මුදල් විශුද්ධිකරණ පනත යටතේ විදේශ ගමන් තහනමකට ලක්ව සිටින යෝෂිත රාජපක්ෂ ගේ ඕස්ට්‍රේලියාවට යාමට කළ ඉල්ලීම ලබන 28 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර.හෙයියන්තුඩුව මහතා අද (22) තීරණය කළේය.
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ හිටපු ලුතිනන් වරයෙකි.
ඔහු වෙනුවෙන් පෙනී සිටි ගාමිණී මාරපන නීතිඥවරයා පැවසූයේ යෝෂිත ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට යනුයේ රගර් ක්‍රීඩාවේ දී ඇතිවූ ආබාධයකට සැත්කමක් සඳහා බවයි. ඒ වෙනුවෙන් මාසයක් ඔහුට අවසර දෙන ලෙසද නීතිඥවරයා ඉල්ලා සිටියේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සැත්කමකට මෙල්බර්න් යන්න යෝෂිත අවසර ඉල්ලයි
අරුණි Thursday, 22 September 2016 09:49 AM
අනේ රට යන්න එපා, පුලුවන්නම් තාත්තත් එක්ක එකතුවෙලා මේ රට සන්හින්දියව නමැති මර උගුලෙන් බේරලා දෙන්න! (බ)
පීරිස් Thursday, 22 September 2016 09:48 AM
පැහැදිලි නැහැ මොකක්ද සැත්කම කියල (බ)
රුවන් Thursday, 22 September 2016 05:33 AM
මෙය මේ අවස්ථාවේ නොකළ යුතු දෙයක්. මෙය පුරුදු වුවහොත් සියලු චුඋදිතයින් ලංකාවෙන් එළියට ගොස් කෝ හොරු ඇල්ලුවද කියා අසනු නියතය.(ම)
සමන් Thursday, 22 September 2016 05:46 AM
මෙහේ තිබුන දේවල් රාජසන්තක කල නිසා ගියොත් ආපහු එන එකක් නැහැ (ම)
සමන් Thursday, 22 September 2016 05:41 AM
2015 ජනවාරි 8 වැනිදාට පසුව රගර් ගැහුවද ආබාධයක් වෙන්න? (නි)
අකලංක Thursday, 22 September 2016 05:45 AM
ඔවුන් මෙතරම් පොහොසත්ද ආබාධ වලට ඕස්ට්‍රේලියාවේ ගොස් ප්‍රතිකාර ගන්න තරම්. (නි)
පිටිගල මිලානෝ Thursday, 22 September 2016 05:55 AM
රගර් ගැහුවා? මෙයා සහ පවුලේ උදවිය බෝලය රැගෙන යනවිට ඔක්කොම අයින්වෙලා ඉඩදෙන ක්‍රීඩාවකටද රගර් කියන්නේ (නි)
විජිත Thursday, 22 September 2016 06:06 AM
ඇයි මෙහේදී සැත්කම කරගන්න බැරිද? (නි)
ලේක්කෝ ගලබඩ Thursday, 22 September 2016 06:16 AM
අවුරුදු කීපයක් ලුතිනන් රැකියාවක් කළ කෙනෙක් කොහොමද ශල්‍යකර්මයකට මෙතරම් මුදලක් වියදම් කරන්නේ? (නි)
වීරවර්ධන Thursday, 22 September 2016 06:27 AM
මේ මිනිසුන්ට වෛද්‍ය ප්‍රතිකාර ගන්න මතක්වෙන්නේ නඩුවක් තියනකොට විතරයි. අනිත් වෙලාවට හොඳ සෞඛ්‍යයෙන් ඉන්නවා. (නි)
විමුක්ති Thursday, 22 September 2016 06:33 AM
මේ ඕනෑතරම් හොරාකන රටේ, රට බේරාදුන් නායකයාගේ පුතාලට ඔය සහනය දෙන්න ඕනෑ. (නි)
බණ්ඩාර Thursday, 22 September 2016 06:55 AM
මේ ගොල්ලන්ට අසනීපයක් වුනාම බෙහෙත් කරන්න යන්නේ රට ..(හේ)
රම්‍යා Thursday, 22 September 2016 01:00 PM
අරුණි වගේ අය ගැන නම් හිතාගන්න පුළුවන් (නි)
සජී Thursday, 22 September 2016 07:45 AM
අපේ රටේ සෞඛ්‍ය ඇමැතිත් පිටරට ගිහින් නම් බෙහෙත් කරන්නේ මෙයාලා ගියාම මොකද ? ඒකෙන්ම තේරෙනවානේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන දියුණුව (බ)
අනුරාධ Thursday, 22 September 2016 07:53 AM
මේක මාර මර්සියක් වෙලා තියෙන්නේ දැන්. (බ)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 22 September 2016 08:09 AM
ඔය ලෙඩේ හොඳ කරන්න පුළුවන් දොස්තරලා අපේ රටෙත් ඉන්නවානේ. නැතිබැරි අයට විතරක් නොවෙයි අපේ රෝහල් තියෙන්නේ. යෝෂිත, නාමල්, බැසිල්, ගෝඨා, ඒවගේම මහින්ද වගේ අයට වුණත් අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා උසස් යැයි සම්මත රෝහල් වුණත් අපේ රටේ තිබෙන බව කවුරුත් දන්නවානේ. (නි)
රංජන් Thursday, 22 September 2016 08:17 AM
මේ අය වියදම් කරන්නේ මැදපෙරදිග දහසක් දුක් විදලා ඒ මිනිස්සු එවන විදේශ විනිමය මිසක් මේ අය හම්බ කළ දේවල් නෙවේ මෙයාට විතරද අසනීප වෙන්නේ සාමාන්‍ය අපිවගේ යට ලංකාවේ සැත්කම කරගන්න පුලුවන්නම් මෙයට බැරි මොකද?(අ)
රොකී Friday, 23 September 2016 01:16 PM
නොම්මර එකේ වෛද්‍ය විශේෂඥ මහත්තුරු මෙහෙ ඉඳිද්දි අැයි රට යන්නේ? (නි)
ෂෙරිෆ් Thursday, 22 September 2016 09:14 AM
එතකොට තව තව අයත් අවසර ඉල්ලාවිද දන්නෙ නැහැ (නි)
රම්‍යා Thursday, 22 September 2016 09:29 AM
විමුක්ති, හොරු වෙන කවුරුත් නොවෙයි. ලංකාවේ වෛද්‍යවරු ඉන්නවනේ. මේ වෙලාවේ යන්න හදන්නේ ඇයි කියලා හිතන්න පුළුවන්. වැරදි කරද්දී ලෙඩ නැහැ. (නි)