IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


සතියේ දවස් හතම සංගීතය සමඟයි

සංගීත විශාරද මනෝජ් පීරිස්

සංගීත විශාරද මනෝජ් පීරිස් අද දවසේ සිටින කාර්ය බහුල සංගීත ශිල්පියා ලෙස හැඳින්විය හැකිය. වෘත්තියෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මාණ්ඩලික අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරන මනෝජ් රූපවාහිනියේ විකාශය වෙන සංගීත වැඩ සටහන් ගණනාවක සංගීත අධ්‍යක්‍ෂවරයා මෙන්ම ශිල්පීන්  සම්බන්ධීකරණය ද සිදු කරනු ලබයි. ඒ අතරේ මෙරට සංගීත ප‍්‍රසංගවලට මෙන්ම විවාහ මංගල්‍ය උත්සවවලට ද ඔහු නැතුවම බැරි ශිල්පියෙක් බවට පත්ව සිටී. මේ සියලූ කරුණු ගැන මනෝජ් පසුගියදා අප සමඟ කළ කතාබහක දී හෙළි කරන්නට විය. ‘‘ඇත්තටම මම සතියේ දවස් 7 තුළ වැඩ කරන කාර්ය බහුල සංගීත ශිල්පියෙක් වෙලා. ඒත් ඒ සියලූ කටයුතු නිවැරැදි  කළමනාකරණයකින් සිදු කරන හින්දා ප‍්‍රශ්නයක් නෑ. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ හැම ඉරිදාවකම විකාශය වන ‘‘සංහිඳ’’ වැඩ සටහන මා සතුටින් සංගීතය සපයන වැඩ සටහනක්. එයින් මා ලොකු තෘප්තියක් ලබනවා. ජීවතුන් අතර නැති ගායකයන්, සංගීතවේදීන්, පද රචකයන් පිළිබඳව අනුස්මරණය කරන මේ වැඩ සටහනේ සංගීත අධ්‍යක්‍ෂණයෙන් මා ලබන සතුට අපමණයි. ඒ වගේම දෙරණ නාලිකාවෙන් හැම ඉරිදාවකම විකාශය වෙන ‘‘ලිට්ල් ස්ටාර්’’ වැඩ සටහනත් මා සතුටින් කරන දෙයක්. අනෙක් රියැලිටි වැඩ සටහන්වලට වඩා මෙය වෙනස්. මෙහි දී අවු. 8-12ත් අතර දරුවන් අපේ ජන ගී, ශාස්ත‍්‍රීය ගී, සරල ගී නාඩගම් ගී, කණ්ඩායම් ගී, වේදිකා නාට්‍ය ගී, චිත‍්‍රපට ගී යන හැම දෙයක් ගැනම හොඳ දැනුමක් ලබා ගන්නවා. ඔවුන් ඒ සියලූ ගී ගායනා කරනවා. මෙයින් රටට වැඩක් ඇති උගත් දරුවෙක් තමයි බිහි වෙන්නේ. එයට මම හරි සතුටින් සංගීතය සපයන්නේ. ස්වාධීන රූපවාහිනියේ ‘චැට් ඇන්ඞ් මියුසික්’’ වැඩ සටහනත් ටී.එන්.එල්. රූපවාහිනියේ ‘‘ASP පැදුරු සාදය’’ වැඩ සටහනත් මා සතුටින් කරන තවත් නිර්මාණ දෙකක්. ‘‘ASP පැදුරු පාටිය’’ මා සංගීතවත් නොකළාට එහි ශිල්පීන් සම්බන්ධීකරණය හා මගේ වාදක මණ්ඩලයක් යොදවා තිබෙන්නේ. ඔය අතරේ හොඳ ගී ප‍්‍රසංග සංගීතවත් කරන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් ද? විවාහ මංගල්‍ය උත්සව සෑහෙන්න ලැබෙනවා. මා කළ විවාහ උත්සවවල ප‍්‍රමාණය මතකත් නෑ. කලාකරුවන්ගේ විවාහ උත්සව රැසක් මා අතින් සංගීතවත් වුණා. කලාකරුවන්ගේ විවාහ මංගල්‍ය සංගීතවත් කළත් තවම මගේ විවාහය නම් සිදු වුණේ නෑ. තවම තනිකඩව තමයි ඉන්නේ. ආදරය අවශ්‍යයි. එහෙම නැත්නම් ජීවත් වෙන්න බැහැ. ආදරයෙන් මම ගොඩක් පොහොසත් කෙනෙක්. සංගීතය වෙනුවෙන් මගේ කාලය කැප වෙන හින්දා මට ජීවිතයේ පපාළුවක් තනිකමක් දැනෙන්නේ නැති තරම්’



අදහස් (0)

සතියේ දවස් හතම සංගීතය සමඟයි

gam Monday, 19 September 2011 05:27 PM

හරිම ප්‍රියමනාප කලාකරුවෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වැලිකඩ තරුණයාගේ සිද්ධිය සීඅයිඩියට
2025 අප්‍රේල් මස 05 115 0

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැ


ඉන්දීය අගමැති විපක්ෂ නායක හමුවෙයි
2025 අප්‍රේල් මස 05 136 0

මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද (5) කොළඹ දී සිදුවිය.


දේශබන්දු යෝජනාවට පක්ෂ රැසකින් රතු එළියක්
2025 අප්‍රේල් මස 05 4388 5

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර


මෝදි- අනුර එක්ව ලංකාවේ දැවැන්ත වැඩ තුනක් අරඹයි
2025 අප්‍රේල් මස 05 1966 5

ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 3ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභ


සහන කණ්ඩායම මියන්මාරයට පිටත් වෙයි
2025 අප්‍රේල් මස 05 615 0

භූමි කම්පාවෙන් විපතට පත් මියන්මාරයේ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසි හය දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය සහ සහන සේවා කණ්ඩායම විශේෂ ගු


බද්ද ගැන රජය ඇමරිකාව එක්ක සාකච්ඡා කරන්න යයි
2025 අප්‍රේල් මස 05 416 3

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 262 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 421 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 934 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site