IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සුදු අදිරද සපත්තුවේ හැටි සුදු පුතුනට කියයි

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රී ලංකාව යටත් කර ගනිමින් සිදුකළ යුද අපරාධ ඇතුළු සියලුම සාපරාධි ක්‍රියා  පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැති ඇතුළු රජය දැනුවත් කිරීමේ ජන හමුවක් ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අභියසදී පැවැත්වීමට යයි.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධානය කෙරෙන මෙම ජන හමුව මාර්තු  මස 02 වැනි සඳුදා සවස 04 සිට රාත්‍රී 07 දක්වා පැවැත් වීමට නියමිතය.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ කැඳවුම්කරු වන ජනක අලහප්පෙරුම පැවසුවේ " මේ වසරේදී 1815 මහනුවර මගුල් මඩුවේදී සිංහල නායකයින් රවටා අත්සන් කළ ව්‍යාජ ගිවිසුමට වසර 200 සම්පුර්ණ වන බවයි.

රට වෙනුවෙන් එදා අභිතව සටන් වැදුණු සහ ජීවිත පරිත්‍යාග කළ ගැමුණු මහරජු, වීර කැප්පෙටිපොල, පුරන් අප්පු වැනි අභීත විරුවන් සැමරීම ශ්‍රී ලාංකික කාගේත් යුතුකමක්. බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාව යටත් කළ අවස්තාවේදී සිදුවූ අසාමාන්‍ය මිනිස් ඝාතන, දේපළ විනාශ කිරීම් වැනි අපරාධ පිළිබඳව බ්‍රිතාන්‍යයේ වර්තමාන දේශපාලඥයින් දැනුවත් කිරීම තමා මෙම ජන හමුවේ බලාපොරොත්තුව. මෙහිදී 1815 දී උඩරට ගිවිසුමට අත්සන් කල සිංහල ප්‍රභූන් සංකේතාත්මකව සිහිපත් කරමින් මුල් ඇඳුමෙන් සැරසුණ කණ්ඩායමක් සුදු ජාතීන් කළ  අපරාධ පිළිබඳ සියලු සාක්කි සහ විස්තර ඇතුළත් සංදේශයක් බ්‍රිතාන්‍ය අගමැතිවරයා වෙතටත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ටත් භාරදීමට ද කටයුතු යොදා ඇත".

JANAKA

 

 



අදහස් (0)

සුදු අදිරද සපත්තුවේ හැටි සුදු පුතුනට කියයි

මංගලී ෆොන්සේකා Wednesday, 25 February 2015 08:05 AM

ඉතින් ඔයාල ඇයි ඔය රටේ ඉන්නේ.මව් බිමට එන්නකෝ.අනේ කට්ටියව අල්ලලා පැටෙව්වානම්. අනික එංගලන්තේ විතරක් නෙමේ පෘතුගාලය නෙදර්ලන්තය අපිට කරපු දේවල් අමතක වෙලාද. (බ)

:       0       0

අබේරත්න Friday, 27 February 2015 02:45 PM

ඉතා අගය කළ යුතු ක්‍රියාවක් . ශ්‍රී ලාංකිකයන් වන අපි ඔබලා ගැන ආඩම්බර වෙමු. ඔබලාට දළදා පිහිට ලැබේවා! (හේ)

:       0       0

සප්නා Wednesday, 25 February 2015 08:18 AM

මේ වගේ මව්බිමට ආදරය කරන මිනිසුන් සිටින බව ඇසීමෙන් කාලෙකට පස්සේ ලොකු සතුටක් දැනුණා .ඔබ සැමට පින් ...! (බ)

:       0       0

විධුසර Thursday, 26 February 2015 12:21 AM

මේක ඉතාමත්ම හොඳ දේශප්‍රේමී ක්‍රියාවක්. 1915 දී අපි බොහෝ දෙනෙක් ඉපදිලාවත් නැහැ. හොර ගිවිසුම අත්සන් කර අප මාතෘ භූමිය විශාල අගාධයකට ඇද දැමූ 200 වන වසරේදී මෙවැන්නක් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට සිදුකිරීම ඵෙතිහාසික වැඩක්. රට වෙනුවෙන් ජීවිත පුජාවෙන් සටන්කළ කැප්පෙටිපොළ, පුරන් අප්පු පරපුරේ විරුවන් සැමරීම විශිෂ්ට ක්‍රියාවක්. කොරහෙත් කිඹුල්ලු දකින කාලේ අපේම මෝඩයෝ මේක ටිකක් විවේචනය කරාවි. ඒත් ඒවා ගණන් ගන්න එපා. අපේ සුභ පැතුම්. (නි)

:       0       0

පඤ්ඤාලෝක හිමි Thursday, 26 February 2015 12:28 AM

ලෝකය පුරා ඉන්න සිංහලයෝ ටික හරියට එකතු වුණා නම් එක එක ඩයස්පෝරාවන් දඟලන්නේ නැහැ. එක්සත් රාජධානියේත් සෑබැම සිංහලයන් ඉන්නේ ගනින්න පුලුවන් තරම් පිරිසක්. ඒ අයට අපේ ප‍්‍රණාමය! ඒ අතර බ්‍රිතාන්‍යයේ ශී‍්‍ර ලංකා සංසදය ප‍්‍රමුඛයි. සිංහලේ ජාතික පෙරමුණ විදියට අපිත් මහනුවර මෙවන් උත්සවයක් කරනවා (නි)

:       0       0

මහේෂි Wednesday, 25 February 2015 08:34 AM

මෙන්න එංගලන්තයේ ජිවත්වන අපේ අයගේ නියම ජනහඩ නියෝජනය වන සංවිධානයක්. ජනක මහතා ඇතුළු ඔබ සැමට ජය වේවා (බ)

:       0       0

රනිල් Wednesday, 25 February 2015 10:23 AM

ජයවේවා, සිංහලයනි!(හේ)

:       0       0

විජයබාහු Wednesday, 25 February 2015 11:04 AM

වැඩේ ඉස්තරම් නමුත් ගැමුණු මහා රජතුමා ඔය කියන කාලෙට අයත් නැත (බ)

:       0       0

කුමාර Wednesday, 25 February 2015 06:22 AM

අන්න නියම සිංහලයින්... (නි)

:       0       0

දුමින්ද Wednesday, 25 February 2015 06:27 AM

එකමුතුව එකාවන්ව හරියට වැඩකළොත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට යෝජනාවක් වුණත් ඉදිරිපත් කරන්න බැරිවෙන එකක් නැහැ (නි)

:       0       0

ඉන්දුල Wednesday, 25 February 2015 06:38 AM

සුබ අනගාතයක්! අපි ඔබ සමඟයි (නි)

:       0       0

සඳරුවන් Wednesday, 25 February 2015 06:53 PM

ඒ කට්ටිය එංගලන්තේ ඉන්න නිසා ඒ රට ගැන බලා ගනියි. මංගලිකා ෆොන්සේකා, ඔයා පෘතුගාලය සහ නෙදර්ලන්තය ගැන බලා ගන්න. ඔයාටත් වැඩක් තියෙන්න එපෑනේ කමෙන්ට් දානවට අමතරව. මට දැනෙන හා දන්නා විදිහට අල්ලලා එවන්න බැරි, දුෂණ වංචා නැති අයයි මේවා කරන්න නායකත්වය ගන්නේ. (නදී)

:       0       0

සමන්ත Wednesday, 25 February 2015 06:42 AM

ඉතාම අගනා කාරනයක්. ලංකාවේ ඉන්න සමහරු කටෙන් බතල සිටුවීමට වඩා ඉතා හොඳ කාලෝචිත වැඩක්. අපිට සමෘද්ධිමත් දේශයක් ලැබෙන සලකුණු ගොඩක් මේ දවස්වල ඇහෙනවා. සන්තෝෂයි.ජයවේවා! (නි)

:       0       0

සම්පත් Wednesday, 25 February 2015 06:54 AM

බොහොම අගය ඇති වැඩක්. (නි)

:       0       0

නාමල් Wednesday, 25 February 2015 07:21 AM

බ්‍රිතාන්‍යට පින් සිද්ධ වෙන්න තමයි අපිට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනේ.... නැතිනම් අපි තාම රජවරුන්ගේ යටත් වැසියෝ.... පහුගිය අවු.50 පුරා එංගලන්තය අපිට පවුම් මිලියන ගනනක් ආධාර දීලා තියෙනවා..(හේ)

:       0       0

පතිරණ Wednesday, 25 February 2015 07:22 AM

ලංකවේ ඉදන් අධිරජ්‍යවාදී කුමන්ත්‍රණ කීය කීයා ඉන්න දේශපලුවන්ට හොද පාඩමක් ලංකාවේ ඇතුලේ ඉදන් ජාතිවාදය ආගම්වාදය අවුස්සමින් පටු දේශපාලන වාසි ගන්න උත්සහා කරන අයට හොද පාඩමක් !(හේ)

:       0       0

රොහාන් Wednesday, 25 February 2015 07:29 AM

කොන්ද පණ ඇති ශ්‍රී ලාංකිකයන් තාමත් ඉන්නවා කියලා දැක්කාම ඇති වෙන්නේ අප්‍රමාණ ප්‍රීතියක්.(හේ)

:       0       0

සමන් Wednesday, 25 February 2015 07:30 AM

හොද වැඩක්.(හේ)

:       0       0

රොෂාන් Wednesday, 25 February 2015 07:33 AM

අගය කළ යුතු උතුම් ක්‍රියාවක් මේ අය දෑනුවත් විය යුතුයි(දිල්)

:       0       0

මනෝජ් Wednesday, 25 February 2015 07:34 AM

මොළේ ඇති කාලෝචිත වැඩක්. මෙහෙට වෙලා උපවාස කරලා ජාතික වීරයෝ වෙන්න දගලන අයට හොද පාඩමක්. සෑම අතින්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.(දිල්) 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1507 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1617 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1240 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1902 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 574 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 278 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38309 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25237 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site