IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සෞදිගිහින් පළායන අයට පොදු සමාකාලයක්

සෞදි අරාබියේ  රැකියාවන් කරන සියළුම විදේශිකයින්  වෙනුවෙනු මාස 3 කාළයකට යටත්ව කම්කරු නීතී ලිහිල් කිරීමට සෞදි අරාබි කම්කරු අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි  සෞදි අරාබි පුවත්පත් සදහන් කරයි.

අනවසරික සංක්‍රමිකයින්  හා නීත්‍යනුකූල ආයතනයෙන් පරිභාහිරව රැකියා කළ විදේශිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම තාවකාලිකව නවතා ඇත.

 සෞදි  පුවත්පත් පවසන  අන්දමට  රටේ   රැදී සිටීමේ නිත්‍යනුකූල බලපත් ඇති එහෙත්  නිත්‍යනුකූල ආයතනයෙන් හෝ හාම්පුතාගෙන්  බැහැරව වෙනත් ස්ථාන වල රැකියාව කරන සියළුම විදේශිකයන් සෞදි  රජය විසින් ලබා දෙන මෙම මාස  තුනක කාළය තම   නිත්‍යානුකූල ආයතනයට  හෝ  හාම්පුතා  යටතට පැමිණ රැකියාව කළ යුතු බවත්  තම සේවා  යෝජකයා සතුව  නියමිත රැකියාවක් නොමැති නම් රැකියාවක් ලබා ගත හැකි වෙනත් ආයතනයකට මෙම ලියකියවිලි  නිත්‍යනූකූලව මාරු කළ යුතු බවත් ඒ සදහා සෞදි  කම්කරු අමාත්‍යංශය වෙතින් පහසුකම් සලසන බවත් සදහන් කරයි.

 කෙසේ වුවද මෙම කාර්යන්  දෙකම ඉටු කර ගැනිමට අපොහොසත් වන විදේශිකයන්  මෙම කාල සීමාවේදී  මෙරටින් පිට විය යුතු බවත්  සදහන් කරන අතර කාල සීමාව  ඉක්මවා යාමෙන් අනතුරුව අදාල සේවා යෝජකයාගෙන්  පරිභාහිරව රැකියාවක්  කරන සියළුම විදේශිකයින් නිත්‍යනුකූල  නොවන අනවසරික සංක්‍රමිකයින්  සේ සලකා  අත්අඩංගුව ගෙන විශාල දඩ මුදලකට යටත් කොට රටින් පිටුවහල් කිරීමට පියවර ගන්නා බවද පවසයි.

 මේ අතර විවිධ දුෂ්කරතා  මධ්‍යයේ  අවතැන් වු විදේශිකයින් පිළිබදව කිසිදු සදහනක් මෙම පුවත් මගින් හෙලිදරව්  කර නොමැති  අතරම අනවසරික  සංක්‍රමිකයින් සදහා  පොදු සමා කාලයක්  හෝ සහන කාලයක් පිළිබඳව  කිසිදු තොරතුරක් සෞදිරජය විසින්  මෙතෙක් ඉදිරිපත් කර නොමැති අතර  මේ පිළිබදව රියාද් හි  ශ්‍රී ලංකා තානාපති  කාර්යාලයේ  උසස් නිලධාරියකුගෙන්  විමසීමේදී  කියා සිටියේ ශ්‍රී ලාංකික අනවසරික සංක්‍රමිකයින්  හා  අවතැන් වුවන් වෙනුවෙන් සහනයක්  ලබා ගැනීම බලාපොරොත්තු මත ශ්‍රී ලංකා රජයේ ඉහල බලධාරීන්ගේ  මැදිහත්වීමෙන්  සෞදි රජය සමග සාකච්ඡා කිරිමට සදහා තම තානාපති කාර්යාලය මගින්  ශ්‍රී ලංකා රජයට සංදේශයක් ලබා දිමටද කටයුතු  සිදු කරනා බවයි.

 



අදහස් (0)

සෞදිගිහින් පළායන අයට පොදු සමාකාලයක්

දයා අලහකෝන් Saturday, 13 April 2013 05:31 PM

පොදු සමා කාලයත් දුන්නට වැඩේ හරියන්නේ නැහැ. ඊලගට මේ රටට එන අයටත් මේ තත්වයට මුහුණ දෙන්න සිදුවෙනවා. අපේ සේවක සේවිකාවන්ටත් මුහුණ දෙන්න සිදුවෙනවා. (නදී)

:       0       0

මුතුකුඩ Thursday, 11 April 2013 08:47 PM

අර බල සේනා ඇමරිකා ගිය නිසා සමහරවිට ලංකාවේ පවතින විරැකියා පූශ්නෙට විසදුමක් ලැබෙයි. ලාංකිකයන්ට සෞදි නොගොස් රැකියා සදහා ඇමරිකා යන්න පුලුවන්.(නදී)

:       0       0

සිල්වා Thursday, 11 April 2013 09:32 PM

අපි දන්නෙ නැද්ද අපේ බලධාරින්ගේ වැඩ? (නි)

:       0       0

මේනකා සෞදි අරාබිය Saturday, 13 April 2013 08:29 PM

ජයතිස්ස, මෝඩ කතා කියන්න එපා. නීතියට ගරු කරලා සාධාරණයෙන් සල්ලි සොයන්න වැඩිම ඉඩ තියන රට සෞදි අරාබියාවයි. (නි)

:       0       0

සමන්තා පෙරමුණ Thursday, 11 April 2013 04:42 PM

සවුදි රටේ රස්සා නැතිව සිටින අය මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. අපේ දුප්පත්කමට මේ රටවල්වලට යන්නේ. සමහරු තමන් විසින් අමාරුවේ වැටෙනවා. සමහර අය ඒජන්සි නිසා අමාරුවේ වැටෙනවා. කොතනද මේවට විසදුම් තියෙන්නෙ???? (නි)

:       0       0

ජයතිස්ස Thursday, 11 April 2013 05:24 PM

මේ රට ගැන දැන් අපිට කියන්න දෙයක් නැහැ. අලුතින් කවුරුවත් මේ රටට එවන්න එපා (නි)

:       0       0

පසාල් අහමඩ් Thursday, 11 April 2013 07:54 PM

ජයතිස්ස, ඔය එහෙනම් සව්දියේ ඉන්න හැමෝම බෞද්ද රටකට යවන්න උත්සහ කරන්න. ඔය බල සේනාවට කෑ ගැහුවට රජයේ ප්‍රදාන අදායම් මාර්ගය මද පෙරදිගින් එන සල්ලි කියල ඔයා දන්නේ නැද්ද ?(නදී)

:       0       0

රිස්වාන් සව්දි අරාබිය. Thursday, 11 April 2013 07:59 PM

මෙහි ඇත්ත තත්වය සෟදියේ තරුණයන් ලක්ෂ 25කට රැකියා නැහැ. මේ අය සඳහා ලක්ෂ 20ක විදේශිකයන් සෟදියෙන් යැවිය යුතයි. ජුනි මස 9 වෙනි දිනට කලින් මෙහි ස්ව්ර්ණබරණ සාප්පු, එළවලු කඩ, සහ බැංකු වැනි ස්ථානවල සේවයෙහි සිටින විදේශිකයන් අඩු කර සෞදි කට්ටිය බඳවා ගත යුතයි.(නදී)

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 41 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 4 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 367 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1299 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 426 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1249 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38580 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site