IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සතොසේ මත්පැන් විකිණීම ඇමැති නවතයි

බදාදා සිට සතොස වෙළඳ සංකීර්ණවල මත්පැන් විකිණීම සම්පූර්ණයෙන් ම තහනම් කරණ බව ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. අද යෝර්ක් වීදියේ සතොස සුපිරි වෙළඳ සංකීර්ණය පරීක්ෂා කිරිමේ දී එහි මත්පැන් අළෙවිකරණ ආකාරය දුටු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. රාජ්‍ය ආයතන විකිණිය යුත්තේ ජනතාවට යහපත් සුදුසු දේ බවත් මත්පැන් වැනි විෂ විකිණීම වහාම නතර කළ යුතු බවත් අමාත්‍යවරයා කීවේය. මතට තිත තබමින් දැනට ඇති මත්පැන් වහාම අළෙවියෙන් ඉවත්කරණ ලෙස ද ඒ මහතා නියෝග කළේය.



අදහස් (0)

සතොසේ මත්පැන් විකිණීම ඇමැති නවතයි

මයික් Tuesday, 20 January 2015 06:19 AM

සතොසට කොහොමත් හෙණහුරා තමයි හැමදාම. මිනිසුන්ට තරඟකාරීබවෙන් බඩු ගන්න බැහැ. ඔන්න ඔහොමයි වෙන්නේ. (නි)

:       0       0

අමාලි Tuesday, 20 January 2015 06:23 AM

දැන් ඉතින් බේබද්දෝ මුළු ලංකාවෙන්ම තුරන්වෙලා යයි. (නි)

:       0       0

ජගත් Tuesday, 20 January 2015 06:28 AM

මතට තිත කියලා පටන් අරගෙන අවසන් වෙනකොට තිතට මත වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

මහේන්ද්‍ර වල්පොල Tuesday, 20 January 2015 06:44 AM

මේක සතොසින්ම ආරම්භ කළේ ඇයි දන්නෙ නැහැ (නි)

:       0       0

විභූති Tuesday, 20 January 2015 06:47 AM

කුමන අරක්කු වර්ගයද මේ? (නි)

:       0       0

කුමුදු Tuesday, 20 January 2015 06:47 AM

ඒගොල්ලෝම මේවා නවත්වන එක හොඳයි (නි)

:       0       0

කපුසිංහ Tuesday, 20 January 2015 06:59 AM

දින 100 ට මේවත් අදාළද? (නි)

:       0       0

නලිනි Monday, 19 January 2015 11:15 PM

අපිට නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

බණ්ඩා Tuesday, 20 January 2015 07:50 AM

අරක්කු නවත්වපු ගමන් ස.තො.ස . පාඩු ලබන්න පුලුවන් (නි)

:       0       0

රාජ් Tuesday, 20 January 2015 08:17 AM

තේරුමක් නැති වැඩක්. මූලිකවම සතොස කියන්නෙ අමාරුවෙන් ඇදගෙන යන ආයතනයක්. ඒ වගේ තැනක තියෙන්න ඕන මේ වගේ ටිකක් ලාභ ප්‍රතිශතය වැඩි ද්‍රව්‍ය. මත්පැන් වලින් ඒක කවර් වෙනවා. මේකෙන් වෙන්නෙ එක දෙයයි. ඒ ලාභය නැතිවීම විතරයි. බොන්න ඕන කෙනා කොහොමත් බොනවා. මිනිස්සුන්ට සන්දර්ශන පෙන්නන්නෙ නැතිව මත්පැන් විකුණලා ඒ ලැබෙන ලාභයෙන් වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩයක මිල අඩු කිරීමයි කලයුතු (නදී)

:       0       0

කසුන් Tuesday, 20 January 2015 01:17 AM

බොහොම විමසිල්ලෙන් සිටියුයුතු කාලයක් (නි)

:       0       0

නිහාල් Tuesday, 20 January 2015 08:32 AM

ඇමතිවරුන් පරිපාලනයේදී වඩාත් බුද්ධිමත් වියයුතුය (නි)

:       0       0

දිමුතු Tuesday, 20 January 2015 09:00 AM

මත්පැන් විකිණීම සීමා කළයුතුයි. නමුත් සතොස විතරයි මිනිස්සුන්ට විශ්වාසයක් ඇතුව නියම අරක්කු බෝතලයක් ගන්න තිබුන තැන.අනිත් ගොඩක් තැන්වල තියෙන්නේ වස විෂ සහිත වඩාත් නරක ඒවා.එනිසා මෙවැනි තීරණ ගන්නකොට බුධිමත්ව සිතා තීරණ ගතයුතුයි.(හේ)

:       0       0

නදීර Tuesday, 20 January 2015 09:16 AM

කන්න නැති කාළේ බොන්නවත් තිබුණා. මෙදා පාර ඒකත් නැති වුනා .(හේ)

:       0       0

අනුර Tuesday, 20 January 2015 04:27 AM

විශිෂ්ටයි! (නි)

:       0       0

පුබුදු Tuesday, 20 January 2015 04:29 AM

අනික් සුපර් මාර්කට්වලට මේ නීතිය නැද්ද? (බ)

:       0       0

රවී Tuesday, 20 January 2015 04:35 AM

කාලෝචිත ක්‍රියාවක්. බේබද්දන්ගෙන් රට බේරගන්න. (බ)

:       0       0

සිරිල් Tuesday, 20 January 2015 04:44 AM

පිස්සු හැදෙනවා (බ)

:       0       0

ඉම්රාන් Tuesday, 20 January 2015 05:16 AM

ඉතා හොඳ දෙයක් (බ)

:       0       0

වෛද්‍ය තිලක් ද සිල්වා Tuesday, 20 January 2015 05:30 AM

ඔබගේ ක්‍රියාව ඉතා අගය කළයුතුයි. අනෙකුත් ඇමතිවරුත් මත්ද්‍රව්‍ය පි‍ටුදැකීමට කටයුතු කරන්න ඕනෑ. ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා මරණාසන්නව දුක්විඳින මහරගම පිළිකා රෝහල ඇතුලු අනෙකුත් රෝහල් වල සිටින රෝගීන් ගැන විස්තර මහජනතාවට හෙළිකර මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන සැබෑ ප්‍රතිඵල මිනිසුන්ට පෙන්වාදීම අනිවාර්යයෙන් කරන්න ඕනැ. නැතුව වැහුවට විතරක් වැඩක් වෙන එකක් නැහැ. (නි)

:       0       0

ලියොන් Tuesday, 20 January 2015 05:42 AM

සමහර අයගේ වැඩ දැක්කහම හිතෙන්නේ තමන්ගේ තනතුර ලෝකයේ තිබෙන ලොකුම කෙරුමගේ තානාන්තරයක් වගේ හිතාගෙන කටයුතු කරන බවයි. (නි)

:       0       0

ජෙහාන් Tuesday, 20 January 2015 05:47 AM

මතට තිත කියලා පටන් අරගෙන අන්තිමට තිතට මත නම් වෙන්න එපා (නි)

:       0       0

පත්මසිරි Tuesday, 20 January 2015 05:57 AM

වරදවා හිතන්න එපා. මේකෙන් වෙන්නේ හොර අරක්කුකාරයන්ගේ මඩිය තරවෙන එක. පළමුවෙන්ම ඒවා නවත්වලා මෙතෙනට එන්න ඕනෑ. ලෝකයේ කිසිම රටක අරක්කු නවත්වනවා කියන එක විහිළුවක්. වියයුත්තේ නීත්‍යානුකූල නොවන විදිහට ඒවා පවත්වාගෙන යන එක නවත්වන එකයි. (නි)

:       0       0

ලාල් Tuesday, 20 January 2015 06:04 AM

නියම වැඩක්නේ! අනෙකුත් සියලුම සුපර් මාර්කට් වලත් මත්පැන් විකිණීම වහාම නවත්වන්න. (නි)

:       0       0

සෑම් Tuesday, 20 January 2015 06:13 AM

මේක හොඳ දෙයක් හැටියට මම දකින්නේ නැහැ. බොන මිනිහා සතොසේ මත්පැන් නැහැ කියලා නොබී ඉන්නේ නැහැ. වැඩි ගානක් දීලා විශ්වාස නැති තැනකින් හරි අරගෙන බොනවා. ඊට වඩා හොඳ නැද්ද විශ්වාසවන්තකම සහ සාධාරණ අයකිරීම යන දෙකටම ප්‍රසිද්ධ සතොස වගේ තැනකින් මේවා ලබාගන්න පහසුකම් සැළසීම? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 661 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 246 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1374 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2601 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 213 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1516 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site