රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 20 ක් රට ඉඳි අස්සේ සඟවාගෙන සෞදි අරාබියේ ජෙඩා නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද දහවල් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ අම්පාර, කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෝ බවත් ඔවුහු සතියකට හතර වතාවක් පමණ සෞදි අරාබිය හා ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කරන බවත් විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
අත් අඩංගුවට ගනු ලැබු රන් බිස්කට් 20 හි බර කිලෝ ග්‍රෑම් එක හමාරකි.
සැකකරුවෝ මීට දින දෙකකට පමණ පෙර මෙරට සිට සෞදි අරාබිය බලා පිටත්ව ගොස් ඇති බව අනාවරණය වෙයි. ඔවුහු යළි සෞදි අරාබි ගුවන් සේවයට අයත් එස්.වී 782 දරණ ගුවන් යානයෙන් අද දහවල් මෙරටට පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුන තොරතුරක් මත පැමිණීමේ පර්යන්තයේදී මොවුහු අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව රන් බිස්කට් සහ සැකකරුවන් ගුවන්තොටුපල රේගුවට බාර දීමට නියමිතය.
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව
විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ
බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෞදියෙන් කෝටි එක හමාරක රන් රට ඉඳි
විජයබාහු Monday, 16 March 2015 10:04 AM
මදුර අපේ රට එච්චර දියුණු නෑ .(දිල්)
රජින්ද Sunday, 15 March 2015 06:06 PM
මේ වගේ නිවට මිනිස්සු නිසා අහිංසක මිනිස්සුත් අමාරුවේ වැටෙනවා. උපරිමයෙන්ම දඩුවම් දිය යුතුයි. ඒ වගේම මේ වනතෙක් කරපු මේ ජාවාරමෙන් උපයාගත් මුදල් නැවත රාජසන්තක කල යුතුයි.(නදී)
යහම්පත් Sunday, 15 March 2015 07:47 PM
පසු ගිය කාලේ නම් ඔය අල්ලපු රත්තරන් ගැන නොයෙකුත් කතා ඇසුවා. සමහරු ඒවා පැළඳ මැතිවරණ වේදිකාවේත් ඉන්නවා. දැන් යහපාලනය නිසා යහපතක් සිදුවේද කියා දැනග්නඩ කැමතියි (නදී)
නුවන් Monday, 16 March 2015 02:18 AM
ඔහොම්මම සෞදි අරාබි අරන් ගිහින් අතපය කැපුවා නම් ඉවරනේ ඔය කට්ටිය කොහොමත් කරන්නේ ඔය දේවල්නේ (නදී)
රිචි බාලසුරිය Sunday, 15 March 2015 12:12 PM
කාලයක් තිස්සේ කරපු ජාවාරමක් එහෙනම් අසු වෙලා තියෙන්නේ , හිතා ගන්නට පුළුවන් කවුරුන්ද කියා (දිල්)
අසංග Monday, 16 March 2015 05:00 AM
කව්ද ඉතින් ඕවා කරන්නේ තොප්පි කාරයෝ මිසක්. (ස)
දුමින්ද Monday, 16 March 2015 05:33 AM
රත්‍රන් ඔච්චර ගණන් නැත්නම් -නැහැනේ මෙහෙම කරදරයක් .(හේ)
මදුර Sunday, 15 March 2015 02:07 PM
ඇයි ගුවන්තොටුපලේ ස්කෑන් මැෂින් වලට අහු උනේ නැද්ද? ගුවන්තොටුපළ ආරක්ෂකයෝ මේක දැක්කේ නැද්ද ? රේගුව දැක්කේ නැද්ද? මට පෙනෙන විදිහට මේ දෙන්නා රේගුවෙත් ඇස් වහලා තියෙනවා. රහස් පොලිසියට ප්‍රණාමය (නදී)
නාමල් Sunday, 15 March 2015 02:08 PM
සමහරවිට රේගුවට ඔත්තුව නුදුන්නේ වැඩක් නැති නිසා වෙන්න ඇති. දැන් ඉතින් හැම ඔත්තුවක්ම රහස් පොලිසියට දෙන්න. (නදී)
තිලක් -ඩුබායි Sunday, 15 March 2015 02:22 PM
ඔය දවස ගානේ අල්ල ගන්න රත්තරන් ටොන් ගානට මොකද වෙන්නේ? ඉස්සර අල්ල ගත්තු රත්තරන් ටොන් ගානට මොකද වුනේ? (නදී)
තිලක් -ඩුබායි Sunday, 15 March 2015 02:24 PM
ඉස්සර මහා භාන්ඩාගාරයෙන් පන්නලා විකුනන්න හදපු බිරින්දෑවරුන්ට මොකද වුනේ? හිරේ විලංගුවේද ?එළියේද? (නදී)
තිලක් -ඩුබායි Sunday, 15 March 2015 02:25 PM
හොරුන්ගෙන් අල්ල ගන්න රත්තරන් තවත් හොරෙක් විකුනම් කනවා නම් ඒ හොරාට කියන්නේ "කම්බා හොරා" කියල. (නදී)