IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සුදුස්සා දොට්ට : නුසුදුස්සා ඇතුළට

මහර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කිසිදු හේතුවක් නැතිව එම තනතුරින් ඉවත් කර  අඩු සුදුසුකම් ඇති නිලධාරියකු පත්කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ විය යුත්තේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියකු බවත්, සුදුසුකම් ඇති නිලධාරියා ස්ථානමාරු කර  ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ දෙකේ දෙකේ නිලධාරියකු  පත් කර ඇති බවත්,  පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට පරිපාලන නිලධාරියකු ස්ථාන මාරු කිරීමේ හෝ පත් කිරීමේ බලයක් නැතත් මෙම මාරුව කර ඇති බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

මහර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන තුන්වැනි පන්තියේ නිලධාරියකු වන ඩී එන් එස් අතුකෝරල මහතායි. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතාගේ අත්සනින් පසුගිය 20 වැනිදා නිකුත් කැරුණු ලිපියක දැක්වෙන්නේ සේවා අවශ්‍යතාවක් මත එම නිලධාරියා පසුගිය 26 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි දෙපාර්තමේන්තුවට ස්ථාන මාරු කර ඇති බවයි.

නව සේවා ස්ථානයේ රාකාරි වාර්තා කිරීමට පෙර ඔහු භාරයේ තිබූ සියලු රජයේ ලිපි ලේඛණ හා බඩු බාහිරාදිය ඔහුගේ අනුප්‍රාප්තිකයා වන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 11/11 ශ්‍රේණියේ නිලධාරියාට බාර දෙන ලෙස ද එම ලිපියෙන් දන්වා ඇත.

ස්ථාන මාරු කළ නිලධාරියා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් කර ඇත්ද යන්න සොයා බලා එසේ නොමැති නම් මූලික විමර්ශයක් පවත්වා සුදුසු තීරණයක් ගන්නා තුරු ස්ථානමාරුව අත්හිටුවන ලෙස එම  නිලධාරියාගේ අභියාචනයක් සැලකිල්ලට ගත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතා පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මියට ලිඛිතන දැන්වීය.

ඒ අනුව තීරණයක් ගැනීම සඳහා එම ලිපිය ප්‍රධාන ලේකම්වරිය විසින් පළාත් අධ්‍යාපන ලේකම්ට යොමු කර ඇතත් මෙතෙක් ස්ථානමරුව අවලංගු කර නැතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචි කියයි.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම කොට්ඨාස අධ්‍යක්ෂවරයා ස්ථාන මාරු කළේ තමාගේ අවාරණ අනුමැතිය ඇතිව බවත්, ඔහුවෙන්වෙන් අනුප්‍රාප්තිකයකු පත් කළේ තමාගේ අනුමැතියෙන් නොවන බවත් පළාත් අධ්‍යාපන ලේකම් ටී එස් කොඩිකාර මහතා කියයි.

කොට්ඨාස අධ්‍යක්ෂ ස්ථාන මාරු කළේ සේවා අවශ්‍යතා මත මිස කිසිදු විනය හේතුවක් නිසා නොවන බවත්, ඔහුවෙනුවෙන් පත් කළ නිලධාරියා අඩු සුදුසුකම් ඇති අයකු නිසා එම පත්කිරීම අවලංගු කිරීමට තමා පියවර ගත් බවත් කොඩිකාර මහතා පවසයි.



අදහස් (0)

සුදුස්සා දොට්ට : නුසුදුස්සා ඇතුළට

පෙරේරා Monday, 02 June 2014 12:18 PM

නුසුදුස්සන් ලංකාවේ තනතුරු දරන අවස්ථා ගැන කියන්න ගියොත්.(නදී)

:       0       0

පිටිගල Monday, 02 June 2014 01:06 PM

ඕක පුදුම වෙන්න දෙයක් නොවෙයි. (දිල්)

:       0       0

රාමන් Monday, 02 June 2014 01:14 PM

සේවයේ අවශ්‍යතාවයක් නිසා නම් සුදුසු පුද්ගලයා තවත් වැදගත් තැනකට යොදන්ඩ කල්පනා කෙරුවා වෙන්ඩ පුළුවනි. අනිත් කාරණේ තමයි මහර කොට්ටාශයට සුදුසුකම් වැඩි කෙනෙක් නැතුව උනත් වැඩ කරන්ඩ පුළුවන් කියලා පළාත් ප්‍රධානියා තීරණය කරන්ඩ ඇති. එහෙමත් නැත්නම්, හොඳ කෙනෙක් තෝරා පත්කරන තුරු නුසුදුස්සා තාවකාලිකව පත් කරන්ඩ ඇති. (නදී)

:       0       0

නාලක Sunday, 01 June 2014 09:12 PM

හැමදේම වෙන්නේ තම තමන්ගේ යහපතටයි. නමුත් යහපත් කියන දේ විපාක දෙන්නේ කලක් ගතවීමෙන්ය (නි)

:       0       0

සුමනසිරි Sunday, 01 June 2014 09:48 PM

සුදුස්සා නුසුදුස්සා අද කාලෙ තෝරන්නෙ සුදුසුකම් වලට නෙමෙයිනේ... (නි)

:       0       0

විමුක්ති Sunday, 01 June 2014 09:56 PM

ජයවේවා ශ්‍රී ලංකා! (නි)

:       0       0

තරිඳු Monday, 02 June 2014 02:32 PM

සුදුස්සන්ට තැන ලැබෙන්නේ වෙන රටවල් වල. මේ ලංකාව. (නදී)

:       0       0

සමන් Sunday, 01 June 2014 10:15 PM

අද කාලේ වෙන දේවල් බලද්දී සුදුස්සෙකුට තැන දීලා තියෙනවා නම් ඒක තමයි පුදුමය වෙන්න ඕනෑ (නි)

:       0       0

පිටිගල Sunday, 01 June 2014 10:29 PM

ඉතින් හරිනේ... ඒක තමයි බොහෝවිට අද ක්‍රියාත්මක ක්‍රමය. (නි)

:       0       0

කමල් Sunday, 01 June 2014 11:47 PM

මෙහෙම පුවත් පලකරන එක හොදයි, නුසුදුස්සන් රටටම පච වෙලා යන්න. සත්‍යය හරියටම වාර්තා කරන්න, රටට ජය වෙයි. මිනිසුන් මෙයින් වත් හැදෙයි (ස)

:       0       0

වරුණි Monday, 02 June 2014 02:55 AM

ඕවා ඔහොම තමයි. ඉංග්‍රීසි ගුරු විභාගයෙන් එක් වසරකදී දිස්ත්‍රික්කයේ පළවෙනි තැන ගත් මාව තෝරාගත්තේ නැහැ. අමාත්‍යංශයේ වැඩ කළ මගේ පවුලේ හිතවතෙකු ඒ කාලයේ අමාත්‍යාංශයෙන් මේ ගැන විමසා බැලූ විට අඩු ලකුණු ඇති උදවිය අරගෙන තිබුනා. (නි)

:       0       0

කුමාර Monday, 02 June 2014 04:00 AM

අපි ඇත්තටම හේතුව දන්නේ නැහැනේ. සුදුස්සන්ගෙනුත් ලොකු වැරදි සිද්ධවෙන වෙලාවල් තිබෙනවා (නි)

:       0       0

චන්ද්‍රා Monday, 02 June 2014 07:03 AM

මේක ලංකාව බව දන්නේ නැද්ද? (නි)

:       0       0

සෙන්සාන් Monday, 02 June 2014 08:24 AM

හැමදේම රුවිතෙට යන එකේ එක දෙයක් හරියට කෙරෙයි කියලා හිතන්න පුලුවන්ද? (නි)

:       0       0

ලලිත් - එස්.එල් Monday, 02 June 2014 09:00 AM

වහාම අධ්‍යාපන ඇමති කෙනෙක් පත් කරන්න.(නදී)

:       0       0

රකිත් Monday, 02 June 2014 09:05 AM

එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.(නදී)

:       0       0

රමේෂ් Monday, 02 June 2014 09:52 AM

රටේ උත්තරීතර තැන වැඩි හරියක් ඉන්නේ නුසුදුස්සො නම් ..ඕකත් වැඩක් ද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 238 0

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 867 0

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 551 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1758 1

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 1620 4

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 689 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36996 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24382 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 590 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 234 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site