IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සෞදියේ ශ්‍රී ලාංකිකයන් 128,000 කට සේවකයන් 2 යි

 

(විනීතා එම් ගමගේ)

 

සවුදි අරාබියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුභ සාධන අංශයේ නිලධාරින් ආපසු කැඳවීම නිසා එරට සේවයේ යෙදෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධන කටයුතු ඇතුළු රැකියා සම්බන්ධ කටයුතු සියල්ල ඇන හිට ඇතැයි එම තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි කම්කරු අංශයේ නිලධාරින් ඇතුළු 19 දෙනෙක් සේවය කළ නමුත් මේ වනවිට එහි සේවය කරන්නේ තෙවන ලේකම්වරයෙක් හා කම්කරු උපදේශකවරයා, ලිපිකරුවන් දෙදෙනෙක් හා සුරක්ෂා නිවාස බාරකරු පමණි.

එයින් කම්කරු උපදේශන නිලධාරි හා තෙවන ලේකම්වරයාගේ ද සේවය ඉකුත් 25 වැනිදායින් අවසන් කර ඇති බවත්, මෙරටට පැමිණිය නොහැකිව මේ වනවිටත් එරට රැඳී සිටින බැවින් තවමත් ඔවුන් දෙදෙනා සේවය කරමින් සිටින බවත් එම ආරංචි මාර්ග කියයි.

ලිපිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් මේ මස 21 වැනිදා ආපසු කැඳවා ඇති බවත් ඉන්පසු එහි ඉතිරි වන්නේ සුරක්ෂා නිවාස බාරකරු හා ලිපිකරු පමණක් බවත් එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.

මේ වනවිට සවුදියේ ශ්‍රී ලාංකිකයන් 128,000 කට අධික පිරිසක් සේවය කරන අතර එයින් 60000 කට ආසන්න පිරිසක් ගෘහසේවිකාවෝ වෙති.

විවිධ කරදරවලට මුහුණ පා දිනපතා තම ප්‍රශ්න විසඳා ගැනීමට කම්කරු සුභසාධන අංශයට විසි පහකට ආසන්න පිරිසක් එන බවත් සුරක්ෂා නිවාසයේ ද මේ වනවිට කාන්තාවන් 10 දෙනෙකු රැඳී සිටින බවත් තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

සේවා කාලය අවසන්ව මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් 2500 දෙනෙක් එහි ලියාපදිංචි වී සිටින බවත් රැකියා ගිවිසුම අවසන්ව පිටවීමේ විසා බලාපොරොත්තුවෙන් තවත් විශාල පිරිසක් සිටින බවත් තානාපති කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

කම්කරු සුභ සාධන අංශයෙන් එරට වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්න පිළිබඳ සොයා බැලිය යුතු අතර රැකියා ඇනවුම් ලබා ගැනීම ද සිදුකරයි. එමෙන්ම ලියාපදිංචිය අලුත් කළ යුත්තේ එම අංශයෙන් පමණකි.          

මෙම කටයුතු සියල්ලම මේ වනවිට අඩපණ වී ඇති බවත් කම්කරු උසාවි හා අධිකරණවල ඇති නඩු සඳහා පෙනී සිටීමට මෙන්ම පොලිස් ස්ථානවලට යාමට එම සේවකයින් වෙනුවෙන් කිසිවෙක් නැතිවනු ඇති බවත් එම නිලධාරියා පෙන්වා දුන්නේය.

මේ වනවිට සවුදියේ රැකියා වෙළඳපොළ ශ්‍රී ලංකාවට යළි විවෘත වී ඇතත් පවතින තත්ත්වය යටතේ එම ඇණවුම් ලබා ගැනීමට නිලධාරින් නොමැති බව ද හෙතෙම කියා සිටියේය.



අදහස් (5)

සෞදියේ ශ්‍රී ලාංකිකයන් 128,000 කට සේවකයන් 2 යි

pathirana Monday, 05 October 2020 12:15 PM

අනෙකුත් තානාපති කාර්යාල ගැන මම දන්නේ නැහැ සෞදි තානාපති කාර්යාලයේ නිලධාරින් යම් වැඩක් කළා. අනික පහුගිය අවුරුදුවල වැහිච්ච කම්පැණියක වැඩකරපු සේවකයෝ සියගාණක් ලංකාවට ආපහු ගියා. ලැබීමට ඇති සියලු මුදල් ලබාගැනීමට බලය තානාපති කාර්යාලයට බාරදීලා. ඒ අය වෙනුවෙන් පෙනී හිටින්නේ කවුද? ඒ ඔක්කොම සේවකයින්ගේ මුදල් එකතු කළොත් රුපියල් කෝටි 50කටත් වැඩියි. මේ ආණ්ඩුව කරන්නේම මේ වගේ විකාර වැඩමයි.

:       1       13

Nima-ksaMonday, 05 October 2020 12:56 PM

මොලය නැති අයට ඇමැතිකම් දුන්නාම මෙහෙම දේවල් වෙන එක අහන්න දෙයක් නොවේ. පව් අසරණ මිනිස්සු.

:       2       12

Kamal KoyralaTuesday, 06 October 2020 05:59 AM

රජය මාරුවීමත් සමග දේශපාලන පත්වීම් කියලා සියලු රටවල අය ආපහු කැඳවලා කැඳ හැලියක් කරගෙන තියෙන්නේ... රට විරුවා කියලා අන්දලා ඡන්දෙ දෙන්නත් ගියානේ. ඒ අයට සර්ට කියලා විසඳුමක් දෙන්න හැකි පොදු යහපත සඳහා කරුණාකර සෞදියේ වන්දි මුදල් කෝටි 50 විපරමින් පසුවන්න. මොකද කුවෙට් යුද්දෙට ලැබුණු ඒවාට සහ කටාර් ශ්‍රී ලංකා පාසලේ මුදල්වලට ඉහගහගෙන ඉන්නේ.

:       0       1

Ranjith Tuesday, 06 October 2020 04:48 AM

කම්කරු අංශය තානාපති කාර්යාලය වසා ඇත. එහි සිටින තානාපති නිලධාරීන් ලංකාවට කැඳවා ඇත. වැරදි තීරණයක්.

:       0       3

Dr. Sirilal Tuesday, 06 October 2020 05:19 AM

හොඳ තීරණයක්... මමත් අවුරුදු 30ක් විතර සෞදියේ තමයි ඉන්නේ..

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1396 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2198 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 4814 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 812 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1810 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 1089 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24036 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 363 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 639 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1827 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site