IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සීතල ස්ටේෂමේ අපූරු රේල් ගැටය...

2016-10-30-ent-76

දැනට ටික කාලෙකට කලින් අපි ගියා ඔබත් එක්ක දෙමෝදරට. ඒ ගියේ ඇල්ල දුම්රිය ස්ථානය හා දෙමෝදර දුම්රිය ස්ථානය අතරේ තියෙන ලෝක ප්‍රසිද්ධ ආරැක්කු නවයේ පාලම බලන්න. එදා කියන්න බැරිවුණ හා අදටත් දෙස් විදෙස් සංචාරකයෝ පෝලිමේ බලන්න එන අනෙක් අපූරැ දුම්රිය සංසිද්ධිය බලන්න යන්න තමයි මේ සූදානම. අද අපි යන්නෙත් දෙමෝදරට. කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ කෙළවරකම තියෙන මේ සීතල කෝච්චි ස්ටේෂමට වැඩිපුර මිනිස්සු එන්නේ කෝච්චියේ යන්න නෙවෙයි. ඒ එන්නේ මෙරට දුම්රිය මාර්ග සිතියමේ චිත්තාකර්ෂණීය නිර්මාණයක් වෙන දෙමෝදර රේල් ගැටය බලන්න.

2016-10-30-ent-70බදුලු ඔයට තවත් අතු ගංගාවක් එකතුවෙන තැන නිසා දෙමෝදර කියලා නම වැටුණු මේ ප්‍රදේශය අද වෙද්දී ලෝකයේ එහා කෙළවරේ සංචාරකයින් පවා ඇවිල්ලා බලලා යන තරමට ප්‍රසිද්ධයි. ‘දෙමෝදර දුම්රිය මාර්ගය’ ලෙස හඳුන්වනු ලබන සුප්‍රකට නිමවුම් බොහෝ දෙනකු විසින් හඳුන්වනු ලබන්නේ විශ්වකර්ම නිර්මාණයක්‌ ලෙස. එවකට යටත් විජිත සුදු පාලකයින් පවා මවිත කරන ලද එය දුලභ ගණයේම දුම්රිය මාර්ගය බවටද පත් වුණේ ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ලෝකයේම එවැනි දුම්රිය මාර්ගයක්‌ ඉදිකෙරැණු පළමු අවස්‌ථාව වුණ නිසා. සර් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරතුමා තමයි මුලින්ම ලංකාවේ දුම්රිය මාර්ගයක් ඉදිකිරීම ආරම්භ කරන්නේ. ඒ මහත්තයාට පසුව ආපු පිරිස කොළඹ ඉඳලා බදුල්ලට කෝච්චි පාර හදාගෙන යද්දී නොසෑහෙන්න දුක් විඳලා තියෙනවා. දැන් වගේ යන්ත්‍රසූත්‍ර තිබුණේ නැති ඒ අතීතයේ තඩි සිල්පර කොටන් හා බර යකඩ පීලි මිනිස් ශ්‍රමයෙන් එහා මෙහා උසවන්න ඇති. ඉංග්‍රීසීන් හැදෙව්වට ඕවා ඉස්සුවේ කඳුකරයේ හිටිය අහිංසක සිංහලයෝ. පනමක් දෙකක් බදු ගෙවාගන්න බැරිවුණාම කුදාලාගෙන ආපු සිංහලයෝ.

කොහොම හරි කොළඹ ඉඳලා බදුල්ලට කෝච්චි පාර හදාගෙන කිලෝමීටර් 276ක් ගියාට පස්සේ ඔන්න ඉංජිනේරැවන්ගේ ඇස් උඩයන මාර්ග බාධකයක් හමුවුණා. ඒ තමයි එකවරම දැවැන්ත කදුබෑවුමක්. මේකෙන් එකපාරට කෝච්චිය පහළට ගන්න බැරි නිසා කෝච්චිපාර තවත් කිලෝමීටර් 4ක් විතර ලොකු රවුමක් ගහලා තමයි එන්න ඕනෑ. දෙමෝදර දුම්රිය ස්ථානයේ වැඩබාරව සිටියේ ශ්‍රී ලාංකික පුත්‍රයකු වූ ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා. නමුත් දෙමෝදර ප්‍රදේශයේ මෙහි නිර්මාණාත්මක අදහස පිළිබඳ කියෑවෙන ජනප්‍රවාදයක්‌ ප්‍රචලිතයි. අප්පුහාමි නම් වූ හරක්‌ බලා ගන්නෙක්‌ හෙවත් ගොපලු තරැණයෙක්‌ පිළිබඳ වූ කතාවක්‌ එලෙස ජනප්‍රවාදයට එක්‌වෙලා තියෙනවා. සිය හිසෙහි ජටාව බඳින ආකාරය පෙන්වා කන්ද වටා එම ආකාරයම දුම්රිය මාර්ගය ඉදිකිරීමට සුදුසු බව ඔහු කිව්වලු. ඒ අනුව කන්ද වටා ගොස්‌ දුම්රිය ස්‌ථානයට යටින් උමගකින්ද ගොස්‌ දුම්රිය ධාවනය කිරීමට සුදුසු දුම්රිය මාර්ගයක්‌ ඉංග්‍රීසි පාලකයන් විසින් ඉදිකරන ලදී. මෙම දුම්රිය මාර්ගය කන්දක්‌ වටා ගමන් කරන්නේ ආනතියකින් යුතුව. ඒ ආනතිය අඩි 44 ට අඩි 1 ක්. ඒ කියන්නේ අඩියක් ඉහළට දුම්රිය එසවෙන්න අඩි 44ක් දුර ගමන් කරන්න ඕනෑ.

ඔබ දෙමෝදර දුම්රිය ස්ථානයේ මේ අපූරැ සංගෙදිය බලන්න ගියොත් අමතක නොකර ඒ ළඟම තියෙන කළු පාලමත් බලන්න යන්න. දෙමෝදර දුම්රිය මාර්ගයේ ගමන අවසන් වී බදුල්ල දෙසට යළි ගමන් අරඹන්නේ කළු පාලම මතිනි. කළු පාලමද බදුලු ඔය හරහා ඉදිකොට ඇති විශිෂ්ට නිර්මාණයක්. කළු ගල් එක මත එක තැබූ එහි ආරැක්‌කුවල උස අඩි සියයකටත් වඩා වැඩියි. ඒ යටින් දුප්පත් ලෙස ගලාගෙන යන්නේ බදුලු ඔය. අමතක කරන්න එපා. කෝච්චි පාරවල් හැදුවේ සුද්දෝ කිව්වාට මේ හැමදෙයක්ම වගේ ශ්‍රී ලංකික ඉංජිනේරැවන්ගේ විස්මිත නිර්මාණ.

 

ප්‍රසාද්

 

2016-10-30-ent-79
2016-10-30-ent-78
2016-10-30-ent-77
2016-10-30-ent-75
2016-10-30-ent-71
2016-10-30-ent-72
2016-10-30-ent-73
2016-10-30-ent-74



අදහස් (0)

සීතල ස්ටේෂමේ අපූරු රේල් ගැටය...

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 796 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1652 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 916 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 308 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1417 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 994 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39787 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site