IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


සුද්දගෙ කාලේ තැපැල් හලක් බලන්න ඇමති යයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ පෞරාණික තැපැල් කාර්යාලයක් වූ ගාල්ල කොටුව තැපැල් කාර්යාලය  නිරීක්ෂණය කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එහි සංචාරය කළේය. 

ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු තැපැල් කාර්යාල පහෙන් එකක් වූ ගාල්ල කොටුව පරීශ්‍රයේ  පිහිට තැපැල් කාර්යාල ලන්දේසි පාලන සමයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලක ස්ථාපිතව පැවැති අතර, එම ගොඩනැගිල්ල නිසි අයුරින් දීර්ඝ කාලයක් නඩත්තු නොකිරීම හා සංරක්ෂණය නොකිරීම හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන් ගරා වැටීමේ තත්ත්වයකට පත්ව ඇත.

ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ දකුණූ පළාත් නියෝජ්‍ය තැපැල්පති ඇතුළු නිලධාරීන් මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ද සමග පරිශ්‍රය නිරීක්ෂණය කරමින් කරුණු අධ්‍යයනය කළ අමාත්‍යවරයා පෞරාණික වටිනාකමකින් මෙන්ම ඓතිහාසික උරුමයකින් ද යුක්ත වූ ශ්‍රී ලංකා තැපෑලට අයත් ඉතා වටිනා ගොඩනැගිල්ලක් මෙලෙස ගරාවැටීමට ඉඩ දී බලා සිටීම මවිතයට කරුණක් බව පැවසීය.

ගරා වැටී පවතින එම පරිශ්‍රය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එම පරීශ්‍රය ඵලදායී කාර්යයකට යොදවන්නේ නම් එය ශ්‍රී ලංකාවේ තැපෑලට සුවිශේෂි අගයක්, වටිනාකමක් පමණක් නොව සුවිශාල ආදායමක් උපයා ගැනීමට සුදුසු පරිශ්‍රයක් බව පෙන්වා දුන්නේය.

 ජාතික උරුමයන් මෙලෙස විනාශවීමට කිසිසේත් ම ඉඩ නොතැබිය යුතු බව ද අමාත්‍යවරයා  අවධාරණය කළේය.



අදහස් (7)

සුද්දගෙ කාලේ තැපැල් හලක් බලන්න ඇමති යයි

Aruna Monday, 03 February 2025 03:16 PM

දැන්වත් බයිලයි සවාරියි නවත්වල වැඩක් කරන්න හරි බැලුවොත් නරකද?

:       44       86

රම්බොඩ Monday, 03 February 2025 04:05 PM

රටවටෙයි ලෝකෙ වටෙයි තමයි..

:       2       5

Kamal Koyrala Monday, 03 February 2025 05:48 PM

වජිර දන්නවද දන්නේ නැහැ... මෙහෙම එකක් තියනවා කියලා... මොකද 1977 ඉඳන්ම ඇමැතිනේ ගාල්ලේ..

:       52       23

මයින්ද මාත්තියා Monday, 03 February 2025 05:58 PM

ඕකට වග කියන්න ඕනේ පුරාවිද්‍යා එක. කිසිම රෙපෙයාර් එකක් කරන්න දෙන් නෑ. කෞතුක උරුම කියලා. මොකක් හරි රෙපෙයාර් එකක් බලෙන් හරි කලොත් නඩු දානවා. ගාල්ලේ කොටුවේ ඇතුලේ තියෙන සෑහෙන ගෙවල් එහෙමයි.

:       0       20

tissaTuesday, 04 February 2025 03:17 AM

සම්පුර්ණ ඇත්ත. ආදී උරුම කියලා ගොඩනැගිලි නටබුන් වෙන්ට අරිනවා. මේවා මහා මෝඩ වැඩ.

:       0       0

ජගත් ලියනගෙි Monday, 03 February 2025 08:40 PM

පෞරානික වටනාකමක් ඇති ස්ථානයක්. ඒ වගේම පැරනි විදියටම හදල අරගෙන තැපැල් කන්තෝරවම හදල ගත්ත නං විදේශිකයන් තව තවත් ආකර්ෂනය කර ගන්න පුලුවන්.

:       0       0

Nimal 1 Tuesday, 04 February 2025 07:14 AM

ඉතිහාසගත වටිනාකමකින් යුත් මේ ගොඩනැඟිලි අලුත්වැඩියා කළ නොහැකි තරම් විනාශ කිරීමට ඉඩ හැරීම ගැන ජාතියක් වශයෙන් අපි ලැජ්ජා විය යුතුයි. ප්‍රමාද වුවත්, මෙම ගොඩනැගිල්ල යථා තත්ත්වයට පත් කළ හැකි යැයි මම විශ්වාස කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 323 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 31 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 200 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 988 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 293 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 279 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 799 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 529 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site