IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සුදු කතගේ සාක්කිය අවසන්

තංගල්ල ‘නේචර්‘ හෝටලයේ දී මරා දැමුණු බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා විත්තියේ නීතීඥවරුන්ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවේ නඩුවේ සැකකරුවන් තමා කෙ‍ළෙසා ඇති බවයි.

ඕ ඒ ලහිරු කැලුම් ,යු සමන් දේශප්‍රිය,තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විදාන පතිරණ,ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග,එම් සරත් හෙවත් සහන්,හා ප්‍රගීත් චතුරංග සැකකරුවෝය.

2011 නත්තල් දා හෝටලයේ වූ සිද්ධිය තමාට මතක යැයි ඕ කීවාය. ඇය මෙසේ ද පැවසුවාය.

‘මම පොලිසයට මහේස්ත්‍රාත්ට හා අධිකරණ වෛද්‍ය නිලධාරියාට ප්‍රකාශ දුන්නා. ඒ අවස්ථාවේ මා සිටියේ බියෙන්. තැතිගත් ස්වරූපයෙන්. එදා ඒ සිද්ධිය නිසා මට ඉක්මණටම රුසියාවට යන්නට ඕනෑ වුණා. ඒ මගේ ආරක්ෂාව පතා. ශ්‍රී ලංකාවේ හිටියොත් මගේ ජීවිතේ අනතුරට පත් විය හැකි බව මට හිතුණා. මගේ පෙම්වතාත් මරා දැමුණා.

පොලිසියට හා මහේස්ත්‍රාත්ට කළ ප්‍රකාශ වල අඩුපාඩු තිබේනම් ඒ අමතක වීමක් විය හැකියි.

මා රෝහලේ ඇඳේ සිට පොලිසියට කටඋත්තරයක් දුන්නේ මගේ ඇස් බැඳ තිබූ අවස්ථාවක. ප්‍රකාශ ලියා ගත්තේ කවුදැයි මා දන්නේ නෑ.මගේ ප්‍රකාශය ලියා ගත්තේ මට සැත්කමක් කර තිබිය දී. ‘

ඇගේ ප්‍රකාශවල හා කටඋත්තරයේ පරස්පර තැන් කිහිපයක් විත්තියේ නීතීඥවරු පෙන්වා දුන්හ.

හරස් ප්‍රශ්න ඇසීම අවසන් විය. වැඩිදුර විභාගය මාර්තු 31ට කල් තැබිණි.

ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, නින්දා ඉන්ද්‍රතිස්ස, යූ ආර් ද සිල්වා, සම්පත් හේවාපතිරණ හා හෙලණි සී ද සිල්වා යන නීතීඥවරු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

 



අදහස් (0)

සුදු කතගේ සාක්කිය අවසන්

මලී Thursday, 27 March 2014 11:40 PM

මොනවා වුණත් ඇයගේ නිර්භීතකමට මම ගරු කරනවා. (නි)

:       0       0

වරුණ Friday, 28 March 2014 12:54 AM

වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබේවි යැයි අපි බලාපොරොත්තු වෙමු. (නි)

:       0       0

පිටිගල Friday, 28 March 2014 01:02 AM

පෙරකදෝරු ගැට, ජිල්මාල් දාලා මේ නඩුව වෙනතක හරවලා සැකකරුවන් නිදොස් කොට නිදහස් නොවුණොත්.... එහෙනම් පුදුමයක්. (නි)

:       0       0

අමල් Friday, 28 March 2014 01:20 AM

කොහොම උනත් කවදා හරි සත්‍ය ජය ගනීවි (දී)

:       0       0

අනුර Friday, 28 March 2014 01:21 AM

ප්‍රසාද් මල්ලි ලංකාවේද මේ දවස්වල ඉන්නේ (දී)

:       0       0

හසිත කුමාර Friday, 28 March 2014 01:38 AM

මේක මහා අසාධාරණයක් එක ගැන මුළු ලොවම අවදියෙන් (දී)

:       0       0

තිලංකා Friday, 28 March 2014 01:38 AM

සාධාරණ නිතියක් කරුණාකර මැය වෙනුවෙන් ලබා දෙන්න (දී)

:       0       0

මිහිර Friday, 28 March 2014 06:35 PM

මේ අදහස් හැම එකකින්ම අපරාධය හෙළා දැක ඇති අතර සමහර අදහස් ඉතා හැඟුම්බරව ලියා තිබෙනවා. නමුත් මීට වඩා තියුණු ලෙස මේ ප්‍රශ්නය දිහා බලන්න. අපරාධකරුවා හංවඩු ගහනවට වඩා ඒවාට අනුග්‍රහය දක්වන්නන් දිහා බලන්න. කුඩුකාරයට වඩා කුඩු වලට අනුග්‍රහය දක්වන දේශපාලන සංස්කෘතිය දිහා බලන්න. (නි)

:       0       0

මොහාන් දමාම් Friday, 28 March 2014 02:20 AM

කෙසේ නමුත් මිනිමැරීමට සමාවක් දෙන්න පුලුවන්ද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 28 March 2014 03:23 AM

වරදකරුවන් තංගල්ලේ පැත්තෙ නම් කවුද කියන්නේ 'වරදකරුවන්' වේය කියලා? (නි)

:       0       0

චානක Friday, 28 March 2014 05:44 AM

මෙවන් වැඩ වලින් වෙන්නේ විදේෂිකයින් ලංකාවට එන්නේ නැති එකයි (දී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 28 March 2014 05:44 AM

මරණ දඬුවමෙන් මෙහා දඬුවමක්නම් මදි ඔන්න කිව ! (දී)

:       0       0

ලසිත් Friday, 28 March 2014 07:05 AM

නමුත් ‍ආරම්භයේ සිටම සාක්කි පරස්පර නොවී‍මයි වැදගත් වන්නේ. (නි)

:       0       0

හැරල් Friday, 28 March 2014 07:53 AM

පහත් වැඩ කරලා තව බේරෙන්නත් දඟලනවා. කොහොමත් සමහර මහා දේශපාලුවෝ ඔවුන්ව ගළවා ගන්නවා (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Friday, 28 March 2014 08:01 AM

කෙසේ හෝ නිදහස් වෙලා එනවා නම් අර සැඟවූ ආයුධ පෙන්වන කාර්යය ගැනවත් සිතාබැලිය යුතුයි කියා මම සිතනවා. (නි)

:       0       0

රංජිත් Friday, 28 March 2014 08:03 AM

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහත්වරුන් ගැන නම් අපිට බොහොම කණගාටුයි. (නි)

:       0       0

සේරම් Friday, 28 March 2014 08:26 AM

මෙහි අගතියට පත් පාර්ශවය ඉතා ප්‍රභල වටපිටාවක නිසා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව මගේ හැඟීමයි. ලංකාවේ අහිංසක කාන්තාවකට වුණා නම් මේක මෙහෙම වේවිද? (නි)

:       0       0

හේමන්ත Thursday, 27 March 2014 06:47 PM

මීට සම්බන්ධ සියලු වැරදිකරුවන්ට උපරිම දඬුවම් දිය යුතුය. ඔවුන් රටට කළ අවනම්බුව සියක් වසරකින්වත් මඟ හැරෙන්නේ නැත. (නි)

:       0       0

හෂාන් Thursday, 27 March 2014 06:57 PM

දැන් ඉතින් මොන වගේ දඬුවමක් දේවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

විහග Thursday, 27 March 2014 06:58 PM

මීට සම්බන්ධ සියලු දෙනාට උපරිම දඬුවම් දිය යුතුය. (නි)

:       0       0

සංජය Thursday, 27 March 2014 07:12 PM

දුර්වල සාක්කි... ඇයට සිහි නැති වුණා කියන සාක්කියෙන් දුෂණය කළ අය හඳුනා ගෙන නැහැ යන්න හැඟෙනවා. පහර දුන්නා කියලා විතරයිනේ කියලා තියෙන්නේ. නමුත් විද්‍යාත්මක සාක්කි වලින් ඔප්පු කරන්න අවස්ථාව තිබෙනවා නේද? මේ මට හිතෙන දේ... (නි)

:       0       0

සරා Thursday, 27 March 2014 07:13 PM

හෝටල් කළමනාකාරිත්වය හොඳින් ආගන්තුක සත්කාර කළා කියලා වික්ටෝරියා කියනවා. නමුත් ප්‍රාදේශීය සභාපතිගේ සත්කාර? හරිම අප්‍රසන්නයි. මිනිස්සුන්ට මොනවාද වෙලා තිබෙන්නේ?? මේ යුවතිය පවු. ඇය ඒ වෙලාවේ කොච්චර අසරණ වෙන්නට ඇද්ද? (නි)

:       0       0

බණඩාර Friday, 28 March 2014 09:28 AM

විත්තිය වෙනුවෙන් පෙනි සිටින්නේ ලංකාවේ පලමු පෙලේ නීතිවේදියෝ. මෙයාලට ගෙවන්න සල්ලි කොහෙන්ද මේ අපරධකාරයන්ට. මේව පිටිපස්සෙ ඉන්නෙ කව්ද ? (නදී)

:       0       0

සුසිල් Thursday, 27 March 2014 07:37 PM

විත්තිකරුවන්ට නිසි දඬුවම් ලැබේවිද? අපි බලා සිටිමු. (නි)

:       0       0

ජායි Friday, 28 March 2014 10:14 AM

දුෂණයට උපරිම දඩුවම එල්ලුම් ගහ තමයි. (නදී)

:       0       0

අනු Friday, 28 March 2014 10:14 AM

මේ වගේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනෑ. මේ අය නිසා තමා අපිට මුලික අතිවාසිකම් පිලිබදව නඩු වලට පැටලෙන්න වෙන්නේ.(නදී)

:       0       0

කමල් Thursday, 27 March 2014 07:45 PM

නඩුවෙන් පසු මොහු නැවත දේශපාලනයට ගන්න අයත් ඇති! රටට අවශ්‍ය මෙවැනි අයද? මේ වාගේ අය නිසා ලොවම ඉදිරියේ අපේ රට හෑල්ලුවට පත් වෙනවා. අනේ ලංකා මාතා! (නි)

:       0       0

උදාර Friday, 28 March 2014 10:30 AM

ලංකාවේ නීතිඥ වෘත්තිය ගැන කාලකන්ණි හැගීමක් මට දැනෙනවා. නීතිඥ වෘත්තිය කියන්නේ ඇත්ත බොරුව කරන එකටද? සල්ලි වලට තියන කෑදර කමට අම්මව වුනත් විකුණන අය මෙම වෘත්තියේද ඇති බව මෙම සිද්ධියෙන් මොනවට පැහැදිළි වේ. අවසානයේ දී මෙම නීතිඥ කණ්ඩයමට, එම රුසියානු කාන්තාව හා ඇයගේ ස්වාමි පුරුෂයා, ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිට සමූහ දූෂණයක් කල බවට ඔප්පු කරයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

සාගර Friday, 28 March 2014 10:46 AM

මහා බ්‍රිතාන්‍යයේ තර්ජනයට මේ නඩුව අහනවා නේද? බ්‍රිතාන්‍යය මේ තර්ජනය නොකළා නම් මෙහෙම වෙයිද? බ්‍රිතාන්‍යය සතුටු කිරීමට සියලු දෙනාටම මරණ දඩුවම ලැබේවිද.(නදී)

:       0       0

රකිත Friday, 28 March 2014 11:03 AM

මොන රටේ වුණත් කාන්තාවක් මෙලෙස දුෂණය කළ අයට දඩුවම් දිය යුතුයි . කාන්තා අයිතිය මේ රටේ කොහේද ? (ස)

:       0       0

ලක්මාල් Friday, 28 March 2014 11:55 AM

මේ වගේ අපරාධ කාරයින්ට නිසි දඩුවම් දෙන්න ඕනි.නීතීය නිවැරදිව ක්‍රියා කළ යුතුයි(දිල්)

:       0       0

සරත් Thursday, 27 March 2014 08:18 PM

රටට කරන ලද අපකීර්තියත්,කරන ලද සාහසික ක්‍රියාවටත් එකතු කරන ලද දඬුවම ලෙස මිනිසෙකුට දිය හැකි උපරිම දඬුවම දිය යුතුයි. (නි)

:       0       0

ලංකාතිලක Thursday, 27 March 2014 08:18 PM

මේ වරදකරුවන්ට ඉහළම දඬුවම් ලබා දිය යුතුය. සල්ලි බලයත්, දේශපාලන බලයත් යොදා සමහරවිට එළියට අවොත් ආපසු සිදු වන්නේත් මෙවැනිම දේවල්ය. මෙවැනි වැරදි කරනා අනෙක් අයටත් දැනෙන්නට දඬුවම් කරන්න. (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 27 March 2014 08:28 PM

කාන්තාවක් මේ විදිහට සමුහ දුෂණය කළා නම් එවැනි අපරාධකරුවන්ට සුදුසු දඬුවමක් ලංකාවේදී ලැබෙයිද? අපි බලා සිටිමු. (නි)

:       0       0

භානු Friday, 28 March 2014 12:39 PM

ප්‍රසාද් ගේ කතාව හරි. අනෙක් කරුණ , දුෂණයට ලක් වුන තරුණියගේ මානසික තත්වය හැමෝම සලකා බලන්න ඕනා. තරුණියව වට කරගෙන ඡායාරුප ගනිමින් ඒ අසරනියගෙන් ප්‍රකාශ ලබා ගන්නට උත්සාහ කරමින් හිරිහැර කරන්න හොඳ නැහැ. මේ වෙලාවේ අපි හිතන්න ඕන අපේ දුව, සහෝදරිය නැතිනම් යෙහෙළියට මෙහෙම විපතක් වුනා නම් කොහොමද කියලා.(නදී)

:       0       0

රසාංජන Thursday, 27 March 2014 08:37 PM

තනිවූ කාන්තාවක් ලෙස ඇය ඒ මොහොතේ කොපමණ අසරණ වන්නට ඇද්ද?(දිල්)

:       0       0

ශිරෝමි- පිළියන්දල Thursday, 27 March 2014 08:38 PM

අනේ! මේ වරදකරුවන්ට දැඩි දඩුවම් දෙන්න (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 27 March 2014 08:45 PM

මේ බලන්න. අපට අමාරුම සෑම අවස්ථාවකදීම රුසියාව අපත් සමඟ සිටියා. මෙම රුසියානු තරුණියට විශාල අපරාධයක් වුණා. දේශපාලනය අමතක කර මැයට සාධාරණය ඉටු කරමු. වරදකරුවන්ට උපරිම දඩුවම් දෙමු (නි)

:       0       0

ලලිත් අපොන්සු Thursday, 27 March 2014 08:49 PM

බලමු දඬුවම් ලැබෙයිද, නැත්නම් තව ටික දිනකින් අැප පිට නිදහස් වෙයිද කියලා (නි)

:       0       0

විමාශා Friday, 28 March 2014 01:35 PM

මම හිතන්නේ මේ ස්ත්‍රී දූෂකයන්ව ගොල්පේස් එකට ගෙනැල්ලා මැද පෙරදිග දෙන දඩුවම ලබා දී ගල් ගසා මරා දැමිය යුතුයි.(නදී)

:       0       0

අතුල Thursday, 27 March 2014 08:55 PM

අසාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන නීතිඥ මහත්වරුන් ගැන නම් බොහොම කණගාටුයි.අපේ රටේ දවස ගානේ වැරදිකරුවන් වැඩිවෙනවා. (නි)

:       0       0

පරාක්‍රම Friday, 28 March 2014 01:47 PM

නිසි සාධාරණ දඩුවම් දිය යුතුයි. (ස)

:       0       0

සරා Friday, 28 March 2014 02:01 PM

සමුහ දුෂණය සිංහල භාෂාවට අලුත් නමක්. (ස)

:       0       0

පිටිගල Friday, 28 March 2014 02:15 PM

අරාබිකරයේ තනිවී අනේක දුක් විඳින අපේ කාන්තාවන් ලිංගික වධ හිංසා වලට පත් උනාමත් ඔය වගේ තමයි. සාක්කි දෙන්න හෝ උපකාර කරන්න කව්රුවත් නැතුවම කොච්චර අසරණ වෙනවද කියලා. මේ කතාව බලනකොට තේරෙනවා. (ස)

:       0       0

ඩී. Thursday, 27 March 2014 09:13 PM

මේවත් අනෙක් ඒවා වගේ යට යයිද? ලංකාවේ හොඳ සහ නරක යන දෙකම තිබෙනවා. නමුත් අපිට පුලුවන් නම් ඒ වැරදි හදාගෙන රට දියුණු කරන්න, ඒක තමා හොඳම දෙය. පුලුවන් නම් වැරදිකාරයින්ට උපරිම දඬුවම් දෙන්න. අපි සියල්ලෝම එය අගය කරනවා. (නි)

:       0       0

සඳුනි Thursday, 27 March 2014 09:21 PM

අනිවාර්යයෙන්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර දඩුවම් දිය යුතුයි. (නි)

:       0       0

බාලසූරිය Friday, 28 March 2014 02:59 PM

තමුන්ටත් ගමටත් රටටත් ලෝකයටත් නින්දා අපහාස කරන මෙවැනි දූෂීතයන්ට දිය හැකි උපරිම දඩුවම් දිය යුතුය. (ස)

:       0       0

නාරද Friday, 28 March 2014 03:50 PM

ප්‍රසිද්ධියේ එල්ලන්න ඕන. (ස)

:       0       0

ශ්‍රීමා Thursday, 27 March 2014 10:22 PM

මොවුන්ට උපරිම දඬුවම් ලබා දෙන්න. (නි)

:       0       0

රංජිත් Thursday, 27 March 2014 11:00 PM

එල්ලුම් ගස ඉතාමත් අවශ්‍ය කාලක් මේක. ගසක් නෙමේ වනයක්ම ඕනෑ වෙනවා මේ අය‍ට නියම දඩුවම් දුන්නේ නැත්නම්. (නි)

:       0       0

කමනි Friday, 28 March 2014 04:56 PM

තරාතිරම මොකක් වුණත් අපරාධ කරුවන්ට දැඩි දඩුවම් දෙන්න ඕන. අපේ රටේ නමට නින්දා කරන අපරාධකාරයෝ. (ස)

:       0       0

චමිලා Thursday, 27 March 2014 11:38 PM

ඒ කාන්තාවට මොනතරම් බයක් දැනෙන්න ඇද්ද ඒ වෙලාවේ, අනුන්ගේ රටක තනි වුණහම? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 185 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1342 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1256 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1268 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1345 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1176 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24072 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23242 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site