IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සුද්දන් කොල්ල කැ මිල කළ නොහැකි ආයුධ හයක් යළි දෙයි

(අංජුල මහික වීරරත්න)

ලන්දේසි පාලන සමයේ දී (1640-1796) ශ්‍රී ලංකාවෙි සිට ඕලන්දයට (නෙදර්ලන්තය) රැගෙන ගිය මිල කළ නොහැකි පෞරාණික අවි ආයුධ හයක් නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට නෙදර්ලන්ත රජය පොරොන්දු වී තිබේ.

පාරම්පරික සිංහල කැටයම් සහිත කාලතුවක්කුවක්,ලෙව්කේ දිසාවෙිට අයත් දියමන්ති එබ්බවූ කඩු කස්තාන ඇතුළු අවි ආයුධ ද මෙම පුරාවස්තු අතරට අයත් වේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා නෙදර්ලන්ත රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පෞරාණික භාණ්ඩ නැවත ලංකාවට ලබා ලබාදීමට නෙදර්ලන්ත රජය එකඟතාවය පළ කර තිබේ.

මෙම පෞරාණික භාණ්ඩ ශ්‍රී ලංකාවට රැගෙන ආ පසු කොළඹ ජාතික කෞතුකාගාරයේ විශේෂ කුටියක තැන්පත් කරන අතර නෙදර්ලන්ත රජයේ අධීක්ෂණය යටතේ එම කුටිය මේ වන විට ඉදිකරමින් පවතී. ලංකාවට රැගෙන ආ පසු කෞතුක භාණ්ඩ වලට කාලගුණික සාධක වලින් හානියක් නොවන පරිදි අදාල කුටිය නිර්මාණය කිරීමට ජාතික කෞතුකාගාරය පියවර ගෙන ඇත.

මෙම විශේෂිත කුටියේ ඉදිකිරීම් මෙම සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන අතර ඔක්තෝම්බර් මාසයේ මුල් සතියේ දී එම පුරාවස්තු මෙරටට රැගෙන ඒමට නියමිතව පවතී. රිදී, රත්‍රන් සහ මැණික් ඔබ්බවා ඇති ලෝකඩ කාලතුවක්කුව, ලී තුවක්කු කරත්තය,ඝන රන් මිටක් සහිත දියමන්ති 136ක් එබ්බ වූ රන් කොපුවක් සහිත කස්තානය,සියුම් කැටයම් ලී මිට සහිත තුවක්කු දෙකක්,යකඩ කඩුවක් සහ කොපුවක්,රන් ආලේපිත කුඩා තුවක්කු බටයක් සහ ලෝකඩ තුවක්කුවක් එම පෞරාණික භාණ්ඩ අතර වේ.



අදහස් (28)

සුද්දන් කොල්ල කැ මිල කළ නොහැකි ආයුධ හයක් යළි දෙයි

පැරකුම් Saturday, 17 June 2023 11:40 AM

අපරාදේ මෙහෙට ගෙනාවේ අපේ කෞතුකාගාරේ සිද්ධවෙන දේවල් හැටියට කී දවසක් තියේවිද?

:       6       113

ලංකාපුත්‍ර Saturday, 17 June 2023 12:23 PM

ඒක නම් සහතික ඇත්ත... මැදමුලන පාලන සමයේ කෞතුකාගාරයේ තිබුණු භාණ්ඩ වලට සිදුවුණේ මොකක්ද කියලා තවමත් සොයාගන්න බැහැ කියලා පේනවා... ඊළඟට කියන්න ඕන වීර කැප්පෙටිපොළ විරුවාණන්ගේ හිස්කබල එංගලන්තයේ සුරක්ෂිතව තිබුණා ලංකාවට ගෙනාවාට පස්සේ කොහේ හෝ සොහොනක තැන්පත් කලා කියලා අහලා තියෙනවා. සමහර විට ඒක මේ වනවිට දිරාපත් වෙලා ඇති ඔහොමයි අපේ අප්පලාගේ වැඩ...!

:       6       73

aravindaSaturday, 17 June 2023 06:36 PM

වීර කැප්පෙටිපොළ විරුවාණන්ගේ හිස්කබල භූමදානය කර ඇත්තේ දළදා මාලිගාව ඉදිරිපස ඇති මහමළුවෙයි. ඒ සඳහා ස්මාරකයක්ද ඇත.

:       2       1

senaSaturday, 17 June 2023 03:59 PM

හරියටම හරි... මතකද කන් ගැට්ටා..?

:       2       29

Samitha Senadhi Wijesiriwardhana. Saturday, 17 June 2023 11:53 AM

මේ වටිනා පුරාවස්තු නැවත ලබාගැනීමට හැකිවීම අප ලැබූ විශාල ජයක්. ඒ සඳහා ක්‍රියාකළ සාගල රත්නායක මහතාට අපගේ ප්‍රණාමය...!!! මේවා මෙසේ ලබාගත්තා වගේම, හොඳින් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි. නැතහොත් හොරකමට කප් ගැසූ දේශපාලකයින් මේවා හොරකම් කොට ඒ වෙනුවට ව්‍යාජ ඒවා තියාවි...

:       19       45

ravinSaturday, 17 June 2023 12:44 PM

නැතහොත් හොරකමට කප් ගැසූ දේශපාලකයින් මේවා හොරකම් කොට මෙන්න මේ වාක්‍යයට ඉස්සෙල්ලාම පිළිතුර හොයන්නකෝ... දැනටමත් තක්කඩි ටික හොරකම් කරන පිළිවෙළ සැලසුම් කළා ඇති. ගියපාර හොරාකෑමේ ප්‍රතිඵල? අපරාධ පරීක්ෂණ... ?

:       3       35

හුසේන්Saturday, 17 June 2023 03:13 PM

ඕලන්දේ තිබුණු නිසා තවමත් තිබුණා මෙහෙ තිබුණා නම් ඒවා ඉමිටේෂන් වෙලා ගොඩක් කල්...

:       2       24

Rata Perata Saturday, 17 June 2023 12:11 PM

ඒකෙත් අවසානය... දැනටම ගියපාර වගේ කඩු සෙල්ලම් දාලා ඕක හොරකම් කරන්න සැලසුම් කරනවා ඇති...

:       4       37

Rosa Saturday, 17 June 2023 12:23 PM

ඉතින්, සාගලලත් මොනවා හරි කරනවා කියලා පෙන්නන්න එපෑයැ... දැන් ඕවා ගෙනාපු ගමන් ඩොලර් බහිනවනේ...

:       8       22

ranjith Saturday, 17 June 2023 12:25 PM

එක වතාවක් හොඳටම කටුගෙය සුද්ද කළා... මේවා ගෙන්වගෙන මොනවා කරයිද?

:       3       31

Anura Nanayakkara Saturday, 17 June 2023 12:42 PM

පරිස්සමින්, ලංකාවේ කෞතුකාගාරය හොරගුහාවක් කියලා මතයක්ද පවතින බැවින්, මෙම කෞතුකාගාර භාණ්ඩ විශේෂ ආරක්ෂිත මැදිරියක තිබිය යුතුය. හොර අවදානම් තිබෙනවා නම් පිටරටම තියන්න.

:       2       29

Nimal Saturday, 17 June 2023 01:29 PM

අපරාදේ, එහෙ තිබ්බා නම් තව කාලයක් රැකිලා තියෙයි...!

:       3       9

Nathalie Saturday, 17 June 2023 01:47 PM

අවුරුදු ගණනාවකට කලින් හොරකමක් වුණා කටුගෙයි. කුඩුකාරයෝ දෙන්නෙක් අල්ලන් නැටුවා නාඩගමක්... ඒවාට මොකද වුණේ බල්ලෙක්වත් දන්නේ නෑ. දැන් මේවා ගෙනත්?

:       2       16

පෙරේරා Saturday, 17 June 2023 01:48 PM

ඕකත් කන්ගැට්ටා අරගෙන යයි. ඕවා ඒ රටේ තියෙන එක හොඳ නැද්ද ලංකාවට ගේනවාට වඩා...!

:       3       13

බද්රානි Saturday, 17 June 2023 01:57 PM

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වැනි ප්‍රබුද්ධ මහා ජාතියකට හිමිවිය යුතු පින්බිමක් වෙනත් ජාතියකට හිමිවීමේ පාපය තමයි අපි මේ ගෙවන්නේ.. ඔවුන්ගේ පිනටම ඒ යුගයේ මේ භූමියෙන් මුතු මැණික් පමණක් නොවෙයි, ඔවුන් පැලකරපු (හා මේ බිමේ ඉබේට පැල වුණු) හැම පැලයක්ම ආදායම් ඉපයීමේ මාර්ගයක් වුණා. ඒත්, අද මල් පැලයක් හිටෙව්වත් පණුවෝ කාලා ගහ මැරෙනවා. දැන් මේ භූමියට ස්වභාව ධර්මයේ ආශිර්වාදය හිමිවන්නේ නැහැ. රටේ ජනතාව ඒ තරමටම අධර්මිෂ්ඨයි. අපරාදේ! ඔවුන්ට අයිති ඒ පුරාවස්තු නැවත මංකොල්ල කරුවන්ට බාරදීම ගැන කණගාටුයි...!!

:       10       17

Duminda Saturday, 17 June 2023 11:31 PM

ඕවා එම රටේ තිබුණානම් තව කාලයක් තියේවි. අප රටේ දේශපාලුවන් 225 මකබෑවිලා යනකල් වටිනා කියන කිසිදෙයක් ලංකාවට ලැබුණාට වැඩක් වෙන්නේ නැහැ...

:       0       2

Dharmatileke Saturday, 17 June 2023 02:47 PM

නෙදර්ලන්ත ජනතාවට ස්තුතියි... හැබැයි සැප්තැම්බර් මාසයෙන් පස්සේ මේවායේ ඉරණම දෙයියෝ දනී...

:       2       22

Jaliya Saturday, 17 June 2023 03:10 PM

අයියෝ සල්ලි, අනේ සුද්දෝ ඔබලාම තියාගනිල්ලා... මොකද ලංකාවට ආවොත් රාජපක්ෂලා හොරකම් කරනවා වෙච්චි කෙරිච්චි දෙයක් නැති වෙන්න...

:       4       22

රට වැසියා Saturday, 17 June 2023 03:45 PM

මේවා නැවතත් ලංකාවට ගෙන ආ එක නම් අපරාධයක්, මේවා වෙනුවට බොරු පුරාවස්තු තියා මේ පුරාවස්තු අතුරුදහන් වනු ඇත. ඒ අපේ රටේ හැටිය...

:       1       15

Deepika Saturday, 17 June 2023 04:18 PM

අනේ ඔය පුරවස්තු ඔහෝමම චීනෙට යවලා අපේ ණය ටිකක් අඩු කරගන්න බලපල්ලා... මිනිස්සු නොකා නොබී හූල්ල හූල්ලා ඉඳලා මැරිලා යන්නේ දේශපාලුවෝ හොරා කාපු ණය ගෙව්වාම අහිංසක මිනිස්සුන්ට දරුවන්ට කන්න දෙන්න විදිහක් නැහැ...

:       2       7

Deepika Saturday, 17 June 2023 04:19 PM

ඕවා ලංකාවට එවන්න එපා.. නාමල්ගේ ගෑණිට ඔය දියමන්ති මැණික් ඔබ්බලා වලලුමාල හදයි...!

:       3       20

GAMINI JAYASINGHE Saturday, 17 June 2023 04:53 PM

රාජපක්ෂලාගේ පවුලට ගෑවිච්චි කෙනෙකුටවත් ඔය පළාතකට එන්න දෙන්න එපා. මතකයිනේ කටුගෙදර කඩුවලට වුණු දේ සහ කෝට්ටේ රජමහා විහාරයේ පුරාවස්තු වලට වෙච්චි දේ...

:       4       15

Nihal Sunday, 18 June 2023 01:15 AM

සුද්දෝ මිනිස් ඝාතන කරමින් රටවලට බලෙන් ඇතුළුවී පළමුව කරන්නේ ඉතිහාසය වෙනස් කිරීම, බලහත්කාරයෙන්, හොරකමින් පුරාවස්තු එම රටවලින් අරං යෑමයි, ලන්ඩන්වල කෞතුකාගාරයේ අපේ පුරාවස්තු ආපසු ගත යුතුයි... ඊජිප්තුව මිලකළ විශාල ප්‍රමාණයක් ඇත. වර්ණ භේදය ඉහවහා ගිය රටක ලැජ්ජාවක් තියෙනවා නම්? කලුජාතින් වන අපේ මිලකළ නොහැකි අපේ ඒවා අපට දිය යුතුයි.. මොවුන් කළ අපරාධම නිසා එම රටවල පවුල් සි සි කඩ, වර්ණ භේදය නිසාම පසුගිය වසරේ දරුවන් ලංඩන්වල පමණක් පිහිවලින් ඇන තිහක් ඝාතනය කළා. ඒ අතරේ අහිංසක අපේ දරුවෙකුත්...

:       1       2

Dewdrop Sunday, 18 June 2023 11:40 AM

අනේ ඔය තිබුනු විදිහට ඔය දේවල් නෙදර්ලන්තයේ ම තියෙන්න අරින්න. අඩු ගානේ නෙදර්ලන්තයට හරි ගිහින් ඔරිජිනල් දේ දැක ගන්න පුළුවනි... ලංකාවට ගෙනාවොත් කාගේ හරි පෙරේත දේශපාලකයෙකුගේ ගෙදර ඔය දේවල් තියේවි...

:       1       1

Piyal weerasinghe Sunday, 18 June 2023 07:31 PM

මතකයිනේ කන් ගැට්ටෙක් කළ හදියක්... මෙහෙ ගෙනාවොත් මාසෙන් ඕක ආගිය අතක් නැතිවෙයි. ඕක නෙදර්ලන්තයේම තිබුණා නම් ජීවිත කලයම රැකගන්න තිබුණා...

:       1       1

Fernando Monday, 19 June 2023 01:16 AM

නෙදර්ලන්තයේ තිබ්බා නම් ඒ ටික තවත් ආරක්ෂිතයි...

:       0       1

Bamunuarachchi Monday, 19 June 2023 02:15 AM

හිතන්නේ මේවා කොස් කොටන්න හදපු කඩු වෙන්න ඕනේ... නැතුව මැණික් ඔබ්බපු කඩු යුද්දෙට ගෙනයාවිද?

:       0       0

Bunny Preena Monday, 19 June 2023 10:46 AM

කවුද කන්ගැට්ටා...?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 45 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 325 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 551 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 63 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 131 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 1020 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27536 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20673 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 393 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 655 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1883 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site