IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


සද්දන්තයින් කරක්ගහන මින්නේරිය වන උයන

2016-09-15-ent-23

අලින්ට තියෙන ආදරය ආසාව ඇවිදින්නෝ විදියට කිසිම අඩුවක් පාඩුවක් නෑ. ඒ නිසා අපි අදත් යන්නේ අලි බලන්න. මේ වෙද්දි Walk 121 එක්ක අපි ඔබව රටේ බොහෝ තැන්වල අලි පෙන්නන්න එක්ක ගිහින් තියෙනවා. අද යන්නේ කොළඹ ඉඳලා ටිකක් දුර තැනකට අලි බලන්න. මේ මින්නේරිය ජාතික වනෝද්‍යානය. සීගිරි දඹුලු ගිහින් එන ගමන් බොහොම පහසුවෙන් ඔබට මින්නේරියටත් යන්න පුළුවන්. ලංකාවේ අලි ඇතුන් නරඹන්නටම සුදුසු වනෝද්‍යාන කිහිපයක් ම තිබෙනවා. යාල, උඩවලව, හබරණ, ලාහුගල, විල්පත්තුව හා මින්නේරිය එවැනි තැන් කිහිපයක්. මේ තැන්වලින් වන අලින් සියැසින් දැකගන්න හොඳම තැන මින්නේරිය වන උයන කියලයි පසුගියදා එහි සංචාරය කළ අපට නම් හැඟී ගියේ.

2016-09-15-ent-19කොළඹ සිට හබරණ හරහා පොළොන්නරැව දක්වා විහිද යන ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 182ක් ගිය තැන මින්නේරිය ජාතික වනෝද්‍යානය හමු වෙනවා. උද්‍යානයේ ප්‍රධාන පිවිසුම කොළඹ - පොළොන්නරැව මාර්ගයේ හබරණ පසු කර කිලෝ මීටර අටක් විතර ගියාට පසු අඹගස්වැව පිහිටා තිබෙනවා. හබරණ පොළොන්නරැව ප්‍රධාන පාරේ පොළොන්නරැව නගරයේ සිට කිලෝ මීටර 36ක් ගිය තැන අඹගස්වැව උද්‍යාන පිවිසුමට ළඟා වෙන්නත් පුළුවන්. කොහොම හරි මින්නේරියේ අලි බලන්න යන්න හොඳම කාලයක් තමයි මේ දවස්වල ගත වෙන්නේ. මේ දවස්වල රටේ බොහෝ ප්‍රදේශවලට වගේම මින්නේරියත් නියඟය. ඉතින් මින්නේරිය ජලාශයේ වතුර පොදක් බීමේ රිසියෙන් කැලේ හැංඟිලා ඉන්න බොහෝ සතුන් එළියට එනවා. අලි ෆොටෝ ටික මේ වටේට තියෙනවානේ. ඒවා බලන්න. අපි යුතුකම වශයෙන් මින්නේරි යද්දී සැලකිලිමත් වෙන්න ඕන කාරණා කියන්නම්.

ප්‍රධානම කාරණය තමයි අලි බලන්න යන වෙලාව. හවස 4-5 වගේ වෙද්දී අලි ඇත්තු වැව් පිටියට ගොඩ වෙනවා. වතුර බීලා 5.30 -6 වගේ වෙද්දී ආපහු කැලේට යනවා. ඒ නිසා මින්නේරිය වනෝද්‍යානයේ පිවිසුම් දොර ළඟට හවස 3 වෙද්දිවත් ගිහින් ඉන්න. ඒ වගේම ඔබට ඔබ එහි යන්නේ ජිප් රථයක් වගේ එකක නම් ඒකෙන් වනෝද්‍යානය ඇතුළට යන්න අවසර ගන්න පුළුවන්. ඒකට යම් මුදලක් ගෙවන්න ඕන. හැබැයි වාහනයේ ආරක්ෂාවටත්, පහසුවෙන් අලි සිටින ස්ථාන සොයා ගැනිමටත්, කැලෑව ඇතුළේ පාරවල් නොදැන අතරමං නොවීමටත් හොඳම දේ තමයි සෆාරි ජිප් රථයක සේවාව ලබාගැනීම. අපි කණ්ඩායම සීගිරියේ ඉඳලම මින්නේරිය බලන්න ජිප් රථයක් රැපියල් 3500ක වගේ මිලකට සපයා ගත්තා. ඒ කියන්නේ ඔබට ඊට වඩා අඩුවට අනිවාර් යෙන්ම සපයා ගන්න පුළුවන්. ප්‍රවේශම්වීමේ ගාස්තු, වාහනයට ගෙවන ටිකට්පත් ආදිය ඔබම මිලදී ගන්න ඕනෑ. වනාන්තරය කියන්නේ අපි ගිහින් එන තැනක් වුණාට වන සතුන්ට ඒ ඔවුන්ගේ නි‍ෙවස. අනුන්ගේ ගෙදරකට ගිහින් හැසිරෙන විදියට අපි නොකිව්වට වැදගත් ඔබ ඒක දන්නවා. අන්න ඒ විදියට ගිහින් හැසිරිලා එන්න.

 

ප්‍රසාද්

 

2016-09-15-ent-31
2016-09-15-ent-30
2016-09-15-ent-29
2016-09-15-ent-28
2016-09-15-ent-27
2016-09-15-ent-26
2016-09-15-ent-25
2016-09-15-ent-24
2016-09-15-ent-22
2016-09-15-ent-21
2016-09-15-ent-20



අදහස් (0)

සද්දන්තයින් කරක්ගහන මින්නේරිය වන උයන

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 892 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1211 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 82 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 810 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 365 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1109 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39484 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site