IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සුද්දාට දොස් කියන හුඟ දෙනෙක් අද අඳින්නේ සුද්දාගේම කලිසම

2016-06-16-ent-60

ලංකාවේ මිනිස්සු විවෘත මනසකින් යුතුව හැසිරීමට පෙළඹෙන තාක් කල් ලංකාවේ නම් කිසිදෙයක් හරියන්නේ නැහැ

චිත්‍රාල් සෝමපාල


 

"නදී ගංගා තරණයේ","ශ්‍රී ලංකා අපි තමයි" (2011 ලෝක කුසලාන ගීතය),"මිරිඟුව පරදා","විල්පත්තුවේ","පෙම්බර මාතා", "සිංහභූමි" ආදී විශිෂ්ට ගණයේ රොක් ගීත සමුච්චයක් දායාද කරමින් ශ්‍රී ලාංකේය රොක් සංගීත කලාවේ නැවුම් පරිච්ඡේදයක් ආරම්භ කළ චිත්‍රාල් සෝමපාල,ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමගේ "ඇගේ ඇස අග" සහ චන්ද්‍රන් රත්නම්ගේ "මේ වගේ ආදරයක්" චිත්‍රපටය සමගින් චිත්‍රපට පසුබිම් සංගීත අධ්‍යක්ෂවරයකු සහ චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසද මේ වනවිට නමක් දිනාගැනීමට සමත් වී තිබේ.ප්‍රවීණ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂ පී.එල්.ඒ. සෝමපාල සහ ප්‍රවීණ ගායිකා චිත්‍රා සෝමපාලගේ බාල පුතු වන චිට්ටි,(ජාත්‍යන්තයේ ඔහුව බොහෝ දෙනෙක් හඳුනන්නේ චිට්ටි යන අන්වර්ථ නාමයෙනි)මේ වනවිට ජර්මනියේ සිට තම සංගීත කටයුතුවල නියැළෙමින් සිටියි. මේ සටහන තැබෙන්නේ එම කටයුතු අතරතුර ඔහු සමගින් අප කළ කතාබහක් ඇසුරිනි.ඊට ආසන්නතම කරුණ වන්නේ ලබන මස ඔහුගේ තවත් අලුත් නිර්මාණයක් වන"මනුසතා"ගීතය නිකුත් කිරීමට නියමිත වීමයි.

 

“මේ දවස්වල මම ජාත්‍යන්තර වශයෙන් බාර ගත්අලුත් සංගීත නිෂ්පාදන දෙකක කටයුතු නිමා කරමින් සිටිනවා.එකක් ඉතාලි නිෂ්පාදනයක්.අනික ග්‍රීක් නිෂ්පාදනයක්.ඒ නිසා මම නිතරම මේ දවස්වල ඉන්නෙමගේ පෞද්ගලික ශබ්දාගාරයේම තමයි. ඒ සඳහායි වැඩි කාලයක් ගතවෙන්නෙ" චිත්‍රාල් කතාව ඇරඹුවේය.

 

2016-06-16-ent-56ඒත් ඔබ මෑතකදි තවත් චිත්‍රපටයකට පසුබිම් සංගීත අධ්‍යක්ෂවරයා වශයෙන් සම්බන්ධ වුණු බව ආරංචියි? ඔව්.මම නුවන් ජයතිලකගේ "සුළඟ අප රැගෙන යාවි" නම් අලුත් චිත්‍රපටයකටත් සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණා.ඒ චිත්‍රපටය ඇමෙරිකානු නිව්යෝර්ක් ටෙක්සාස් චිත්‍රපට උලෙළකදි සම්මානයකුත් හිමිකරගැනීමට සමත් වුණා.ඒ වගේම දැනටත් එය ඕස්ට්‍රේලියානු සම්මාන උලෙළකට නිර්දේශ වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අයිරාංගනී සේරසිංහ නම් අපේ විශිෂ්ට චිත්‍රපට නිළිය.එය ළමා චිත්‍රපටයක්.ඒ වගේම මාලක දේවප්‍රියගේ චිත්‍රපටයකටත් මම පසුබිම් සංගීතයෙන් දායක වුණා.ඒත් මම එහි සිංහල නම ගැනනම් තාම දැනුම්වත් නැහැ. ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කරන චිත්‍රපටයකටත් මම සංගීතය නිර්මාණයෙන් දායකවෙලා තියෙනවා.එම චිත්‍රපට සියල්ලම ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.

 

චිත්‍රපට පසුබිම් සංගීතය ගැන ඔබේ අර්ථකථනය කොයිවගේද ?

චිත්‍රපට පසුබිම් සංගීතය කියන්නෙ ලංකාවේ විචාරකයන් බොහොමයක් අවධානයකට ලක් නොකළ පැත්තක්.විශේෂයෙන්ම මෑතකදි සිනමා ශාලාවලින් ඉවත් වූ "ඇගේ ඇස අග" චිත්‍රපටය ගැනලියැවුණු විචාරවලදි විචාරකයන් කොතරම් දුරට එහි චිත්‍රපට පසුබිම් සංගීතය ගැන අවධානයක් යොමු කළාද යන්න ඊට හොඳම උදාහරණයක්.මොකද අපේ මිනිස්සු තාමත් චිත්‍රපටයක් තුළින් සංගීතඥයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ චිත්‍රපට ගීත පමණයි.එහෙම නැතුව චිත්‍රපට පසුබිම් සංගීතයක් නෙමෙයි.හැබැයි මේ තත්ත්වය මුල් කාලේ පටන් සිංහල සිනමා සංගීතයේ පැවැති අර්බුදයක්.ඒ නිසා ඇත්තටම"ඇගේ ඇස අග" චිත්‍රපටයේදී මම චිත්‍රපට පසුබිම් සංගීතයෙන් නිර්මාණයට ලබාදුන් දායකත්වය මොකක්ද යන්න කී දෙනෙක් තේරුම් ගනීවිද යන්නත් මට ප්‍රශ්නයක්.

 

චිත්‍රපට ගීතය යන්න චිත්‍රපටයටම අනන්‍ය දෙයක් බව අවබෝධ කර නොගත් ඇතැම් අධ්‍යක්ෂවරුන් චිත්‍රපටයට ගීතයක් බලෙන් ඔබ්බවන අවස්ථා අපි දැක තියෙනවා. මේ ගැන ඔබේ අදහස?

ගීතය චිත්‍රපටයට සම්බන්ධවෙන්නේ නැත්නම් එවැනි ගීතවලට චිත්‍රපට ගීත කියලා කියන්න බැහැ.ඒ නිසා අදාළ චිත්‍රපටය විසින් අදාළ මොහොතට ගීතයක් ඉල්ලා සිටිනවාද, නැද්ද යන්න චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වගේම සංගීත අධ්‍යක්ෂවරුන් පවා නිසියාකාරව අවබෝධ කර ගත යුතුයි.ඒ සඳහා තමයි සහජ දක්ෂතාවක් තිබිය යුත්තේ.අනික මම මේ වනවිට කර ඇති චිත්‍රපටවල චිත්‍රපටගීතත් මම කියූ ආකාරයෙන් චිත්‍රපටයට සම්බන්ධ වෙලා තියෙනවාද යන්න ඕනෑම කෙනෙකුට මගෙන් ප්‍රශ්න කළ හැකියි.

 

මෑතකදි ඔබ නිර්මාණය කළ “විල්පත්තුවේ“ ගීතය රසිකයන්ගේ දැඩි කතාබහකට ලක්වුණා ?

මට මේ වගේ ගීතයක් නිර්මාණය කළ යුතුයි කියලා අදහසක් ආවේ ගෝලීය උණුසුමත් එක්ක විල්පත්තුවේ සිදුවන වන විනාශය දැකපු නිසා. මොකද මම පරිසරයට හුඟක් ආදරෙයි. අද කාලගුණය පවා ඉතාම අස්වාභාවික විදිහට වෙනස්වෙන්නේ. දේශගුණික විපර්යාස ගත්තත් එහෙමයි. ඒත් අපේ මිනිස්සුම තමයි මුදල්වලට තියෙන කෑදරකමට මෙවැනි විශාල විනාශයන් සිදුකරන්නේත්. මේ අතරතුර තමයි චින්තන ධර්මදාසගෙන් මට මේ වචන ටික ලැබෙන්නේ. ඒ අනුවයි මේ ගීතය නිර්මාණය වෙන්නෙ. හැබැයි මේ ගීතයෙන් මම නවතින්නේ නැහැ.

අපේ කලාකරුවන් එක්ක එකතුවෙලා විල්පත්තුවට ගිහින් මේ වෙනුවෙන් යමක් කරන්න මම හිතාගෙන ඉන්නවා. ඒත් මම දන්නවා හුඟක් කලාකරුවන් අපි එක්ක එකතුවෙන එකක් නැහැ. මොකද බොහෝ කලාකරුවන්ට ඕනි කරන්නේ මුදල් පමණයි. එවැනි වාසියක් නැත්නම් ඔවුන් මෙවැනි දේවල්වලට එන්න කැමැති නැහැ. ඒත් මේ ගීතය නිර්මාණය කිරීම වෙනුවෙන් මගේ සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයාගේ සිටම සියලුදෙනාම සහයෝගය දැක්වූයේ නොමිලේ. ඒ නිසාම තමයි අපි මේ ගීතය නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න රසිකයන්ට අවස්ථාව සලසා දුන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් ගීතයකට රින්ග්ටෝන්වලින් ලැබෙන සත පහක ආදායමක්වත් මෙයින් ලැබෙන්නේ නැහැ.

අපේ එහෙම බලාපොරොත්තුවක් තිබුණේත් නැහැ. මොකද අපට ඕනි කළේ අපට අවශ්‍ය කරන පණිවිඩය ලෝකයාට ලබාදෙන්නයි.

 

කොහොම වුණත් ඔබ නවමාධ්‍ය හරහා මේ ගීතයට විශාල ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන ගියා. කොහොමද ඊට ලැබුණු ප්‍රතිචාර ?

2016-06-16-ent-58ඇත්තටම ඒ ප්‍රතිචාර නම් ඉතා ඉහළ මට්ටමක පැවතුණා. හොඳටම ඒ ගීතය රසිකයන් අතරට ගිහින් තියෙන බව මට තේරුණා. රටම අවධානයට ලක්කළ යුතු ප්‍රශ්නයක් බව ඉන්පස්සේ හුඟ දෙනෙක්ට දැනිලා තිබුණා. සෑහෙන්න සතුටුයි ඒ ගැන. විශේෂයෙන්ම අනික් කලාකරුවන්ට වඩා මම වෙනස් බවත්, විල්පත්තු වන විනාශයට එරෙහිව මම කලාකරුවෙක් විදිහට කැපවෙලා වැඩ කළ බවත් ගොඩක් දෙනෙක්ට මේ ගීතයෙන් පස්සේ තේරුම් ගියා.

 

ඉතා ඉහළ ස්වර පරාසයක ගීත ගායනා කරන රොක් ශෛලිය ගෙන ආවේ ඔබ.ඒත් ඉන්පස්සෙ එය හුදු රැල්ලක් බවටපත්වුණා නේද ?

රොක් සංගීත ශෛලිය නම් හැත්තෑ ගණන්වලත් ලංකාවේ තිබුණා.රොක් සංගීත කණ්ඩායම් පවා හුඟක් තිබුණා.ප්‍රශ්නෙ තිබුණේ ඒ කාලෙ මේ තරම් මාධ්‍ය කලාව පුළුල්වෙලා නොතිබුණු එකයි.අනික ඔවුන් පවා ඒ කාලේ රොක් සංගීත ශෛලියේ යෙදුණෙ විනෝදාංශයක් වශයෙන් මිසක වෘත්තීයමය කලාවක් විදිහට නෙමෙයි.කොහොම වුණත් අදත් රොක් සංගීත ශෛලියට තරුණ පරම්පරාවේ නැඹුරුවක් තියෙනවා.ඒත් ඔවුන් වෘත්තීය මට්ටමින් ආර්ථික පරමාර්ථ ඇතුව මේ සංගීත ශෛලියේ යෙදුණේ නැත්නම් ඔවුන්ට ඉහළට එන්න හැකියාවක් ලැබෙයි කියලා මම නම් හිතන්නේ නැහැ.අනික මාධ්‍ය මගින් මීට වඩා රොක් සංගීත ශෛලියට අවස්ථාවක් ලබාදිය යුතුයි.මොකද අපේ මිනිස්සු රොක් ගායකයෝ කියලා මවාගෙන ඉන්නෙත් කොණ්ඩේ වවාගත්තු, යටි ගිරියෙන් කෑ ගහන ගායකයො කොට්ඨාසයක් ගැනයි.ඒ නිසා කෑ ගහන එකත් එක්තරා ආකාරයක ශෛලියක් බව ඔවුන් දන්නේ නැහැ.ගිටාරයක තාක්ෂණික ප්‍රයෝග එක්ක කටයුතු කිරීමත් එක්තරා දක්ෂතාවක් කියලා ඔවුන් දන්නෙ නැහැ. එහි අදහස ලංකාවේ රසිකයොත් නිසියාකාරව රොක් සංගීතය ගැන දැනුම්වත් නැහැ කියන එකයි.

 

රොක්,පොප්,ජෑස්,රෙගේ යනාදී සංගීත ශෛලීන් අච්චාරුවූ කටෝර බටහිර සංගීත ශෛලියක් ලංකාව තුළ අද අපි සමහර වෙලාවට දකිනවා.නිර්මාණාත්මක ගායනය හා සංගීතය කියන්නේ ඒකද?

2016-06-16-ent-59මම ඔබ කියූ සෑම ආකාරයම සංගීත ශෛලීන් අහලා තියෙනවා. අදටත් අහනවා. මොකද මගේ සංගීත ශෛලිය රොක් වුණත් සමහර අවස්ථාවල මගේ නිර්මාණවලත් ජෑස්,පොප්,රෙගේවලට අයත් සංගීත ඛණ්ඩයන් අඩු වැඩි වශයෙන් ඇහෙනවා. අනික මම වුණත් වෙනත් සංගීත ශෛලියකින් ගීතයක් කළා වුණත් එම නිර්මාණය ගැනත් රසිකයො අවධානය යොමු කරන්නේ රොක් ගීතයක් විදිහට. ඒක ඔවුන්ගේ ආකල්පයේ ගැටලුවක්. හැබැයි මම නම් ඕනෑම සංගීත ශෛලියක ඕනැම සංගීත ඛණ්ඩයක් සමගින් මගේ නිර්මාණවලට අවශ්‍ය පරිදි ඒවා හසුරුවන්න කැමතියි.මොකද සංගීතය කියන්නේ ඕනෑම රටකට පහසුවෙන් අනන්‍ය වන විශ්ව භාෂාවක්. (Music is a Language which between Different Islands)

 

කේමදාස මාස්ටර්ගෙන් පසු මෑතකාලීන ලාංකේය සංගීතයේ වෙනසක් නොවූ බවට මතයක් තියෙනවා.විශේෂයෙන්ම චිත්‍රපට සංගීතයේ එම රික්තකය තවමත් පවතින බවට අදහස් පළවෙනවා?

අපේ තාත්තලාගේ කාලෙ පටන්ම චිත්‍රපට පසුබිම් සංගීත නිර්මාණකරණය කරන්න සිදුවුණේ චිත්‍රපට නිෂ්පාදකවරුන්ට අවශ්‍ය ආකාරයට තමයි. ඒත් මේ තත්ත්වය කේමදාස මාස්ටර්ගේ යුගයේදී වෙනස්වුණා. ඒක ඇත්ත. හැබැයි සංගීතයේදී කලාවක් වශයෙන් Pattern wise, Motives ආදී විවිධ සිද්ධාන්තමය කාරණා ගැන අපි සලකා බලන්න ඕනි. එහෙම බැලුවාම මට නම් කේමදාස මාස්ටර්ගේ සංගීතය එතරම් හිතට දැනුණේ නැහැ, තේරුණේ නැහැ. අනික ඒක පුදුමයකුත් නැහැ. මොකද මම මගේ තාත්තාගේ චිත්‍රපට සංගීතයටවත් කැමැති කෙනෙක් නෙමෙයි. ඒත් මට එයින් අවශ්‍ය කරන්නේ කේමදාස මාස්ටර්ව විවේචනය කිරීම නෙමෙයි.මොකද මම එතුමාට ගරු කරනවා. ඒත් මට එතුමාගේ සංගීතය ගැන නිවැරදි අදහසක් ගන්න බැරිවුණු නිසයි දැනුණේ නැහැ කියන්නේ.

 

නවක ගායන තරු බිහිකිරීමේ වැඩසටහන් හරහා නවක ගායකයන් බිහිවෙනවා කියලා ඔබ හිතනවද ?

ජාත්‍යන්තර ගායන තරු වැඩසටහනක් ගත්තම ඔවුන් එම තරගාවලියෙන් පස්සෙ තමන්ගේම ගීත නිර්මාණ සඳහා යොමුවෙනවා. ඒත් ලංකාවේ වැඩසටහන්වලින් ඉදිරියට එන අය කරන්නෙවැඩසටහනින් පස්සෙත් අනුන්ගේ ගීත ගායනා කරමින් මුදල් හොරාකෑමක්. අනික පිටරට රියලිටි වැඩසටහනකදි තරගකරුවෙක් අනුන්ගේ ගීතයක් ගායනා කළොත් අදාළ රියලිටි වැඩසටහනින් එම මුල් නිර්මාණකරුවන්ට(ගායකයා,ගී පද රචකයා සහ සංගීත අධ්‍යක්ෂවරයාට) යම් මුදලක් අනිවාර්යයෙන්ම කැපෙනවා.

ඒත් ලංකාවේ බොහොමයක් රියලිටි වැඩසටහන් නිෂ්පාදකවරුන් ඒ දේ පවා කරන්නේ නැහැ. ඒ නිසා මගේ නම් කැමැත්ත කවදා හෝ ලංකාවෙන් රියලිටි වැඩසටහන් කලාව අතුගෑවිලා යනවා දකින එකයි.මොකද අලුත් නිර්මාණකරුවන් පවා හොඳ ගුරුවරයෙක් ළඟට ගිහින් සංගීතය හොඳින් හදාරලා ක්ෂේත්‍රයට පැමිණියට යුතුයි. දක්ෂතාව වගේම හොඳ පුහුණුවක් අත්‍යවශ්‍ය බවත් ඔවුන් දැනගත යුතුයි. මොකද අපි සංගීතය කළේ රියලිටි වැඩසටහන් ඉලක්ක කරගෙන නෙමෙයි.ඒ වගේම සල්ලිවලටත් නෙමෙයි.

 

ලංකාවේ ඔපෙරා කලාවත් අද එතරම් හොඳ මට්ටමක නැහැ නේද?

ලංකාවේ රසිකයාට අද ඔපෙරා සංගීතය ඇසීමට තරම් ළැදියාවක් නැහැ. අනික අපි පසුගිය නිදහස් උත්සවයේදී "දන්නෝ බුදුන්ගේ" ගීතය ඔපෙරා සංගීත ශෛලියෙන් ගායනා කළ ගායිකාවට කොච්චර මඩ ගැහුවාද කියලා දැක්කා. ඒ නිසා ලංකාවේ මිනිස්සු විවෘත මනසකින් යුතුව හැසිරීමට පෙළඹෙන තාක් කල් ලංකාවේ නම් කිසිදෙයක් හරියන්නේ නැහැ. ඒකයි මගේ අදහස.

මොකද සුද්දාට දොස් කියන හුඟ දෙනෙක් අද අඳින්නේ සුද්දාගේම කලිසම. පාවිච්චි කරන්නේ සුද්දාගේ රටේ හදන වාහනය. ඒ නිසා ලංකාවේ අපි හැමෝම හැම ආගමකටම,හැම ජාතියකටම,හැම රටකටම ගරු කරන කොට්ඨාසයක් වන තාක්කල් ලංකාවේ නම් කිසි දෙයක් හරියන්නේ නැහැ.

 

සටහන - මාලන් විදානපතිරණ

 

2016-06-16-ent-57



අදහස් (0)

සුද්දාට දොස් කියන හුඟ දෙනෙක් අද අඳින්නේ සුද්දාගේම කලිසම

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 589 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1148 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1704 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 429 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1142 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 2103 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38797 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site