IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සෞදියේ මියගිය ලක් කත ගැන පරීක්ෂණයක්

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරක සිටිය දී මියගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

රියාද් හි පිහිටි ඔලෙයියා කාන්තා සුබසාධන රැඳවුම් මධ්‍යස්ථානයේ සිටිය දී මියගිය ලාංකික තරුණිය  සුබ්‍රමනියම් පලනියණ්ඩි කට්බගවල්ලි ලෙස හදුනාගෙන ඇති අතර ඇය  ගෘහ සේවිකාවක් වශයෙන් එරට සේවය කරමින් සිට ඇත. ඇය මස්කෙළිය, සාමිමිලේ ප්‍රදේශයේ පදිංචිකාරියක වේ.

මෙම තරුණියගේ මියයාම සම්බන්ධයෙන් මෙලෙස පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් මේ වනවිටත් රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගොස් තිබෙන බවද තානාපති කාර්යාලය කියයි.

එම කාන්තාව ගෘහ සේවය සඳහා සෞදි අරාබියට පිටත්ව ගොස් ඇත්තේ ඉකුත් වසරේ ඔක්තෝම්බර් 8 වැනිදා වන අතර නොවැම්බර් පළමු වෙනිදා සුබසාධන මධ්‍යස්ථානයේ දී ඇය මියගිය බව වාර්තා විය. මුල් සේවා ස්ථානයෙන් ඉවත්ව වෙනත් නිවසක රැකියාවට ගිය ද එම නිවැසියන් නිතර පහර දෙමින්, ගිනියම් යකඩ කූරුවලින් තමාව පුළුස්සන බවද එහි රැකියාව කළ නොහැකි බවද ඇය පවුලේ ඥාතීන් වෙත මීට පෙර දන්වා ඇත. මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මෘත දේහය මේ වනවිට එරට රෝහලක තැන්පත් කර තිබෙන අතර එය කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇයගේ ඥාතීන් ඉල්ලීමක් කරයි.

ගෘහසේවය ඇතුළු විවිධ රැකියාවන් සඳහා සෞදි අරාබියාවට ගිය පසු රැකියා ස්ථානවල දී මුහුණදීමට සිදුවන විවිධ හිංසා හේතුවෙන් රැකියා ස්ථානවලින් පළාගොස් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිට අපේක්ෂාවෙන් මෙම රැඳවුම් කඳවුර වෙත යොමුකරන අතර මේ වනවිට අදාළ කඳවුරේ ශ්‍රී ලාංකික කාන්තාවන් 80ක් පමණ රැඳී සිටින බවද ඔවුන් නිදහස් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි. 



අදහස් (0)

සෞදියේ මියගිය ලක් කත ගැන පරීක්ෂණයක්

මෙන්ඩිස් Friday, 11 November 2016 03:04 AM

කීයක්හරි හම්බ කරගෙන ලංකාවේ ඉන්න පවුලේ උදවිය යහතින් තියන්න ගිය අයට වෙන දෙයක්!! ලංකාවේ සිට කාලා බිලා ජීවත්වෙන්න ඇත්තටම අමාරුද? ඇයි මෙහෙම ලංකාවේ මානව සම්පත විදේශයකට බැලමෙහෙවර කරන තත්වයකට වැටිලා තියෙන්නේ? මූනිච්චාවට මහා ලොකුවට කියනවා ලංකාවේ ගණිකා සේවය නීතිවිරෝධියි කියලා. පුද්ගලයෙක් හැටියට බැලුවම එහෙම වෙන්න පුළුවන්. රටක් හැටියට බැලුවම කාන්තාවන් රොත්ත පිටින් විදේශයට විකුණනවා වගෙයි මට නම් පෙනෙන්නේ. ලංකාව අනන්‍යතාව ඔය විදියට විකුණන්න එපා. (නි)

:       0       0

සත්‍යයා Thursday, 10 November 2016 04:05 PM

දැන් ඔය "රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පරීක්ෂණයක්" කළාම මියගිය කතට හිතන්න බැරිතරම් විශාල වන්දි මුදලකුත් ලැබෙයි. අනේ වාසනාවන්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 29 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 54 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2290 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1828 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 382 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 636 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site