මහත්තරු, ඇඟපුරාම ගාගෙන ඉවරයි. 17 න් පස්සෙ මෙයාලට ගෙදර යන්න වෙනවා නියතයි. (ර)

:       0       0

රසික Thursday, 23 July 2015 09:46 AM

මෙයාලා මේ අද ඊයේ ඉපදුන අය වගේ කථාව. කලින් ආණ්ඩු කාලේ වුණ වංචා ගැනත් ඔහොමම කථා කරන්නකෝ මහත්තයෝ. (ම)

:       0       0

කුමාර Thursday, 23 July 2015 09:51 AM

17 න් පස්සේ යථාර්තය පෙනේවි. කොළ කන්නාඩියෙන් බැලුවම ඔහොම තමයි. (ස)

:       0       0

යෝනක Thursday, 23 July 2015 11:21 PM

සමහර අදහස් දැක්කහම මට නම් හිනාත් ගියා (නි)

:       0       0

මහේෂ් Thursday, 23 July 2015 09:53 AM

අනේ ඉන්දු, අනේ රසික, ඔන්න ඔහොම කතාකරන්න. (ස)

:       0       0

ධනුෂ්ක Thursday, 23 July 2015 09:55 AM

ඔය පුද්ගලයා හත් පොලේ නෙවෙයි මුළු සර්වාංගය පුරාම ගාගෙන ඉන්නේ (ම)

:       0       0

ලක්මාල් මඩුගල්ලේ Thursday, 23 July 2015 09:55 AM

ජනප්‍රිය වෙන්න මෝඩ වැඩ කරන්න එපා එජාපයට හොඳ නැහැ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 39 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 416 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 425 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3062 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 144 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 756 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22023 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21834 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site