IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘සෞදි අරාබියේ දමාම් කොන්සල් කාර්යාලයක් ’

අස්මි තාසිම් මහතා සෞදි අරාබියේ නව තානාපතිවරයා ලෙස පිටත්වීමට පෙර විදේශ රැකියා  අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අද (05) දින විදේශ රැකියා අමාත්‍යංශයේදී හමුවිය. සෞදි අරාබියේ දමාම්හි නව කොන්සල් ජනරාල් කාර්යාලයක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අමාත්‍යවරිය ඔහුට උපදෙස් දුන්නේය.

ඇමැතිනිය සඳහන් කළේ, සෞදි අරාබියේ   රියාද් හා ජෙඩා යන ප‍්‍රදේශවල කොන්සල් ජනරාල් කාර්යාල පැවතුණත්, දමාම් ප‍්‍රදේශයේත් විශාල ශ‍්‍රී ලාංකික පිරිසක් රැකියා කරන නිසා එම ප‍්‍රදේශයටත් කොන්සල් ජනරාල් කාර්යාලයක අවශ්‍යතාව පවතින බවයි. සෞදි රජය සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇය ඔහුට උපදෙස් දුන්නාය.  තානාපති කාර්යාලවල සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිළධාරීන් හා විදේශ රැකියා අමාත්‍යංශයට අදාළ නිලධාරීන්ගේ සහයෝගයෙන් හා උපරිම කැපවීමෙන් වැඩ කටයුතු කළ යුතු බවත්, මෙහිදී ඇය සඳහන් කළාය.  සුරක්‍ෂා නිවාසවල සිටින ශ‍්‍රී ලාංකිකයින් පිළිබඳව තානාපති කාර්යාලවල සිටින නිළධාරීන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඇය  උපදෙස් දුන්නාය.

නව තානාපති සඳහන් කළේ, ශ‍්‍රමිකයින් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් හා එහි ආරක්‍ෂාව පිළිබඳව කටයුතු කිරීමට නව වැඩසටහන් ගණනාවක් කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තුවන බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති රාජ්පාල් ඔබේසේකර, අතිරේක සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. එන්. වන්සේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විදේශ සබඳතා) ජගත් බටුගෙදර යන මහත්වරුන්ද එක් වූහ.

ජායාරූපය ළහිරු හර්ෂණ



අදහස් (0)

‘සෞදි අරාබියේ දමාම් කොන්සල් කාර්යාලයක් ’

සුජීව ද අල්විස් Thursday, 05 November 2015 01:30 PM

අස්මි තාසිම් මහතා ඉතාමත් උනන්දුවෙන් කාර්යෂමතාවයෙන් අවංකව කටයුතු කරන වැදගත් පුද්ගලයෙකි. ඒ බව එතුමා ඉතිහාසයේද පෙන්නුම් කර ඇත. තාසිම් මහතාට ලැබුණු මේ අලුත් වගකීම ලංකාවට වටිනා සම්පතකි. එතුමා, සෞදියේ ජීවත්වන ලාංකිකයන් ආරක්ෂා කරනවාට අමතරව, ලංකාවට වැදගත් ආර්ථික ප්‍රතිඵල ලබාදෙන බවට අපට බලාපොරොත්තු තැබිය හැක. (නි)

:       0       0

සුරංග Thursday, 05 November 2015 02:07 PM

ඔහොම යමු. ජයවේවා! (නි)

:       0       0

ජගත් Thursday, 05 November 2015 02:13 PM

සුජීව සමඟ 100% ක් එකඟවෙමි. (නි)

:       0       0

නෙල් Friday, 06 November 2015 04:10 AM

හම්බන්තොට අපිට ඔබ ආඩම්බරයක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4448 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 9 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 23 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 60 0


නාත්තන්ඩිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 111 0


මිරිහානේ පුද්ගල ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 22 279 0

මිරිහාන පොලිස් පොලිස් වසමේ උඩහමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14696 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 127 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site