IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වැඩ බැලීමට රේණුකා බණ්ඩාරනායක

(සුජිත් හේවාජුලිගේ)

ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය  සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත්වීමෙන් පසු පුරප්පාඩුවූ එම තනතුරේ  වැඩ බැලීම සඳහා එහි  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  රේණුකා බණ්ඩාරනායක මහත්මිය  පත්කර ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එම තනතුරින් ඉල්ලා අස්වූයේ  ඉකුත් 9 වැනිදාය.

පෞද්ගලික හේතු මත තමා  ඉල්ලා අස්වන බව වික්‍රමසිංහ මහත්මිය  එම
තනතුරින් ඉල්ලා අස්වෙමින්  ජනාධිපතිවරයාට  යැවූ ලිපියේ සඳහන්විය.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට  ජනාධිපතිවරයා තවමත් සුදුස්සකු පත් කර නැතැයිද විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට  පත් කෙරුණේ 2020 ජනවාරි මස
17 වැනිදාය.

මේ අනුව  ඇය  එම තනතුරේ වසර දෙකකට ආසන්න කාලයක් කටයුතු කළේය.



අදහස් (5)

සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වැඩ බැලීමට රේණුකා බණ්ඩාරනායක

කල්පනා Wednesday, 15 September 2021 03:12 PM

මෙම ආයතන සැමදා දියුණුවක් නොලබන්නේ පලපුරුදු අය සිටියදී අහසින් පාත්වුණා වගේ කෙනෙකු ඉහළ තනතුරට පත්කරන නිසායි. මෙම මහත්මිය මෙහි දිගුකලක් පලපුරුද්දක් සහිත අයෙක් නම් අධ්‍යක්ෂ ජෙනරාල් කිරීමේ වරදක් නැහැ නේද?

:       0       7

labugama Wednesday, 15 September 2021 03:30 PM

මෙයාලව දැකගන්න කීයක් අයකරනවද?

:       0       3

fairoos Wednesday, 15 September 2021 03:39 PM

කවුරු ආවොත් සර්ට කඩේ ගියොත් ගොඩ... නැතිනම් මඩ තමයි.

:       1       4

විපරමා Wednesday, 15 September 2021 03:42 PM

මේ තනතුරට ගැළපෙන්නේ පහුගිය දවස්වල හිරගෙවල් වලට පැනපු කෙනා

:       0       4

Nandalal DE SILVA - France Thursday, 16 September 2021 01:01 AM

සත්තු වත්තේ මුල් පුටුවට සරිලන රාජපක්ෂ කෙනෙක් හෝ ඒ නමට ගැලපෙන කෙනෙක් හෝ හොයාගන්න බැරි වුනේ මොකද කියලා සමහරු අහනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ගාල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 53 0


පස්සර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 31 0



හක්මන ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 73 0


කළුතර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 164 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 241 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site