මීට දශක කිහිපයකට පෙර ඉරිදා දිනවල සති පොළේ බඩු මල්ලට අමතරව තාත්තා ගෙන ආ ඉරිදා ලංකාදීප පුවත්පත ඔහු අතින් ඩැහැ ගන්නට අයියාත් මමත් පෙර මඟට දිව ගියෙමු. පුවත්පතේ ඇතුළු පිටුවක පත් ඉරු භාගයක් පුරා පළවූ ”බිලි පූජාව” චිත‍්‍ර කතාව කියවන්නට අප සිටියේ නොඉවසිල්ලෙනි. සුදු - කළු චිත‍්‍ර අනුසාරයෙන් පිටු භාගයක් පුරා පළවූ චිත‍්‍ර කතාව අප විසින් ඇඳ බැඳගෙන තිබිණි. කතාවේ චිත‍්‍ර දාමය ළමා අපේ පරිකල්පනය තුළ චලන චිත‍්‍ර පේළියක් සේ චිත‍්‍රපටයක් සේ ඇදී ගියේය. කතාව ඇඳ, ලියා තිබුණේ සුසිල් පේ‍්‍රමරත්න නම් චිත‍්‍ර ශිල්පියෙකි. කවුරු වුවද ඔහු නම් සැබෑ ජගතෙකු නොවේදැයි මා මෙන්ම එකල අප වයසේ සිටි බොහෝ දෙනෙකු සිතෙන්නට ඇතිවාට සැකයක් නැත. පාසල් පොත පත පරිහරණය හැරුණු විට කතන්දර පොතක් කියවීමටද ඉඳ හිට වෙල් එළියේ සෙල්ලමේ යෙදෙන්නටද හැර අන් බාහිර කි‍්‍රයාකාරකමක් වෙත ඉඳහිට පමණක් යොමුවූ ගැමි දරුවන් වූ අප හැටේ දශකයේ සති අන්ත පුවත්පත්වල පළවූ මේ කතා වැළද ගත්තේ ඉමහත් ආස්වාදයකිනි. පොත පත කියවීම කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීමට එදා අපේ මනසට චිත‍්‍රකතා අනියම් ලෙස බලපෑ බව මගේ විශ්වාසයයි. ඉකුත් දිනෙක කොළඹ කලාභවනේදී පැවැති චිත‍්‍රකතා ශිල්පීන්ගේ නිර්මාණ ප‍්‍රදර්ශනය නරඹමින් මම ඒ අතීතයට නැවතත් පිවිසුණෙමි. දෙසැම්බර් 6 වැනිදා සවස ජනාධිපතිතුමන් අතින් විවෘත වී 7, 8, 9 යන තෙදින පුරා පැවැති ”සිත්තරු ඇඳි රූ” දැක්ම නරඹන්නට දිවයිනේ නන් දෙසින් වැඩිහිටි, තරුණ හා බාල වයස්වල රසිකයෝ විශාල සංඛ්‍යාවාක් පැමිණියහ. ජාතික චිත‍්‍රකලා පදනම මැයෙන් පිහිටුවා ගෙන ඇති දිවයිනේ චිත‍්‍රශිල්පීන්ගේ විශාලතම සංවිධානය මගින් පවත්වනු ලැබූ මෙම ප‍්‍රදර්ශනය එම ශිල්පීන් නියෝජනය වන පරිදි ඔවුන්ගේ නිර්මාණ එක් පියසක් යටට රැස්කරනු ලැබූ ප‍්‍රථම අවස්ථාව ලෙසද මෙම නිර්මාණ දැක්ම හඳුන්වා දී තිබිණි. පනහේ දශකයේ සිට වර්තමානය දක්වා දශක හයක් පුරාද එම යුගය තුළම විවිධ කාලපරාසයන්හිදී සිය තෙලිතුඩෙන් පාඨක රසිකයන් පිනවූ චිත‍්‍ර ශිල්පීහු 100 ක් මෙ ප‍්‍රදර්ශනයේදී නියෝජනය වූහ. ලංකාවේ චිත‍්‍ර කතා ඉතිහාසය ඇරඹෙන්නේ 1951 ඉරිදා ලංකාදීපයෙනි. එවකට ලංකාදීප හා ඉරිදා ලංකාදීප පුවත්පත්වල ප‍්‍රධාන කර්තෘ තනතුරු දැරූ ඞී.බී. ධනපාලයන්ගේ අදහසකට අනුව ජී.ඇස්. ප‍්‍රනාන්දු චිත‍්‍ර ශිල්පියා විසින් ”නීලා” චිත‍්‍ර කතාව අඳින ලද්දේ ලංකාදීප පත‍්‍රයෙහිම පුවත්පත් කලාවේදියකු වූ ධර්මසිරි ජයකොඩි විසින් රචිත පෙළ අනුවය. නීලා චිත‍්‍රකතාව දැකීමෙන් චිත‍්‍රකතා ඇඳීමට සිත ඇදී ගිය සුසිල් පේ‍්‍රමරත්නයන්ට, ලංකාදීපය සඳහා තවත් චිත‍්‍රයක් අඳින ලෙස ඞී.බී. ධනපාලයන්ගෙන් ඇරයුම් ලැබිණි. මේ අනුව ”හොර හවුල” නම් චිත‍්‍ර කතාව අඳින සුසිල් පේ‍්‍රමරත්න ඉන් පසු ”බිලි පූජාව”, ”ලන්දේසි හටන”, ”රන් දූපත” නමින් චිත‍්‍ර කතා තුනක් ඇන්දේය. සුසිල් පේ‍්‍රමරත්නයන්ගේ චිත‍්‍ර කතාවල තාත්වික ශෛලිය පාඨකයා ඇද බැඳ ගන්නට සමත් විය. චිත‍්‍ර කතාවක සාර්ථකත්වය සඳහා චිත‍්‍රවල තාත්වික ශෛලිය මනා පිටුවහලක් වන බව පසුකාලීන තරුණ චිත‍්‍රශිල්පියෝ මනාව අවබෝධ කරගෙන සිටිති. යුගයට ගැලපෙන ආකාරයට චරිතවල හැසිරීම් රටාව, ඇඳුම් පැළඳුම් හා බස්වහරද යොදාගැනීමට වත්මන් චිත‍්‍රකතා ශිල්පියෝ සැලකිලිමත් වෙති. මෙය සුසිල් පේ‍්‍රමරත්නයන් වැනි මුල්කාලීන චිත‍්‍ර ශිල්පියකුගෙන් ලැබුණු හොඳ මඟපෙන්වීමකි. චිත‍්‍රකතා ශිල්පී තලංගම ජයසිංහයන් කල එළියට පැමිණෙන්නේ ලේක්හවුස් පුවත්පත් සමාගමෙනි. එහි සියලූම සිංහල පුවත්පත් සඳහා චිත‍්‍ර සම්පාදනය කළ ඔහු ”මධුර” චිත‍්‍රකතා පත‍්‍රයේ කර්තෘ තනතුර හෙබවීය. පසු කලෙක ළමා පොත් නිර්මාණයට යොමුවූ ඔහු මේ වන විට දිනපතා පුවත්පතක් සඳහා දේශපාලන කාටුන් නිර්මාණය කරයි. සදය දේශපාලන උපහාසය සහිත ”පලාමල්ල” හා ”එතුමා” තලංගම ජයසිංහයන්ගේ කාටුන්ය. 1966 වසරේ සිට පුරා වසර 36 ක් තිස්සේ සිය විකට කාටුන්වලින් පාඨකයා සිනා ගන්වන අතරම තත්කාලීන දේශපාලන හා සමාජ ගැටලූ පිළිබඳ සිය විකට චිත‍්‍රයෙන් හා වැකියෙන් පාඨක විඥානය අවදි කරන කැමිලස් පෙරේරා මෙන්ම තලංගම ජයසිංහයන්ද චිත‍්‍රකතා ලෝකයේ මෙන්ම දේශපාලන කාටුන් ලෝකයේද එකබඳුව නමරන්දා ඇති දෙදෙනකි. දයා රාජපක්ෂ හැටේ දශකයේදී සිළුමිණ පුවත්පතෙන් බිහිවී ලේක්හවුස් ආයතනයේ පුවත්පත් හා වාර සඟරා කිහිපයකටම සිය නිර්මාණ දායකත්වය සැපයූ මේ වන විට විජය ප‍්‍රකාශන සමාගමට බැඳී කටයුතු කරන්නෙකි. ලංකාවේ පළවූ ප‍්‍රථම වර්ණ චිත‍්‍රකතාව වන පරිත්‍යාගය ඔහුගේ නිර්මාණයකි. හුලවාලී, රක්තා, ශක්තිය ඔබයි. කම්මිත්ත වැනි ඔහුගේ චිත‍්‍රකතා මේ වන විට ටෙලි වෘත්තාන්ත ලෙස ප‍්‍රතිනිර්මාණය වී තිබේ. බන්දුල හරිශ්චන්ද්‍රයන්ගේ චිත‍්‍රකතා කරළියට පැමිණෙන්නේද ලංකාදීප පුවත්පතෙහි ඉන්පසු ලේක්හවුස් ආයතනයේ පුවත්පත් සඳහා සිය නිර්මාණ දායකත්වය සපයන ඔහු පසු කලෙක මල්ටි පැක්ස් ආයතනය සඳහාද කැමිලස් පබ්ලිකේෂන් ආයතනයේ ප‍්‍රකාශන සඳහාද චිත‍්‍රකතා ඉදිරිපත් කර ඇත. මේ හැරුණු විට ඔහු පුරා වසර 25 ක් තිස්සේ මුද්දර කාර්යාංශය සඳහා මුද්දර චිත‍්‍ර නිර්මාණයේ නියැලී සිටියි. ”දවස” පුවත්පත් ආයතනයෙන් සිය වෘත්තීය ජීවිතය අරඹා ටයිම්ස් හා ලේක්හවුස් ආයතනවල චිත‍්‍ර ශිල්පියකු වශයෙන් කටයුතු කොට පසුකලෙක සිංගප්පූරු භාවනා මධ්‍යස්ථානය විසින් එළිදක්වන ලද මාහැඟි ධර්ම පුස්තක රැසකට වර්ණ චිත‍්‍ර සැපයූ ඩබ්ලිව්.ජී.පී. වික‍්‍රමනායක චිත‍්‍රකතා සිත්තරුන් අතර සිටින ප‍්‍රවීණතමයෙකි. මේ වන විට හැත්තෑ අටවන වියෙහි පසුවන ”වික‍්‍රම” නිව්යෝර්ක් බෞද්ධ විහාරය සඳහා කරන ලද අනගි බිතුසිතුවමක් සඳහා එම විහාරයේ බෞද්ධ සංගමය විසින් සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුගේ 150 කට වැඩි චිත‍්‍රකතා අතර බට්ටි පසුකලෙක ස්වාධීන රූපවාහිනී නාලිකාවෙහි ටෙලි වෘත්තාන්තයක් සේ ප‍්‍රතිනිර්මාණය විය. සිය නිර්මාණ අභ්‍යාසයන්හිදී ළමා ලෝකයද අමතක නොකළ ඔහු ළමයින් වෙනුවෙන් කුරු පුංචි, එකවගේ තුන් දෙනෙක්, රත්තරන් මාළුවා ආදී ළමා කතා නිර්මාණය කළේය. වර්තමානයෙහි මව්බිම පුවත්පතෙහි ප‍්‍රධාන චිත‍්‍රශිල්පියා ලෙස කටයුතු කරන ජනක රත්නායක විසින් කලකට පෙර අඳින ලද චිත‍්‍රකතා කිහිපයක්ම චිත‍්‍රපට ලෙස ප‍්‍රතිනිර්මාණය විය. කබලෙන් ලිපට, සහ යළි පිපුණු මලක් යන එලෙසින් ප‍්‍රතිනිර්මාණය වූ චිත‍්‍රකතාය. රූපවාහිනියේ ආගමනයත් සමග ඔහුගේ චිත‍්‍රකතා ඇසුරෙන් ටෙලි වෘත්තාන්ද බිහිවිය. සූසීමා. කුමාරයාණෙනි, බෝනික්කෝ, සක්වාලිහිණි සහ සිහිනයක් පාට පාටින් එසේ බිහිවූ ටෙලි වෘත්තාන්තයන්ය. බලංගොඩ සරත් මධු ඉරිදා ලංකාදීපයෙන් චිත‍්‍රකතා නිර්මාණයට පිවිස පසුව ලංකාවේ ප‍්‍රථම චිත‍්‍රකතා පුවත්පත වූ ”සතුට” පුවත්පතේ ”නිව්රෝ” චිත‍්‍රකතාවෙන් අතිශය ජනපි‍්‍රයත්වයට පත්වූවෙකි. ඉන්පසු චිත‍්‍රකතා ප‍්‍රකාශන කිහිපයකදීම සිය නිර්මාණ දායකත්වය සැපයූ ඔහු සිත්තර පත‍්‍රයෙන් ඉදිරිපත් කළ ”ඉතිං ඊට පස්සේ” පාඨකයා අතර අතිශයින් ජනපි‍්‍රය වූ අතර එම චිත‍්‍රකතාවේ ඇතැම් චරිතවල හිසකේ මෝස්තරය පවා අනුගමනය කිරීමට තරුණ චිත‍්‍රකතා පාඨකයෝ පෙළඹුණහ. චිත‍්‍රකතාව අතිශයින් ජනපි‍්‍රය වූ හැත්තෑව දශකයේ මැද භාගයේදී චිත‍්‍රකතා ශිල්පියකු ලෙස පෙරට ආ පෑලියගොඩ දයානන්ද දවස පුවත්පතෙන් සිය වෘත්තීය ජීවිතය අරඹමින්, ශ්‍රී සඟරාව, රිවරැස, පි‍්‍රයාවි යන පුවත්පත් සඳහා චිත‍්‍ර ඇන්දේය. ඉන්පසු දිවයින කර්තෘ මණ්ඩලයෙහි සේවය කරමින් උපාලි පුවත්පත් සමාගමේ සිංහල, ඉංගී‍්‍රසි පුවත්පත්වලට චිත‍්‍ර නිර්මාණ කළේය. ආනන්දනීය බොදු සිතුවම් ඇඳීමෙහි හසළයකු වන පෑලියගොඩ දයානන්ද, වෙසක් තොරණ සඳහා සිතුවම් ඇඳීමේ ප‍්‍රසිද්ධියක් උසුලයි. ජනාධිපති පේ‍්‍රමදාසයන්ගේ සංකල්පයක් අනුව දිවයින පුරා තැන තැන පැවැත්වුණු ගම් උදාව ප‍්‍රදර්ශන සඳහා සිය චිත‍්‍ර කලා කුසලතාව කලක් කැප කළ නොයෙල් ලසන්ත, චිත‍්‍රකතා පත‍්‍ර රාශියකට කතා සැපයූ ජී. සුනිල් බන්ධු පෙරේරා, 1992 සිත්තර පත‍්‍රයේ පළවූ ”ලේ” කතාවෙන් අතිශය ජනපි‍්‍රයත්වයට පත්වූ ගයාශාන් ඇල්පිටිය, විකට නළුවකු ලෙස ප‍්‍රසිද්ධියක් උසුලන, වැටකෙයියා මල්, ”තිතට වැඩ” ආදී චිත‍්‍ර කතා ඉදිරිපත් කළ මහින්ද පතිරගේ මේ සිය දෙනාගෙන් තවත් කිහිප දෙනෙකි. රූපවාහිනිය. චිත‍්‍ර නිර්මාණය සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම, සුපිරි සන්නිවේදන උපකරණ උපයෝගී කරගනිමින් ඉදිරියට ඇදෙන දැන්වීම්, ප‍්‍රචාරණ කලාව අද මේ උපක‍්‍රම චිත‍්‍රකතාවේ පසුබැසීමට දායක වී ඇද්ද? එය එසේය යනු ප‍්‍රදර්ශනයට සහභාගි වී සිටි එක් චිත‍්‍රකතා ශිල්පියකුගේ අදහස විය. එහෙත් සිය පරිකල්පනය අවදිකරමින් චිත‍්‍රශිල්පියා බිහිකරන නිර්මාණයෙහි නැවුම් හා සුවිශේෂී ගුණය ඩිජිටල් තාක්ෂණයට ආක‍්‍රමණය කළ නොහැකි යැයි මගේ හැඟීමයි. කලාකරුවකු අඳින චිත‍්‍රයක පිටපත් සිය දහස් ගණනක් තාක්ෂණයෙන් නිපදවිය හැකි වුවද චිත‍්‍ර ශිලිපියාගේ තෙලිතුඩෙන් මැවෙන නිර්මාණය සුවිශේෂී වෙයි. උදාහරණ ලෙස ”පුංචි රාළ” ලා ”ගජමෑන්” ලා, ”සිරිබිරිස්ලා”, ”එතුමා” ලා කිහිප දෙනෙක් මාධ්‍ය ලෝකය තුළ නැත. තාක්ෂණයේ මහිමයෙන් ඔවුන්ගේ පිටපත් ලක්ෂයක් හෝ නිර්මාණය කළ හැකිවීම වෙනම කාරණයකි. එමෙන්ම චිත‍්‍ර සියයකින්, පුවත්පත් පිටු ගණනාවකින් ඡුායාරූප කිහිපයකින් වුව ප‍්‍රකාශ කළ නොහැකි අරුත්බර ප‍්‍රකාශයක් කාටුනයකින් ඉදිරිපත් කළ හැකිය. මෙම කාටුන් චරිතවල නිර්මාතෘන් කලක් තිස්සේ පුවත්පත් තුළ චිත‍්‍ර කලාවේ නියැළුණු චිත‍්‍රකලාව මෙන්ම පුවත්පත් කලාවද මනාව හඳුනන පිරිසක් වීමද ඔවුන් ජීවිතයේ යම් යුගයක චිත‍්‍රකතා නිර්මාණය කරමින් නොයෙක් චරිත චිත‍්‍රයට නගා තිබීමද විශේෂයකි. මේ නිසාම කාටුන් චිත‍්‍රය චිත‍්‍ර කතාවෙන්ම පැනනැගුණු සරු අංකුරයක් ලෙස හැඳින්වීම මෙහිදී නිවැරැදි වනු ඇත. ඒ නිසාම මේ චිත‍්‍රකතා ප‍්‍රදර්ශනයේදී කාටුන් ශිල්පීන්ගේද නිර්මාණ සඳහා ඉඩක් වෙන් කළේ නම් එය ප‍්‍රශංසනීය කටයුත්තක් වීමට තිබිණි. ඒ හැරුණු විට මෙම මාහැඟි ප‍්‍රදර්ශනයෙහි දක්නට ලැබුණු සුළු අඩුපාඩු කිහිපයකි. සිත්තරු 100 දෙනෙකුම ප‍්‍රදර්ශනය තුළ නියෝජනය වී තිබුණේදැයි නරඹන්නෙකුට ඇතැම් විට සැක පහළ වන්නට ඇත. හේතුව ප‍්‍රදර්ශනය සැලසුම්කොට තිබුණු අපිළිවෙල හා අක‍්‍රමවත් භාවයයි. ඒ නිසාම දෝ ප‍්‍රදර්ශනය තුළ අවුල් සහගත බවක් දක්නට ලැබිණි. චිත‍්‍රශිල්පීන් හා ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ නාමාවලියක් ප‍්‍රදර්ශන දොරටුව අසලදී නරඹන්නට ලබාගත හැකිවී නම් චිත‍්‍රශිල්පීන් හඳුනා ගැනීමටද, ඔවුන්ගේ නිර්මාණ වෙන්කොට හඳුනාගෙන රසවිඳීමටද පහසුවක් වියහැකිව තිබිණි. වෙසෙසින්ම ප‍්‍රදර්ශනය නරඹන්නට පැමිණ සිටි පාසල් ළමයින් හා චිත‍්‍ර කතා කලාව පිළිබඳ උනන්දුවක් දක්වන්නවුන්ට එවැනි නාමාවලියක් හොඳ අත්වැලක් වන්නට තිබුණා නිසැකයි. ප‍්‍රදර්ශනය නිමිත්තෙන් නිකුත්තොට තිබුණු චිත‍්‍රශිල්පීන්ගේ විස්තර ඇතුළත් සමරු කලාපය අලෙවි කළේ රුපියල් 300 කටය. එය ඊට වඩා මදක් අඩු මුදලකට ලබා දෙන්නටද කටයුතු කළා නම් හොඳය.
ගොවි විශ්‍රාම වැටුප් හිමිවිය යුතු වයස අවුරුදු 60 සම්පුර්ණ වු ගොවින් 264,227 දෙනෙකුට ගොවි විශ්‍රාම වැටුප් ගෙවා නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්
පෝස්ටර තොගයක් ඇළවීම සඳහා රැගෙන යමින් සිටි වන්නි මැතිවරණ කොට්ඨාසයට තරඟ කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු සහ ගුවන් සේවිකාවක ඇතුළු සිව්දෙනකු වවුනියාව , ප
මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ජන්දදායකයින් වෙත බෙදා හැරීමෙන් පසු ලක්ෂ 6 කට වැඩි ප්‍රමාණයක් ඉතිරිව තැපැල් කාර්යාලවල තබා ඇතැයි ත
පොළොන්නරුව බන්ධනාගාරයේ සිට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍ර
රෝද පුටුවක ගමන් කරමින් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කළ ගුවන් වයෝවෘද්ධ මගියෙකු , රුපිය
දින කිපයක් පුරා පැවති මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයෙ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 10 පවුල් 6,832 ක පුද්ගලයින් 23,689 ක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘සිත්තරු ඇඳි රූ’ නැරඹුවෙමි
නිත්‍යා Wednesday, 09 January 2013 11:33 AM
ඔබේ දස්කම් තුල ඇදි සිතුවම් ජීවමානය (ස)
නිත්‍යා Wednesday, 09 January 2013 11:36 AM
ඔබේ දස්කම් තුල ඇදි සිතුවම් ජීවමානය (ස)
d.gunaratana Monday, 02 January 2012 08:58 AM
හරිම ලස්සනයි !