(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අද 05 අලුයම 1.00 ට පමණ මෙම අලියා මියගොස් ඇති බව වනජීවි අම්පාර කාර්යාලට වාර්තා වී තිබේ.
උස අඩි අටක් පමණ වන මෙම අලියා අවුරුදු 20ක පමණ අලියෙකු බව වනජීවි නිළධාරින් පවසති.
මෙම ස්ථානයට එකතු වන කුණු කෑම සදහා දිනපතාම වන අලි පැමිණෙන අතර මෙම අලි එලවීම සඳහා වගකිවයුතු බලධාරීන් ක්‍රියාත්මක නොවන බව ගම්වාසීහු පවසති.
අවස්ථා ගණනක දී වනජීවි දෙපාර්මේන්තුව මඟින් මෙම කුණු ඇල ආවරණය වන පරිදි අලි වැට ඉදිකරනු ලැබුවත් වන අලින් මෙම වැට කඩා ගෙන පැමිණ කුණු කෑමට පුරුදු වී තිබේ.
මේ හේතුව නිසා මෙම කුණු වල තුළ වන අලින් අවස්ථා කිහිපයකදී තිදෙනෙක් පමණ මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙ
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්ර
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
පැරකුම් Saturday, 05 October 2024 11:42 PM
අලි කාණුව 100%ක් සාර්ථක බව වන ජීවියා දන්නවා. අපිත් දන්නවා අත් දැකීමෙන්. මාදුරුඔය අපේ පොල් වගාව ඇවිත් බලන්න. අලි කාණුවටත් කොමිස් ගන්න ක්‍රමයක් හදලා දුන්නොත් වැඩේ ගොඩ...!
Priyantha Dissanayake Sunday, 06 October 2024 08:42 AM
වගකිවයුතු ආයතනය අම්පාර නගර සභාව, මහජනතාවගේ බදුමුදලින් නඩත්තුවන බල ප්‍රදේශයේ කටයුතු බාර ආයතනය. තම වගකීම හරි හැටි ඉටුකළේනම් මෙවන් විනාශයන් සිදුවන්නේ නැත. වර්ථමාන ක්‍රියාශීලී මහජන හිතකාමී බලධාරීන්ගේ අවධානය විශේෂයෙන් යොමුවේවා..!
රම්බොඩ Sunday, 06 October 2024 09:26 AM
අපේ රටේ කුණු බැහැර කිරීම නම් තාම ප්‍රාථමික අවධියේ තියෙන්නේ. මේකට නම් විද්‍යාත්මක විසඳුමක් අවශ්‍යයි...!