(අංජුල මහික වීරරත්න)
දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යාන වල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට වත් මුදල් නැතැයි සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීන් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබෙි.
වනජීවි දෙපාර්තමේන්තුවේදී අද (31)පැවැති සාකච්ඡාවක දී සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීන් මෙි බව පවසා ඇත.
විදේශ සංචාරකයින් පැමිණිම අඩුවීම, ඉන්ධන හිඟය නිසා දේශීය සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම මෙන්ම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම වැනි කරුණු නිසා සත්වෝද්‍යාන වල සිටින සතුන් දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇති බව නිලධාරීන් දැනුම් දී තිබෙි.
රජය අයවැය ලේඛණය මඟින් වෙන් කරන ලද මුදල් ද මෙි වන විට අවසන් ඇති බව නිලධාරීන් පවසා ඇත.
සත්වෝද්‍යානවලට ආහාර සැපයුම කළ සැපයුම්කරුවන්ට මේ වනවිට රුපියල් මිලියන 59ක මුදලක් හිඟ මුදල් ගෙවීමට සිදුව ඇතැයි ද මෙම වසරේ ඉදිරි කාලය සඳහා අඩු තරමින් රුපියල් මිලියන 120ක් අවශ්‍යව තිබෙන බවද නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දී ඇත.
මෙහිදී කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි අදාල මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා මහ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර, පියවර ගන්නා බවයි.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සත්තු වත්තටත් කන්න නෑ
jagath liyanage Wednesday, 01 June 2022 06:34 AM
මොන අපරාධයක්ද දෙයියනේ මේ රටට වෙන්න යන්නේ. ඔය සත්තු ටිකට කන්න දෙන්න බැරි නම් කැලේකටවත් අහහරින්න.. මැරෙන්න දෙන්න එපා.. පවු..!
Hafeel Wednesday, 01 June 2022 09:01 AM
අගමැතිගේ සහන අය වැයට සත්වෝද්‍යානයත් ඇතුලත් කරන්න කියමු.