IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


සත්කාර කළත් බොල් අස්වැන්නක්

වසර 2012 දී ශ්‍රී ලංකාව අන්තර් ජාතික තරගමාලා ගණනාවකට සත්කාරය දැරුවද අපේක්‍ෂිත ප‍්‍රතිපල නොලැබිණ. එම තරගමාලා වෙනුවෙන් ශී‍්‍ර ලංකාව විශාල වැය කිරීමක් ද කළද ලද දෙයින් සතුටු වීමට ශී‍්‍ර ලංකාවට සිදුවූ අතර සමස්තයක් වශයෙන් ගත්කල එය බොල් අස්වැන්නකි.

ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසන පරිදි පසුගිය වසර 10ක කාලය තුළදී රජය ක‍්‍රීඩාව වෙනුවෙන් රුපියල් බිලියන 10ක් පමණමුදලක් වැය කර තිබේ. ඒ අනුව අවුරුද්දකදී රජය බිලියනයක් හෙවත් රුපියල් කෝටි සියයක පමණ මුදලක් රටේ ක‍්‍රීඩාවට වැය කර තිබේ.

ඒ අනුව තව පැය 72ක කාලයකට පමණක් ආයුෂ ඉතිරිව තිබෙන 2012 වසර සඳහා ද රජය රුපියල් කෝටි සියයක් පමණ ක‍්‍රීඩාවට වියදම් කර තිබෙන බව කියැවේ.

කෙසේ වුවත් රජය වියදම් කළ තරමට මෙම ගෙවී ගිය වසරටත් ප‍්‍රතිඵල අත්නොවූ බව පැහැදිළිය. අන්තර් ජාතික ක‍්‍රීඩා ශූරතා කීපයක් දිනාගන්නට වසර 2012දී ශ්‍රී ලංකාව සැළසුම් කර තිබුණත් සිදුවූයේ අනුශූරතා වලින් සෑහීමට පත්වීමටය.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී පමණක් නොව, කොළඹදී පැවැති ආසියානු දැල්පන්දු ශූරතාවලියේදී ද ශ්‍රී ලංකාවට අනුශූරතාවලින් සෑහීමට පත්වීමට සිදුවිය.

එහිදී වඩාත් කණගාටුදායක තත්ත්වය වූයේ ශ්‍රී ලංකාව සත්කාරය දරමින් එම තරගාවලි පරාජයට පත්වීමය. කෙසේ වුවත් ශ්‍රී ලංකාව සත්කාරය දැරූ ලෝක කැරම් ශූරතාවලියේදීත් අනුශුරතාව හිමිකරගත් නමුදු කේවල (පිරිමි) ඉසව්වේ ජය ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිෂාන්ත ප‍්‍රනාන්දුට හිමි විය.

මලල ක‍්‍රීඩාවෙන් අවම ජාත්‍යන්තර දස්කම් වාර්තා වූ මෙම වසරේදී ඊට හේතුවූ ප‍්‍රධාන කරුණක් වූයේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සීමාසහිත වීමය. ශ්‍රී ලංකාව එහිදී සහභාගි වූයේ තායිලන්ත විවෘත මලල ක‍්‍රීඩා තරගාවලියට පමණි.එහෙත් කොළඹදී පැවැති 14 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් දිනාගනිමින් දස්කම් දැක්වීය.

මෙරට මලල ක‍්‍රීඩා පරිපාලනයේ අර්බුද උග‍්‍ර අවස්ථාවට පත්වීම තුළ තරගාවලියේ සත්කාරයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමේ තර්ජනයකට ද මුහුණදුන්නේය.

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නිලවරණය පිළිගත් ප‍්‍රමිතින්ට අනුව නොපැවැත්වූ බවට අන්තර් ජාතික මලල ක‍්‍රීඩා සංගමයෙන් චෝදනා එල්ල වූයේ පැවැති (2011-12) නිලවරණයේදී විශාල ගාලගෝට්ටියක් ද ඇති වීමෙනි.
 

මලල කී‍්‍රඩාවේ වඩාත්ම අවධානයට යොමුවූ පුවතක් වූයේ මීටර 100 ජාතික ශූරයා බවට පත්වූ හිමාෂ ඒෂාන්ට දින ගණනාවක් ගෙවීයාමට මත්තෙන් එය අහිමි වීමයි.  ඒ ඔහු තහනම් උත්තේජක චෝදනාවට ලකම්ම නිසාය. තවමත් පාසල් යන ඔහු 17 හැවිරිදි ක‍්‍රීඩකයකු බැවින් මෙම සිද්ධිය වඩාත් අවධානයට යොමුවූ පුවතක් විය. තහනම් උත්තේජක චෝදනාවට මෙතෙක් ලක්වූ 14 වැනි මලල ක‍්‍රීඩකයා ඔහුය.
තහනම් උත්තේජක ගැන කතා කරන විට අමතක කළ නොහැකි චරිතයක් බවට පත්ව සිටි ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතාගේ අභාවය සිදුවූයේද මේ වසරේදීය.

2012 වසරේදී ද මෙරට පාපන්දු ක‍්‍රීඩාවේ ප‍්‍රගතියක් තවදුරටත් දක්නට නොලැබුණු අතර ඒ නිසාම මෙරට පාපන්දු පරිපාලනයට අතපෙවීමට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා තීරණය කළේය. නාවලපිටියේදී පැවැති මහින්ද රාජපක්ෂ සිව්කොන් පාපන්දු තරගාවලියේදී ලද පරාජය තුළ විදෙස් පුහුණුකරුවකුගේ සේවය නව වසරට ලබාගැනීමට ක‍්‍රීඩා ඇමැතිවරයා වඩාත් උනන්දු වී තිබේ.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ වත්මන් ස්ථානය 191 දක්වා පහළ වැටී තිබේ. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වැටුප් ලබන පාපන්දු උපදේශකයින් තිදෙනාගේ සේවය අවසන් කිරීමට ද පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ තරගාවලියේ පරාජයෙන් පසු නිකුත් කර තිබෙන තාක්ෂණික වාර්තාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ කාර්යභාරය විවේචනයට ලක් කර ඇති බවක් ද කියැවේ.

මේ අතර වසර 2012 දේශීය පාපන්දු තරග බිමේ ද කඩාවැටීමක් සිදුවූ බවට චෝදනා එල්ල වේ.මෙම වසරට අන්තර් සමාජ ප‍්‍රධානතම පාපන්දු තරගාවලිය සංවිධාන කිරීමට පාපන්දු සම්මේලනය අපොහොසත් වී සිටින අතර, එහෙත් ඒ සඳහා අනුග‍්‍රාහකයන් සූදානමින් සිටි බව ද වාර්තා වේ.

2012 වසරට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පිටරට තරග සංචාර සඳහා රුපියල් මිලියන ගණනක් පමණ වැයකර තිබේ. කෙසේ වුවත් ආසියානු කනිෂ්ඨ තරග මාලා කීපයකට සහභාගිවීම හැරෙන්නට ආසියානු ශූරතා වෙරළ වොලිබෝල් තරග මාලා කීපයකටත් ශ්‍රී ලංකාව සහභාගි විය.

තායිලන්තයේදී පැවැති ආසියානු ශූරතා වෙරළ වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් දිනාගත්තේය. නමුත් වොලිබෝල් සම්මේලනය ජාතික වෙරළ වොලිබෝල් තරගාවලිය පස්වැනි වසරටත් සංවිධාන කිරීමට අපොහොසත් වූ බවට දැන් චෝදනා එල්ල වී තිබේ.

ශ්‍රී ලංකාවේදී 2012 වසරට පැවැති දෙවැනි ලෝක ශූරතාවලිය වන කැරම් ශූරතාවලියේදී කේවල ඉසව්ව ජයගත් නිෂාන්ත ප‍්‍රනාන්දු රැකියා විරහිතයකු බවට හෙළිවීමෙන් පසු ඔහුට විදේශ සේවා කාර්යාංශයේ රැකියාවක් දීමට ඇමැති ඩිලාන් පෙරේරා මහතා කටයුතු කළත් ඔහු එම රැකියාව බාර ගැනීම ප‍්‍රතික්ෂේප කරමින් නාවික හමුදා සේවයට එක් වූ බව වාර්තා විය.

වසර හතරක තරග තහනමක් ගෙවන බර ඉසිළීමේ ශූර චින්තක විදානගේට මේ ගෙවීයන වසර සුභදායි වසරක් වූයේ ඔහුගේ තහනම ළිහිල්වීම නිවේදනය වීමය. ඒ අනුව ලබන මැයි 15 වැනි දා සිට තමා යළිත් තරගබිමට පිවිසෙන බව චින්තක ප‍්‍රකාශ කරයි.

තහනම් උත්තේජක චෝදනා ලබා තරග තහනමට ලක්වූ බොක්සිං ක‍්‍රීඩක මංජු වන්නිආරච්චි තහනම අවසන් වීමෙන් පසු නොබෝදා පැවැති ජාතික බොක්සිං තරගාවලියට සහභාගි වී ජයග‍්‍රහණය ද ලැබීය. මේ අතර මෙරට දක්ෂතම බොක්ෂිං ක‍්‍රීඩිකාවක් වන අනුෂා කොඩිතුවක්කු ක‍්‍රීඩාවට සමු දුන්නේ ද නොබෝදාය.


නිහඬව කල් ගෙවන ජාතික පාපැදි අතුරු කමිටුව කොරියානු උපදේශකවරයකුගේ සේවය ලබාගත්තේ මේ වසරේදීය. එහෙත් එය ජාතික පාපැදි පුහුණුකරුගේ ඉවත්ව යාමට ද හේතු විය. ඒ දෙදෙනා අතර පුහුණු ක‍්‍රමවේද නොගැළපීමය. ඒ අනුව තමන්ට ජාතික පාපැදි සංචිතයෙන් ඉවත්ව යාම හැරෙන්නට වෙනත් විකල්පයක් නොවූ බව පැවැසීය. ආරාධිත තරගාවලියක් සඳහා නොබෝදා ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායමත් ඉන්දියාවේ සංචාරය කර හිස් අතින්ම දිවයිනට ළඟා වූ බව වාර්තා විය.

ආසියානු දැල්පන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අවසන් මහ තරගයේදී එක ලකුණකින් සිංගප්පූරුවට පරාජය වීම නිසා කුසලාන බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවිය. ඒ සමගම පුහුණුකාරිණි හයිසින්ත් විජේසිංහ මහත්මියගේ සේවය අවසන් වූ අතර ඒ තැනට යසා රාමචන්ද්‍ර මහත්මිය පත්වූවාය.

මෙම තරග පරාජය සම්බන්ධයෙන් ක‍්‍රීඩා ඇමැතිවරයාගේ වඩාත් දෝෂාභියෝග එල්ල වූයේ පුහුණුකාරිනී හයිසින්ත් විජේසිංහ මහත්මියටය. නමුත් සිංගප්පූරු තරග සංචාරයේදී ශ්‍රී ලංකාව සිංගප්පූරුව පරාජය කිරීමට සමත් වුවත් මලයාසියාවට පරාජය විය.

ලන්ඩන් නුවර පැවැති ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්න වඩාත් කැපී පෙනෙන දස්කම් ප‍්‍රදර්ශනය කළේ කේවල පිරිමි ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණෙමිනි. එය මීට පෙර ඔලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩකයකු වෙතින් වාර්තා නොවූ දස්කමකි.

මෙම වසරේදී වඩාත් කීර්තිමත් ජයග‍්‍රහනය ශ්‍රී ලංකාවට අත්කර දුන්නේ ආබාධිතයකු විසින් වීම කැපී පෙනේ. පසුව ලන්ඩන් නුවරදීම පැවැති පැරාලිම්පික් උළෙලේදී ආබාධිත යුද හමුදා ක‍්‍රීඩක ප‍්‍රදීප් සංජය එක් අතක් අප‍්‍රාණික මීටර 100 පිරිමි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත්තේ පළමු පැරාලිම්පික් පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි.

එම ජයග‍්‍රහනය වෙනුවෙන් ඔහුට රැකියාවේ උසස්වීම් සමග තෑගි බෝග රැසක් ප‍්‍රදානය කෙරුණි. මේ අතර ශ්‍රී ලංකා රග්බි සංගමය ද සුපුරුදු ලෙස මෙම වසරටත් අන්තර් ජාතික තරග මාලා කීපයකට සහභාගි වූ අතර එහිදී පළග ශූරතා කීපයකින් ශ්‍රී ලංකාවට සෑහීමට පත්වීමට සිදුවිය.

කෙසේ වුවත් දේශීය රග්බි ක‍්‍රීඩාව වඩාත් ඉහළ සත්කාරයක් හිමි කරගත් වසරක් ලෙස ගෙවී යන වසර හැඳින්විය හැකිය. මහනුවර ක‍්‍රීඩා සමාජයේ ක‍්‍රීඩකයන් පිරිසක් ජාතික සංචිතය වර්ජනය කිරීම තුළ ඔවුන්ට අන්තර් ජාතික තරග මාලා කීපයක්ද අහිමිවීම රග්බි පිටියේ වඩාත් අවධානය දිනූ පුවතක් බවටද පත්විය.

මෙරට පිළිගත් ක‍්‍රීඩා ඉසව් 60කට ආසන්න සංඛ්‍යාවක් පවතින අතර එහෙත් රටේ ජනතාවගෙන් වඩාත් කථාබහට ලක්වන ක‍්‍රීඩා ඉසව් ගණන සීමිතය. එයිනුත් වඩාත් උනන්දුව පවතින්නේ ක‍්‍රිකට් හැරුණු විට මලල ක‍්‍රීඩා, රග්බි, පාපන්දු, වොලිබෝල් වැනි ක‍්‍රීඩා ඉසව් කීපයක් කෙරෙහිය.

ඒ අතර කායවර්ධන ක‍්‍රීඩාව කෙරෙහි ඇල්ම ඇති සැළකියයුතු පිරිසක් ද මෙරට සිටිති.වසර අවසානයේදී ජාතික ශූරතාවලිය වඩාත් උසස් අයුරින් පැවැත්වීමට කායවර්ධන සම්මේලනයේ වත්මන් සභාපති කපිල කුමාර මහතා උනන්දු විය.

ඔහු එසේ උනන්දු වන අතර සම්මේලනයේ හිටපු සභාපතිවරුන් තිදෙනකුගෙන් ඔහුට චෝදනා ද එල්ල විය. ඒ ක‍්‍රීඩකයන්ගේ තරග ගාස්තු ඉහළ දැමීමෙන් ඔවුන් අපහසුතාවයට පත්වූ බව කියමිනි.

නමුත%



අදහස් (0)

සත්කාර කළත් බොල් අස්වැන්නක්

සජීක Saturday, 29 December 2012 12:53 AM

ගෙවීයන 2012 වසරේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ ප්‍රගතිය මෙම ප්‍රවෘත්තියෙන් මනාව පැහැදිලි වේ. (නි)

:       0       0

රියාස් Friday, 28 December 2012 11:29 AM

ගිය දේ ගියා වේ, අනාගතේ ගැන හිතලා කටයුතු කරමු, ජය වේවා ශ්‍රී ලංකා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 29 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 61 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 88 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 645 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 554 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 752 1

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39188 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site