IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


සටනේ අවසානය ගම්මන්පිල කියයි

(ඩයනා උදයංගනී)

වර්තමානයේදී ජනතාව පෝලිම් වල දුක් විඳින්නේ හිතාමතා ආර්ථිකය කඩා වැට්ටවීමේ උපායන් නිසා බවත්, එය ඇතිවුණු තත්වයක් නොව ඇති කළ තත්වයක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙම තත්වය ඇතිවීමට හේතු වූ බැසිල් රාජපක්ෂ නම් අවලස්සන ඇමරිකානුවා යළි ඇමරිකාවට යන තුරුම සටන නවත්වන්නේ නැති බවත්, ඔහු යන්නේ නැතිනම් එලවන්නට කටයුතු කරන බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙයට එරෙහිව කළ අභ්‍යන්තර සටන සාර්ථක නොවුණත්, ඉදිරියේදී ඒ වෙනුවෙන් ජනතාව පෙළගස්වන බව ගම්මන්පිල මහතා කීවේය.

මෙය ආරම්භය පමණක් බවත්, මේ හේතුවෙන් තමන් ඇතුළු පිරිසට නඩු දමා, හිරේ දමා, සමහර විට මරා දැමීම වුවත් කළ හැකි බවත් කී මන්ත්‍රීවරයා ‘අපව මරා දැමුවත් අපේ සටන මරා දමන්න ඉඩ තබන්නේ නැතැයි ද පැවසීය.

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ දී අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ඩීසල් හිඟයක් ඇති වුණේ හිඟයක් ඇති වන බවට විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් කලින් කී නිසා බවට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු චෝදනා කරන බවත්, ඩීසල් හිඟයක් ඇති වුණේ තමන්ගේ ප්‍රකාශ නිසා නම් බෙහෙත්, සිමෙන්ති, යකඩ, ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි ආදියේ හිඟයක්  ඇතිවුණේ කෙසේදැයි තමන් එම ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කරන බව ද ගම්මන්පිල මහතා කීවේය.

ඉන්ධන හා අනෙකුත් භාණ්ඩ හිඟවීමට එකම හේතුව ඩොලර් හිඟය බව කී මන්ත්‍රීවරයා ඩොලර් හිඟයට හේතුව සීමිත විදේශ විනිමය ප්‍රමාණයක් නිසි ලෙස කළමනාකරණය කිරීමට මුදල් ඇමතිවරයා අසමත්වීම බව ද පැවසීය.

‘වැඩ බැරි බැසිල්ගේ බැරිකම සඟවා ගන්න අපට චෝදනා කරන්න එපා යැයි අපි ආණ්ඩුවට කියනවා’ යැයි ද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.



අදහස් (11)

සටනේ අවසානය ගම්මන්පිල කියයි

Prabha Monday, 14 March 2022 04:11 PM

හොර ඇටෝනි, හොර පාස්පෝට් වලට හිරේ ගියත් දැන් කියයි දේශපාලන පළිගැනීම් කියලා.

:       11       26

jayath Monday, 14 March 2022 04:22 PM

අනේ දේශපාලන ගෙම්මන්පිලයෝ, ගැරඬි මරණ සිරිතක් අපේ රටේ නැහැ නොව.. ඔය තකතීරු දේශපාලන රංගනවලට මිනිස්සු අහුවෙන්නේ නැහැ..

:       6       21

pradeep Monday, 14 March 2022 04:33 PM

ඇමැතිකමෙන් අස්කෙරුවේ නැතිනම් අදත් සියලු සැප සම්පත් විඳමින් ඉන්නවා නේද?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 14 March 2022 04:53 PM

මෙතුමා ඇතුළු සෙට් එකතරම් කට්ට කෛරාටික මිනිසුන් ලොව තවත් නැතුව ඇති. කණ්ඩායම පිටින්ම එකට කටයුතු කරලා සුදුසු වේලාව බලා තම පැවැත්ම සඳහා ගැහුවා එළියට කරණමක්... ජනතාව දැන් ඔබලාගේ ඉච්ඡා බස්වලට තවත් රැවටෙන්නේ නැහැ. රටට මේ සිදුවී ඇති සියලු දේට ඔබලාගේ සෙට් එකත් වගකිව යුතුමයි. රජයට හා බැසිල්ට පමණක් දොස් තබා වගකීමෙන් ගැළවෙන්නට ඔබලාට කිසිසේත්ම බැහැ. මෙදාපාර ජනතාව ඔබලාවත් අනිවාර්යයෙන්ම පන්නනවා පන්නනවාමයි. ඒකේ සැකයක් නැහැ. රට රවටන්න කෑකෝ ගැසුවාට වැඩක් නැහැ.

:       6       24

මාවිල්මඩ වජිර හිමිMonday, 14 March 2022 05:42 PM

කොට්ට පැදුරු ලෑස්ති කරගෙන ඉන්න. මේ විනාශයට වගකිව යුතු විමල්, ගම්මන්පිල ඇතුළු සියල්ලන් දේශපාලනයෙන් අතුගා දමන්නට මේ රටේ ජනතාව ක්‍රියාකරනු ඇත​.

:       4       21

ganegoda Monday, 14 March 2022 04:59 PM

බෙල්ලෙන් අල්ලලා එළියට දැම්මට පස්සෙ තමයි මේවා සිහිවෙලා තියෙන්නේ... හපෝ...!

:       6       22

ගමේ එකාලා Monday, 14 March 2022 05:40 PM

ඔය කාගේ කාගෙත් කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නැව ගිලෙන බව දැනගෙන මීයෝ ටික පැනගත්තා. ජාමේ බේරගන්න...

:       6       19

සපත්තු රසය Monday, 14 March 2022 07:16 PM

මේ රටේ ඉන්නේ තණකොළ කන හරක් සහ දේශපාලන වාසි තකා එන එන අයගේ සපත්තු ලෙවකන වැඩ බැරි විහිළු කාරයන් මෙන් දිස්වන ගෝත්‍රික පිරිසකි. මිනිසුන්ගේ මේ පීඩනය පුපුරා යන දාට වහලුන්ට සහ දේ්‍ශපාලකයින් හැමෝටම පාරෙ බැහැලා යන්න බැරි තරම් මිනිසුන් පිළිකුල් කරනු ඇත.

:       0       9

fairoos Monday, 14 March 2022 07:29 PM

බැසිල් විතරක් නෙවෙයි... මේ ආණ්ඩුව නිසා තමයි ජනතාවට කිසිම සෙතක් නැත්තේ... තවත් රට කන්නේ නැතිව තොලොංචි වෙලා යන්න.

:       2       16

Suranga kuruppu arachchi Tuesday, 15 March 2022 07:40 AM

මමත් ඡන්දෙ දුන්නෙ උදයටයි විමලටයි. ඒඒදෙන්නා වැඩ කරන්නෙ රට වෙනුවෙන් කියලා හිතපු නිසා. දැන් තේරෙන දේ තමයි රට ඉස්සරහට දාගෙන මේ දෙන්නා කරලා තියන්නේ තමං වෙනුවෙන් ඡන්ද එකතු කරන එක .අදත් එහෙමයි. බැසිල් ගැන අපිට ප්‍රශ්නයක් තියනවා .ඒක වෙනම විසඳ ගන්න ඕන නියම නායකයෝ නම් මේ වෙලාවෙ කරන්න ඕන ජනතාව මේ අර්බුදයෙන් ගොදාන එක .මිනිස්සු මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නෙ ඒක .මොකද නියම නායකයෝ කියන්නේ අර්බුදයට හේතුපැහැදිලි කර කර ඉන්න අය නෙවෙයි අර්බුදයේ ප්‍රමානය වත් නෙදන්වා ,ඒකෙඅවම බර ජනතාවට දීලා .ඒකවිසඳලා දෙන අය .ජනතාව බලාපොරොත්තු වෙන්නෙත් ඒක . මේ අර්බුදයටහේතුව බැසිල් නං උත්තරයහරි සරලයි.බැසිල්ව ඔතනින් අයින් කරාම ප්‍රශ්නෙ විසඳෙනවා.මේක එහෙම පටු හේතුවක්නම් ඇමති කං වල ඉන්නකොට අර්බුදය ජනතාවට කියන්න කියලා මේ දෙන්නාකියලා තියෙන්නෙමබොරු. පුංචි ගැටලුවක් විතරයි තියන්නේ.ඇතුලේ ප්‍රශ්න එලියට කිය කියා මහින්දගේ ආන්ඩුව පරදදන්න මූලික වුනෙත් මේදෙන්නා. අදත් වෙනසක් නෑ .සාමූහිකත්වයක්නෑ එන පීඩනය දරාගෙන,මහංසියෙන්,අර්බුදයක් කලමනාකරනය කරගෙන වැඩ කරන්න ,කරලා ඒකෙ ජයග්‍රහන ජනතාවට දෙන්න මේ දෙන්නට බෑ .ඒ හින්දා එලියටබහින්න ඕන කම තිබ්බා ඒකට යොදාග

:       0       0

B b kithsiri Wednesday, 16 March 2022 12:29 PM

බැසිල්ව පත් කරපු කෙනා එපැයි එළවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 1178 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 345 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 628 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 858 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 215 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 701 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2132 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 986 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site