IMG-LOGO

2024 දෙසැම්බර් මස 18 වන බදාදා


සජිත් උපාධි සහතිකය පෙන්වයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවට තම අධ්‍යාපන සහතික සියල්ල රැගෙන ඇවිත් ඒවා ඉදිරිපත් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:-

සෙන්රිජෙට් කොන්වන්ට් එකේ මම පෙර පාසල් ගියා.ඉන් පසුව ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයට ගියා.පසුව රාජකීය විද්‍යාලයට ගියා.මේ රටේ ඕලෙවල් විභාගයට මුහුණ දුන්නේ නැහැ.මා කාලයක් කනිටු ශිෂ්‍ය නායකයෙක් විදියටත් හිටියා.

ඉන් පසුව එංගලන්තයේ මිල් හිල් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා.එහිදී ඕලෙවල් විභාගයට පෙනී සිට එය සමත් වුණා.ඒ කියන්නේ මා පෙනී සිටියේ ලන්ඩන් ඕලෙවල් විභාගයට.

මිල් හිල් විද්‍යාලයේ උසස් පෙළ විෂයට මා ත්‍යාග ලබා තිබෙනවා.බී දෙකක් සහ සී දෙකක් මට උසස් පෙළ ප්‍රතිඵල තිබෙනවා. ඒ ප්‍රතිඵල මුල් කරගෙන එංගලන්තයේදී උපාධිය හදෑරුවා.( විපක්ෂ නායකවරයා උපාධි සහතිකය සභාවට පෙන්වයි).ඉන් පසුව ඇමරිකාවේදී මාස්ටර් උපාධිය සඳහා තෝරා ගැනෙනවා.නමුත් මගේ පියාගේ අභාවයෙන් පසුව මේ රටට එන්න තීරණය කළා.ඒ නිසා එය සම්පූර්ණ කරගන්නට බැරි වුණා.ඇමරිකාවේ මාස්ටර් උපාධිය හදාරනරන සමයේ එහි සෙනෙට් සභිකයෙක් ළඟ ස්වේච්ඡාවෙන්  වැඩ කළා.

නැවත ලංකාවට පැමිණ දේශපාලන කටයුතු කරන අතරතුර 2021 2022 වසර වල මා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා.ඒ මාස්ටර් උපාධියක් සඳහා.එහිදී දැන් අගමැතිවරිය වන හරිනි අමරසූරිය පැවැත්වූ වැඩසටහන් කීපයකටත් සහභාගී වුණා. එතුමිය හොඳ ගුරුවරියක්.හැබැයි මේ දේශපාලන කටයුතු නිසා ඉගෙනීමේ කටයුතු එක දිගට ක්‍රියාත්මක කිරීම අසීරු කාර්යයක් වුණා.කරුණු බොරු නම් මන්ත්‍රීකමෙන් මෙන්ම විපක්ෂ නායකකමින් ඉවත් වන්න මා සූදානම්.

මම නිකමට උප්පැන්න සහතිකයත් අරගෙන ආවා.කවුරු හරි ප්‍රශ්න කලොත් පෙන්වන්න.



අදහස් (15)

සජිත් උපාධි සහතිකය පෙන්වයි

Ranwala Mudiyanse Wednesday, 18 December 2024 12:06 PM

අන්න මිනිස්සු...

:       4       18

Mohamed Wednesday, 18 December 2024 12:15 PM

මනුස්සයෙක්ද නැත්නම් බූතයෙක්ද කියලා බලන්න වෙන්න ඇති උප්පැන්න සහතිකය ගෙනාවේ

:       8       18

Ashan Wednesday, 18 December 2024 12:26 PM

ගරු අනාගත නායකතුමනි, අපට ඔබතුමා විශ්වාසයි.

:       35       15

යෝගා Wednesday, 18 December 2024 12:27 PM

විපක්ෂ නායක මාලිමාවේ තවත් මඩ සටන්පාඨයක් කුජීත කරලා දැම්මා. මාලිමා නඩේ හොර උපාධිකාරයෝ 29 දෙනාටත් මේ විදියටම පෙන්නන්න පුළුවන්ද?

:       30       19

nanda Wednesday, 18 December 2024 12:28 PM

දැන් බලාගත්තානේ... ගොඩක් අයට තිබුණු ප්‍රශ්නයක්නේ... ඔය විදිහට ඔක්කොම පෙන්නුවා නම් හරි...

:       18       17

පාඨකයෙක් Wednesday, 18 December 2024 12:36 PM

'සෙන්රිජෙට් කොන්වන්ට්" නොව 'සේන්ට් බ්‍රිජට්ස් කොන්වන්ට්" (ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය) ලෙස නිවැරදි කරනු මැනවි. එමෙන්ම විපක්ෂ නායකයා ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලය ලෙස අදහස් කර ඇත්තේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ප්‍රාථමික අංශය නොව, කොල්ලුපිටියේ පිහිටි 'සේන්ට් ටොමසස් ප්‍රෙපරටරි ස්කූල්" පාසලයි. එය කනිෂ්ඨ පාසලක් වන අතර, ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයේ සහෝදර පාසලකි...

:       2       22

සනත් Wednesday, 18 December 2024 12:54 PM

පාර්ලිමේන්තුවට යන්න අධ්‍යාපන සුදුසුකම් කොහේවත් ඉල්ලලා නැහැ. මේ ප්‍රශ්නය ඉල්ලල‍ා දාගත්තු එකක් බවයි හැඟීම.. අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වන්නේ වෘත්තියක් කරන්න යන අයටයි. වෛද්‍යවරු සිටිය යුත්තේ රෝහල්වලයි, මහාචාර්ය ආචාර්යවරු සිටි යුත්තේ විශ්ව විද්යාල හෝ උසස් අධ්‍යාපන ආයතනවලයි. නීතිඥයින් සිටිය යුත්තේ උසාවිය තුළයි. ඉංජිනේරුවරු සිටිය යුත්තේ වැඩ බිම් හෝ කර්මාන්ත ශාලා තුළයි. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් මේ උගතුන්ගෙන් රටට ඇත්තටම වැඩක් වෙන්නේ නැත.

:       14       33

NishanthiWednesday, 18 December 2024 02:07 PM

සනත් ඔබ හරියටම හරි... ඇත්තෙන්ම පළමු වසරේ සිට විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ලබා එයින් පිටවෙනකොට එක් අයෙකුට රටේ ජනතාවගේ බදු මුදල් කොපමණ වැයවෙනවාද? එහෙම උපාධිය අරගෙන උගත්කම ලැබූ අංශයෙන් රටට සේවයක් වෙන්නේ නැත්නම් ඒ මුදල් නාස්ති වෙනවා නේද? ඉතින් බල්ලා පිදුරු කන්නෙත් නැහැ... කන ගොනාට දෙන්නෙත් නැහැ වගේ ජනතා මුදල් නාස්තිය කලේ කවුද? පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍යවරයෙකු වෙලා දේශපාලනය කිරීම වැරැදි නොවුණත් රටේ සම්පත් උපයෝගිකර අධ්‍යාපනය ලබා එයින් කරන්න පුළුවන් සේවය නොකර විදේශයන්හි පදිංචියට යාමත් ලැබූ අධ්‍යාපනය වෙනුවෙන් සේවයක් නොකර ජනතාවගේ නාස්ති කිරීම නම් ආනන්තරිය පාපයකට දෙවැනි වෙන්නේ නැහැ..

:       3       7

ජිල්බු Wednesday, 18 December 2024 04:22 PM

සනත්ගෙ සිතුවිලි හරි සරලයි නේද? එතකොට දොස්තර කෙනෙක් වැරැද්දක් කරලා උසාවියෙන් ඔප්පු උනොත් හිරේ යවනවද, ඉස්පිරිතාලෙට යවනවද?

:       0       0

Duplicate Ralahami Wednesday, 18 December 2024 01:01 PM

මඩගහලා එතුමගෙ චරිත ඝාතන අරම්භ කරේ යු න් පී අය අද ජෙප්පෝ ලස්සනට අහගත්තා... ස්තුතියි සජිත් මැතිතුමනි

:       23       11

සිල්වා Wednesday, 18 December 2024 01:16 PM

ඔබතුමාට බොහෝම ස්තූතියි. ඔබතුමාගේ පියා වරක් විවේචනය කරන ප්‍රතිපාක්ෂිකයින්ට මෙන්න මෙහෙම කීවා මතකයි." කෙනෙක් යමෙකුට එක් ඇඟිල්ලක් දික්කරන විට තමන් වෙත ඇඟිලි හතරක්ම දික්වන" බව.

:       11       10

රට වැසියා Wednesday, 18 December 2024 01:53 PM

ඒක නේන්නං, දැන් බලපුවාම පාර්ලිමේන්තුවේ වැඩිම සුදුසුකම් තියෙන්නේ විපක්ෂ නායකතුමාට, කොහොම වුනත් දේශපාලකයෙකුගේ පරිනත බව එක එක තාන්නාන්තර පට්ටං වලින් මනින්න බැ! ලෝකයේ බිහි වු බොහෝ ශ්‍රෙෂ්ඨ නායකයින්ට මුලික අධ්‍යාපන සුදුසුකම් වත් තිබිලා නැ!

:       3       13

බකල ජයා Wednesday, 18 December 2024 02:04 PM

උප්පැන්න සහතිකෙත් ගෙනාවලු. ඉපදිලා කිව්වාට මට නම් විශ්වාස...

:       4       11

Athula Wednesday, 18 December 2024 02:48 PM

ලංකාවේ සාමාන්‍ය පෙළ සහතිකය පෙන්වන්නකෝ ඒ ඇති..

:       16       5

කෝරළගේ Wednesday, 18 December 2024 03:33 PM

ඇත්ත තමයි. ලංකාවේ සාමාන්‍ය පෙළ සහතිකය පෙන්නුවේ නැහැනේ. ඒක නම් ලොකු අඩුවක්.

:       3       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණය පිටවූ පහේ පේපරේ ගැන වාර්තාවක් ඉල්ලයි
2024 දෙසැම්බර් මස 18 62 0

නොබෝදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පිටවීමේ සිද්ධිය පිළිබඳව සිදු කළ විමර්ශනවල සවිස්තර වාර්තාවක් හෙට (19) පෙරවර


චීනයෙන් තඹුත්තේගම ගොවීන්ට තෑග්ගක්
2024 දෙසැම්බර් මස 18 551 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජතයන් 10 දෙනකුගේ සහභාගීත්වයෙන් මහවැලි ගොවීන්ට රසායන ද්‍රව්‍ය ඉසින යන්ත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් වෙළෙඳ වාණිජ, ආහාර, ස


ලාල්කාන්ත - ජුලී එක්ක ’’රිලව්’’ගැන කතා කරයි
2024 දෙසැම්බර් මස 18 1266 2

කෘෂිකාර්මික කටයුතු වලදී වගාවට වන සතුන්ගෙන් සිදුවන හානිය සහ එම හානිය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගත හැකි ආකාරය පිළිබඳව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම


නීති විභාගය ගැන නාමල්ගෙන් අභියෝගයක්
2024 දෙසැම්බර් මස 18 1682 5

තමා නීති විභාගය වායු සමීකරණය කළ කාමරයක තනිවම ලිව්වේ යැයි නගන චෝදනාව ඔප්පු කළහොත් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී


මරදගහමුල හාල්පොල පාළුවට
2024 දෙසැම්බර් මස 18 553 0

සහල් තොග නොලැබීම හේතුවෙන් මරදගහමුල සහල් තොග වෙළඳ මධ්‍යස්ථාන භූමිය පාළු ස්වභාවයක් අද(18 ) දැකගත හැකිවිය.


උපයන විට බදු සීමාව ඉහලට
2024 දෙසැම්බර් මස 18 2794 7

උපයන විට ගෙවන බද්දේ සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසා


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21351 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13839 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 7 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 282 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 274 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

Our Group Site