IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සෞදිය දෙමසක සමා කාලයක් දෙයි

සෞදි අරාබියේ  රැදී සිටින අනවසරික සංක්‍රමණිකයින්  සදහා මාස දෙකකට නොවැඩි  පොදු සමා කාලයක්  ලබා දුන් බව රියාද් තානාපති කාර්යාලය කියයි.

 ඊයේ (11) රාත්‍රි සෞදි අරාබි කම්කරු  අමාත්‍යංශය  විදේශිය නිලධාරීන්  කැදවා පැවැත්වු  සාකච්ඡාවකදී  මෙය තීරණය කළ බව තානාපති කාර්යාලය කියයි.

 මේ අනුව 2013 අප්‍රේල් 06 වැනි දිනට පෙර අවතැන් වු හෝ  අනවසරයෙන් රැදී සිටින සියලු  විදේශිකයින්  හට 2013 ජුලි මස 06 වැනි දිනට පෙර මෙරටින් පිට වීම සදහා  පොදු සමා කාලයක්  ලබා දී ඇති අතර තම හාමු පුතාගේ මැදිහත්වීමෙන්  තොරව සෞදි අරාබියෙන් පිටවීම සදහා  අවස්ථාව ලබා දී ඇත. කෙසේ වුවද ගුවන් ටිකට් පත්‍රය තමන් විසින් ලබා ගතයුතු අතර  ළඟම තිබෙන තානාපති කාර්යාලයෙන් හෝ කෙන්සියුලර් කාර්යාලය වෙත ගොස්  තාවකාලික බලපත්‍රයක්  ලබා ගැනීමෙන් අනතුරුව තම මව් රටට යාමට හැකි බවද තානාපති කාර්යාලය පවසයි.

තානාපති කාර්යාලීය නිලධාරීන් පවසනුයේ  ඒ සදහා  විශේෂ ජංගම සේවාවන්  කිහිපයක්ද පැවැත්වීමට කටයුතු කරනා බවයි.

 කෙසේ වුවද මෙම කාල සිමාව බලපත්‍රයේ   ජුලි  03 වැනිදා දක්වා  පමණක් වන අතර ඊට පෙර රටින් පිට විය යුතු  බවද අවධාරණය කරන අතර ඉන් ඉදිරියටත්  සෞදියේ  අනවසරයෙන්  රැදී සිටින සියළු විදේශිකයින්ට දඩුවම් දීමට සෞදි රජය විසින් තීරණය කර ඇති බවද තානාපති කාර්යාලය  කියයි.



අදහස් (0)

සෞදිය දෙමසක සමා කාලයක් දෙයි

නීල් Sunday, 12 May 2013 01:05 PM

දෙවියන් වහන්සේ ලංකාවට මෙතරම් ජලය දෙද්දී, ඒ දියෙන් වාහන දුවන්නත් හැකි වෙද්දී ඔටුවන්ට කඹුරන්න යන්නේ කරුමේ ගෙවන්නද?(නදී)

:       0       0

හුසේන් Monday, 13 May 2013 12:02 AM

ඉෂාරි, රනිල් ගණන් ගන්න එපා. සේරම් වගේ කුහක අදහස් ඇති ය හැම රටකම ඉන්නවා. (නි)

:       0       0

චමි කුවේට් Monday, 13 May 2013 02:07 PM

හුසේන් වගේ මිනිස්සු ජාති ජාතිත් ලකවෙ නම් උපදින්න එපා.මහා කුහක අදහස් තියෙන මිනිහෙක් (නි)

:       0       0

සේරම් පැරිස් Sunday, 12 May 2013 02:09 PM

මේ මාස දෙකේ සමා කාලයෙන් පස්සේ ෂරියා නිතිය දාල බෙල්ල කපියිද දන්නේ නැහැ. ඊට කලින් මේ කට්ටිය ගෙන්න ගන්න.(නදී)

:       0       0

අසංග Monday, 13 May 2013 02:12 PM

ඉෂාර් වැනි මුස්ලිම් ජාතිකයින් මෙන්ම ජාතිවාදීව අදහස් ප්‍රකාශ කරන සියළුම ජාතීන්ද හෙලා දකින අතර, ඉෂාර් අයත් ජාතීන්ට අයත් අය කරන නොමනා ක්‍රියා අන්‍ය ජාතිකයින් ලිවීමට පටන් ගතහොත් දෙවි සරණවත් ඔවුනට නැතිවනු ඇත (නි)

:       0       0

ජ.හේරත් Monday, 13 May 2013 04:35 AM

ලංකාවෙන් වැඩට ගිය බාල වයස්කාර දැරිවියක් බෙල්ල කපල මෙරුවෙත් ඔය කියන රටේදීම නේද ? එයාලට ඉතින් සත්තු මනුසයෝ කියල වෙනසක් නැහැනේ. හැකි තරම් ඉක්මනට මිනිස්සු ටික ගෙන්නගමු.(නදී)

:       0       0

ඩොනල්ඩ් Sunday, 12 May 2013 02:43 PM

අනේ ඔය රටෙන් එන එකම හොදයි. පුදුම නීති ඒ රටේ තියෙන්නේ (නි)

:       0       0

නිමල් - සෞදි අරාබිය Sunday, 12 May 2013 03:39 PM

සෞදි කම්කරු අමාත්‍ය ආදල් ෆකිය සමග තානාපතිවරු පැවති සාකච්චාවේදී ගත් තීරණය ගැන ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි සෞදි රජයට ස්තුතිවන්ත වෙමු. ඉන්දීය,පිලිපීන,බංගලිදේශ,විදේශ අමාත්‍ය වරු සහ කම්කරු අමාත්‍ය වරු සෞදි රජයට මේ පිලිබදව මේ වන විටත් ස්තුතිය පළකර අවසන්. නමුත් ශ්‍රී ලංකා රජය හෝ අමාත්‍යවරයා මේ පිලිබදව මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැත. නමුත් ප්‍රමාද වී හෝ බලධාරියෙක් යම් ප්‍රකාශයක් කරාවී යන්න අපේ විස්වාසයි. කෙසේ හෝ ජුලි 03 වනදාට ප්‍රථම තම රැකියාව පිලිබදව තීන්දුවක් නොගන්න අනවසරික ශ්‍රමිකයන් හට දැඩි ක්‍රියාමාර්ග ගන්න බව සෞදි පුවත් අනාවරණය කරයි.(නදී)

:       0       0

ඉෂාර් Sunday, 12 May 2013 05:11 PM

සේරම් අන්න ලංකාවේ හතරවෙනි පන්තියේ ළමයි 14 දෙනෙක්ව ගුරුවරයෙක් දුෂනය කරලා. ගිහින් ඔහුව ඔයාලගේ නීතියෙන් හුරතල් කරන්ඩ.(නදී)

:       0       0

සනත් Sunday, 12 May 2013 06:36 PM

මොනවා උනත් මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ටිකට් එකක් ගන්න බැරුව ඉන්න අයට ජාතිය ආගම ගැන හිතන් නැතුව සෞදියේ ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන් උදව් කරන්න මේ හැමෝම ආපේ රටට දහදිය කදුළු පරිත්‍යාග කල අය.(නදී)

:       0       0

හුසේන් Monday, 13 May 2013 10:46 AM

හේරත්, ඔය කියන බාලවයස්කාර දැරිවිය හේතුවක් නැතුව මැරුවේ නැහැ. ඒ දැරිවිය වැඩිමහල් කරලා රට යැව්වෙත් අපේම උදවිය.එහෙමනම් ඉතින් ලංකාවේ කොයි තරම් බාල අපරාධ සිද්ධ වෙනවද ? අනුන්ට ඇඟිල්ල දික්කරන්න කලින් අපි අපේ සමාජය, රට හදාගනිමු. එතකොටයි, අනාගතෙදිවත් දරුවන්ට වගේම කාන්තාවන්ටත් නිදහසේ ජීවත්විය හැකි සමාජයක් ඇතිවෙන්නේ. (නි)

:       0       0

රනිල් Sunday, 12 May 2013 07:31 PM

‍සේරම්, පැරිසියේ වගේ බෙදුම්වාදී බෙලි කපන අය සෞදියේ නැති බව තේරුම් ගන්න. දුකේදී පිහිටවන සැපේදී සතුටුවන සමානාත්මතාවය අගයන උදවිය සෞදියේ ඉතා බහුලයි.(නදී)

:       0       0

ෂෙරිෆ් Monday, 13 May 2013 11:04 AM

සෞදිය දෙමසක සමා කාලයක් දෙන්නේ මෙන්න මේ වගේ අයට. සෞදියට පැමිණෙන ලාංකික තරුණයන්ට ගෙවන පඩිය මදි කියලා එතනින් පැනයාම, අනිත් කාරණය ඔවුනට මත් වතුර නොමැතිව ජීවත්වීමට නොහැකි වීම. හොඳ අදායම් මාර්ගය කසිප්පු පෙරීම, කෙසේ හෝ ගෘහ සේවිකාවක්ව නිවසකින් පන්නාගැනීම අවසානෙදි ඇයද ගණිකාවක්වී අසරණ වීම. මෝඩ බහුතර හෙළයා කවදා හරි මග යාවිද මන්දා!!! (නි)

:       0       0

චමි කුවේට් සිට Sunday, 12 May 2013 09:02 PM

නිමල් මහත්තයා, ඔබතුමත් ඉක්මනට ලංකාවට ගියා නම් නරකද, නපුරාගෙන් ගැලවිලා? මොන ස්තූතිද තවත්.ඉන්න සේරම ලංකාවට ගියොත් තමා හොද. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1693 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 273 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4612 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 482 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 638 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2217 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site