IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


සටන පාවා නොදෙන්නැයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ඉල්ලයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සමඟ කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයකු තනි තනිව ගිවිසුම්වලට අත්සන් නොතබන ලෙසත් එසේ වුවහොත් සාමූහික ප්‍රයත්නය අසාර්ථක වන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු මෙන්ම හිටපු නායකයකු ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම පිළිබඳව මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය දැනුවත් කරමින් අදාළ ‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හඳුන්වාදී ඇති නව ආචාරධර්ම පද්ධතියේ ඇතැම් කරුණු ද ක්‍රීඩකයන්ට අවාසිදායක බවත් ඒ පිළිබඳව ද තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත් අදාළ එම ක්‍රීඩකයා සෙසු ක්‍රීඩකයන් දැනුවත් කර ඇති බව දැනගන්නට ඇත.

කොන්ත්‍රාත් ගිවිසුම සහ නව ආචාරධර්ම පද්ධතියේ වෙනස්කම් රැසක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී සිටියද ඒවා මේ දක්වා ලිඛිතව සිදුවී නොමැති බවත් ඒ හේතුවෙන් කිසිවකු තනි තනි ගිවිසුම්වලට නොයන ලෙසත් එම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

 



අදහස් (9)

සටන පාවා නොදෙන්නැයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ඉල්ලයි

Raveendra Sunday, 06 June 2021 11:46 AM

ලෝකයා ඉදිරියේ උපන් රට පරාජයක කර හෝ අපි අපේ මුදල් ලබාගනු හොඳේ........ විනය, ශරීර යෝග්‍යතා දක්ෂතා අපට වැඩක් නැත. අපට ඕනා මුදල් පමණි. පව් මේ මෝඩ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාගේ දෙමාපියන් විශේෂයෙන් ඒ ආදරණිය අම්මා...

:       11       535

WCA Sunday, 06 June 2021 12:40 PM

මුන්ට බැරිනම් පුළුවන් උන් දාල ගමේ උන්හරි කමක් නෑ මොකද මුන් දිනන එකක් ඇ .ගමේ එකා රට වට තොරතුරැ ටිකක් හරි දැනගෙන එයිනේ.

:       2       162

සංහිද Sunday, 06 June 2021 03:11 PM

ඔයා ඔක්කොම ටික පන්නලා 19න් පහළ ටික දාන්න තියෙන්නේ. අවුරුදු 5- 6 පරාද වෙලා පස්සේ දිනන්න පටන් ගනියි. කොහොමත් දැන් ඉන්න ජේෂ්ඨ කට්ටිය 2014 වි20 ලෝක කුසලානයෙන් පස්සේ තමයි වැඩිපුරම පරාද වුනේ...

:       1       207

RaveendraSunday, 06 June 2021 03:52 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. අහිංසක මහජනතාවගේ බලාපොරොත්තු සුන් කරමින් ඒ මිනිසුන්ගේ වටිනා කාලයද කා දමමින් බඩගොස්තරේ පමණක් හිතන මෙවන් කාලකන්නින් අප රට නියෝජනය කිරීම මහා පාපයකි. එබැවින් අප පාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ අප ඕන ලෝක කුසලානයක් නොමැත.. මක්නිසාදයත් ඒ සඳහා ක්‍රීඩා කරත් පරාද වී එන්නේ දහසක් අතේ පැලවෙන පට්ටපල් බොරු හේතු කියමින්ය... එබැවින් මේ ආයතනය සහමුලින්ම වසාදැමීම රටේ මුදල් ඉතිරි කරගැනීමක් ලෙස සඳහන් කරන්නෙමු...

:       3       178

Asintha Sunday, 06 June 2021 03:53 PM

සාමූහිකව මෙයාලාට වර්ජන නම් කරන්න පුළුවන්... තරගයක් දිනන්න තමයි අමාරු..

:       0       172

නිකුලස් Sunday, 06 June 2021 04:30 PM

මේ ලෝකෙ ඉන්න පරාජිතම කණ්ඩායම. සටන නෙවෙයි පාවාදීලා තියෙන්නේ තරඟ...

:       0       130

de silva Sunday, 06 June 2021 07:08 PM

මට ලියන්න දෙයක් නොමැත. කළින් ලියපු අය අවශ්‍ය සියලු දේ ලියා ඇත. මේ අයට බයවෙලා සල්ලි දුන්නොත් අපේ ක්‍රිකට් සදාකාලිකවම වලපල්ලට යනු ඇත. මොවුන් මුදලට කෑදර පගාවට බර කණ්ඩායමකි. අරවින්ද, අර්ජුන, මහානාම වැනි මහත්වරු දැක ගැනීමට අපි වාසනාවන්ත වුණා. දැන් ඇති. ඔය ක්‍රිකට් බෝඩ් එක වසා දමන්න.

:       0       91

ලලිත් එම් Sunday, 06 June 2021 07:41 PM

මේ පාහරයින් තම රට හෝ ප්‍රේක්ෂක අවධානය ගැන හෝ හිතන්නේ නැහැ. ක්‍රිකට් හැඳිගෑවුනත් කමක් නැහැ කාලෙකට. අර ඉස්සර දකුණු අප්‍රිකා ගිය කණ්ඩායමට දුන්නා වගේ අවුරුදු 10කට තරඟ තහනමක් පැනවීමට ඕනෑ. බල්ලන්ට බලු විදිහට සලකන්න.

:       0       106

Sameera Sunday, 06 June 2021 07:53 PM

ඔහු නිසා අපට අහිමි වූ 2011 ලෝක කුසලානය. ඔහු මේ වනවිට වසර 13-15 කට වැඩි කාලයක් ක්‍රීඩා කර ඇති නමුත් ජයග්‍රහණය සඳහා ඔහු කොපමණ තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබේද? ඔවුන් තවදුරටත් තරුණ ක්‍රීඩකයන් නොවේ. අවුරුදු 10-8 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කර ඇත. ඔවුන්ට තරගය ජය ගත නොහැකි නම් අනාගතයේදී අවශ්‍ය නොවේ. තරඟ පරාජය වීම සඳහා මුදල් උපයන්න. ඔවුන් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළ යුතුයි..! ඔවුන්ට හොඳ කාර්ය සාධනයක් කළ හැකි නම් ඔවුන්ට අයි.පී.එල්, ​​එස්.පී.එල් හරහා මුදල් උපයා ගත හැකිය. යාලුවනේ දැන් ඉල්ලීමට උත්සාහ නොකරන්න. පළමුව, ඔබ හොඳින් සෙල්ලම් කරන්න..! එවිට ඔබට ඉල්ලුමක් ඇත..!

:       0       30

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 37 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 69 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 184 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


ලක්ෂ 80 ක රටබීම සමඟ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 06 202 0

රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග


දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 06 65 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


ජනපති ට්‍රම්ප් ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 436 1

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 33 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1358 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site