ජාතික චිත‍්‍ර කතා පදනම සංවිධානය කළ චිත‍්‍රකතා ශිල්පීන් 200කට වැඩි පිරිසකගේ චිත‍්‍ර ඇතුළත් ”සිත්තරු ඇදි රූ” ප‍්‍රදර්ශනය මේ දිනවල කොළඹ ජාතික කලාභවනේදී පැවැත්වෙන අතර, එහි අවසන් දිනය අදට (09) යෙදී තිබේ. ”සිත්තරු ඇදි රූ” ප‍්‍රදර්ශනය පසුගිය 07 වැනි දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. එහිදී ජනාධිපතිවරයා විසින් චිත‍්‍රකතා ශිල්පීන් සියලූ දෙනා සමග කතාබහ කරමින්, ඔවුන්ගේ චිත‍්‍ර රසවිඳීම විශේෂත්වයකි. ජාතික චිත‍්‍රකතා පදනමේ සභාපති දයා රාජපක්‍ෂ හා ලේකම් දුමින්ද සංජීව බාලසූරිය යන මහත්වරු මෙහිදී ජනාධිපතිතුමාට කරුණු පැහැදිලි කර දෙමින් චිත‍්‍ර නැරඹූ අයුරුත් ප‍්‍රවීණ චිත‍්‍රකතා ශිල්පී ”විජය, බිළිඳු” පුවත්පත් කර්තෘ පියල් උදය සමරවීර හා ලංකාදීප චිත‍්‍රකතා ශිල්පි බෙල්ලන සෝමසිරි යන අය සමඟ ජනාධිපතිතුමා කතා කළ අයුරුත් ඡුායාරූපවල දැක්වේ. ”සිත්තරු ඇදි රූ” ප‍්‍රදර්ශනයේ අවසන් දිනය වන අද (09) පස්වරු 3.30ට සමාප්ති වැඩසටහන සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා සහභාගි වීමට නියමිතය. ප‍්‍රදර්ශනය නැරඹීමට දහස් සංඛ්‍යාත පිරිස් මේ වන විට පැමිණ ඇති බවත්, නමින් හා චිත‍්‍රකතාවලින් පමණක් දැන සිටි චිත‍්‍රකතා ශිල්පීන් රසියන්ට හඳුනා ගැනීමට මෙය මහඟු අවස්ථාවක් වූ බවත් ජාතික චිත‍්‍රකතා පදනමේ සභාපති දයා රාජපක්‍ෂ ”රසවින්දනට” පැවසීය. ඡායාරූප ශාන්ත රත්නායක
දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිත් රූ ඇඳි රූ