IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සෞදියේදී පින පෑදේ

පසුගිය ඔක්තෝබර් 3 වැනි දින සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ජංගම සේවයට ලාංකික ගෘහසේවිකාවක සෞදි දරුවකුද වඩාගෙන ආවාය.

ගමන්බලපත්‍රය දීර්ග කරගැනීමට පැමිණ සිටියේ ගෙදර හිමිකාරිය සහ ඇයගේ හුරුබුහුටි දරුවෙකු සමගය. එම දරුවා ශ්‍රී ලාංකික කාන්තාව සමග හුරතල් බස් කියමින් ඇයගේ ඇකයේම සිටියේය. දරුවා කිසිම අවස්ථාවක තම දෙමාපියන් නොසොයන බවත්  තමා එම දරුවාගේ අම්මා ලෙස මට ඉතා ලෙන්ගතුවී සිටින බවත් ඇය කීවාය. මෙම දරුවා ඇයගේ ඇකයේ සිටම තානාපති නිලධාරීන්ගේ මේසය මත තුබූ ශ්‍රී ලංකා ධජය ගෙන ඇතමෑත කරන්නට විය. 
ශ්‍රී ලාංකික පැවසුවේ නිවැසියන් තමාට ඉතා හොදින් සලකන බවය. මට ලැබිය යුතු සියලු වැටුප් හා අනිකුත් පහසුකම් නියමිත පරිදි ලැබෙන බවද ඇය කීවාය.

DSC02571 DSC02574

 



අදහස් (0)

සෞදියේදී පින පෑදේ

රුබීරු Monday, 06 October 2014 05:44 AM

මෙ දරුවා දෙමව්පියන්ව හොයන්නේ නැත්නම් ඒක මහා භයානක තත්වයක්. ලෝකෙ කෙහේ රටක වුනත් දරුවො හොයන්නේ තමන්ගෙ දෙමව්පියන්ව. (නදී)

:       0       0

රුවන් කුමාර Sunday, 05 October 2014 12:51 PM

අර කියන්නා වගේ මොකක්ද පෑදිච්ච පින. සේවකයට ඔහුගේ වැටප ගෙවිය යුතුයි (නදී)

:       0       0

ජයසුන්දර Sunday, 05 October 2014 12:54 PM

අපේ ලංකාවේ ගෘහ සේවිකාවෝ දරුවන්ට හරි ආදරෙයි. එ්නිසා දරුවොත් ආදරෙයි. මමත් කුවෙට්වල පොඩි දරුවෙක් බලගත්තා. මම ලංකාවට යන දවසේ දරුවාගේ අම්ම මොකද දන්නවද මට කිව්වේ ඔයාගේ මුහුණ වතුර බේසමකට සෝදලා ළමයට බොන්න දෙන්න කිව්වා. නැත්නම් ළමයට සංකාව හැදෙයි කිව්වා. පිළිගනිද ඔයාල මෙය සත්‍ය කතාවක් බවට. මම ඒ දරුවා බැලුවේ මගේ අැස් දෙක වගෙයි. (නදී)

:       0       0

රංගන Monday, 06 October 2014 05:53 AM

කාටත් හිමි පොදු දේ නම්. නැති බැරිකම් අවහිර කම්. මේ දේ මැඩගෙන දස්කම්. පෑම තමයි සුරුවිරුකම්. උස් තැන් දැක හැකිලෙන්නේ. මිටි තැන් දැක පුප්පන්නේ. නිවටුන් බව සිතමින්නේ. මගේ පුතා නිදියන්නේ. (එස්. මහින්ද හිමි) (නදී)

:       0       0

ප්‍රියා Sunday, 05 October 2014 01:02 PM

අනේ මෙහෙමත් ලජ්ජා නැති ජාතියක්. ලංකාවේ ගැහැනුන්ව වහල් කමට යවලා විදේශ විනිමය හොයනවා. කරන්න පුලුවනි නම් ගැහැණු රට යවන එක නතර කරන්න. (නදී)

:       0       0

හේමන්ත Monday, 06 October 2014 06:02 AM

හ්ම්... අපිත් සතුටු වෙමුකෝ එහෙනම් ඉතින්... (නි)

:       0       0

රීටා සේන Sunday, 05 October 2014 01:22 PM

ආදරේ කරනවා වගේම තමයි දරුවට මොකුත් උනා නම් බෙල්ල ගහලම යාවි (නදී)

:       0       0

රොහාන් සෞදි Sunday, 05 October 2014 01:25 PM

ගොඩක් හොඳ මිනිස්සු සෞදි අරාබියේ ඉන්නවා සුළු කොටසක් පමණයි තවම තිරිසනුන් වගේ ඉන්නේ. (නදී)

:       0       0

විරාජ් Monday, 06 October 2014 06:42 AM

එහෙ සෞදි අම්මලා දරුවෝ ගැන වැඩිය හොයන්නේ නැහැ. දරුවා ඉපදෙනකොටම නැනි කෙනෙක් ගෙනල්ල තියාගන්නවා. සූප්පුවයි කිරි බෝතලෙයි එක්ක දරුවා ලොකු වෙනකම් බලාගන්නේ මේ නැනිල තමයි. අම්මගෙන් වෙන්න ඕන යුතුකම් සේරම මේ නැනි කරන නිසා මේ දරුවන් අම්මට වගේ සළකන් ඉන්නේ නැනීට මෙන්න මේ කාරණය නිසයි. (නදී)

:       0       0

අජිත කුමාරි Sunday, 05 October 2014 01:50 PM

හැමෝටම ඒ විදිහට සලකනවා නම් හොඳයි (නදී)

:       0       0

මැණික් රත්නායක Sunday, 05 October 2014 01:56 PM

මොකක්ද පින? (නදී)

:       0       0

සුරංග Sunday, 05 October 2014 02:54 PM

ගොඩක් හොඳ මිනිස්සු සෞදි අරාබියේ ඉන්නවා. ඇත්තෙන්ම ඔබ පින්වන්තියක් (නදී)

:       0       0

බණ්ඩාර සරත් Sunday, 05 October 2014 04:30 PM

සෞදිය නෙමෙයි, ඔය මැදපෙරදිග රටවලට යන අපේ ඔක්කොම කාන්තාවන් පින්වන්තියන්. අනේ අනිච්චන් මෙහෙමත් රටවල්! (නි)

:       0       0

වීරසිංහ Sunday, 05 October 2014 04:33 PM

අනේ! අපිට මේ පින නැහැනේ (නි)

:       0       0

හිෂාන් Sunday, 05 October 2014 05:04 PM

අනේ වාසනාවන්! (නි)

:       0       0

හේරත් Sunday, 05 October 2014 06:30 PM

අහන්නත් සතුටුයි (නි)

:       0       0

ලහිරු Sunday, 05 October 2014 06:50 PM

කතාව හරි. පුදුමයක් නැහැ(නි)

:       0       0

සිතාරා Sunday, 05 October 2014 06:53 PM

මම අවුරුදු 6ක පොඩි ළමයෙක් බලනවා. ඒ ළමයා ඉපදුන දවසෙ ඉඳලා මමයි බලාගන්නේ.අවාසනාවකට ඒ ළමයාගේ තාත්තා එයා ඉපදිලා මාසයකින් නැති වුණා.මේ අවුරුදු 6ම මම එයාව බලාගත්තේ මගේ ඇස් දෙක වගේ.එයා මට අම්මාට වගේම ආදරෙයි.එයාගෙන් අම්මාටද මටද අද‍රේ කියලා අහපුවාම එයා කාට වුණත් කියන්නේ මට කියලා.එයාගේ අම්මටත් හිතාගන්න බැහැ මේ ආද‍රේ ගැන.එයාගේ අම්මා වුණත් මට සළකන්නේ සහෝදරියකට වගේ.මේ ආදරේ සෙනහස දාලා මටත් මගේ රටට යන්න බැරුව ඉන්නේ.දරු සෙනෙහසට ජාති බේද,ආගම් බේද නැහැ. (නි)

:       0       0

සුරංග Sunday, 05 October 2014 08:29 PM

මම ඉන්නෙත් සෞදි අරාබියේ.95% හොඳ මිනිසුන් මෙහෙ ඉන්නවා.ලංකාවේ දවසකට මොනතරම් කාන්තාවන්ට අතවර වෙනවද? පොඩි ගැහැණු ළමයෙකුටවත් බස් එකක නිදහසේ යන්න බැහැ නේද? ලංකාවේ ගෙදරක වැඩට ගියත් ප්‍රශ්න නැතුව ඉන්න පුලුවන්ද? නිදහසේ රැකියාව කරන ගැහැණු නැති තරම්. එක රටකට ඇඟිල්ල දික්කරනකොට ඇඟිලි හතරක් අපේ රටට හැරිලා තියෙන්නේ.උදාහරණ ඕනෑ තරම් දෙන්න පුලුවන්. මම මගේ ලංකාවට ආදරෙයි.ඇත්ත ටිකක් දිරවන එකක් නැහැ. (නි)

:       0       0

චින්තා Sunday, 05 October 2014 09:41 PM

සිල්වා කියනදේට මමත් එකඟයි (නි)

:       0       0

එරංග Sunday, 05 October 2014 10:57 PM

හැම ලංකාවේ කාන්තාවකටම ඔය පින පෑදෙන්නෙ නැහැනේ! (නි)

:       0       0

ධනුක Sunday, 05 October 2014 11:28 PM

කරදරයක් නැත්නම් ඉතින් එච්චරයි (නි)

:       0       0

නිමල් Monday, 06 October 2014 12:28 AM

දැන් මේ කියන්නේ සෞදිය හරි හොඳයි කියලද? (නි)

:       0       0

සජෝජ් Monday, 06 October 2014 12:42 AM

මම එංගලන්තයේ පොත් සාප්පුවක වැඩ කරන්නේ. මටත් සෞදි යන්න හිතෙනවා, පින පෑදෙයිද බලන්න. (නි)

:       0       0

බණ්ඩා Sunday, 05 October 2014 08:44 AM

දැන් මොකක්ද මෙතන පෑදිල තියෙන පින ?(දිල්)

:       0       0

සුභාෂිනී Sunday, 05 October 2014 08:52 AM

මේ වගේ පින පෑදෙන්නේ සුළු පිරිසකට පමණි (නදී0

:       0       0

අනුරාධ Monday, 06 October 2014 01:22 AM

වෙලාවට පඩි හා දීමනා ගෙවන එක කම්කරු අයිතිවාසිකමක්. මේක පිනක් කියලා පේන එකේ යට් අදහස "බහුතරයකට එහෙම නැහැ කියන එකද? මම නම් යන්තම් පිනක් කරලා තිබුනා වැඩ කරපුවට සල්ලි ගන්න" කියන එකද? (නදී)

:       0       0

ලසන්ති ලක්මාලි Monday, 06 October 2014 01:31 AM

ලෝකේ දියුණු රටවල නම් කාටහරි පඩි ගෙව්වේ නැත්නම් හාම්පුතාට වෙන්නේ හිරේ යන්න. ඒ රටවල් දේශපාලනමය මට්ටමින් මොන වැරදි කලත්, සාමාන්‍ය නිති රීති තරාතිරම නොබලා අකුරට පිළිපදිනවා. (නදී)

:       0       0

බමුණු Monday, 06 October 2014 01:34 AM

"මටත් සෞදි යන්න හිතෙනවා, පින පෑදෙයිද බලන්න" ඒවා ඉහත කරලා තිබෙන පව් පින් අනුව. (නදී)

:       0       0

ජානක Sunday, 05 October 2014 09:00 AM

සෞදීයේ ඉන්න අම්මලට ළමයි බලන්න වෙලාවක් නැහැ. කොයි වෙලෙත් ෂොපින්. ඉතින් වැඩට ඉන්න කෙනාට අම්මට වගේ ලං වෙන එක අහන්න දෙයක් නෙමෙයි. අනික සෞදියේත් ඉන්නවා හිත හොඳ මිනිස්සු. එහෙම අය වෙලාවට පඩි ගෙවනවා. මනුස්සයින්ට වගේ සලකනවා (නදී)

:       0       0

අකිල Sunday, 05 October 2014 09:11 AM

මොකුත් කියන්න බැහැ (නදී)

:       0       0

යුරේෂා බිනෝලි Monday, 06 October 2014 10:18 AM

ඇත්තටම සෞදිය වගේ රටකින් අහන්න ලැබෙන දේවල් අතරින් මේ වගේ දෙයක් අහන්න ලැබිමත් සතුටුයි. මේ දරුවා නිසා වත් ලැබුන පිනක් තමා. එ්ත් මන් නම් හිතන්නේ කාලේ දික් නොකර ගොහින් එන්නම් කියා වත් යන්න තිබුනා. මොකද ඔය හොද කවදා වෙනකම්ද දන්නෑ. ඔය මනුස්සයන්ට චුට්ට බැරි උනත් ඇති. කරපු හොද ඔක්කොම යටයි. කොච්චර නැති බැරි කම් උනත් අග හිග කම් තිබ්බත් ජිවිතේ ඊට වඩා වටිනවා. දෙවි පිහිටෙන් දික්කරගත්ත කාල සීමාව නිමා උනාම ලංකාවට යන්න (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 06 October 2014 03:08 AM

ඒ බන්ඩෝ මේ බන්ඩෝ සෞදි ගැහැණු ලස්සන දෝ (නදී)

:       0       0

රුවන්ති Sunday, 05 October 2014 10:00 AM

බණ්ඩා, තේරෙන්නේ නැද්ද සුදු හුණු ගානවා කියන්නේ ඕකට තමා, අන්න යන්න චෝයි රට. (නදී)

:       0       0

ලලිත් Monday, 06 October 2014 03:34 AM

මමත් යනවා (නි)

:       0       0

රුවන්ති Sunday, 05 October 2014 10:09 AM

කාන්තාවන් ගැබ් ගෙන , එම දරුවන් කුසේදීම නැති කරගෙන (ගබ්සා කරගෙන) එන්නෙත් පිනට තමා. (නදී)

:       0       0

සිල්වා Sunday, 05 October 2014 10:15 AM

අහෝ අපේ ලක් ගෑනුන්ට ගිය කල. ඇදුමත් වෙනස් වෙලා (නදී)

:       0       0

නාලි Monday, 06 October 2014 04:08 AM

පින කියන්නේ මේකද මලේ ? (නදී)

:       0       0

අමා Sunday, 05 October 2014 10:24 AM

කොතැන හිටියත් අනුන්ගේ තැනක කරදරයක් නැත්නම් ඇත්තෙන්ම සසර කල පිනක්. අධම මිනිසුන් හමුවන අය කොතරම් ඉන්නවද ? ඇත්තෙන්ම සහෝදරිය ඔබ පින්වන්තියක් (නදී)

:       0       0

නෙවිල් Sunday, 05 October 2014 10:30 AM

මෙලෝ රහක් නැහැ (නදී)

:       0       0

තුඩාවේ Sunday, 05 October 2014 10:31 AM

සෞව්දිය හරිම හොඳ රටක් වගේ නේද මෙයා. තව තව ප්‍රවර්ධනය කරන්න ඔිනේ ඔය වගේ රට වලට යන්න. (නදී)

:       0       0

චමින්ද _ සෞදි අරාබිය Sunday, 05 October 2014 10:35 AM

මට නම් මෙයට හු කියනවා හැර වෙන දෙයක් කීමට නැත (නදී)

:       0       0

පී.බී ප්‍රේමානන්ද Sunday, 05 October 2014 11:13 AM

මුන් වගේ කපටි ජාතියක් ලෝකෙම නැහැ. වැඩකාරියක් ගන්න රුපියල් ලක්ෂ 6 ක් පමණ ගෙවන්න ඕනේ. ඒ නිසා දැන් ආදරෙන් ඉන්නවා (නදී)

:       0       0

සුගත් ප්‍රේමලාල් Sunday, 05 October 2014 11:42 AM

මේ රටේ ශ්‍රී ලංකාවේ ගැහැණු විදින දුක දන්නේ මේ සෞදියේ ඉන්න අපි විතරයි. මෙහෙට නම් එන්න හීනෙකින් වත් හිතන්න එපා. (නදී)

:       0       0

ක්‍රිෂාන් Sunday, 05 October 2014 11:48 AM

මැක්ෂාන් සිල්වා, කනගාටුයි තමයි අපේ ලංකාවේ කාන්තාවන්ට ඇතිවෙලා තියෙන ඉරණම දැක්කම. ඒත් මේ ගෑනු කෙනාගේ ඇඳුමට මොකුත් කියන්න බැහැ (නදී)

:       0       0

විරාජ් Monday, 06 October 2014 05:04 AM

අපේ ලාකික කාන්තාවන් ගොඩක් අමාරුවේ දාන්නෙත් අපේ ලාංකිකයන්ම තමයි. ගෙවල් වලින් පන්නගෙන වැඩි පඩි අරන් දෙන්නම් කියල මොවුන්ව නොයෙක් අපචාර වැඩ සඳහා යොදාගන්නවා. ලංකාවේ පිරිමිත් බාගෙට බාගයක් අරාබිකාරයින්ට අහුවෙන්නේ අරක්කු පෙරන්න ගිහිල්ලයි, ගැණු හුටපට වලටයි. සුලේයිමානිය, ඔලෙයිය පැත්තේ වෙන්නෙම ඕවා තමා (නදී)

:       0       0

මෙවන් Monday, 06 October 2014 05:12 AM

කෝ මෙයාට ගෙයක් දොරක් වත් හදල දීලද සෞදියේදී පින පෑදුනයි කියන්නේ? අපි ලජ්ජා නැති ජාතියක්. මොකද මෙච්චර හොඳ රටක් තිබිලත් සෞදියේදී කාන්තාවන්ට වුන අතවර අහලත් ගෑනුන්ගෙන් හම්බකරගෙන කන්ට තව තවත් රට යවන එක. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 102 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 435 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 95 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 473 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 300 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 866 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25116 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site