IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සෞදියේ අවුරුදු උළෙලට නොනගතේ

සෞදි අරාබියේ වසරක් පාසා පැවැත්වෙන  අළුත් අවුරුදු උළෙල මෙවර නොපැවත්වන බව නැගෙනහිර පළාත් ශ්‍රී ලංකා විදේශගත වූවන්ගේ සංගමයේ උප සභාපති එල්.එස් පතිරාජ මහතා කීයයි.

වසර 10යකට අදික කාලයක් සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සුභ සාධන කටයුතු සම්පාදනය කරමින් සෑම වසරකම සිංහල අළුත් අවුරුදු උළෙල ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ නමුත්  මේ වනවිට සෞදි අරාබියේ පවතින වාතාවරණය හා නීතිමය පසුබිම හමුවේ  මෙවර සිංහල-හිංදු අළුත් අවුරුදු උළෙල සංවිධානය කිරීමට නොහැකිවීම  ගැන නැගෙනහිර පළාත් ශ්‍රී ලංකා විදේශ ගතවූවන්ගේ සංගමය තම ශ්‍රී  ලාංකික  සහෝදර ප්‍රජාව වෙත කනගාටුව ප්‍රකාශ කර සිටී.

එමෙන්ම මෙම වාතාවරණය සමනය වූ වහාම ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දී සියළු උත්සව සහ අනෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද පතිරාජ මහතා සියළු ශ්‍රී ලාංකිකයින් වෙත දන්වා සිටී.



අදහස් (0)

සෞදියේ අවුරුදු උළෙලට නොනගතේ

මොහොමඩ් Monday, 15 April 2013 09:03 AM

සමන්ත, අභියෝග කරන්න රටක් නැතුවටද අරාබි රටකට ගිහින් මුස්ලිම්වරුන්ට විරුද්ධව පුප්පන්නේ? (නි)

:       0       0

රස්මි Monday, 15 April 2013 10:17 AM

හැමදේටම ජාතිවාදය ගාවාගන්න එක වැරදියි (නි)

:       0       0

රෂ්මී Monday, 15 April 2013 10:17 AM

මේකේ ප්‍රතිචාර දාන ගොඩක් අය හැමදේටම ජාති වාදය ගාවාගන්නවා.(නදී)

:       0       0

සාලිය Monday, 15 April 2013 10:31 AM

සමන්ත, ඔබට මුදල් ඉදිරියේදී ජාතියක් නොමැතිවුණාට සෞදි වැසියන්ට ජාතියක් ආගමක් තිබෙනවා නේද? (නි)

:       0       0

හුසේන් Monday, 15 April 2013 10:46 AM

මෙහෙ ඉන්න ඉස්ලාමීය පූජකවරුන් කියන්නේ අන්‍යාගමිකයින්ට වෙනස්කම් නොකර හොඳට සලකන්න කියලයි. ඒකටත් එක්ක සමහර අපේ හාමුදුරුවෝ? චීවරයටත් ලැජ්ජයි. (නි)

:       0       0

සත්‍යා Monday, 15 April 2013 10:48 AM

අපේ රටේ අපේ අනන්‍යතාවයක් ඇතුවා වගේ ඔවුන්ගේ රටේදී ඔවුන්ගේ නීති අපි පිළිගත යුතුයි. (නි)

:       0       0

කුමාර Sunday, 14 April 2013 05:04 PM

මෙච්චර නීති නම් මොකටද සෞදි යන්නේ? (නි)

:       0       0

කසුන් Sunday, 14 April 2013 05:06 PM

සෞදි අරාබියේ ආගමික හා සංස්කෘතික සහජීවනය... ? (නි)

:       0       0

සමන් Sunday, 14 April 2013 05:26 PM

බල සේනාව කෝ? නැද්ද? (නි)

:       0       0

අජිත් Sunday, 14 April 2013 05:45 PM

සෞදියට අපේ අවුරුදු හරාම් ද? (නි)

:       0       0

හර්ශ Sunday, 14 April 2013 05:49 PM

සමන්, කතාවක් තියෙනවා කට වහගෙන ඉන්නකම් මෝඩයත් බුද්ධිමතා වගේ පෙනෙන්නෙ කියලා. බල සේනාව නොහිටියා නම් මේ වෙනකොට ලංකාවෙත් අවුරුදු උත්සව තියන්න අවසර ගන්න වෙලා තියෙයි. (නි)

:       0       0

මොහොමඩ් Monday, 15 April 2013 11:43 AM

මම ඉන්නේ සෞදි. මෙහෙ හැම අවුරුද්දකම අවුරුදු උත්සව, සංගීත ප්‍රසංග පවත්වනවා. හැබැයි කිසිම නීතිමය ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

මෝරලා Sunday, 14 April 2013 06:11 PM

අවුරුදු උත්සවය නැති නිසා ලාංකිකයෝ ටික මලු පටවාගෙන ලංකාවට ආවා නම් හරි හර්ෂ වගේ මෝඩ මීහරක් ඉන්නකම් ලංකාව හැදෙන්නේ නැහැ.(නදී)

:       0       0

බන්දුල Sunday, 14 April 2013 06:13 PM

අපි සෞදි එන්නේ අවුඅරුදු උත්සව තියන්න නොවේ. සල්ලි හම්බ කරන්න තමා සෞදි ආවේඅ.(නදී)

:       0       0

දිනේෂ් Sunday, 14 April 2013 06:14 PM

ඔන්න සර්වාගමික රටවල් හොදට බලාගන්න. කොහොම හරි අපේ අවුරුද්දත් හරාම් වුණා නේද? (නි)

:       0       0

දිල්ෂාන් Monday, 15 April 2013 12:22 PM

අරාබියේ වෙන දේවල් වලට ඇයි ලංකාවේ මුස්ලිම් අයව ගාවාගන්නේ.(නදී)

:       0       0

අබිං Sunday, 14 April 2013 06:46 PM

හලාල් ගැන නෙමෙයි අපි හිතන්න ඕනෑ. සෞදි අරාබියේ වෙසෙන මිලියන දෙකකට වැඩි විදේශිකයන්ගේ රැකියාවල් ගැනයි. (නි)

:       0       0

ඩිල්ෂාන් Monday, 15 April 2013 12:34 PM

සහෝදරවරුනි, අපි ජාතිවාදීව අන්ධ නොවී අපි ඉදිරියේ සිදුවන සූරාකෑම් වලට විරුද්ධව පෙළ ගැසෙමු. (නි)

:       0       0

නිරෝෂන් දිසානායක සෞදි අරාබියාවේ රියාද් නුවර සිට Monday, 15 April 2013 11:20 PM

රොෂාන්, මේ කියවන්නේ පිස්සු විකාරෙන් ද නැති නම් හීනයක් දැකලද ? සමන්ට පුදුම හිතේ අමාරුවක් තියෙන බව පේනවා. මතක තියා ගත්තොත් හොදයි සමන්, සේනාව තිබුනේ නැත්නම් ලංකාවම මේ වෙනකොට හලාල් කරලා ඉවරයි, සමන්ලගේ නෑ පිරිවර (නි)

:       0       0

මුතුකුඩ Sunday, 14 April 2013 07:05 PM

සමන්, එයාලා දැන් මෙහෙ නැතිලු. (නි)

:       0       0

සේපාල දහරාන් සව්දි අරාබිය. Sunday, 14 April 2013 07:14 PM

රටේ නීතිය කෙසේ වෙතත් එයට යටත් වී වැඩ කරන්න බැරි නම් ඇයි ලංකාවට යන්නේ නැත්තේ? අපි ඇවිල්ලා ඉන්නේ හම්බ කරන්න. නිකන් ලංකාවේ ඉඳලා බනින්න එපා. එහෙනම් අපට රැකියාව කිරීමට බෞද්ධ රටක් හොයලා දෙන්න. බොරුවට ලංකාවේ ඉඳගෙන ජාතිවාදී අදහස් දාන එකෙන් වළකින්න. හරාම් හලාල් කෙසේ වෙතත් අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න. (නි)

:       0       0

සදරුවන් Sunday, 14 April 2013 07:27 PM

සෞදි අරාබියේ අයට අනුන්ගේ සතුට දරාගන්න බැහැ. එයාලට පුලුවන් නම් අපිට බැරි ඇයි? අපේ සේනාවට ජයවේවා! (නි)

:       0       0

පතිරාජ Monday, 22 April 2013 12:48 AM

අප සංගමය මගින් අඋරුදු උත්සවය පමණක් නොව සියලුම ආගමික උත්සවයන් පවත්වනවා. සෞදියේ සිටින සියලුම ශ්‍රීලංකික ප්‍රජාව සහභාගීවන්නේ අගම් බේද, ජාති බේද කිසිවත් නොසලකා. හරි හැටි තතු නොදන්නා අය අකවශ්‍ය ප්‍රශ්න , ඇතිකිරීමට , මේවට a ප්‍රතිචාර , දැක්වීමෙන් වැළකී සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මෙම උත්සව පැවැත්වීමට හලාල්l, හරාම් ප්‍රස්නයක් ඇතිවී නොමැත.(නදී)

:       0       0

නසාර් Monday, 15 April 2013 01:30 PM

වහාම අපේ සේනාව පිටත් කර යවනු! (නි)

:       0       0

සමන්ත ජෙඩා සව්දි අරාබිඅ. Sunday, 14 April 2013 08:06 PM

අපට උත්සව අවශ්‍ය නැහැ. ජාතිවාදී අදහස් දමන්නේ නැතුව අපේ පාඩුවේ ඉන්න දෙන්න. නැති ප්‍රශ්න ඇති කරන්න එපා. සේපාල කියනවා වගේ අපට බෞද්ද රටක් හොයල දෙන්න. ලංකාවේ දුවන හැම වහනයක්ම දුවන්නේ අරාබි රටවල හලාල් සල්ලි වලින්. බොදු බල සේනාවට පුළුවන් නම් අරාබි රටවලින් තෙල් ගේන එක නවත්වන්න. රටේ ජාතික ආදායම වී ඇත්තේ මැද පෙරදිග රැකියාවෙන් එන සල්ලි කියලා දන්නේ නැද්ද.?(නදී)

:       0       0

චතුරංග Sunday, 14 April 2013 08:06 PM

සෞදි අරාබියට සිංහල අවුරුදු උලෙළ හරාම් ද? දන්නෙ නැති නිසයි අහන්නේ.(නදී)

:       0       0

රෝහණ Sunday, 14 April 2013 08:27 PM

කොච්චර නීති තිබුනත් අදටත් ගොඩක් අපරාධ ගොඩක්ම තිබෙන එකම රට සෞදියයි. (නි)

:       0       0

රොෂාන් Sunday, 14 April 2013 08:33 PM

අදටත් මරක්කලයෝ මනුස්සකම් අතින් සෞදියේ උඩින්ම ඉන්නවා (නි)

:       0       0

සිසිර Sunday, 14 April 2013 08:51 PM

මෝඩකමට මේකට ආගම් පටලවන්න එපා. දැන් සෞදියේ තියෙන ප්‍රශ්නේ අනවසර සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීමයි.(නදී)

:       0       0

ඉලේපෙරුම Sunday, 14 April 2013 09:17 PM

ඉස්ලාම් හැරෙන්නට වෙනත් කිසිම ආගමකට ඉඩ නොදීම සෞදියේ නීතියයි. එය ඉස්ලාම් පටන් ගැන්මේ සිටම පැවත එන්නක්. කොයි ආගමත් සමානයි. කාටත් ආගමික සංස්කෘතික අයිතිවාසිකම් තිබිය යුතුයි කියන අදහස අනුව ඉන්නේ හා ඒය නීතිගත කර තියෙන්නේ ලංකාව ඇතුළු රටවල් කීහිපයක් පමණයි.(නදී)

:       0       0

චින්තක Sunday, 14 April 2013 09:35 PM

ඔන්න සහජීවනය. අපි ඉඩ දීල වැඩියි . බලසේනාව නැත්තම් අපිවත් හලාල් කරලා.(නදී)

:       0       0

සෑම් Sunday, 14 April 2013 09:41 PM

කෝ මුස්ලිම් මිනිස්සුන්ගේ අන්‍ය ආගම් වලට තියෙන ගරුත්වය? ඉතින් ලංකාව ගැනත් බොදු බල සේනාව කියන දෙය ඇත්ත තමා. (නදී)

:       0       0

සෑම් Sunday, 14 April 2013 09:44 PM

මේ අවුරුද්දේවත් අඩුගානේ බලධාරීන් නැගෙනහිර හා ලංකාවේ අනෙකුත් බෞද්ධ උරුමයන් රැකගන්න ඇපකැප වීමෙන් වැඩකරත්වා!(නදී)

:       0       0

තුසන්ත --රියාද් Sunday, 14 April 2013 11:32 PM

මේ දිනවල තදින්ම ක්‍රියාත්මක කෙරෙන වලංගු වීසා රහිතව රැදී සිටින පුද්ගලයන් හා තම සේවා යෝජකයගෙන් බැහැරව රැකියාව කරන අය නීතියට අනුගත කිරීමේ ක්‍රියාදාමයක් සිදුවේ. කරුණාකර ලංකාවේ සිට අදහස් දක්වන අය ප්‍රශ්නය ගැන අනවබෝධයෙන් අදහස් දැක්වීම නොකරන්න ... (නි)

:       0       0

දුපුල් Monday, 15 April 2013 03:10 PM

මේ රටට ආවා නම් මේ රටේ නීතියට ගරු කරන්න ඕනෑ. අනාගතේ මෙහෙ එන්න බලාපොරොත්තු වන අයත් මෙහෙ නීතිය දැනගෙන ආවොත් හොදයි. විශේෂයෙන් ගෘහ සේවිකාවන්. බොදු බල සේනාව ගැන විවේචන එපා. අඩුම ගනනේ එයාලවත් නොහිටියා නම් බලාගන්න තිබුණා. (නි)

:       0       0

සෙන්තිල් Monday, 15 April 2013 12:07 AM

චින්තක,චතුරංග, සඳරුවන්,කසුන්,අජිත්,දිනේෂ්,හර්ෂ යන අයට නම් ජාතිවාදය හැරෙන්නට වෙන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ වගේ (නි)

:       0       0

ලාල් Monday, 15 April 2013 12:23 AM

නීති නැති ලංකාවේ හැටි පේනවනේ. මිනිස්සු සෞදි එන්නේ ආර්ථික වශයෙන් ගොඩ එන්න ඕනෑ නිසා. මේ අදහස් ඒ මිනිස්සුන්ට බලන්න ඒ අයට පහසුකම් නැහැ. එහෙනම් නියම පිළිතුරු ලබන්න තිබුනා කට්ටියට. (නි)

:       0       0

සම්පත් Monday, 15 April 2013 03:44 PM

අපේ රටේ මුස්ලිම් අයගේ හිත රිදවන්නේ හලාල් ප්‍රශ්න උඩ.එහෙම බලනකොට මේක සුළු දෙයක්. (නි)

:       0       0

අසේල Monday, 15 April 2013 02:20 AM

සමන්ත අපිත් ඉන්නේ අරාබි රටවල තමයි. ඒත් සල්ලි වලට ඔහොම නහින්නේ නැහැ. කරුණාකරලා රට ජාතිය ගැන හැඟීමෙන් කතා කරන්න. බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්න. නැතිකම එකක් ගැතිකම තව එකක්. හෙට මෙහෙන් යන්න වුණත් මම මගේ රටට යන්නේ සතුටින්. මොකද නිකං ඉඳලා නෙමයි, අපේ ශ්‍රමය විකුනලා අපි සල්ලි හොයන්නේ. (නි)

:       0       0

ඉෂාන් Tuesday, 16 April 2013 08:38 AM

ජාතිවාදීන් නිසා අපි අවුරුදු 30 ක යුද්ධකට පැටළුනා.දැන් සමහරුන්ට ආයිත් ඕනෑ කරන්නේ ඒක කරගන්න. (නි)

:       0       0

ඉශාන් Tuesday, 16 April 2013 08:45 AM

සමන්ත වගේ හිත හොද අය ඉන්න ඕන ලංකාවෙ...!(නු)

:       0       0

අමීන් Monday, 15 April 2013 03:56 AM

අනේ මම නම් දැකල නැහැ මේ තරම් මිනිස්සු කෑගහන්නේ ඇයි ඔය ප්‍රශ්නෙට කියලා. සෞදියේ ලංකාවේ මිනිස්සු ගොඩක් ප්‍රශ්න වල ඉන්නේ ඔය අනවසර සංක්‍රමිකයන් නිසා. ඒ ප්‍රශ්නේ ඉවර වුණාම අපි අවුරුදු සමරමු. බොරුවට කෑ ගහලා වැඩක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 402 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 127 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1866 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2351 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3732 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site