සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ විදේශ තානාපති ජංගම සේවාවක් ජුනී 07 වැනිදා පැවැත්වීමට රියාද් තානාපති කාර්යාලය කටයුතු යොදා ඇතැයි රියාද් තානාපති කාර්යාලයයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ජුනි 07 වැනි දින පැවැත්වෙන විශේෂ තානාපති ජංගම සේවයක් අල් කොබාර් දමාම් අධිවේගී මාර්ගයේ රකා ඇස්ටුන් රෝහල ඉදිරිපිටදී පිහිටි යෝජිත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේදී උදෑසන 8.00 සිට දවස පුරාම පැවැත්විමට කටයුතු යොදා ඇති අතර එදින විශේෂයෙන්ම සිදු වන්නේ නීතී විරෝධී හෝ අවතැන් වුවන් සදහා තාවකාලික බලපත්‍ර නිකුත් කිරීම බව තානාපති නිලධරයෝ කියති.
පොදු සමා කාළය යටතේ මව් බිමට යාමට සුදානම් වන සියළු ශ්‍රී ලාංකිකයින් තමා සෞදියට පැමිණෙන විට සන්තකයේ තිබු ගමන් බලපත්‍රයේ පිටපතක් හෝ ඉක්වා කාඩ් පතෙහි පිටපතක්ද රැගෙන එන ලෙස දන්වා සිටින සිටින අතරම අවතැන් වුවන්හෝ අනවසරික සෞදි අරාබියේ රැදී සිටින සියළු ශ්‍රී ලාංකික යින් ජුනි 26 වැනි දිනට ප්‍රථම තම තාවකාලික ගමන් බලපත්‍රය ලබා ගැනීම සදහා රියාද් ප්‍රධාන කාර්යාලය ජෙඩා නුවර පිහිටි කොන්සියුලර් කාර්යලයට සහ ළගම පිහිටි තානාපති ජංගම සේවාවන්ට වාර්තා කරන ලෙසද ජුලි මස 03 වැනි දිනට සෞදි අරාබියෙන් පිටත් විය යුතු බැවින් හැකි ඉක්මනින් තම තාවකාලික බලපත්‍රය ලබා ගන්නා ලෙසද රියාද් තානාපති කාර්යාලයයේ අමාත්‍ය අනුර මුතුමාල මහතා කියයි.
මේ අතර නැගෙනහිර පළාතේ වෙසෙන තාවකාලික ගමන් බලපත්‍ර ලබා ගත් සියළු ශ්‍රී ලාංකිකයින් තම ගමන් ලියැවිල්ල සමඟ තමා සෞදියට පැමිණෙන විට සන්තකයේ තිබු ගමන් බලපත්‍රයේ වීසා සටහන් පිටුවේ පිටපත් දෙකක් හෝ ඉක්වා කාඩ් පතෙහි පිටපත් දෙකක්ද සමඟ දමාම් ‘නයින්ටි‘ වන් ආගමන විගමන කාර්යාලයයට ගොස්
පිටවීමේ වීසා පත ලබා ගන්නා ලෙසද ජුලි මස 03 වැනි දිනට පෙර මවිබිමට පිටත් වීම සදහා කටයුතු කරන ලෙසද නැගෙනහිර පළාත සුභසාධන නිලධාරී චාලි තලයරත්න මහතා කියයි.
විශේෂයෙන්ම රියාද් තානාපති කළාප වල රැකියාවන් හි කළ කිසිවකුටත් දමාම් ආගමන විගමන කාර්යාලයයෙන් පිටත් වීමේ විසා ලබා නොදෙන බව හා ඒ පිළිබඳව වැඩි විස්තර 8644340 ඇමතීමෙන් ලබා ගත හැකි බව චාලි තලයරත්න මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෞදියේ ජංගම සේවයක් ජුනි 07 වැනිදා