IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ස්ට්‍රෝබෙරි වැව්වොත් වසරකට ඩොලර් 117600 ආදායමක්

(අංජුල මහික වීරරත්න) 

අපනයනය පදනම් කර ගත් ස්ට්‍රොබෙරි වගාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී ඇත.

දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉලක්ක කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට මෙලෙස අනුමැතිය දී තිබේ.

මෙම නව ව්‍යාපෘතිය සඳහා නුවරඑළියේ ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම් වලින් හෙක්ටෙයාර් එකක් පළමු අදියර යටතේ  දීමට එකඟත්වය පළ කෙරිණි. ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ඉන්පසු අවශ්‍ය වුවහොත් හෙක්ටෙයාර් 10ක් දක්වා ස්ට්‍රොබෙරි වගාව සඳහා ලබා දිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ස්ට්‍රෝබෙරි අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන්නේ 57වන ස්ථානයයි.

නව තාක්ෂණය යොදා ගැනීම මගින් ස්ට්‍රොබෙරි වගා කළහොත් වසරකට හෙක්ටෙයාර් එකකින් ඇමරිකන් ඩොලර් 117,600 ආදායමක් උපයා ගැනිමට හැකි බව අමාත්‍යාංශය කියයි.

එමෙන්ම හෙක්ටයාර් එකකින් කිලෝ 120,000ක අස්වැන්නක් ලබා ගැනීමට ද හැකියාව ඇතැයි ද  හෙක්ටයාර් එකක් වගා කිරීම සඳහා  ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 250ක් බවද අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (4)

ස්ට්‍රෝබෙරි වැව්වොත් වසරකට ඩොලර් 117600 ආදායමක්

Muthu Tuesday, 14 November 2023 10:21 AM

මේ මොන ආයෝජනද. මිලියන 250 මුදලක් 10% ගානේ දැම්මත් පොලිය මිලියන 25 ලැබෙනවා. මුල් මුදලත් එහෙමම තියෙනවා, ඕන වෙලාවක ගන්න පුළුවන්. හෙක්ටෙර්යාර් 1 කියන්නේ වඅ 10,000 පුංචි ඉඩක්. අවදානම හුඟක් ඉහලයි. වැරදුනොත් මුළු මුදලත් එක්කම නැති වෙනවා. ආයෝජකයා පාරටම වැටෙනවා. ලැබෙන්නේ ආසන්න වශයෙන් මිලියන 38 විතර. බැංකු පොලිය ටිකක් වැඩි උනොත් අර ආයෝජනය බිමටම වැටෙනවා, ප්‍රතිලාභ ඉහල නිසා. ලංකාවේ හුඟක් ආයෝජන ව්‍යාපෘති වල පටන් ගැන්මේ ඉඳලම වැරදියි.

:       4       25

ArunaTuesday, 14 November 2023 06:07 PM

හෙක්ටයාර 1 1 ක් කියන්නේ අක්කර 2.47. වර්ග අඩි 10,000 .බැංකු පොලිය වැඩි වෙන තත්වයකදී .ඩොලරයේ වටිනාකමත් ඉහල යනවා .ඒ නිසා මේ නිගමනය වැරදී

:       0       0

හේමන්ත Tuesday, 14 November 2023 11:07 AM

අපනයන මාර්කට් කරගෙන කරන්න පුලුවන්නම් හොඳයි තමයි . පොලිටිනල් ගෘහ හදල කරනවානම් රටේ ඕන පළාතක පුලුවන්වෙයි

:       0       2

de silva Tuesday, 14 November 2023 02:52 PM

ස්ට්‍රෝබෙරි නොවේ ගෙදර වත්තේ පැපොල් ගහක් හදාගන්න බැහැ , වඳුරෝ පැනලා ඔක්කොම කාල විනාශ කරලා දමනවා මදිවට වහලවල් වල තිබෙන උළු පවා කඩල බිඳලා දමනවා

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 52 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 51 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 294 0

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 782 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 498 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 535 2

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39608 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25773 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 407 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site