IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘සෞදි අතරමං වූ පිරිස 200‘

සෞදි රාජ්‍යය විසින් ප්‍රකාශයට පත් කැරුණු පොදු සමාකාලයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින පිරිස 200ක් පමණ වෙතියි ජෙඩා නුවර සෞදි තානාපති කාර්යාලයය පැවැසීයැයි විදේශ ලේකම් කරුණාරත්න අමුණුගම මහතා එසැණ සමග පැවැසීය. එහෙත් සෞදි ජනමාධ්‍ය හා  අතරමං වූ පිරිස  කියනුයේ  දහස් ගණනක්  ශ්‍රී ලාංකිකයන් එහි අතරමංව සිටින බවයි. ජෙඩා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලට කඩා වැදුණු පිරිසක් එහි කටයුතුවලට බාධ කළ නිසා ඔවුන් ඉවත් කිරීමට පොලිසිය කැඳවු බව ද විදේශ ලේකම් කියයි. ජෙඩා පාලම යට ශ්‍රී ලාංකියන් 150 දෙනකු පමණ සිටින බවත් ඔහු පවසයි. ‘අතරමංව සිටින අයට කෑම බීමත් ඇතුළු පහසුකම් සලසනවා. ඔවුන් එකවිට ගෙන්වා ගැනීම අමාරුයි. එසේ කිරීම සඳහා සෞදි රජයට දඩ ගෙවිය යුතුයි. දඩ නොගෙවා ඔවුන් ගෙන්වා ගැනීමට සෞදි රජය සමග අප සාකච්ඡා කරනවා‘ යනුවෙන් විදේශ ලේකම්  සඳහන් කෙළේය.

 

 



අදහස් (0)

‘සෞදි අතරමං වූ පිරිස 200‘

අජිත් Saturday, 20 April 2013 04:31 PM

මැලේසියාවේ හිරගෙවල්වලත් අපේ කට්ටිය ඉන්නවා. වීසා නැතුව අහුවෙලා.(නදී)

:       0       0

මලින්ද, දම්මං, Saturday, 20 April 2013 04:53 PM

වැරදි ගනන් කියන්න එපා. එය සත්‍ය වසා දැමීමක්. ඇත්තෙන්ම දහස් ගානක් ඉන්නවා. කරුණාකර පුළුවන් අයගේ සහය ඇතිව ප්‍රශ්ණය විසදන්න මහන්සි ගන්න.(නදී)

:       0       0

කුමා Saturday, 20 April 2013 04:56 PM

අඩු තරමේ ලංකාවට එනකම් කන්න බොන්නවත් ලැබෙනවා නම්. මොනවා කරන්නද අපේ රටේ මිනිස්සු වෙන රටවොලදී මොනතරම් දුක්විදිනවද. කිසිම දෙවියෙක් නැ පිහිටවෙන්න .කෝ අර සේනාව කියලා අහන්න .(නදී)

:       0       0

සත්‍යා Saturday, 20 April 2013 05:00 PM

‍කෝ අර දේශප්‍රේමියෝ.(නදී)

:       0       0

නිමල්-සෞදි Saturday, 20 April 2013 05:38 PM

සෞදි අරාබිය මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ පොදු සමා කාලයක් නොව සහන කාලයකි. සහන කාලය යනු තම හාම්පුතා සතුව තමන්ට සුදුසු රැකියාවක් නොමැතිනම් ඒ සදහා සුදුසු හාම්පුතෙක් ලගට වීසා මාරු කර ගැනීමට හා තම අකාමා බලපත්‍රයේ ඇති රැකියාව හැර වෙනත් රැකියාවක යෙදෙන්නේ නම් එය නීති විරෝධී බවත් නොඑසේ නම් රටින් පිටවීම සදහා මේ සහන කාලය ප්‍රකාශයට පත් කොට ඇත .මේ වන විට ජෙඩා කොන්සල් කාර්යාලයේ පමණක් ලියාපදිංචි වූ ගණන 4000 ඉක්මවනවා. ජෙඩා අනවසරයෙන් ඉන්න කාන්තාවන් ප්‍රමාණය ස්ථිරවම ගණන් ගත නොහැකියි .මුළු සෞදිය පුරාම සමීක්ෂණයක් කලොත් මේ ගණන දෙගුණ වෙන්න පුළුවන් .(නදී)

:       0       0

නිරං Saturday, 20 April 2013 05:39 PM

මේ 200 කියන කතාව අමුලික බොරුවක්

:       0       0

ඩේවිඩ් Saturday, 20 April 2013 07:59 PM

එතකොට පාලම් යට ඉන්න අය?(නු)

:       0       0

ගාමිනී Saturday, 20 April 2013 09:30 PM

මේ අහන සිද්දීන් නිසා අපට ඇතිවෙන කම්පාව ගම් දනව්වල දුගී, දුප්පත් පාසැල් යන දරුවන්ට මොනතරම් දුකක් නම් දැනෙනවා ඇද්ද? අම්මාවරුන්, පියවරුන් මොන තරම් විලාප ගහනවාද? කියලා තේරුම් ගත් ලංකා ඉතිහාසයේ ගජබා රජවරුන් සිය දහස් ගණනක් ඉක්මනින් බිහිවෙත්වා.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 20 April 2013 09:58 PM

තවදුරටත් මේ මිනීමරු දේශයට ශ්‍රමිකයන් යැවීම නතර කරලා දමන්න. තවත් ගුල්ෆ් රටවල් තිබෙනවා ශ්‍රමිකයන් යවන්න . කෝ දේශප්‍රේමියෝ ? බොදුබල සේනා , හෝටල් වල තිබෙන බුදුපිළිම නෙවෙයි. මේවා ජාතික ප්‍රශ්න ඔබලාගේ ස්ථාවරය පැහැදිලි කරන්න , හලාල් , ෂරියා නීතියට විරුද්ධ නම් ශ්‍රමිකයින් යවන්නේ ඇයි.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 20 April 2013 10:05 PM

ගාමිණී ගජබා රජතුමාගේ කාලේ එහෙම උනාට දැන් ඉන්න දුටුගැමුනුල හදන්නේ ජනතාව මසට හරි සෞදි අරාබියට හරි වෙන නරකාදියකට හරි පටවල රියාල්, ඩිනාර් ලංකාවට ගෙනත් තව පැජරෝ, ප්‍රාඩෝ ටිකක් ලංකාවට ගෙනත් රේස් ගිහින් ඒවාට යටකරල පාරේ ඉන්න අසරණයෝ ටිකක් මරල දමන්නයි.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 20 April 2013 10:22 PM

ඉදිරියට එන ජූනි, ජුලි මාස සෞදි අරාබියට හරිම රස්නෙයි. උෂ්ණත්වය 50°C වඩා ඉහලයනවා. එහෙ දුවිල්ලි කුණාටු ඇතිවෙනවා. එතකොට කොහොමද පාලම් යට ඉන්නේ. මේ අසරණයෝ ගලවගන්න කරුණාකරලා.(නදී)

:       0       0

රාජිත-දෝහා Saturday, 20 April 2013 10:57 PM

වැඩක් නැ මේ මිනිස්සු කොච්චර දුක් වින්දත් එයාලට මේ තමන්ගේ රටේ මිනිස්සුනේ කියලවත් දුකක් හිතෙන් නැ. එයාලට ඕනි මෙහෙන් යවන සල්ලි විතරයි. (නදී)

:       0       0

උදය Saturday, 20 April 2013 11:41 PM

මමත් මෙතන ඉන්න කෙනෙක්. අපි සල්ලි හොයලා වෙන රට වලට යැව්වේ නැහැ. ඒ ඔක්කොම ලංකාවට එව්වේ. අපිට ඕනෑ ලංකාවට යන්න (නි)

:       0       0

අමිත් Sunday, 21 April 2013 04:00 PM

ද සිල්වා බෙර්ලින් ගේ කතාව හරියටම හරි. ඒ දුක දන්නේ මෙහෙ ඉන්න අය විතරයි. (නි)

:       0       0

සම්පත්-කුවේට් Sunday, 21 April 2013 01:52 AM

සෞදියෙ විතරක් නෙමෙයි කුවේට් වලත් අල්ලනවා. ඔය සෞදියෙ නීතියමයි,අළුතින් දාලා තියෙන්නෙ. සෞදි පොලිසිය තමයි කුවේට් වලත් අල්ලන්නෙ. (නි)

:       0       0

රංජනී Sunday, 21 April 2013 02:00 AM

අනේ පවුනේ. ඉක්මනින් ලංකාවට ගෙන්වාගන්න. (නි)

:       0       0

මේනකා සෞදි අරාබිය Sunday, 21 April 2013 02:56 AM

අපේ දහඩිය කදුළු වල සැප විඳිමින් සුසුම් හෙලන මැති ඇමැතිවරුනි, සෞදිය යහතින් දකින්නේ කවදාද ? දැන් ඇස් හරින්න කාලය ඇවිත්. (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. Saturday, 20 April 2013 03:06 PM

මේ 200 කියන එක අමුලික බොරුවක්.(නදී)

:       0       0

සේපාල දහරාන් සව්දි අරාබිය. Saturday, 20 April 2013 03:11 PM

පොදු සමා කාලය බලා ගෙන දමාම් වල පමණක් 2000ත වැඩිය ඉන්නවා. (නදී)

:       0       0

ඩිරාම් Saturday, 20 April 2013 03:14 PM

මම ඉන්නෙත් සව්දියේ. අපේ සමාගමෙන් පමනක් පැනපු ගනන 135ට වැඩියි. (නදී)

:       0       0

ජගත් Saturday, 20 April 2013 03:48 PM

මාර වැඩේ, ඉස්සරලා තිබුනු ජනාධිපති තුමාගේ කතාවත් අතුරුදහන් වෙලා. (නදී)

:       0       0

ලලිත් ප්‍රේමලාල් Saturday, 20 April 2013 04:14 PM

කන්දරා පාලම යට 250 ක් 500ක් පමණ ඉන්නවා. දමාම්, රියාධ් ජෙඩා ඇතුළු සෞදියේ අවතැන් වූවන්ගේ ගණන 5000-10000 දක්වා පිරිසක් ඉන්නවා. තවම සාකච්චා කරමින් පවතිනවා ඉදිරියේදී යහපත් ප්‍රතිපල ලැබේවි යැයි බලාපොරොත්තු වෙනවා..(නදී) ..

:       0       0

චානක Sunday, 21 April 2013 09:19 AM

අද ලංකාවට ප්‍රධාන විදේශ විනිමය ලබා දෙන්නේ මේ මැද පෙරදිග ශ්‍රමිකයන් විසිනුයි. එම නිසා මොවුන් ගෙන වැඩි අවධානය යොමු කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 9 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1327 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 809 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1343 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 954 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site