IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සුද්දන්ටත් තෙළිඟු සාත්තරේ

සාත්තර කීමට  තඹුත්තේගම තෙළිඟු ගමේ සිට නාවුලට එන  සාත්තරකාරියක  දිනකට රුපියල් 10,000 ක පමණ  ආදායමක් උපයන බව  ඇරගෙඩ්ඩා තෙළිඟු කත කියන්නීය.

’‘මේ රස්සාව දැන් අපේ පරම්පරාවේ කට්ටිය කරනවා අඩුයි.අපිනම් තාමත් කරගෙන යනවා.සාත්තර වලට අමතරව  මිනිසුන් අපෙන් නරි අං  හා නයි ඔළු ත් ගන්නවා.

 නරි අඟක් රුපියල් 8000 යි නයි ඔළුවක් එක එක ගණන්වලට විකුණනවා.දැන් තඹුත්තේගම අපේ ගෙවල් 2000 විතර තියෙනවා.

අපේ අලූත් පරම්පරාවේ අය ඉන්නවා හොඳට ඉංග‍්‍රිසි කතා කරන්න. ඒ අය සුද්දන්ට සාත්තර කියලා දවසකට ලොකු ගාණක් හොයනවා. අලූත් පරම්පරාවේ අය.මේක අපේ රස්සාව.ඉන්දියාවේ ඉඳන් එන සන්නාසි අම්මලා තමයි අපිට මේ නරි අං දෙන්නේ.’’

 

 



අදහස් (0)

සුද්දන්ටත් තෙළිඟු සාත්තරේ

විජිත Monday, 30 June 2014 12:37 PM

"අපේ අලූත් පරම්පරාවේ අය ඉන්නවා හොඳට ඉංග‍්‍රිසි කතා කරන්න. ඒ අය සුද්දන්ට සාත්තර කියලා දවසකට ලොකු ගාණක් හොයනවා." සංචාරක ව්‍යාපාරයට බාධාවක් වෙන්න ඉඩ තියන්න එපා (දී)

:       0       0

සුභාෂ් Monday, 30 June 2014 01:00 PM

මේ කතා සම්පූර්ණයෙන්ම ඇත්ත නෙවෙයි. දිනකට 10,000 මේ අය හොයන්නේ නෑ. මාසයටම තිස් හතලිස් දාහකට වඩා මේ අයට හොයන්න බෑ. නයි විකුණල නම් ගානක් හොයා ගන්නවා ඉදල හිටලා.. ඉංග්‍රීසී කතා කරන්නේ වැල්ල ආශ්‍රිතව ඉන්න අහිගුන්ඨිකයන්. මේ අයගේ භාෂාව තෙළිඟු කියල කිව්වට එක ඉන්දියාවේ තෙළිඟුවලට වඩා වෙනස්, මෙකට හෝඩියක් නෑ. සිංහල දෙමල ඉංග්‍රීසි කළවම් භාෂාවක්. තඹුත්තේගම ,කුඩාගම තෙළිඟු ගම්මානයේ පවුල් ඉන්නේ දෙසීය ගානයි. දෙදහක් නෑ. රටේම දෙදහස් ගනනක් වගේ තෙළිගු පවුල් ඉන්නේ. (ස)

:       0       0

අනුර Monday, 30 June 2014 01:13 PM

අපේ පරම්පරාවේ අය ඉන්නවා හොඳට ඉංග‍්‍රිසි කතා කරන්න. ඒ අය සුද්දන්ට ඉංග‍්‍රිසි උගන්නනවා (දී)

:       0       0

දිනුෂ Monday, 30 June 2014 01:40 PM

සුද්දොත් බය කරනවා (දී)

:       0       0

ස්ටැන්ලි Monday, 30 June 2014 02:02 PM

කට පරෙස්සම් කර ගත්තොත් හොදයි .දවසකට ආදායම රු. 10,000 නම් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් පරෙස්සම්වෙන්න වෙයි. (දිල්)

:       0       0

අසෝක Monday, 30 June 2014 02:04 PM

අපේ ලංකාවේ මේ තරම් නරි ඉන්නකොට තවත් නරි අං මොකටද ඉන්දියාවෙන් ගෙනෙන්නේ ? මේක විදේශ කුමන්ත්‍රණයක්. (දී)

:       0       0

සුරංග ප්‍රදීප් පෙරේරා Monday, 30 June 2014 02:06 PM

මේගොල්ලෝ සංචාරකයන්ට බොරු කියල හොඳට සල්ලි ගරනවා. (දී)

:       0       0

සිරිසේන Tuesday, 01 July 2014 12:10 AM

ඔච්චර කපටි නරියා ඌට අං තිබුණත් මේ මිනිසුන්ට ඒවා ගලවා දෙයිද? (නි)

:       0       0

රණා Monday, 30 June 2014 02:44 PM

ඇත්තෙන්ම මේ උදවිය හරියටම සාත්තර කියනවා.(දිල්)

:       0       0

තරිඳු Tuesday, 01 July 2014 02:26 PM

සිරිසේන උන්නැහේ නරියාගේ අඟක් තිබුනත් නැතත් ඒවා ගලව ගන්නේ ඒ සතා මල පසු .(දී)

:       0       0

සෑම් Monday, 30 June 2014 03:57 PM

මම සාත්තර , යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස කරන්නේ නැහැ. නමුත් මගේ ජීවිත කාලය තුලදී කිසිම විද්‍යාවකින් පැහැදිලි කිරීමට නොහැකි සිද්ධි තුනක් මම අත්දුටුවා. එකක් මට අහම්බෙන් අසන්නට ලැබුන සාස්තරයක්. අනික ඉතාමත් වටිනාකමක් ඇති දෙයක් නැතිවූ පසුව කල ගුරුකමක් සහ එය නැවත ලැබුන අස්වාභාවික ආකාරය. අනික කට්ටඩියෙකු දැරහැව ලෙස රැගෙන යනවිට ලැබූ ඉතාමත් අස්වාභාවික අත්දැකීමක්. මේ නිසා මම පුද්ගලිකව මේවා විශ්වාස නොකලාට අපි නොදන්නා දේවල් ලෝකේ ඇති බව පිලිගන්නවා.(දී)

:       0       0

නිල්මිණි Tuesday, 01 July 2014 02:47 PM

සුද්දාටත් ඉංග්‍රීසි අමතක වන කාලය වැඩි ඈතක නොවෙයි (දී)

:       0       0

ජේම්ස් Tuesday, 01 July 2014 03:38 AM

සෑම්, ඔබ හිතාගෙන හිටියට ඔබ සාස්තර විශ්වාස කරන්නේ නැහැ කියල‍ා, ඔබේ අවිඥානය සාස්තර විශ්වාස කරනවා. (නි)

:       0       0

සත්‍යා Tuesday, 01 July 2014 06:49 AM

මෑතකදී අනුරාධපුර වන්දනාවේ ගිය අවස්ථාවේ අහිකුන්ඨික තරුණියක් මගේ අත නොබලාම නිවැරදිව මා සහ පවුලේ තොරතුරු කියන්න පටන් ගත්තා. පසුව අතේ රේඛා දිහා බලාද යම් යම් දේ නිවැරදිව කිව්වා. මා ඒ ගැන පුදුම වන්නේ නැත්තේ මොවුන් පරම්පරා ගණනාවක් තිස්සේ මිනිසුන්ගේ මනසින් පිටවන තරංග ග්‍රහණය කිරීමේ හැකියාවක් ප්‍රගුණ කර ඇති බවට මා තුළ පිළිගැනීමක් තිබෙන නිසයි. නුතන මනෝ විද්‍යාව පවා පර්යේෂණ ඔස්සේ එවැනි තත්වයක් පැවතිය හැකි බව පිළිගන්නවා. (නි)

:       0       0

ජොහාන් Monday, 30 June 2014 05:22 PM

නරින්ට අං තියෙනවාද? පිස්සු කතා. (දී)

:       0       0

ලක්ෂපාන Monday, 30 June 2014 06:28 PM

ලංකාවේ අයට කියන්න තියෙන්නේ එකම දේනේ.ඒ හින්දා සුද්දට කියන එක හොඳයි.එයාලත් ජීවත් වෙන්න ඕනිනේ. සාස්තර කියන්නේ මුණ බලල ...එයාල මුහුණේ සිදුවෙන සියුම් ඉරියව් පවා හොඳට අධ්‍යනය කරලා තියෙන්නේ.ඊට පස්සේ අනුමාන කරලා කියනවා.විනෝදෙට වගේනම් ඇහුවට කමක් නැහැ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 221 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1845 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 221 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 850 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 993 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1213 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37577 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24765 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site