‘‘මම ඉගෙනගත්තේ බම්බලපිටිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ. පාසල් යන කාලයේදී සංගීතය තමයි හැදෑරුවේ. ඒ වුණත් මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා නිළියක් වන්න. නමුත් ඒකට අවස්ථාවක් ලැබුණේ නෑ. ඔය අතරේ තමයි 2011 වසරේ මම එංගලන්තයට ගියේ වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට. එහේ ලන්ඩන්වල සිටිද්දී ප‍්‍රවීණ චිත‍්‍රපට නිෂ්පාදන සුනිල් ටී. ප‍්‍රනාන්දු මහත්මයා මට හමුවුණා. ඔහු රඟපාන්න කැමතිද කියා මගෙන් ඇහුවා. ඇත්තටම මම ලොකු ආශාවකින් හිටියේ රඟපාන්න. ඒ හින්දා ඒ ආරාධනය පිළිගත්තා.
ඒ ආරාධනයෙන් ඔහු නෂ්පාදනය කළ, වී. සිවදාසන් අධ්‍යක්‍ෂණය කළ ‘‘දෝනි’’ චිත‍්‍රපටයේ රඟපෑවා. එය තමයි මා රංගනයට එක්වූ මුල්ම චිත‍්‍රපටය. ඊට පස්සේ ‘‘රන්ජා”, ”ජීවිතේ ලස්සනයි’’ වැනි චිත‍්‍රපටවල රඟපෑවා. චිත‍්‍රපටවලින් පස්සෙ පුංචි තිරයට එක්වන්න අවස්ථාව ලැබීමත් සතුටට කරුණක් වුණා. ඒ අනුව සිරස නාලිකාවේ විකාශය වන ‘‘සිදංගනාවෝ’’ ටෙලිනාට්‍යයේ උදාරි ලෙස රඟපාන්නේ ආයෝමි ශානිකා. මම ඇයගේ අක්කා ඉෂානි ලෙස රැුඟපානවා. එයට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.
මේවන විට ටෙලිනාට්‍ය කීපයක රඟපාන්න අවස්ථාව උදාවුණා. ඒවා ළඟදීම විකාශය වේවි. තව රඟපාන්න ටෙලිනාට්‍ය කීපයකට කතාකරලත් තිබෙනවා. අද වන විට මට තිබෙන්නේ ලොකු සතුටක්. මොකද කාලයක ඉඳන් මගේ සිතේ තිබුණු හීනයක් සැබෑ කරගන්න පුළුවන් වූ හින්දා. දැන් ඉතිං දිගටම රංගනයේ යෙදෙන්න තමයි මා බලාපොරොත්තු වෙන්නේ. මගේ මේ ගමන්මඟට උදව් උපකාර කළ ජෝර්ජ් සේනානායක, උදේනි අල්විස්, හර්ෂ වික‍්‍රමසිංහ, චන්න පෙරේරා, සුනිල් ටී. ප‍්‍රනාන්දු යන මහත්වරුන් මා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. ඔවුන් නිසයි මගේ සිහිනය සැබෑ කරගත හැකිවූයේ.’’
දේශිකා ගැන අදට වඩා හෙට දිනයේ බොහෝ දෙනා කතාකරනු නිසැකය. මන්ද ඇය විවිධ දක්‍ෂතාවලින් පිරිපුන් තරුණ රංගන ශිල්පිනියක් වීමය. ඇයගේ ගමන්මඟට අපි සුබ පතන්නෙමු.
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි
පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය
ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘සිදංගනාවෝ’ ඉෂානිට පණදෙන දේශිකා ගමගේ
අර්ත්ගොඩ් Monday, 26 August 2013 06:00 PM
මොකද්ද මේ වෙන්නේ? (නි)
රුක්මාල් Monday, 26 August 2013 12:11 PM
මේ නිලියක්ද ... මට දුකේ බෑ. (ස)
නුවන් දඹගේ, ඉතාලිය Thursday, 29 August 2013 02:38 PM
නිලියක් වෙන්න ලස්සන ඕනේමද,හොදට පුහුණුවෙලා දක්ෂ නිලියක් වෙන්න,පය බිම තියන් හෙමින් ගමනක් යන්න....ඔබට දුර ගමනක් යා හැකි වේවි..ඔබට හිමි ලස්සනක් ඔබ ලග තියෙනවා.(නදී)
සෑම් Friday, 06 September 2013 08:37 PM
මෙයා කවුද අනේ කවුරු හරි කියන්න මට. (දී)
ඩෙනම් Monday, 02 September 2013 04:54 PM
අපේ රටේ ටෙලි නාට්‍ය නම් හරිම බොළඳයි.කව්රු හරි මැදිහත් වෙලා ඉහළ නංවන්න බලන්න ඕනෑ.ඔයාට සුබ පැතුම් දුවේ! (නි)
ඩබ් එස්.එස්.ගුණරත්න Tuesday, 27 August 2013 02:14 PM
මෙය මොන සිදන්ගනවියක්ද, අන්න මංජුලා කුමාරි නියම සිදන්ග්ගනවී (දී)
මහේල Wednesday, 28 August 2013 09:51 PM
යකින්නියකගේ චරිතයකට නම් හොඳයි (අ)
ඩබ් එස්.එස් ගුණරත්න Tuesday, 27 August 2013 02:22 PM
මෙයා නිළියක්ද ? අපේ සිනමාවට පිස්සු (දී)
සෙන්තිල් Tuesday, 10 September 2013 01:36 AM
අර මහේල කියනවා වගේ කළා නම් මොකද? (නි)
නදීජා Saturday, 31 August 2013 06:14 PM
මම සුබපතනවා ඔබට. නංගි (දී)
දයා අලහාකෝන් Sunday, 25 August 2013 02:34 PM
සිදන්ගනාවක් විදියට නම් නැහැ පෙනුමක්.(නදී)
ප්‍රදීපා Friday, 30 August 2013 04:19 PM
මම සාමාන්‍යයෙන් ටෙලිනාට්‍ය බලන්නේ නැහැ. අහම්බයකින් හරි බලන්න සිද්ධ වුනහම හරියට දුක හිතෙනවා අපේ නවක නිලියන් ගැන. මේ රඟපානවද නැත්නම් පෙනී හිටිනවද කියලා. අර මොනවහරි හදලා ප්‍රේක්ෂකයන්ට දෙනවා කියන තැන තමයි හුඟක් නාට්‍ය තියෙන්නේ. (නි)
මහේල Friday, 06 September 2013 04:17 PM
ඔයා නියමයි යකින්නියකගේ චර්තයකට.(නදී)