IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සතොසට දෙයියන්ගෙ හාල් කැවිලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි පවසා සත්ත්ව ආහාර සඳහා නිකුත් කළ සහල් තොග නැවත ලබාගෙන පරිභෝජනයට සුදුසු ලෙස සකස් කිරීමට සමුපකාර තොග වෙළඳ සංස්ථාව කටයුතු කර ඇති බවත් එසේ සහල් පිරිසිදු කර සකසා දීමට හාල් මෝල් හිමියන්ගෙන් මිල ගණන් කැඳවා ඇති බවත් පොළොන්නරුව මහජන සෞඛ්‍ය කාර්යාලය පවසයි.

එසේ මිල ගණන් කැඳවා ලබාදුන් සහල් කිලෝ පන්ලක්ෂ හැත්තෑ අටදාස් අනුහයදහසක් පොලොන්නරුව සහ මින්නේරියේ සහල් මෝල් දෙකක තිබී විශේෂ පොලිස් කණ්ඩායමක් සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් විසින් එක් සැකකරුවකු ද සමග අත්අඩංගුවට ගනු ලැබීය.

වැටලීම් කණ්ඩායම යන අවස්ථාවේ මෝලක සතොසට අයත් ලොරි රථ 10ක් පමණ තිබුන අතර සහල් මිනිස් පරිභොජනයට නුසුදුසු සහල් තොග එම ලොරි රථවල තිබී ඇති අතර එම මෝල් හිමියන් කල් ඉකුත් වු සහල් තිබු උර ඉවත් කර සතොස මගින් ලබා දුන් නව උර වලට දමා අලුතින් කල් ඉකුවීමේ දින සහ නිෂ්පාදිත දින සටහන් කර ඇතැයි කියති.

‘අපට ගොල්ලො ඉවත් කරලා පුස් ඉවත් කරලා ගල්වැලි අයින් කරලා මිනිස්සුන්ට කින්න පුඑවන් විදියට හදලා දෙනවාට සතොස විසින් හාල් කිලෝ එකකට රුපියල් 6.15ක් ගෙවනවා. අපට බෑග් දෙන්නෙත් ප‍්‍රවාහනය කරලා දෙන්නේත් පිරිසිදු කළ හාල් රැගෙන යන්නෙත් සතොස විසින්මයි. අපට හාල් කිලෝ මෙට්‍රික් ටොන් 500 සදහා රුපියල් විසිදෙකොටි පන්සිය ලක්ෂයක බැංකු ඇපකරයක් ද තියන්න වුණා. අපට මුලින්ම සහල් කිලෝ පන්ලක්ෂ අසුදාහක් ලැබුණා. අපි දන්නෙ නෑ අපිට කරන්න කියපු දේ අපි කළා‘ යැයි සහල් මෝල් හිමියෙක් කීවේය.

සතොස සභාපති   මොහොමඩ් රිෂ්වාන් හමිඩ් පැවසූයේ සතොස ලබා දුන්   සියලු සහල් තොග නැවැත සතොසට ගෙන්වා ගැනිමට කටයුතු කරන බවත් අද (28) ලේකම්ගේ ප‍්‍රධානත්වයෙන්  රැස්විමක් තබා  ඒ සම්බන්ධයෙන් තිරණයක් ගන්නා බවත්ය.

පරිභොජනයට නුසුදුසු සහල් ගබඩාකර තිබු ස්ථාන දෙකක් මුද්‍රා තැබිණි.

PIX---14---s PIX---16---s PIX---17---s PIX---19---s



අදහස් (0)

සතොසට දෙයියන්ගෙ හාල් කැවිලා

බන්දුල. Monday, 29 August 2016 06:33 AM

කෝ දැන් ලොක්කෝ නිදිද? සන්හිදියාවනේ නේද? (බ)

:       0       0

විකුම් රංගන Sunday, 28 August 2016 01:40 PM

සතොසට නම් මොකුත් කැවීම කෙසේවෙතත්, සතොසින් කන අයට තමයි දෙයියන්ගේ හාල් කැවිලා තියෙන්නේ. අනික සතොස වුණත් දෙන්නේ, ඒ ඒ අයට සුදුසු කෑම වර්ගනේ. සතුන්ට දෙන්න ඕනෑ හාල් මිනිසුන්ට දීලා හරියන්නෙත් නැහැනේ. නේද ප්‍රියා? (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 28 August 2016 01:44 PM

හැමතැනම හොරු බලාගෙන යද්දී. තුන්වේලටම බත් ගිලින්න කියන්නේ මේවටද? (නි)

:       0       0

කුවේට් බණ්ඩාර Sunday, 28 August 2016 02:08 PM

වී කල්තියාගන්න හැකි වුණත් සහල් මාස 3 කට එහා කල්තියාගන්න බැහැ. අපේ ලංකාවේ නිලධාරීන්ට මේවා නොතේරෙන එකනේ පුදුමේ (නි)

:       0       0

ධම්ම Sunday, 28 August 2016 02:25 PM

අපට මේවා නොවෙයි කවන්න තියෙන්නේ පිදුරු, කරගත්ත මෝඩ වැඩේට. (නි)

:       0       0

අශෝක Sunday, 28 August 2016 02:55 PM

පුළුවන් නම් ඔය හාල් ටික දියවන්නා කැන්ටිමේම හදලා එතන ඉන්න සමහර මොළකාරයන්ටම කන්න දුන්නා නම් හරි නේද? (නි)

:       0       0

ශශික Sunday, 28 August 2016 03:20 PM

ගණන් ගන්න එපා අනේ. අපි කමු. යහපාලන හාල්නේ... (නි)

:       0       0

කපිල Sunday, 28 August 2016 04:44 PM

මෙන්න යහපාලනය! ආර්ථිකය අතින් අපේ බෙල්ල මිරිකා ජාතියම විනාශ කරන දීර්ඝකාලින ක්‍රම මේවා. වසකැවීම ටික ටික වෙනවා වගෙයි (නි)

:       0       0

ලක්ෂි Sunday, 28 August 2016 05:09 PM

අපේ රටේ බහුතරයකට ඕනෑම ජරාවක් ගිල්ලවන්න පුලුවන් කියලා ලොකු අැත්තො දන්නවා (නි)

:       0       0

ලංකාසිරි Sunday, 28 August 2016 05:09 PM

මේවාට අණදුන් සතොස නිලධාරීන් අත්අඩංගුවට ගතයුතුයි නේද? (නි)

:       0       0

චන්දන Sunday, 28 August 2016 06:59 PM

මට නම් කියන්න පුළුවන් මොන කට්ටියද කියලා. හොඳට බලන්න. මේවට කියන්නේ නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ කියලා. ඔබට සතුටුයිද දැන්? මේක තමයි ඉල්ලපු වෙනස. තව තව දේවල් බලාගන්න පුළුවන් ඉස්සරහට (නි)

:       0       0

රවිඳු Sunday, 28 August 2016 07:45 PM

ආණ්ඩුව සිල්ලර කඩ විදිහට ඕවා කරන්න ගියාම ඔහොම තමයි. සමහරුන්ට නොතේරුනාට ඕවායේ තියෙන්නේ වංචාව හා දුෂණය පමණයි. සුදුසුකම් නැති දේශපාලන පන්දම්කාරයෝ තමයි ඕවායේ වැඩ කරන්නේ. ලංකාවේ ඕනෑතරම් හොඳ සුපිරි වෙළඳසල් තියනවා. බඩු මිලේ වෙනසකුත් නැහැ. එහෙම තියාගෙන මොකටද සල්ලි දීලා ජරාව කන්නේ? එ්ත් ජරාවම කාලා පුරුදු අයට කන්න පුළුවන් එක ගැන ගැටළුවක් නැහැ. (නි)

:       0       0

යූ. රෝහණ Monday, 29 August 2016 01:28 AM

කොහොම වුණත් මේ රටේ සල්ලි, මේ සහල් රටේම මිනිසුන්ට බෙදා දුන්නා නම් එක් අයෙකුට සහල් කිලෝ 2 බැගින් රටේ සියලුම දෙනාට බෙදන්න තිබුනා. කන්න නැති කී දෙනෙක් මේ රටේ ඉන්නවද?දේශපාලන බේදයකින් තොරව මේ රට දේශපාලඥයෝ එකතුවෙලා විනාශ කරනවා. හොඳම දේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියත් තියෙන්නේ මේ අමත්‍යංශය යටතේ වීමයි.

:       0       0

මංගල වේලාරත්න Monday, 29 August 2016 03:14 AM

මෙයට සම්බන්ධ ඉහළ සිට හැමදෙනාගේම වහාම වැඩ නවතා විධිමත් පරීක්ෂණයක් කරන්න (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 29 August 2016 03:20 AM

විනිවිදබාවයකින් පරීක්ෂණ කටයුතු කරන්න ඕනෑ. යහපාලනයට විශාල කළු පැල්ලමක් මේක (නි)

:       0       0

සෙනරත් Monday, 29 August 2016 03:28 AM

කලින් එක්කෙනෙක් සතොස විකුණාගෙන කාලා ගියා. දැන් හොඳ වී සත්ව ආහාර වලට විකුණලා, සත්ව ආහාර වලට නිර්දේශ කළ සහල් මිනිසුන්ට කවන්න හදනවා. මේකද යහපාලනය. තවමත් මේ බොරුවට රැවටෙන මිනිස්සු අපේ රටේ සිටිනවා. (නි)

:       0       0

රවි දර්ශන Monday, 29 August 2016 03:54 AM

රජයේ ප්‍රතිපත්තිය, වස විස නැති ආහාර වලින් සපිරි රටක්...(බ)

:       0       0

ප්‍රියාන් Sunday, 28 August 2016 12:31 PM

සතොසට විතරක් නෙවෙයි දෙවියන්ගේ හාල් කැවිලා තියෙන්නේ... (ර)

:       0       0

ඇසළ Monday, 29 August 2016 04:35 AM

අපි මේ කට්ටියම 2020 දීත් පත් කරගන්න බලාපොරොත්තු වෙනනවා. 2021 ඉදන් පුන්නක්කු කන්න බලාගෙන. (බ)

:       0       0

බාලසූරිය Monday, 29 August 2016 05:04 AM

සතොස බංකොළොත් කරලා විකුණලා දායි. තව කල් තියෙනවානේ. ඇයි මේ අය පාර්ලිමේන්තු යවන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 342 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1409 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 996 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1617 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 615 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 2099 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39314 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25636 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site